The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

July 15, 2023 • 10:02 AM

 ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැනි ස්ථානයේ සිට 30 වැනි ස්ථානය දක්වා පහත වැටෙමින් ශ්‍රී ලංකාව ඇත්ත වශයෙන් යුක්රේනයට මෙහායින් නරක ම පසුබෑමට ලක්ව ඇත.
  • (කෙසේ වෙතත්, 2008 දී අප සිටියේ මීටත් වඩා නරක 20 වැනි ස්ථානයේ ය).
  • මෙම දර්ශකයේ දී ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ යන විට බිඳෙනසුලු බව වැඩිවෙයි.
  • සෝමාලියාව ශ්‍රේණිගත කිරීමේ 1 ස්ථානයේ සිටින අතර 2 ස්ථානය යේමනයට හිමිව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

56 වැනි ස්ථානයේ සිට 30 වැනි ස්ථානය දක්වා පහත වැටෙමින් ශ්‍රී ලංකාව ඇත්ත වශයෙන් යුක්රේනයට මෙහායින් නරක ම පසුබෑමට  ලක්ව ඇත. (කෙසේ වෙතත්, 2008 දී අප සිටියේ මීටත් වඩා නරක 20 වැනි ස්ථානයේ ය). මෙම දර්ශකයේ දී  ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ යන විට බිඳෙනසුලු බව වැඩිවෙයි. සෝමාලියාව ශ්‍රේණිගත කිරීමේ 1 ස්ථානයේ සිටින අතර 2 ස්ථානය යේමනයට හිමිව තිබේ. නොර්වේ සිටින්නේ 179 වැනි ස්ථානයේ ය.  

image1170x530cropped

 රටක සමස්ත ලකුණු ප්‍රමාණය, සමාන ලෙස බර තබන ලද,  දර්ශක 12ක්  මත පදනම්ව ඇති අතර ඒවා, එකමුතුකම, ආර්ථික, දේශපාලන සහ සමාජ වශයෙන් වර්ගීකරණ හතරක් ලෙස කාණ්ඩ ගත කොට තිබේ. ආරක්ෂක උපකරණ, කණ්ඩායම්ගත ප්‍රභූන් සහ කණ්ඩායම් දුක්ගැනවිලි යන කරුණු  එකමුතුකමට ඇතුළත් ය. ආර්ථික යන්න සැදී ඇත්තේ, ආර්ථික පසුබැස්ම, අසමාන ආර්ථික සංවර්ධනය, සහ මානව ඉරණම හා බුද්ධිගලනය ආදියෙනි. රජයේ නීත්‍යානුකුලබව, රාජ්‍ය සේවය, සහ මානව හිමිකම් හා නීතියේ පාලනය ආදිය දේශපාලන වර්ගීකරණට ඇතුළත් වෙයි. සමාජ යන්න සමන්විත වන්නේ ජනවිකාශ පීඩනය, සරණාගතයින් හා අභ්‍යන්තර විතැන්වුවන් සහ බාහිර මැදිහත්වීම් යන කරුනුවලිනි.

 

වොෂින්ටන් නගරයේ පදනම් වූ සංවිධානයක් වන සාමය සඳහා අරමුදල මගින් 2005 සිට වාර්ෂිකව  ප්‍රකාශයට පත් කරනු ලබන මෙය විවෘත මුලාශ්‍ර මගින් ලබා ගන්නා දහස් ගණන් ප්‍රවෘත්ති දත්ත ලෙස භාවිතා කරන මෙය CAST (Conflict Assesment System Tool) ලෙස හඳුන්වනු ලබන හිමිකාර මෘදුකාංගය මත පදනම් වෙයි. ස්වභාවික විපත්වලට සමාන දේශපාලන වර්ධනයන් පුරෝකථනය කිරීමට සහ අවදානම් කළමනාකරණයට සහය වීම සඳහා වසර බොහෝ ගණනක්  තිස්සේ පර්යේෂකයෝ CAST වැනි මෙවලම් සංවර්ධනය කරමින් සිටිති. සියලු ආකෘති සහ දර්ශක සර්ව සම්පුර්ණ නොවේ. නමුත් කෙනෙකුට එයින් යමක් ඉගෙනගත හැකි ය.



