The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 22, 2023 • 6:05 AM

 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ තේරීම් කාරක සභාවක් කරන ලද නිර්දේශයක් විතරයි.
  • කොහොම උනත් දැනට විශ්ව විද්‍යාලවල තියන ස්වාධීන බවට මින් හානියක් වෙන බවක් නම් පෙනෙන්නේ නැහැ.
  • නිර්මාණයක් ලෝකයට ගෙනියන්න සහ ඒ නිර්මාණය තිරසාර කරන්න (sustain) පුළුවන් විදියක් හොයාගන්න ඕනි කියන එක.
  • ඉන්දියාව එයාලගේ සිස්ටම් එක කලාපීය විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයක් (Regional Higher Education Hub) හැටියට ප්‍රවර්ධනය කරන තත්වයක් ඇතුලේ ලංකාවේ ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල මීට වඩා ඉස්සරහට එන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ තේරීම් කාරක සභාවක් කරන ලද නිර්දේශයක් විතරයි.

මෙතැනදී වෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන ආයතනය අහෝසි කරල ඒ වෙනුවට "ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව'' නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම. ඕක තමයි නිර්දේශය.

ඒකෙ තියන වැදගත් දේ තමයි දැනට රාජ්‍ය විශ්ව විද්‍යාල පමණක් ආවරණය කරන විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මිට පස්සේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන (Non-state) සහ වෘත්තීය අධ්‍යාපන (Vocational) ක්ෂේත්‍ර වගේම ඒ සියළුම උසස් අධ්‍යාපන ආයතන වල පාඨමාලා තත්ත්ව සහතික සහ ප්‍රමිතිකරණය (accreditation and standardization) යන අංශත් ආවරණය කිරීමට බලාපොරොත්තු වීම. මේවායින් බොහොමයක් දැනටත් කරන්නේ කොමිසම උනාට මේ සියලු අංශ ආවරණය කරන සහ සොයාබලන එක ආයතනයක් තිබීම හොඳයි.

කොහොම උනත් දැනට විශ්ව විද්‍යාලවල තියන ස්වාධීන බවට මින් හානියක් වෙන බවක් නම් පෙනෙන්නේ නැහැ. දැනටත් කොමිසමේ සභාපති, උප සභාපති, සාමාජිකයින් වගේම විශ්ව විද්‍යාල උපකුලපතිවරු පත්කරන්නෙත් ජනාධිපතිවරයා.

 මට නම් හිතෙන්නේ මේ යෝජනා තව දුරටත් ඉස්සරහට යන්න ඕනි කියල. විශේෂයෙන් අපේ විශ්ව විද්‍යාලවල සීමාසහිතව උණත් සිද්ද වෙන පර්යේෂණ වගේ දේවල් සෘජුව වෙළදපළට ගේන කාර්යක්‍ෂම ක්‍රමවේදයක් හදන්න ඕනි. ජපානය, කොරියාව, සහ ඉන්දියාව මේ දේවල් වලින් ඉස්සරහට ඇවිල්ල තියනවා. කලා උපාධියේ පවා ගොඩක් තියනවා වෙළඳපළකරණය/වාණිජකරණය කරන්න පුළුවන් අංග.

මම කියන්නේ ලාභ හොයන්න දුවන්න ඕනි කියන එක නෙවේ. නිර්මාණයක් ලෝකයට ගෙනියන්න සහ ඒ නිර්මාණය තිරසාර කරන්න (sustain) පුළුවන් විදියක් හොයාගන්න ඕනි කියන එක. පේටන්ට් එකක් ගන්න, කොපිරයිට් එකක් ගන්න අපි දැනගන්න ඕනි.

අනික තමයි අපේ ඉස්සරහ ඉන්න අයිය මේ වෙනකොට උසස් අධ්‍යාපනය කලාපීයකරණය කිරීමේ වැඩකට අතගහල තියනවා. ඉන්දියාව එයාලගේ සිස්ටම් එක කලාපීය විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයක් (Regional Higher Education Hub) හැටියට ප්‍රවර්ධනය කරන තත්වයක් ඇතුලේ ලංකාවේ ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල මීට වඩා ඉස්සරහට එන්න ඕනි.

විශේෂයෙන් සෑහෙන පමණ තරඟකාරී සහ ගුණාත්මක මට්ටමක ලාංකික උසස් අධ්‍යාපනය තියන හින්ද අපිට ඉන්දියාව එක්ක යම් තරඟයක් දෙන්නත් පුළුවන් වෙයි. හැබැයි ප්‍රවර්ධනය නම් එකෙන්ම තියෙන්න වෙයි අවම පහසුකම් තියන ආසියාවට ළමයි ගෙන්න ගන්න.

ආර්ථික වශයෙන් අසීරු අඩියක ඉන්න මේ වෙලාවේ ලංකාවේ උසස් අධ්‍යාපනය කලාපීයකරණය (regionalization) සහ අන්තර්ජාතිකකරණය (internationalization) වීම ආර්ථිකයේ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙත් නිම්වළලු පුළුල්වීමක් වෙන්න පුළුවන්.

ඉතිං හැම වෙලාවේම අර්බුදයක් විසින් අපිට බලකරනවා අලුත් අලුත් දේවල් ගැන හිතන්න සහ ඒ ගැන ක්‍රියාකරන්න.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

සබැඳි ලිපි :

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...