The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : නවාලි බෝම්බ වැල සහ පිළිහුඩුවී - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

July 14, 2023 • 5:56 AM

බල්සාක් කැෆේ : නවාලි බෝම්බ වැල සහ පිළිහුඩුවී - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළිඳ ගාව හැලහොල්මනක් නැති, දිරා යන කොටයකි.
  • චන්ද්‍රිකාට බලයට එන්නට මඟ සකස් කෙරුණු කේන්ද්‍රීය ගැටළුව වූයේ ‪1987-89‬ මහා තරුණ සංහාරය යි; නොහොත් 17 වසරක එජාප පාලනය කූඨප්‍රාප්තියට නඟා තිබුණු ධවල භීෂණය යි.
  • ‘චන්ද්‍රිකා පාලන සමයේ ගුවන් ප්‍රහාරයකින් මළවුන් සැමරේ’ නම් වූ එම ප්‍රවෘත්තියේ ශීර්ෂය යෝජනා කරන්නේ නොහොත් අඟවන්නේ මෙම ගුවන් ප්‍රහාරයට ඇගේ සෘජු අතපෑමක් නොවූ බවක් නම් එය වැරදි ය.
  • මරා දැමීමක් හෝ හිතාමතාම නොහොත් චේතාන්විතවම ඉතා අසරණ දෙමළ සිවිල් වැසියන් මරා නො දැමුණු බවක්, ඝාතනය කර නො දැමුණු බවක් ඉන් ඇඟවෙන්නට පිළිවන.
අකුරු ප්‍රමාණය (Font Size):

ය. එය ඇරඹුණේ මෙහෙම ය.

ළිඳ ගාව
හැලහොල්මනක් නැති,
දිරා යන කොටයකි.

සිහසුන ය ඒ.

එ මත ඈ.

රැලි නඟාලා ඉඟවට
හැඳ හිරට
නීල ඔසරිය
හිඳී ඈ
ඇස් ඔබා ළිඳ තුළ
හැලහොල්මනක් නැත ළිඳ වට....

අප විසින් පිළිහුඩුවී නමින් සංඛේතගත කෙරුණේ චන්ද්‍රිකාව ය; හෙවත් එවක ජනපති වූ ‘අතිගරු’ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය.

ck

චන්ද්‍රිකාට බලයට එන්නට මඟ සකස් කෙරුණු කේන්ද්‍රීය ගැටළුව වූයේ ‪1987-89‬ මහා තරුණ සංහාරය යි; නොහොත් 17 වසරක එජාප පාලනය කූඨප්‍රාප්තියට නඟා තිබුණු ධවල භීෂණය යි. මෙකී පාදඩ පාලනයේ ම එක් කුප්‍රකට සංහාරයක් වූ ‘කළු ජූලියේ’ දී බන්ධනාගාරය තුළදී ම්ලේච්ඡ ලෙස මරා, සිංහල මහජන ප්‍රමෝදය පිණිස පීරිසියක දමා වැලිකඩ හන්දියේ ප්‍රදර්ශනය කරන ලද ඒ් උගුල්ලා දමන ලද ඇස් වල හිමිකරු වූ කුට්ටුමනීගේ සුප්‍රකට දේශපාලන පෙරනිමිති කීම යථාර්ථයක්ම බව මොනවට කියා පෑ,  ‘මාතලේ’, ‘බටලන්ද’ බඳු වධ කඳවුරු දකුණේ මහා සංහාරයේ කේන්ද්‍රස්ථාන විය. චන්ද්‍රිකා බලයට ඒ්ම පිටුපස වූ රළවේගය වූයේ මෙම සංහාරකයන්ට, ගහලයටන්ට, වධකයන්ට නිසි දඬුවම් පැමිණවීම පිණිස ඈ හරහා ගොඩනැඟී තිබුණු සමාජ අපේක්ෂාවයි. බලය සියතට ගත් පසු චන්ද්‍රිකා පළමුකොටම අතැර දැමුවේ මෙකී සම්මුතිගත පොරොන්දුව යි. ඒ වෙනුවට ඇය විසින් ඉෂ්ට සිද්ධ කෙරුණේ චූදිත භීෂක බලමුළු උතුරුකරයේ භීෂණය වැපිරීමට යොදා ගැනී ම යි.

දින කිහිපයකට පෙර ‘ද ලීඩර් ‌ඩොට් එල් කේ’ වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ විය.

