The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ගේ අවුරුද්ද - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

July 21, 2023 • 5:11 AM

රනිල්ගේ අවුරුද්ද - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුමන්ත්‍රණයකින් රනිල්ව පත් කිරීම හෝ පොහොට්ටුව විසින් රනිල්ව ඉස්සරහට දැමීම යන කොයි ආකාරයකින් වුනත් සිද්ද වුනේ හොඳක්.
  • රටේ යම් කිසි මූල්‍ය ස්ථාවරයක් ඇති කරන්න රනිල්ගේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා.
  • රට තිබුනු තත්වයත් එක්ක බලද්දි රනිල් වික්‍රමසිංහ අවුරුද්දක් ඇතුලත කරලා තියෙන වෙනස විශාලයි කියන එක අවංකව පිලිගන්න වෙනවා.
  • රනිල් ‍පොහොට්ටුවෙ අයව ආරක්ෂා කරන බවත්, ඒ අයට තම තමන්ගේ දේවල් කරගෙන යන්න ඉඩදෙන බවත් පේන්න තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමන්ත්‍රණයකින් රනිල්ව පත් කිරීම හෝ පොහොට්ටුව විසින් රනිල්ව ඉස්සරහට දැමීම යන කොයි ආකාරයකින් වුනත් සිද්ද වුනේ හොඳක්.

රටේ මිනිස්සු අත්විඳිමින් තිබුන තෙල් ගෑස් විදුලිය ආදී බංකොලොත් ප්‍රශ්න වගේම නන්නත්තාර ගතිය රනිල් බලය අතට ගැනීමෙන් විසඳුනා. මිනිස්සුන්ට ආපහු දුෂ්කරතා මැද්දෙ වුනත් තමන්ගේ ව්‍යාපාර, රස්සා කරගෙන යන්න වාතාවරණයක් නිර්මාණය වුනා.

20220824 185939

IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා

වැදගත්ම දේ IMF වැනි වැඩසටහන් හරහා යෝජනා වුනු ආර්ථික වැඩපිලිවෙල ක්‍රියාවට නැගීමයි. අඩුපාඩු සහිතව වුනත් රනිල්ගේ ආණ්ඩුව ඒ වැඩපිලිවෙල ඉස්සරහට අරගෙන යනවා. රටේ යම් කිසි මූල්‍ය ස්ථාවරයක් ඇති කරන්න රනිල්ගේ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. රට තිබුනු තත්වයත් එක්ක බලද්දි රනිල් වික්‍රමසිංහ අවුරුද්දක් ඇතුලත කරලා තියෙන වෙනස විශාලයි කියන එක අවංකව පිලිගන්න වෙනවා.

ඒ වගේම රනිල් තමන්ගේ පාලනය කරගෙන යන්නෙ පොහොට්ටුවත් එක්ක. එතනදි රනිල්ට සහයෝගය දෙන්න ඉදිරිපත් නොවුනු විපක්ෂයේ අනිත් අයත් පොහොට්ටුවට නැවත රට බාරදීම ගැන වගකියන්න ඕන. රනිල් ‍පොහොට්ටුවෙ අයව ආරක්ෂා කරන බවත්, ඒ අයට තම තමන්ගේ දේවල් කරගෙන යන්න ඉඩදෙන බවත් පේන්න තියෙනවා. කොටින්ම රනිල් තමන්ගේ පදනම විදිහට සිංබෞවන්ව තෝරගෙන තියෙනවා.

sinba

රනිල් කියන්නෙ කන්සවේටිව් නායකයෙක්. මං බලාපොරොත්තු වුනු ලිබරල් වටිනාකම් වෙනුවට රනිල් විසින් ක්‍රියාවට නගමින් ඉන්නෙ රාජපක්ෂ ප්‍රජාව නොහොත් ඊනියා සිංබෞවන් සතුටු කරන දේවල්. කතා කිරීමේ නිදහසට වඩා ආගම ඇදහීමේ නිදහස ප්‍රමුඛ කොට ගැනීමම රනිල්ගේ ආස්ථානය පැහැදිලි කරනවා. ආගම, ජාතිය සහ ලිංගිකත්වය යන කාරණා විෂයෙහි වගේම මානව නිදහස වගේ කාරණා සම්බන්ධයෙනුත් රනිල් වික්‍රමසිංහ ඉන්නෙ අතිශය ප්‍රතිගාමී, සාම්ප්‍රදායික බහුතරය සමග.

