The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වඩිනු මැන නිදුකානනේ ... - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

July 18, 2023 • 12:39 PM

වඩිනු මැන නිදුකානනේ ... - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒත් මේ මෑතකදී ඉදලා සංඝරත්නයට ඇතුලත් සංඝයා වහන්සේලා කිහිප නමක් ගැන පළවු වාර්තා ඒ තරම් හොඳ දේවල් නෙමෙයි.
  • සංඝභේදය ඇතිකිරීම 'ආගහිද චරීය' පාප කර්මයක් ඒ නිසා පැවිදි උතුමන්ලා භේදබින්න කිරීමේ වෑයමක් අපට නැහැ.
  • එතකොට තේරෙන්නෙ නැති වුනාද මන්ත්‍රී හාමුදුරුවෝ වුනාට වඩා හොඳයි නිකම්ම නිකම් හාමුදුරුවො වෙලා හිටිය නම් හොඳයි කියලා.
  • කොහොම වුනත් මේ රටේ බුද්ධ ශාසනයට වින කටින්න සමහර මුලධර්මවාදී ආගම් නිකාය වල දේශපාලූවන්ට උවමනාවක් තිඛෙන බව පේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒත් මේ මෑතකදී ඉදලා සංඝරත්නයට ඇතුලත් සංඝයා වහන්සේලා කිහිප නමක් ගැන පළවු වාර්තා ඒ තරම් හොඳ දේවල් නෙමෙයි. ඒ සිදුවීම් පිළිබඳව අන්තර්ජාලයේ යු ටියුබ් නාලිකාවලින් බැට දෙන්නෙ මහා සංඝරත්නයට විතරක් නෙමෙයි ධර්මයටත් ගරහන තත්ත්වයට පත්වෙලා.

මුළු රටක්ම සදාචාර සම්පන්න භාවයෙන් ඈත් වෙනකොට එකෙන් සංඝරත්නට විතරක් මිදෙන්න කොහොමද කියන එක ප්‍රශ්නයක්. හාමුදුරුවරු දෙන්නෙක් තුන් දෙනෙක් වැරදි කළාම මුළු මහත් සංඝරත්නයටම බැට දෙන එක වැරදියි.

ඒත් ඒ චූදිත හාමුදුරුවන්ගේ නොමන ක්‍රියාවන් නිසා සියළුම සංඝයා වහන්සේලා දඬුකඳේ ගහන්න හිතනවා නම් ඒක වැරදියි.

කොහොම උනත් නතාෂා එදිරිසුරිය- ජෙරොම් ප්‍රනාන්දු වගේ අය අන්තර්ජාලයේ බෞද්ධ විරෝධි වැඩ සටහන් ප්‍රචාරය කිරීමත් එක්කම වයින් උන ශ්‍රද්ධා සීල සම්පන්න ගිහිපැවිදි භවතුන් නොමනා ක්‍රියාවල නිරතවුයේ යැයි කියන මේ භික්ෂුන් වහන්සේලා ගැන මොනවාද කියෙන්නේ?

කොහොම වුනත් එවැනි සිදුවීම් අල්ලගෙන බුදුදහමටත් බුදුන්ටත් සංඝරත්නයටත් මඩ ගහන්න හදනවා නම් ඒකත් වැරදියි.

චරථ භික්ඛවේ කියන්නේ එක එකාට කඩේ යාමද? – චන්ද්‍රසිරි සෙනෙවිරත්න : Online  sinhala news site in sri lanka
ඒත් ඒ නොමනා ක්‍රියාවන්හි නිරතවු චීවර ධාරින් බුද්ධ ශාසනයෙන් පන්නන්න, උපැවිදි කරවන්න බලය නියෝගය සංඝාරත්නයටමයි. කියන නීතිත් පණමදි නම් ඒවටත් උත්තර හොයාගෙන යාමත් නොකළොත් බුද්ධ ශාසනය කා දමන බලවේගවලට පනින්න ඉනිමං තිබ්බා වගේ වෙයි.

සංඝභේදය ඇතිකිරීම 'ආගහිද චරීය' පාප කර්මයක් ඒ නිසා පැවිදි උතුමන්ලා භේදබින්න කිරීමේ වෑයමක් අපට නැහැ.

බුද්ධ ශාසන ඇමැතිවරයා මේ පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?