F0muBxxWcAUOFb8

‘චන්ද්‍රිකා පාලන සමයේ ගුවන් ප්‍රහාරයකින් මළවුන් සැමරේ’ නම් වූ එම ප්‍රවෘත්තියේ ශීර්ෂය යෝජනා කරන්නේ නොහොත් අඟවන්නේ මෙම ගුවන් ප්‍රහාරයට ඇගේ සෘජු අතපෑමක් නොවූ බවක් නම් එය වැරදි ය. එය, ඇගේ පාලන සමයේ සුනාමි ආවා බඳු ඇගේ අනුදැනුමින් තොරව සිදුවූ සංසිද්ධියක් නොවේ. අනික මෙහි සිටින්නේ මළවුන් ය. මරා දැමීමක් හෝ හිතාමතාම නොහොත් චේතාන්විතවම ඉතා අසරණ දෙමළ සිවිල් වැසියන් මරා නො දැමුණු බවක්, ඝාතනය කර නො දැමුණු බවක් ඉන් ඇඟවෙන්නට පිළිවන. එකී ඉතිහාස සංසිද්ධිය තනුක නොකර යළි ශිර්ෂගත කරන්නේ නම් ‘චන්ද්‍රිකා අණදුන් ගුවන් ප්‍රහාරකින් මරාදමන ලදවුන්’ යනුවෙන් ලිවිය යුතු ය.

tamil homes bombed by sri lankan air forcerunning for coverchildren killed in a schoolyard bombed2
මේ ප්‍රවෘත්තියට පදනම්ව තිබුණේ යාපනය නවාලී ශාන්ත පීතර, ශාන්ත පාවුලු දෙව්මැදුරු හා ශ්‍රී කදිරගාමම් මුරුගන් කෝවිල මත බෝම්බ හෙළා දෙමළ ජිවිත 147ක් බිලිගත් සංසිද්ධියයි.

ප්‍රධාන ධාරාවේ සිංහල පත්තර මෙන් ම විද්‍යුත් ජනමාධ්‍ය විසින් සැගවුණු මෙම වේදනාබර පවත එදා අපට දැන ගන්නට මෙන් ම දැක ගන්නට ලැබුණේ ‘හිරු’ පත්තරයෙනි. ‘පිරිසිදු මහත්මයා මිනී මරයි’ යන ප්‍රධාන පුවතින් ‘බටලන්ද’ ගැන අනාවරණය කෙරුණු ‘හිරු’ 1995 අගෝස්තු 13වැනිදා ඉරිදා කලාපයේ මුලිපිටුවේ පළව තිබුණු නවාලි දෙව්මැදුරේ සිටියදී සිංහල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය දෙමළ වැසියන් අතර වූ කුඩා දැරියගේ පින්තූරය තවමත් හද කකියවන මතකයකි.

ඒ සේයාරුව පළ කර තිබුණේ ‘යුද්ධයක මිළ’ යන ශීර්ෂයෙනි. එහි පාදක සටහන නොහොත් ‘කැප්ෂනය’ මෙයාකාර විය.

children killed in sri lanka airforce bombing2
‘’දකුණේ සිදුවුණු ඝාතනයන් පිළිබඳව කතා කිරීම බොහෝ දෙනෙකු විසින් අත්හැර දමා ඇත. එහෙත් එම ඝාතනයන් පිටුපස වූ දේශපාලන හස්තයන් හැකි සෑම විටම ‘හිරු’ (අපි) හෙළිදරව් කළෙමු. මේ මොහොත වන විටත් දකුණේ තැන් තැන්හි මතුවන මළසිරුරු සම්බන්දව ඇත්ත දැන දැනත් වසන් කරනු ලබන මාධ්‍ය පිළිවෙතක් රට මත ඇත. එය විසින් ඝාතකයන් ‘පිරිසිදු මහත්වරු’ ලෙස භෞතීස්ම කර තිබේ. මෙවර ‘හිරු’ මෑතක සිදුවුණු ඝාතන පිටුපස වන ‘පිරිසිදු මහත්මයා’ හෙළිදරව් කළෙමු.