පහත වැටීමට හේතු

fbf6c5b107984b48a68a4dccaed3997f
2022 සහ 2023 අතර සිදු වී ඇති වේගවත් පහත වැටීම ජනවාරි මාසයේ මගේ ලිපියේ සාකච්ඡා කළ කරුණක් නොවන අතර එහි දී මා දුටුවේ ඉතාමත් වැදගත් වන්නේ එකමුතුකමට සම්බන්ධ කරුණු බව යි. හොඳ වර්ෂවල දී පවා ශ්‍රී ලංකාවේ ස්ථාවරයට බල පෑ විශාලතම සාධක වුයේ විශේෂයෙන් ම කණ්ඩායම්ගත ප්‍රභූන් (2022 දී 9.1/10) සහ කණ්ඩායම් දුක් ගැනවිලි (8.1/10) යි.  නමුත්, 2023 වෙනසට හේතු වූ ප්‍රධාන දායකත්වයන් ඍජු ලෙස ම ආර්ථික අර්බුදයට සම්බන්ධ ය. එනම් ආර්ථිකයේ පසුබැස්ම පිලිබඳ දර්ශකයේ  ලකුණු 2.8 ක ඉහළ යාම (5.5 සිට 8.3 දක්වා) සහ බාහිර මැදිහත්වීම් පිලිබඳ ලකුණු 2.5 ක ඉහළ යාම (5.4 සිට 9.9 දක්වා) යි.

 කණ්ඩායම්ගත ප්‍රභූන් වැනි වක්‍ර සාධක 9.1/10 ලෙස නොවෙනස්ව පවතී (තවමත් වැඩි ම දායකත්වය). කණ්ඩායම් දුක් ගැනවිලි සාධක 8.1/10 සිට 8.4 /10 දක්වා ආන්තික ලෙස වැඩි වී ඇත. 6/10 සිට 8/10 දක්වා ගිය රාජ්‍යයේ යුක්තායුක්තභාවයද පසු බැස්මට දායක වූ සාධකයකි. මෙය ද අර්බුදයට කෙලින් ම සම්බන්ධ ය.  ජනාධිපතිවරයා එලවා දැමූ තත්ත්වයක් තුළ රාජ්‍යයේ නීත්‍යනුකුලභාවය පිළිබඳ දර්ශකයේ වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි වුව ද, ඔහු ඉවත්වීමේ සාපේක්ෂ සාමකාමී ස්වභාවය සහ ඒ වෙනුවට කළ පත් කිරීමේ ව්‍යවස්ථානුකුල ස්වභාවය පහත වැටීම දුර්වල කළ බවට තිබුණු අපේක්ෂා ඒ ආකාරයටම සාක්ෂාත් වුනේ නැත.

 

මෙහි ධනාත්මක පැත්තක්ද ඇත. කණ්ඩායම්ගත ප්‍රභූන් සහ කණ්ඩායම් දුක් ගැනවිලි වැනි, විසඳීමට කල් ගතවන  “ඇලෙන සුළු” අංග සම්බන්ධයෙන් මෙන් නොව, ආර්ථිකයේ වර්ධනයන් සාපේක්ෂ වශයෙන් ඉක්මනින් කළ හැකි ය. 2022 දී 5.5/10 ක් වූ ආර්ථිකය සම්බන්ධ ශ්‍රී ලංකාවේ ලකුණු මට්ටම 6.6/10 ක් වූ පකිස්ථානයේ මට්ටමට වඩා හොඳ තත්ත්වයක පැවතිණි. උද්ධමනය සහ පොලී අනුපාත පහළට පැමිණීමත් සමග ආර්ථිකය යහපත්වෙමින් පවතියි. ණය ප්‍රතිව්‍යුහගතකරණයට සම්බන්ධ සියලු අංග ඉක්මනින් සම්පුර්ණ කළහොත්, මාස ගණනක් ඇතුලත ආර්ථිකය වර්ධනයේ මාවතට පිවිසෙනු ඇත. ලකුණු මට්ටම 5.5/10 මට්ටමට නැවත පැමිණියේ නැතත්, එය ආර්ථිකය කඩා වැටෙමින් පවතින පකිස්ථානයට වඩා හොඳ මට්ටමකට පැමිණෙතැයි අපේක්ෂා කල හැක.

