The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පාලමේ කුඩ්ඩෝ

T

The Leader Desk

July 23, 2023 • 7:46 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පාලමේ කුඩ්ඩෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොටින් විසින් බෝම්බ අටවා විනාශ කිරීමේ සැලසුමක් ඇතැයි දූෂමාණ ආරංචි පැතිරී තිබීමය.
  • මෑතකදී යළිත් එවැනි බියක් සිතට ඇතුළුවිණි.
  • ඒ, කුඩුකාරයන් විසින් අලුතින් තැනු කැලණි පාලමේ ඇණ හා කම්බි ගලවා, පරණ යකඩ මුදලාලිට විකුණන බව මාධ්‍ය තුළින් දැන ගැනීමෙනි යුද සමයේ පාලම් ආරක්ෂා වූයේ හමුදාවට හා පොලිසියට පින් සිද්ධ වෙන්නටය.
  • එහෙත් කොටින්ටත් බැරි වූ ගේම්වලට කුඩ්ඩන් අත ගසා තිබීමෙන් පෙනී යන්නේ ඒ කතා පුස්සක් වී ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොටින් විසින් බෝම්බ අටවා විනාශ කිරීමේ සැලසුමක් ඇතැයි දූෂමාණ ආරංචි පැතිරී තිබීමය.

මෑතකදී යළිත් එවැනි බියක් සිතට ඇතුළුවිණි. ඒ, කුඩුකාරයන් විසින් අලුතින් තැනු කැලණි පාලමේ ඇණ හා කම්බි ගලවා, පරණ යකඩ මුදලාලිට විකුණන බව මාධ්‍ය තුළින් දැන ගැනීමෙනි

යුද සමයේ පාලම් ආරක්ෂා වූයේ හමුදාවට හා පොලිසියට පින් සිද්ධ වෙන්නටය. දැන් නම් පාලම් රකින්නට කොකෙක්වත් නැත. කුඩ්ඩෝ වැඩ පෙන්වන්නේ එහෙයිනි.

මේ විදිහට ගියොත්, කැලණි පාලමට පමණක් නොව, සිරි ලංකාව පුරා තිබෙන සියලු යකඩ පාලම්වලට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටය.

Kalany Brige

කොටි සංවිධානයත් පරාජය කළ අපට කුඩු සේනාව මහ කජ්ජක්දැයි සමහරු පහුගිය කාලේ පාරම් බෑහ. එහෙත් කොටින්ටත් බැරි වූ ගේම්වලට කුඩ්ඩන් අත ගසා තිබීමෙන් පෙනී යන්නේ ඒ කතා පුස්සක් වී ඇති බවය.

ඉංග්‍රීසියෙන් මත්ද්‍රව්‍ය හඳුන්වන පොදු නාමය Drugs ය. එසේම රෝගීන් සුවපත් කිරීමට දෙන ඖෂධ වර්ගයන්ද 'ඩ්‍රග්ස්' නමින් හැඳින්වෙයි. වාසනාවකට මෙන් මත්පැන්, ඉහත කී මත්ද්‍රව්‍ය ගණයට නොවැටේ. අනෙක් අතට මත්ද්‍රව්‍ය අන්තරාදායකය. (නිදසුන්: අන්තරාදායක (Dangerous) මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලය). මත්පැන් සෞඛ්‍යයට අහිතකරය.

මත්ද්‍රව්‍ය රට තුළ විකිණීම හා භාවිතය තහනම්ය. එහෙත් මත්පැන් විකිණීමට රජයෙන් නීතිමය අවසර ලබාගත හැකිය. මත්පැන් පානයට කිසිදු තහනමක් නැත. මත්පැන් අලෙවියෙන් රජයට විශාල බදු මුදලක්ද ලැබේ. හැම අයවැයකදීම මත්පැන් මිල ඉහළ නංවන්නේ බදු ආදායම වැඩිකර ගැනීමට මිස, බීම නැවැත්වීමට නොවේ.

ICE drug

'අයිස්' යනු දැන් රටේ ප්‍රකට මත්ද්‍රව්‍යයකි. මඳ කලකට ඉහත නම් 'අයිස් ගහනවා' යනුවෙන් අදහස් කළේ, වැඩ නොකර නිකං සිටීමටය. ආණ්ඩුවේ කන්තෝරු බොහොමයක කෙරුණේ අයිස් ගැසීමය. දැන් තත්ත්වය වෙනස්ය. ''අයිස්'' ගැසීම, නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් තවමත් රජයේ සේවයට එය අදාළ නැති අතර, පරණ අයිස් ගැසීම තවමත් ක්‍රියාත්මක වන තැන් තිබේ. ඊට හේතුව ඉහත කී අයිස් වර්ග දෙකම ඇබ්බැහිවීමට ඉඩ තිබීමය.