‘’දකුණට සමාන්තරව මේ මොහොත වන විට ඊටත් වඩා බිහිසුණුව උතුරේත් මහා පරිමාන ඝාතනයන් සිදුවෙමින් පවතී. ඒ්වා බොහෝ විට හෙළිදරව් නොවීමෙන් වැළලී යයි. ‘හිරු’ දකුණේ මෙන් ම උතුරේ ද ඝාතන නොවළලන්නෙමු. ඉහත ඡායාරූපය අප පළකරන්නේ ඒ් හේතුව මත ය. පසුගිය ජුලි 10වැනිදා උතුරේ නවාලි  ශාන්ත පීතර දේවස්ථානයට හෙළූ ගුවන් ප්‍රහාර හේතුවෙන් මිය ගිය බිළිඳුන් හා කුඩා දරුවන් 63දෙනෙකුගේ මළ සිරුරු අතර මෙම බිළිඳියගේ මළ සිරුර ද විය’’

ඊට පෙර ‘හිරු’ විසින්, පූර්ණ පිටුවක මෙම නවාලි ඝාතන ගැන පින්තූර සාක්ෂි සහිත සටහනක් පළකෙරුණි. එහි ශීර්ෂය වූයේ ‘ඔබේ අත්පොලසන් මඳකට නතර කරන්න’ යනුවෙනි. එම සටහන ඇරඹෙන්නේ මෙලෙසිනි.

Navaly church bombing feature 1

Navaly bombing feature 2020 3
‘’ඉදිරිපිම්ම මෙහෙයුම තාවකාලික විරාමයකට පිවිස සිටී. දකුණේ ධවල භීෂණයක් නිර්මාණය කළ හමුදා කොටස්වලින් සමන්විත හමුදා සේනාංක මේ හෝරාවේදී දකුණේ අත්පොලසන් මධ්‍යයේ නැවතත් බැරැක්ක කරා පසුබසිමින් සිටිති. සහෝදර ජනතාවෙනි! මඳකට ඔබේ අත්පොලසන් නවත්තන්න! ඔබ අත්පොලසන් දෙමින් ලබාගත් ‘ජයග්‍රහණයන්’ මෙතෙක් දැක නැතුවාට සැක නැත. මෙහි දැක්වෙනුයේ ඒ් අත්පොලසන් මැද උතුරේ දී ලද ජයග්‍රහණයන් පිළිබඳ ජීවමාන සාක්ෂි ය.’’

ගුවනින් බෝම්බ දමනා බැවින් ඉන් ආරක්ෂා වීමට දේවස්ථාන ඇතුළු පොදු ස්ථාන වලට ගාල් වෙන්නට කියා නිවේදනය කර, එසේ ගල් ව සිටියදී ඒ් මත බෝම්බ හෙළා අසරණ මිනිසුන් ඝාතනය කිරීම කොයි කවර තර්කයක් මත තබා හෝ විග්‍රහ කළ හැකි සාහසික අපරාධයක් ද?

ඔබ සිටින තැන ඔබ සොයාගන්නැයි අභියෝග කරන ''මුන්නක්කරේ සංසාරේ''මෙම කොලම්කරුට දැඩි ලෙස දේශපාලනිකව බල පෑ මෙම සංසිද්ධිය ඉන් පස්විසි වසරකට පසුව ලියා නිමකරන ලද ‘මුන්නක්කරේ සංසාරේ’ නවකතාව තුළ පවා අන්තර්ගත වූයේ එම අතීත දේශපාලනික මොහොත සහ කම්පනය සලකුණු කරනු පිණිස ය.

ජවිපෙ පසුබිම් සැකැස්මක ඇරඹුණු එ මෙන්ම සක්‍රීයව නිරතවුණු ‘හිරු’ පත්තරය තීරණාත්මක ලෙස ඉන් වෙන් වී, රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයාගේ මූලිකත්වයෙන් ‘හිරු කණ්ඩායම’ ලෙස දේශපාලන අනන්‍යතාවක් ගොඩනැඟෙන දේශපාලන සිද්ධිදාමය අතර මෙම නවාලි බෝම්බය පිළිබඳ වාර්තාකරණය ද කේන්ද්‍රීය සංසිද්ධියක්ව තිබිණ.

එම ඉතිහාසය යළි අවධාරණයෙන් ලියා තැබිය යුතු වුවත් මෙම කොලම සටහනේ ප්‍රස්තුතය චන්ද්‍රිකා ය.