161200457172609

2024 දී මැතිවරණ සාමකාමී ලෙස පැවැත්වුවහොත් රාජ්‍යයේ යුක්තායුක්තභාවය පිලිබඳ දර්ශකය ද වර්ධනය විය යුතු ය. පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු සහ දේශපාලනීකරණය නොවු ජන සභා බිම් මට්ටමේ දී ක්‍රියාත්මක කිරීම ද, මෙයට තවත් ආධාර විය යුතු ය. එය සිදුවුවහොත් ශ්‍රී ලංකාවට එය දැනට සිටින වෙනිසියුලා (29 ), කොන්ගෝ (28), ඉරාක් (27), උගන්ඩා (26), ලෙබනන් (25) ඇතුළත් “අනතුරු අඟවන” කණ්ඩායමෙන් ඉවත්වීමට හැකි වන අතර නේපාලය (55), සැම්බියාව (48), සහ බංග්ලාදේශය (41) සහ එවැනි වෙනත් අය අපගේ සමානයන් වන “ඉහළ අවවාදාත්මක “ කණ්ඩායමට ඇතුළු වීමට හැකි වනු ඇත.


බිඳෙනසුලු බව පුරෝකථනය කිරීම  


බිඳෙනසුලු බව යනු පහසුවෙන් කැඩීයාමට හෝ හානි වීමට ඇති හැකියාව යි. සියාඩ් බාරේ (1969 -1991) පාලනය යටතේ සෝමාලියාව සාමාන්‍ය රාජ්‍යයක් ලෙස පෙනී ගිය නමුත් එය බිඳ වැටුණු විට කෑලි නැවත එකතු කිරීමට නොහැකි වී ය. යේමනය සම්බන්ධයෙන් ද තත්ත්වය එය ම ය.

තමන්ගේ රට ගැන කතා කරන විට ශ්‍රී ලාංකිකයින් නිතර භාවිත කරන ඔරොත්තු දීම යන යෙදුම, බිඳෙනසුලු බව යන්නෙහි  සම්පුර්ණයෙන් ම පාහේ ප්‍රතිවිරුද්ධ අදහස යි. කෙනෙකු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අසතුටුදායක ඉතිහාසය දෙස බලන විට, රට ගැන නොවේ නම්, ජනතාවගේ ඔරොත්තු දීම ගැන සාක්ෂි කෙනෙකුට සොයාගත හැකි ය. ඊට වෙනස් ලෙස, ආර්ථික අවපාලනය, සිවිල් යුද්ධය, වාර්ගික හා ආගමික හැඟීම් අවුලුවාලීම වැනි කරුණු වල සමුච්චිත බලපෑම් මගින් දේශපාලන ශරීරය දුර්වල වී යනු කෙනෙකුට දැකිය හැකිය. වරෙක අප ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු වුයේ නම්, ඇත්තෙන් ම තවදුරටත් අපි එසේ නොවෙමු.

කෙසේ වෙතත්, CAST වැනි ආකෘති සංවර්ධනය කිරීමට හේතු වුයේ රටක අවදානම ප්‍රමාණනය කිරීමේ අවශ්‍යතාවය යි. සිදුවීම් පුරෝකථනය කිරීමට ආකෘතියට හැකිවනතාක් දුරට එයින් එහි කාර්යය ඉටුවන බව කෙනෙකුට කිව හැකි වෙයි.

image 9242541332

2006-2010 කාලයේ ශ්‍රී ලංකාව අමාරුවේ වැටී සිටි බව පෙනෙන්නට තිබිණි. රාජ්‍යය බිඳෙනසුලු බව CAST ආකෘතිය මගින් පෙන්නුම් කළ ද, එය බිඳ වැටුණේ නැත. 2011 සිට තක්සේරුව ක්‍රමානුකුලව වර්ධනය වෙමින් පැවතියේ 2022 දී 56 ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් ය. ප්‍රෙහෙලිකාව නම් 2023 දී එය 30 වැනි ස්ථානය දක්වා පහත වැටීම නොවේ. පෙර වසරේ එය එතරම් ඉහළින් ශ්‍රේණිගතව පැවතියේ කුමක් නිසා ද? යන්න යි.

