The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 20, 2023 • 7:56 AM

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක.
  • අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති.
  • එක පැත්තකින් අපි මේ බංකොලොත් බවෙන් ගොඩඑන්න යම් උපකාර ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ ලෝකයෙන් ඉල්ලන්න ඕනි.
  • මම කියන්නේ මේ ප්‍රශ්න දෙක, ඒ කියන්නේ බංකොලොත් බවෙන් ගොඩ එන ගැටළුව වගේම සුළු ජාතීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගැන වූ පරක්කු ප්‍රශ්නය කවුරු ආවත් අනිවාර්යයෙන් විසඳිය යුතු ගැටළු දෙකක්.
අකුරු ප්‍රමාණය (Font Size):

නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද.

ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ ඉන්දියන් සංචාරය සඳහා රනිල් රටින් පිටවෙන්නේ ගැටළු ගණනාවක බර කරට ගනිමින්.

එක පැත්තකින් අපි මේ බංකොලොත් බවෙන් ගොඩඑන්න යම් උපකාර ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ ලෝකයෙන් ඉල්ලන්න ඕනි. ඒ සඳහා කේවල් කරන්න කිසිදෙයක් දැන් අපේ අතේ නැහැ. අනික් අතට සුළු ජාතීන් සම්බන්දයෙන් ධනාත්මක පිළිතුරක් ඉන්දියාව අපෙන් බලාපොරොත්තු වෙනවා. කේවල් කරන්න කිසිදෙයක් අතේ නැතුව සුළු ජාතීන් සම්බන්ද ප්‍රශ්නෙත් අරන් එහෙ යනවා කියන්නේ ඒක අන්තිම අමාරු ගණුදෙනුවක් වෙන්න නියමිතයි.

JaffnaFoD8
මම කියන්නේ මේ ප්‍රශ්න දෙක, ඒ කියන්නේ බංකොලොත් බවෙන් ගොඩ එන ගැටළුව වගේම සුළු ජාතීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ගැන වූ පරක්කු ප්‍රශ්නය කවුරු ආවත් අනිවාර්යයෙන් විසඳිය යුතු ගැටළු දෙකක්.

අවම වශයෙන් පසුගිය අවුරුදු විස්ස තිහ ඇතුලේ කවුරු හරි මේකට බෙල්ල දිය යුතුව තිබුණ. දැන් රනිල් මේකට බෙල්ල දෙමින් තිබෙනවා.

ඉන්දියාවේ යන්න කලින් රනිල් සුළු ජාතික පක්ෂ එක්ක තිබ්බ රැස්වීමේදී සුමන්දිරන්ගේ මූණටම කියනවා මම මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන තැනදී මේකේ කෙළවරක් දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල ( I am determined to go all the way - මම ඒක හිතුවක්කාර විදියට පරිවර්තනය කරන්නේ මම මේ ගැටළුවේ අවසානය දක්වාම යන්න හිත හදාගෙන ඉන්නේ කියල).

 

එහෙම කෙළින් විවෘතව මේ දේ කියන්න නිදහසක් ලංකාවේ නිදහසින් පස්සේ බලයට පත්වෙච්ච කිසිම නායකයෙක්ට තිබ්බේ නැහැ කියල මට හිතෙනවා (ඩී. බී. විජේතුංග මහත්තයාට හැර). මේ තමයි ''ජනතාවගෙන් බරෙන්'' නිදහස් වීමේ සැහැල්ලුවේ තියන දේශපාලනික බව. කුන්දේරාගේ භාෂාවෙන් කියනවා නම් පියාපතක සැහැල්ලුව.

pr pk

මීට කලින් ආපු හැම නායක නායිකාවක්ම මේ ප්‍රශ්නය ගැන ගැඹුරු මතවාදී කියවීමක් නැති ලාංකික ජනතාවගේ බර නිසා දුක්වින්ද. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද සහ ගෝඨා යන හැම කෙනෙක්ම (නිර්මාණය) තමන් මෙතෙන්ට ගෙනාපු ජනතාවගේ (නිර්මාණකරු) ගේ බර දරාගෙන හිටිය. හැත්තෑ වසරකටත් වඩා පරණ මේ සුළුජාතික ජන කොටස්වල බල අනන්‍යතා ගැටළුව පොඩ්ඩක්වත් ඉස්සරහට ගියේ නැත්තේ මේ ජනතා කැමැත්ත නම් පිස්සුව නිසා. රනිල් පවා එහි ගොදුරක් (ලංකාවේ හැම නායකයෙක්ම ලාංකික ජනතාවගේ ගොදුරු).

ජනවාර්ගික ගැටළුව ගැන යම් හෝ සාධනීය තැනක හිටපු රනිල් කියන මනුස්සයාගේ දේශපාලනය ලංකාවේ නැත්තට නැති කළේ මේ උඩක් පල්ලක් නැති ලාංකික ජනතාව. හැබැයි මම මීට කළිනුත් කිව්වා වගේ රනිල් දැන් ඇවිල්ල ඉන්නේ අර ජනතාව නැතුව. ගුරුත්ව කේන්ද්‍රයෙන් නිදහස් ව.

දැන් ''ජනතා නෛතික බව'' (people's mandate) නැහැ කියන ආණ්ඩුවක නායකයා හැටියට රනිල් කියනවා මේ බලය විකේන්ද්‍රනය කරන ගැටළුවේ (13 බලාත්මක කිරීමේ) අවසානය දක්වා යන්න හිත හදාගෙන තියනවා කියල. ජනතා නෛතිකබව නැහැ කියන ආණ්ඩුවක් ඇතුලේ පඬු කරඳ ගහ නැතිවුණා වගේම දශක ගණනක් දිග්ගැස්සුන මේ ප්‍රශ්නෙත් හිතුවක්කාර විදියට විසඳූනොත් ඒක කොහොම ද?

ජනතා නෛතික බවෙන් නිදහස් මේ ආණ්ඩුවට එයාල නිර්මාණය කරපු අතීත ජනතාවක් නැහැ. ඉන්නවානම් ඉන්නේ අනාගතයේ බිහිකර යුතු ජනතාවක් විතරයි.

මේ සියල්ල ගැන සර්ව අශුභවාදීව බලාන ඉන්න හැමෝටම මම කියන්නේ මේ වැඩේට උදව් කරමු කියල. නිදහසෙන් පස්සේ ආපු මේ ''ආණ්ඩුවක් නොවන ආණ්ඩුවෙන්'' ගොඩක් දේවල් වෙනස් වෙන්නත් පුළුවන් නේද? ඒක අනාගතයේ ''ජනතා කැමැත්තෙන්'' බලයට එන්න ඉන්න අයටත් හොඳයි නේද?

හැමෝම මේ වෙලාවේ වැඩේට උදව් කරන්න. මේ කාල කොරිඩෝව ඇතුලේ පුළුවන් හැම දෙයක්ම දිනාගන්න බලමු. මොකද ඉතිහාසය ඇතුලේ නාට්‍ය ඇත්ත වෙන්නත් පුළුවන්.  

මේ සටහන නිසා කොනිත්තන් බට්ටෙක් වෙන කෙනෙක් ඉන්නවානම් එයා අර ජනතාවගෙන් කෙනෙක්.


යක්ෂයාගේ ක්‍රිකට් ගහමු... - මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader