The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා !

T

The Leader Desk

July 15, 2023 • 11:49 AM

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දි රෝහල්වල සිදුවුණ මරණ 59,000ට ආසන්න සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසක් ඖෂධ වැරදිලාත්, වෛද්‍ය නොසැලකිල්ල නිසාත් මැරෙනවා ඇති.
  • ලංකාවේ වසරකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හදිසි අනතුරු ලක්ෂ 30-40 වෙනවා.
  • සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දකට මරණ 150,000කට වඩා සිදුවෙනවා.
  • ලංකාවේ රජය ඕනැම ආයතනයක කරන ප්‍රසම්පාදන නීතිමය සීමාව ඇතුළෙ පවා ගැටලු සහගතයි.
අකුරු ප්‍රමාණය (Font Size):


2019 දි රෝහල්වල සිදුවුණ මරණ 59,000ට ආසන්න සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසක් ඖෂධ වැරදිලාත්, වෛද්‍ය නොසැලකිල්ල නිසාත් මැරෙනවා ඇති. ඒත් දැනගන්න කොයි තරම් පිරිසක් සුව වෙනවාද කියලා.

ලංකාවේ වසරකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හදිසි අනතුරු ලක්ෂ 30-40 වෙනවා. 10,000-12,000ක් මැරෙනවා. එහෙම බැලුවත් මැරෙන්නෙ සුළු පිරිසයි. ඒ අතරත් බේරාගන්නට හැකියාව තිබුණු සුළු පිරිසක් මැරෙනවා.

Body Morgue
සාමාන්‍යයෙන් අපේ රටේ අවුරුද්දකට මරණ 150,000කට වඩා සිදුවෙනවා. මේ අතරින් තුනෙන් පංගුවකටත් අඩුවෙන් තමයි රජයේ රෝහල්වලදී මැරෙන්නෙ. නිවාසවලදී සිදුවන මරණ, හදිසි අනතුරු හා රිය අනතුරු මරණ, මිනීමැරුම්, සියදිවි නසාගැනීම් ආදී වශයෙනුත් මරණ සිදුවෙනවා.

 ලංකාවේ රජය ඕනැම ආයතනයක කරන ප්‍රසම්පාදන නීතිමය සීමාව ඇතුළෙ පවා ගැටලු සහගතයි. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලි ඇතුළෙ තියෙන ගතිකත්වයන් නිසායි එහෙම වෙන්නෙ. හදිසි අවස්ථාවලදී ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වංචනික නිලධාරින් අවභාවිතා කරනවා. දේශපාලකයිනුත් ඒවාට සම්බන්ධයි.

මේ මොහොතේ රෝහල්වල සිදුවන සියලු මරණ අධි සංවේදී ලෙස වාර්තා කිරීමේ මාධ්‍ය ප්‍රවණතාවක් තිබෙනවා. මේ මගින් උත්සාහ කරන්නෙ රෝගී මරණ පෙන්වමින් මහජනයා කුපිත කිරීමටයි. ඒ වෙනුවෙන් ඒක පාර්ශ්විකව, පසුව බොරු බව ඔප්පු වෙන කරුණු ඉදිරිපත් කරනවා. පසුව නිවැරදි කිරීමක් සිදුවන්නේම නැහැ. එය පසුපස තිබෙන්නේ කඩාකප්පල්කාරී හා අරාජිකවාදී දේශපාලනයක්.

ඒක හඳුනාගන්න. මෝඩකම අයිතිවාසිකමක් නොවේ.

(දත්ත මූලාශ්‍ර: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය)


(praja.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා ! | The Leader