The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාභය දේශපාලනය නොකළේ ඇයි? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

July 17, 2023 • 7:00 AM

ගෝඨාභය දේශපාලනය නොකළේ ඇයි? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මෙරට පිටරට අතීත වර්තමාන අනාගත දේශපාලනය ගැන තාර්කික සංවාද පැය ගණන් කර ඇති මට එතුමාගේ දේශපාලන දැනුම සහ අත්දැකීම් ගැන සැකයක් නැත.
  • මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් තමයි ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා ඇතැයි ආදී වශයෙන් ප්‍රචාරණය කරන මතය.
  • මෙතන ඇත්තටම වෙන්නේ ඔය කියන “දේශපාලනය”.
  • එහිදී පළමුවෙන් කරන්නේ ජනතාව අතර බියක් ඇති කිරීම.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මෙරට පිටරට අතීත වර්තමාන අනාගත දේශපාලනය ගැන තාර්කික සංවාද පැය ගණන් කර ඇති මට එතුමාගේ දේශපාලන දැනුම සහ අත්දැකීම් ගැන සැකයක් නැත. එහෙනම් මොකක්ද වුණේ? ඒක තේරුම් ගන්න පුළුවන් මේ දවස්වල වැඩකරන දේශපාලන ව්‍යාපෘතියක් ඇසුරෙන්.

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාවක් තමයි ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා ඇතැයි ආදී වශයෙන් ප්‍රචාරණය කරන මතය. මෙතන ඇත්තටම වෙන්නේ ඔය කියන “දේශපාලනය”. මෙතන වෙන්නේ වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සැලසුම් සහගතව ක්‍රියා කිරීමක්. ඒක කොහොමද කරන්නේ?

pro ht

 එහිදී පළමුවෙන් කරන්නේ ජනතාව අතර බියක් ඇති කිරීම. මිනිස්සු බය වෙන්නේ අවිනිශ්චිතතාවයට. අවිනිශ්චිතතාවය ඇති කරන්න නම් ඔවුන්ට දැනෙන දෙයක් ගැන සැක ඇති කරන්න ඕනා. ආහාර, වතුර, විදුලිය, ඉන්ධන, බෙහෙත්, අධ්‍යාපනය වගේ අත්‍යවශ්‍ය දේවල් ගැන සැක ඇති කළොත් මිනිස්සු බය වෙනවා. දැන් කරලා තියෙන්නේ ඒක. අරගලයට කලින් කළෙත් ඒක.

රෝහල්වල හැමදාම මිනිස්සු මැරෙනවා. නමුත් අපිට පුළුවන් ඒ මරණයක් හෝ මරණ කිහිපයක් හෝ යොදාගෙන ජනතාව අතර බෙහෙත් ගැන සැකයක් ඇති කරන්න. ඒක එච්චර අමාරු දෙයක් නොවෙයි. කටකතාව හදලා දුන්නම දෙරණ, සිරස, හිරු, සියත වගේ බිස්නස් විසින් ඒවා ලංකාවටම විකාශනය කරලා දෙනවා. ඊට පස්සේ යූටියුබ් විව්ස් හිඟන්නන් සහ ගොසිප් පත්තර ඒවා සමාජ මාධ්‍යයේ වෛරල් කරලා දෙනවා. මිනිස්සු බය වෙනවා.

pict large
ඒත් එක්කම ඒ බයවෙන ජනතාව වෙනුවෙන් කතා කරන්න ප්‍රසිද්ධ චරිත එනවා. ගොවි සංගම් ප්‍රධානීන්, වෘත්තීය සමිති නායකයන්, පරිසරවේදීන් වැනි අය තමයි මේකට අවස්ථාව අනුව යොදාගන්නෙ. ජවිපෙ සහ පෙසප කථිකයන් තමයි මේකට දක්ෂම සේල්ස්කාරයන්. ඔවුන් ඇවිල්ලා දවස ගානේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරලා මේ ප්‍රශ්නයට හේතුව "අහවලා" කියලා ලකුණු කරනවා.