ඇය ‘මාර චරිතයක්’ බව හුවා පෙන්වන ප්‍රවෘත්ති දකුණේ සිත් ‘විමුක්තිමය’ ආශ්වාදයකින් පුරවාලන විට ඇය විසින්ම උත්කර්ෂයට නැංවෙන ‘විසංවාදී කතා’ සලකුණු කර තැබීම වැදගත් ඉතිහාස ගවේශනයකට මඟ පෑදෙන බව අපි විශ්වාස කරමු.

රැඩිකල් තාරුණ්‍යයේ 'සෙනෙහසේ යාත්‍රාව' පැති හයකින් හෙට (21) කොළඹට
‘රැඩිකල් වෙනසක්’ යන්න උත්කර්ෂයට නඟමින් චන්ද්‍රිකා සමඟ යළි ගමන් අරඹන්නට තතනන පිරිස් සඟවන නීච ඝාතන ඉතිහාසය මෙය යි. ‘රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ විසින් චන්ද්‍රිකානුසාරයෙන් පැති හයකින් නොව පැති කෙළකින් කොළඹට ආව ද චන්ද්‍රිකා සමඟ ‘සෙනෙහසේ යාත්‍රා’ ගොඩනැවන්නට බැරි බව ඇය විසින්ම ඉතිහාසයේ ලෙයින් සහ කඳුළින්  සලකුණු කර තිබේ. එම ඉතිහාසය ‘චෞර රැජින’ ලියූ වික්ටර් අයිවන් පවා හිතාමතාව අතැර දැමුණු ඉතිහාසය යි.

විටෙක චන්ද්‍රිකා පවසන්නේ යුද්ධයෙන් සියයට හැත්තෑපහක් නිමා කෙරුවේ තමන් බව ය. තමන්ට ඇත්තේ ලේ ගෑවී නැති පිරිසිදු අත් දෙකක් බව ඇය තවත් විටෙක කියයි. මේ විරුධාභාසී මනස අද ඊයේ උරුමයක් නොවේ. උතුරේ පමණක් නොව දකුණේ පවා ඇය නීච ලෙස පතුරුවා හළ ‘’බලය’’ පිළිබඳ ස්මරණයන් ඇගේ සමීපතම පාතාලයා වූ බැද්දගාන සංජීවගේ මව කරනා චෝදනාව හරහා වුව විනිවිද දැකිය හැකි ය.

මේ රටේ ලැජ්ජානැතිකම ජනාධිපතිකම්වලට වඩා කිසිසේත් ම ලොකු නැත.

cbk 23
පාසල් දරුවන් පෝෂණය කිරීමේ පදනමින් ක්‍රියාත්මක වැඩසටහනකට ඉකුත් 2023 මැයි මාසයේ මුලතිව් යන චන්ද්‍රිකා මුලතිව් තෙන්නියකුලම් සහ තෙරාවිල් දෙමළ විදුහල් දෙකට ‘සුළු සුළු’ පහසුකම් සැපයීමේ ක්‍රියාවලියක් නිරීක්ෂණය කරමින් සිටියදී ගන්නා ලද පින්තූර කිහිපයක් ‘නවාලි’ බෝම්බ ගැන පළ නොකෙරුණු ‘ලංකාදීප’ පත්තරයේ පළවී තිබුණි‍. එම එක පින්තූරයක, ඇය විසින් පිරිනැමුණු සම්මාන පළක අත දරාගෙන එක පෙළට සිටගෙන සිටින දෙමළ දරුවන් මැදි කරගත් චන්ද්‍රිකා සිනහවීගෙන සිටියි. මේ චන්ද්‍රිකාමය වියරු සිනහව අසල සිටින ඒ් එකඳු පාසල් දරුවකුවත් ‘තවම’ නවාලි බෝම්බ වැලෙන් මියගිය දැරියගේ ප්‍රස්තුත පින්තූරය දැක නැතුවා වන්නට පිළිවන.

දශක තුනකට ආසන්න ඉතිහාසයක ලියැවුණු පිළිහුඩුවී කවියේ එක් ස්ටන්සාවක් මෙයාකාරය. මේ බලන්න ඈ ස්වරූප ය!

දැඩි ය බෝ
දිගු ය
ලතු උලා ගත් ඈ මුව‍
තියුණු ය
සැතෙක බඳු.


මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ජූලි 16)


Anida


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බල්සාක් කැෆේ : නවාලි බෝම්බ වැල සහ පිළිහුඩුවී - (මංජුල වෙඩිවර්ධන) | The Leader