රටේ ආර්ථිකයට වඩා සංස්කෘතිය ප්‍රමුඛ කොට ගන්න ඕන කියන විශ්වාසයේ ඉන්න මම රනිල්ව අත්හරිනවා. ඒ මං පිලිගන්න දේශපාලනය පවතින්නෙ සංස්කෘතික කලාපයේ හින්ද. නමුත් කන්සවේටිව් තත්වයන් යටතේ රටක් ආර්ථිකව දියුණු කරන්න ලේසියි. සංස්කෘතික පැත්ත නොරිදවා ප්‍රතිසංස්කරණ කරන එක පහසුයි. සිංගප්පුරුව වගේ සමහරු මහ ඉහළින් කතා කරන රටවල් දියුණු වෙලා තියෙන්නෙ මානව නිදහස, අයිතීන් වගේ කාරණා ගරු කරමින් නෙමෙයි. මගේ අදහස එයින් නිර්මාණය වෙන්නෙ නිංකම මාර්කට් එකක් මිස මිනිස්සු ජීවත් වෙන රටක් නෙමෙයි කියන එක.  

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, සමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම, විදේශීය ආයෝජනවලට හිතකර පරිසරයක් ඇති කිරීම, ආදී වශයෙන් වෙළඳපොල ආර්ථිකය නැවත පණගැන්වීම වෙනුවෙන් අවශ්‍ය මූලික වැඩ පටන්ගන්න රනිල්ගේ ආණ්ඩුවට පුළුවන් වුනා.

HE Parliament 740x463
ඒත් ආණ්ඩුව ඇතුලෙ සිද්ද වෙන කොමිස් ගැහිලි, බාල ඖෂධ ගෙන්වීම්, ඇමතිවරුන්ගේ පිස්සු කෙලීම්, වගේම ජාතිවාදී ආගම්වාදී චන්ඩින්ගෙ රැගිලි නතර කරන්න රනිල්ට පුළුවන් වුනේ නෑ.

රනිල් කියන්නෙ එක්කෙනෙක්. පොහොට්ටුව තමයි ආණ්ඩුවෙ බහුතරය. ඒ කල්ලිය මේ තරමට හරි පාලනය වෙලා ඉන්නෙ එලියෙ ජනතාව විසින් ඒ අයව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන නිසයි. රනිල්ට මුවාවීම ඇරෙන්න කරන්න පුළුවන් දෙයක් නැති නිසයි. එතනදි පොහොට්ටුව පාලනය කරන්නෙ ජනතාව මිස රනිල් නෙමෙයි.

මොනවා වුනත් රනිල් නෙමෙයි කවුරු වුනත් හැමදෙයක්ම කරයි කියල බලාපොරොත්තු වෙන එක මෝඩකමක්. ආර්ථික වැඩපිලිවෙල සාධනීය මට්ටමකින් කරගෙන යන අතර මේ ජරාජීර්ණ සංස්කෘතිය නඩත්තු කිරීම රනිල්ගේ දේශපාලනය වෙනවා. බුද්ධාගම ආරක්ෂා කිරීම කියන මහා බොරුව ඇතුලෙ සියල්ල දිගටම පවතිනවා. මේක රනිල් විතරක් නෙමෙයි, ජවිපෙ, සජබෙ, ‍ජනරජ ආදී ඕනම පක්ෂයක විදිහ. මේ රටේ එහෙම ලිබරල් මතවාදයන් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන නායකත්වයන් නැහැ. එහෙම නායකයන් ඉන්න එහෙම ජනතාවකුත් නෑ.

ඉතිං අවුරුද්දක් ගතවෙන තැන රනිල්ට කියන්න තියෙන්නෙ ඔහොම යමු  කියල විතරයි. එතනදි නිදහස් වෙළඳපොල ආර්ථිකයට අවශ්‍ය දේවල් වෙනුවෙන් සහාය දීමත්, සංස්කෘතික අන්තගාමී සංබෞවන් චූන් කරන වැඩ වලදී පුළුවන් තරම් හයියෙන් ගහන එකත් තමයි මගේ පිළිවෙත වෙන්නෙ. රනිල් මං වෙනුවෙන් කඩේ ගිය කාලෙ ඉවරයි. ඉස්සරහට එන්නෙ අපි එකිනෙකා ගැටෙන කාලය. එතනදි රනිල් කියන්නෙ බහුතරය. මං කියන්නෙ සුළුතරය.


රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...