දැන් ජනතාව අතරින්ම එනවා ඒ අහවලාට විරෝධයක්. ඒකට “අරගලය” කියලා නමක් දාන්නත් පුළුවන්. නිර්මාල් දේවසිරි කියනවා වගේ ඕන නම් “සාමූහික ප්‍රචණ්ඩ ක්‍රියා” කියලා සුපිරි නමක් දාන්නත් පුළුවන්. එතකොට ඒ අහවලාට සිද්ධ වෙනවා ජනතා විරෝධය හමුවේ ඉවත් වෙන්න. අන්න එතකොට එතනට එනවා අර ව්‍යාපෘතිය සංවිධානය කළ මිනිහා. එයා ඇවිල්ලා සුටුස් ගාලා පුටුවේ වාඩිවෙනවා. එතකොට ව්‍යාපෘතිය නවතිනවා. දැන් මැරෙන රෝගීන් ගැන කිසිම නිව්ස් එකක් නැහැ. ජනතාව හිතනවා වැඩේ හරි කියලා. සැකය දුරු වෙනවා. බිය නැතිවෙනවා. හැබැයි වෙනදා වගේම රෝහල්වල මිනිස්සු මැරෙනවා. ගෑස් ටැංකි පුපුරනවා. ගස් කපනවා. කුඩු ගේනවා. අපරාධ කරනවා.

shutterstock 146004131

 
 මෙන්න මේක තමයි ඔය බොහෝ දෙනා කියන දේශපාලනය. නමුත් ඕක ඇවිල්ලා නියම දේශපාලනය නෙවෙයි. මේකට බල දේශපාලනය (Power Politics), දූෂිත දේශපාලනය (Dirty Politics) වැනි විවිධ විශේෂණ තියෙනවා. මේ දේශපාලනය කරන එක පහසුයි. ඒක සෙල්ලමක්. ඒකෙන් කිසිම ගැටලුවක් විසඳෙන්නේ නැහැ. හැබැයි මේ සෙල්ලම හොඳටම කරන මිනිහට කාලයක් බලයේ ඉන්න පුළුවන්.
මේ වගේ වංචාසහගත දේශපාලන ව්‍යාපෘති සමග සටන් කරන්න නම් ඔය මා කරනවා වගේ දත්ත සහ කරුණු මත පදනම්ව තාර්කිකව සත්‍යය අසත්‍යය ජනතාවට කියා දීලා බැහැ. මොකද එහෙම බුද්ධිමත් ජනතාවක් ඇත්තටම ඉන්නවා නම් උන් මුලින්ම ඔය වංචාකාරී දේශපාලන ගේම්වලට අහුවෙලා අරගල කරන්නේ නැහැනේ. ඒ නිසා කරන්න වෙන්නේ ඒ වගේම ගේම් එකකින් සිය ප්‍රතිවාදියාව යටපත් කිරීමයි. වෙන විදිහක් නැහැ.

නමුත් ගෝඨාභය ඔය දේශපාලනය මුල සිටම ප්‍රතික්ෂේප කළා. ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මයෙක්. ඔහු හැදුවේ ඔය ජරා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දත්ත සහ කරුණු මත පදනම්ව සත්‍යය මත පිහිටා අවංකව ජනතා ගැටලු විසඳන්න. මමත් ඔහුට උදව් කළේ ඒ වෙනුවෙන්. අදටත් මතුවටත් එතුමා වෙනුවෙන් කතා කරන්නේ ඒ ඔහුගේ ගුණය වෙනුවෙන් පමණයි. නමුත් මේ රටේ ඉන්න බහුතරයක් අවුගත් නොහික්මුණු අශිෂ්ට මිනිසුන් තවම ඒ උත්තම දේශපාලනයට සූදානම් නැති බව දැන් ගෝඨාභය මහතාත් මමත් ඉතා හොඳින් තේරුම්ගෙන සිටිනවා.

ධර්මය අපට මග වේවා!

eranda. ginige
(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 ජූලි 16


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...