ආර්ථිකයෙන් 2018 සිට ලැබෙමින් තිබු සහ, වාණිජ වෙළෙඳපොළවලින් ණය ලබාගත නොහැකි මට්ටමට ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ණය සේවා කරණය කළ නොහැකි ලෙස 2020 දී උච්චස්ථානයකට පත් වූ  අනතුරු ඇඟවීමේ සංඥා ග්‍රහණය කර ගැනීමට ආකෘතිය අසමත් වූ බව පෙනෙන්නට තිබේ.  රට බංකොලොත් වූ පසු, ආර්ථිකය අමාරු තත්ත්වයක පවතින බව කීමේ එතරම් වටිනාකමක් නැත. ආකෘතියකින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ සිදුවීමට පෙර සංඥා හඳුනා ගැනීමට ඇති හැකියාව අනුවයි. එබැවින්, ආර්ථික අංශ සම්බන්ධයෙන් ආකෘතිය දුර්වල ලෙස ක්‍රියා කරන බව නිගමනය කළ යුතු වෙයි.

 අර්බුදයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ අවම මට්ටමේ සම්මුතියකට පැමිණීමට අපොහොසත් වීමෙන් ඇඟවෙන්නේ, කන්ඩායම්ගත ප්‍රභූන් සහ කණ්ඩායම් දුක්ගැනවිලි පිළිබඳ දර්ශකවල ඉහළ ලකුණු මට්ටම මගින් පෙන්නුම් කරන පරිදි, එකමුතුකම පිලිබඳ ගැටළු මතු කිරීමේ දී දර්ශකය අඩු දුර්වලතාවයකින් ක්‍රියා කරන බවයි. ලබා දී ඇති ලකුණු සාධාරණ ද යන්න පිළිබඳව පාටකයින්ට තමන්ගේ ම තක්සේරුවකට පැමිණිය හැකි ය.

“ කණ්ඩායම්ගත ප්‍රභූන් “ දර්ශකයෙන් (2022 සහ 2023 දී ශ්‍රී ලංකාව 9.1/10)  සැලකිල්ලට ගනු ලබන්නේ ජනවාර්ගික, පන්තිමය, වංශය, වාර්ගික සහ ආගමික වශයෙන් රාජ්‍ය ආයතන බෙදී තිබීම මෙන් ම පාලක ප්‍රභූන් අතර අවදානම් සීමාවට යෑම සහ එකඟවීමේ නොහැකියාව යි.  ජාතිකවාදය, විජාතික භීතිකාව, වාර්ගික නැවත අල්ලා ගැනීම (උදා: “මහා සර්බියාවක්”) හෝ වාර්ගික සහෝදරත්වය (උදා: “වාර්ගික පිරිසිදු කිරීම” හෝ “ඇදහීම ආරක්ෂා කිරීම”)  ආකාරයෙන් බොහෝ විට ප්‍රකාශ  වන ජාතිකවාදී දේශපාලන ප්‍රකාශ භාවිතය ද එහි සාධකයක් වෙයි. අන්තවාදී සිදුවීම්වල දී, සමස්ත පුරවැසියන් නියෝජනය කරන පුළුල් ලෙස පිළිගත් නීත්‍යානුකුල නායකත්වයක් නොමැතිවීම ද, එමගින් නියෝජනය කළ හැකි ය.  කණ්ඩායම්ගත ප්‍රභූන් දර්ශකය මගින් බල අරගල, දේශපාලන තරඟය, දේශපාලන පරිවර්තන, සහ මැතිවරණ ක්‍රියාවලියේ පිළිගැනීමේ සාධකයක් ලෙස මැතිවරණ පැවැත්වෙන අවස්ථා (හෝ එසේ නොවන විට පාලක පන්තියේ පිළිගත් යුක්තායුක්තභාවය) මනිනු ලබයි.      