එක්තරා වැඩපළක හිමිකරුවෙක් මා සමඟ කියූ පරිදි, බර වැඩ කරන ඇතැම් කම්කරුවන්ට බත් පැකට් එකට වඩා වටින්නේ අයිස් පැකට් එකය. 'අයිස්' දුන් පසු, ඔවුන්ගෙන් යකා බැඳගත් කල සේ වැඩ ගත හැකිය. එහෙත් ඒ ටික කාලයකටය. බලා සිටිද්දි වැහැරෙන ඔවුහු, ඇවිදින ඇටසැකිලි බවට පත්වන අතර, ඉක්මනින් මරණය කරා ගමන් කරති.

180215093642 functional addicts illustration 2

මිනිස්සු විවිධ දෙයට ඇබ්බැහි වෙති. මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහිවූවන්ට ඉන් ගැලවීමක් නැත්තේ, එය ශරීරයට අත්‍යවශ්‍ය වන බැවිනි. කුඩුකාරයාට කුඩු නැති කල කුඩුසික් එකය. බේබද්දාට මත්පැන් නැති විට අතපය වෙවුලන්නට ගනී. තැබෑරුම්වල දොර ලෑලි, ගේට්ටු අරින තුරු බලා සිටින්නේ එබඳු අයය. දෙකක් දමාගත් පසු, ඔවුහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙති.

''අබින් කැවිලා වගේ'' යැයි කියුමක් අප අතර ඇත්තේ, ඇබ්බැහිය පිළිබඳවය. කුඩුකාරයාට මෙන්ම අබින් කෑ මිනිසාටද එය අත්හැරීම කළ නොහැකිය.

දුම්වැටියට, බීඩියට, ගංජා සුරුට්ටුවට පමණක් නොව, බුලත් විටටද ඇබ්බැහිවූවෝ වෙති. ජන්මෙට වඩා පුරුද්ද ලොකුය. එහෙත් ඇතැම් අයට පුරුදු නැති කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටද සිදුවෙයි.

එක්තරා පුද්ගලයෙක් තදින්ම මත්පැනට ඇබ්බැහි වී සිටියේය. ඔහුට 'බෙඩ් ටී' එක වෙනුවට අවශ්‍ය වන්නේ ''අයි ඕපනින් ෂොට්'' එකකි. ඔහුගේ පවුලේ උදවිය මේ පුරුද්දට දැඩි ලෙස විරෝධය පෑහ. ඒ නිසා ඔහු උදෑසනම කිරි වීදුරුවක් පානය කිරීමට හිත හදා ගත්තේය. පවුලේ උදවියද බොහෝ සතුටට පත්වූහ. එහෙත්, අර කිරි වීදුරුවේ හරි අඩක් තිබුණේ සුදු අරක්කු බව ඔවුන් දැනගත්තේ පසුවය.

istock 177521527 cropped

මත්ද්‍රව්‍ය ගැන මෙන්ම මත්පැන් පිළිබඳවද ගෙතී ඇති සිනා කතා ද බොහෝය.

අමෙරිකාවේ එක් නගරයක, වීදියක මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක්, බිම හිඳ සිටියේය. එය ශීතාධික රාත්‍රියකි. අවට වෙන කිසිවකුද දක්නට නැත. ඒ අසලින් ගමන් කළ පූජකවරයෙක්, මඳකට නැවතී මෙසේ විමසුවේය.

''පුතා... මට ස්ටේෂන් එකට යන පාර කියනවද?''

මත සිඳී අපහසුවෙන් සිටි අර පුද්ගලයා, දුම්රිය ස්ථානය පිහිටි දෙසට අත දිගු කර පෙන්වීය. ඔහුගේ තත්ත්වය ගැන අනුකම්පා කළ පූජකවරයා මෙසේ කීය.

''පුතා.. එන්න මාත් එක්ක. මම ඔබ අපායෙන් ගලවාගෙන දෙව්ලොවට යන පාර පෙන්වන්නම්.''

''විහිළු කරන්න එපා... ස්ටේෂන් එකට යන පාර දන්නෙ නැති ඔහේ කොහොමද, මට දිව්‍ය ලෝකෙට යන පාර පෙන්වන්නෙ.''

4e78b9b1f07525b4339c0ed3f071e7a9
අවන්හලක තිබූ පෝස්ටරයක, ගැහැනියට වඩා මත්පැන් හොඳ බව පැහැදිලි කරන කරුණු කිහිපයක් දක්වා තිබුණි. ඉන් තුනක් පහත දක්වමි.

1. ඔබ එක් බෝතලයක් බී, තවත් බෝතලයක් ලබාගැනීම ගැන, පළමු බෝතලය විරුද්ධ නොවෙයි.

2. ඔබට, ඔබේ බෝතලය, මිතුරන් සමඟ බෙදාගත හැකිය.

3. ඔබට, ඔබේ බෝතලය, මාසයේ සෑම දිනයකම භාවිත කර විනෝද විය හැකිය.


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)




සමාජ මධ්‍යයේ සංසරණය වන වීඩියෝවක්..


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : පාලමේ කුඩ්ඩෝ | The Leader