කාලයක් පාරමිතා පෙරහැරේ ආපු හාමුදුරුවරු, මන්ත්‍රී හාමුදුරුවරු වුනාම එක් හාමුදුරු නමක් වේදනාවට පත්වෙන තරමටම එක් මන්ත්‍රී වරයෙක්ගෙ හස්තය ක්‍රියාත්මක වුනා. එතකොට තේරෙන්නෙ නැති වුනාද මන්ත්‍රී හාමුදුරුවෝ වුනාට වඩා හොඳයි නිකම්ම නිකම් හාමුදුරුවො වෙලා හිටිය නම් හොඳයි කියලා.

කොහොම වුනත් මේ රටේ බුද්ධ ශාසනයට වින කටින්න සමහර මුලධර්මවාදී ආගම් නිකාය වල දේශපාලූවන්ට උවමනාවක් තිඛෙන බව පේනවා. උන්ගේ ඉලක්කය නිර්ම බුදුදහම විතරක් නෙමෙයි නිර්මල කතෝලික ආගමක් ඔවුන්ගේ ඉලක්ක බව අපට හැගෙනවා.

සමහර හාමුදුරුවරු සිංහහාසන ගත වෙලා සුවයෙන් අමු අමුවේම ගිහිසැප විඳිද්දී එය බුදුදහමට කැප නිසාද අති උත්තම මහා නායක හිමිවරු නිශ්ශබ්දව ඉන්නෙ. සමහර හාමුදුරුවරු බෞද්ධපොත් තමන්ට ඕන විදියට ලියලා මහාපරිමාණයෙන් අලෙවි කරණකොට මහානායක හිමිවරු බුද්ධශාසන අමාත්‍යාංශය ඇයි නිහඬ ...?

සමහර හාමුදුරුවරු සමලිංගික සේවයට අනුගත වෙලා හෙළිදරව් වෙද්දි මොන අම්මයි තාත්තයිද තමන්ගේ දරුවො ශාසනයට දන්දෙන්නෙ...? එහෙම මතවාදයක් ප්‍රචලිත වුනාම මේ රටේ බුද්ධ ශාසනය රැකෙන්නෙ කොහොමද?

රූපවාහිනී නාලිකා, නියාමනයට විරුද්ධවන්නන් සොයයි - (ආචාර්ය ප්‍රදීප් එන්'  වීරසිංහ)
අනිත් කාරණය තමයි මේවා සමාජ මාධ්‍යවලින් රූපවාහිනි, පුවත්පත් මාධ්‍යවලින් ප්‍රචාරණය කරන්න ගියාම ඇතිවන තත්ත්වය?

මාධ්‍ය කුණු හොයමින් මඩ අනනවයි කියලා කිවුවම මතක් වෙන්නෙ හඳ දිහා ඇඟිල්ල දික් කරද්දි හද දිහා බලන්නෙ නැතිව ඇඟිල්ල දිහා බලනවයි කියන කතාවයි.

බුද්ධ කාලයේ ඉඳලම එවැනි නොමනා ක්‍රියාවන්හි යෙදුනු භික්ෂුන් ඉදලා තියෙන එක ගැන බුද්ධ දේශනා වෙන්ම හෙළිදරව් වෙලා තිබුනු බව අප දන්නවා. ඒ කාලෙ එහෙම නම් සන්නිවේදන තාක‍ෂණයේ මුදුන් පෙත්තටම ගිය ලෝකයක එහෙම දේවල් සිද්ධවෙන එක පුදුමයෙකුත් නෙවෙයි.

 මෙවැනි කාලයක බුදුන් ඔබ වහන්සේ මේ රටට ප්‍රනරාගමනය කරනු මැන මේ දුරශිලයන් ශාසනයෙන් නෙරපා හැර බුද්ධ ශාසනයට පිරිසිදු කරනු මැනවි. වඩිනු මැන නිදුකානනේ...


එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


සබැඳි ලිපි :
භික්ෂූ විනය ක්‍රියාමාර්ග යළි සලකා බලන්නැයි ඇමති ඉල්ලයි

නව භික්ෂූත්වයක් අවශ්‍යකර තිබේ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

වායාම (80) : හීරළුවන් ලව්වා තැනූ හුරුළු වැව - (සුජිත් අක්කරවත්ත)



 

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...