Tamil protest abductions
කණ්ඩායම් දුක්ගැනවිලි දර්ශකය (2023 දී 8.4/10) මගින් "සමාජයේ විවිධ කණ්ඩායම් අතර බෙදීම් සහ භේද - විශේෂයෙන් සමාජ හෝ දේශපාලන ලක්ෂණ මත පදනම් වූ බෙදීම් - සහ සේවා හෝ සම්පත් වෙත ප්‍රවේශ වීම සහ දේශපාලන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම කෙරෙහි ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ  අවධානය යොමු කරයි. කණ්ඩායම් දුක්ගැනවිලිවලට ඓතිහාසික අංගයක් ද තිබිය හැකි අතර, අගතියට පත් වාර්ගික කණ්ඩායම් අතීතයේ අසාධාරණයන් උපුටා දක්වමින්, ඇතැම් විට සියවස් ගණනාවක් ඈතට යමින්, සමාජය තුළ සහ අනෙකුත් කණ්ඩායම් සමඟ සබඳතා සම්බන්ධයෙන් එම කණ්ඩායමේ භූමිකාවට බලපෑම් කිරීමට සහ හැඩගස්වනු ලැබීමට ක්‍රියා කරයි. වාර්ගික කණ්ඩායම්වලට එරෙහිව පෙනෙන දණ්ඩමුක්තිය ඇතිව සිදු කරන ලද සැබෑ හෝ වටහාගත් කුරිරුකම් හෝ "අපරාධ" රටා මගින් මෙම ඉතිහාසය හැඩගැසී තිබිය හැකි ය.

 
 
 කණ්ඩායම්වලට, තමන්ට හිමි බව ඔවුන් විශ්වාස කරන, ස්වාධීනත්වය, ස්වයං නිර්ණය හෝ දේශපාලන ස්වාධීනත්වය ලබා දීම  ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් අගතියට පත්ව ඇතැයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත.රාජ්‍ය අධිකාරීන් හෝ ආධිපත්‍යධාරී කණ්ඩායම් හෝ විසින් හිංසාව හෝ මර්දනය සඳහා විශේෂිත කණ්ඩායම් තනිකර ඇති අවස්ථා ද, නැතහොත් "වෛර" ගුවන්විදුලිය, පත්‍රිකා ප්‍රචාරණය සහ ඒකාකෘතික හෝ ජාතිකවාදී දේශපාලන කතා වැනි ගිනි අවුලන සුළු වාචාලකම් මගින් පෙන්නුම් කරන පරිදි,  ධනය, තත්ත්වය හෝ බලය “නීත්‍යානුකූල නොවන ලෙස” අත්පත් කර ගත් බවට විශ්වාස කරන කණ්ඩායම් ප්‍රසිද්ධියේ දඩයම් කරන අවස්ථා ද, දර්ශකය මගින් සලකා බලනු ලබයි.”
අඩුවෙන්  බිඳෙනසුලු වීමට ඇති  ස්ථිරසාර ක්‍රමය වන්නේ  ඉහත විස්තර කර ඇති, එකමුතුබවේ ප්‍රධාන සාධක ආමන්ත්‍රණය කිරීම යි. ශ්‍රේණිගත කිරීමේ පතුලෙන් උඩට පැමිණීමේ ඉක්මන් ක්‍රමය නම් ආර්ථිකයේ ප්‍රශ්න විසඳා ගැනීම යි. එසේ වුවත්, ප්‍රශ්නය වන්නේ එකමුතුකම නොමැති විට ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේ උත්සාහය සාර්ථක වේද යන්න යි.


Rohan Samarajiva LIRNEasia 1x1
(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net
 
Anida
Chair, LIRNEasia 
Twitter: @samarajiva

Most recent publication: 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader