මෙරට පවුල්වලින් 33%ක් ආහාර අනාරක්ෂිතතාවයට ඇද වැටී තිබුණි. ඒ අතරින් වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීයව 34%ක්, හා නාගරිකව 28%ක් ආහාර අර්බුදයට මුහුණ පා සිටියහ. මේ අර්බුදය නිර්මාණ වීමේදි මෙරට ආහාර භෝග නිපදවීම අඩාලවීම බරපතල හේතුවක් විය. 2021 වර්ෂයේ රජය විසින් ගෙන යමින් තිබූ කාබනික පොහොර ව්‍යාපෘතිය මඟින් මෙරට රසායනික පොහොර භාවිතය තහනමකට ලක් කිරීම ඊට සෘජුවම බලපෑවේය. මෙම තත්වය මත ගොවි ජනතාවද කබලෙන් ලිපට වැටුණි.
වී නිෂ්පාදිත ගොවීන්ගේ අස්වැන්න සුපුරුදු තත්වයට වඩා 30%ක් 40%ක් දක්වා පහත මට්ටමකට වැටුණි. මෙරට කෘෂි කර්මාන්තයේ එළවළු නිෂ්පාදනය වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ දෙමුහුන් බීජ භාවිත කරමින් වන අතර මෙම දෙමුහුන් බීජ වගාවන් සඳහා කාබනික පොහොර සාර්ථක යෙදුවුමක් නොවීය. මෙම තත්ත්වය මත වී, එළවළු, අල, ලුනු ආදී සියලුම කෘෂි කර්මාන්තයට සම්බන්ධ ගොවීන් අසරණ තත්ත්වයකට පත් විය. කාබනික පොහොර ප්‍රතිපත්තියේ ප්‍රතිඵල 2022 වර්ෂයේ ලැඛෙනවාත් සමඟ ආහාර අර්බුදය උග්‍ර විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමත් සමඟ කෘෂි කර්මාන්තයට අදාළ ගැටළු විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලදී. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ රසායනික පොහොර සහ අනෙතුත් කෘෂි ද්‍රව්‍ය සඳහා තිබූ තහනම ඉවත් කර පොහොර ආනයනයට පියවර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් අර්බුදයෙන් ගැලවීමට හැකි විය. එසේම කෘෂිකර්මාන්තයට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් එම ක්ෂේත්‍රය නවීකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකසන ලදී. ඒ් අනුව වසර දහයකට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 512,000ක තරම් වැඩි කුඹුරු ප්‍රමාණයක වගා කිරීම හැකි විය. සහල් අතිරික්තයක් ද ඇතිවිය.
මීට අමතරව කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම සඳහා ද ජනාධිපතිවරයා ගෙන යනු ලබන වැඩපිළිවෙළ යටතේ 2025 වන විට මෙරට පරිභෝජනයෙන් 80%ක කෘෂි නිෂ්පාදන ඵලදායිව ලබා ගැනීමට මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් තිබේ. නවීන තාක්ෂණය යොදා ගැනීම තුළින් අපනයනය ඉලක්ක කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමටත් ඒ තුළින් ආනයන කෘෂි භෝග සීමා කිරීමටත් හැකියාව මේ වන විට කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයට ලැබී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත ඉන්දීය රජය සමග සාකච්ඡා සිදු කර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පොහොර මෙට්‍ර්ක් ටොන් 6500ක් ලබා ගැනීමට කටයුතු කළ අතර, මීට අමතරව ඕමානයෙන් ද පොහොර ගෙන්වා ගැනීමට කටයුතු කෙරිණි. පොහොර ලැඛෙන බව සහතික වීමෙන් පසුව ගොවීන් නැවත කෘෂිකාර්මික කටයුතුවල නිරත වූ අතර ඒ අනුව යල කන්නයේ හෙක්ටයාර 512,000 පමණ කුඹුරු වගා කිරීමට හැකි විය.
මේ වන විට මාස් කන්නයේ සැලසුම් සහගත ලෙස වගා කිරීම සඳහා යූරියා සහ බන්ඩි පොහොර ගොවීන්ට ලබාදීමට කටයුතු සලසා ඇති අතර මූල්‍යමය සහනාධාර, කුඩා ගොවීන්ට වෙනම යූරියා පොහොර සහනාධාරයක් ද කාබනික පොහොර මෙන්ම අනිකුත් පොහොර ලබා ගැනීමට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් යොමු කර ඇති අතර අයවැයෙන් වෙන් කළ මුදලට අතිරේකව තවත් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු සකසා ඇත.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ගොවි ජනබලාපොරොත්තු නොවූ ආකාරයේ සහනාධාර දැන් ලැබී ඇති බවයි.
“ගොවි ජනතාව බලාපොරොත්තු නොවූ ආකාරයේ සහනාධාරයක් දැන් ලැබී තිඛෙනවා. ඔවුන් නොමිලේ පොහොර ඉල්ලුවේ නැහැ. නමුත් ඉන්න තත්වයෙන් තවත් ඉහළට ගැනීමට තවත් උදව් උපකාර කළ යුතුයි කියන මතයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටිනවා. අපේ රටේ කෘෂි කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමට ගෙන එන්න පුළුවන්කම තිඛෙනවා. ඒක කරන්න අපහසු නැහැ. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට ගෙන ඒමට පියවර ගනිමින් තිඛෙනවා. මෙහිදි නොයෙක් බාධා එන්න පුළුවන්. නමුත් නවීන තාක්ෂණය ඇසුරෙන් කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක් ගනු ලබනවා. මේ කටයුතු කරගෙන යෑමේදී දේශපාලන කේෂ්ත්‍රය තුළ මෙන්ම ඉන් පරිබාහිරවත් විවිධ විවේචනය එල්ල කරන පිරිස් සිටිනවා. ආනයනය කළ පොහොර බාල ඒවා කිව්වා. අස්වැන්න ලැඛෙන්නේ නැහැ කිව්වා. එවැනි චෝදනා එල්ල වුණා.
ජනාධිපතිතුමා බලයට පත් නොවෙන්න, මේ රටේ ගොවි ජනතාව කුඹුරු බිමෙන් ඉවත් වෙලා පමණක් නොව, විශාල පිරිසක් මේ වන විට දිවිනසාගෙන. ඒ වගේම අප ආහාර හිඟකම නිසා දුර්වල ජාතියක් බවට පත්වෙන්න ඉඩ තිබුණා.
මීට වසරකට පෙර ජනාධිපතිතුමා රට භාරගන්න වෙලාවේ ආහාර උද්ධමනය තිබුණේ 90%කට ආසන්න අගයක. මේ වන විට ආහාර උද්ධමනය 4.1%කට අඩුවෙලා. මෙරට කෘෂි කර්මානතයේ පුනරුදයක් ඇති කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කැප වූ ගොවි ජනතාවට මේ රටේ සමස්ත පුරවැසියන්ගේ ආචාරය සහ ප්‍රණාමය හිමි විය යුතුයි. ඒ වගේම ගොවි ජනතාව යළි වගා කටයුතුවල නිරත වූ නිසා රටට ඩොලර් 400ක් ඉතිරි වෙලා තිඛෙනවා.˜
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව ආර්ථීක වැඩපිළිවෙළ යටතේ තිරසර ආර්ථීක වර්ධනය සමගාමීව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා වූ ලේකම් කාර්යාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වනවිට ස්ථාපිත කර තිබේ.
එමගින් විවිධ උප අංශවලට බලපාන විශේෂිත ගැටළු ඇතුළු නවීකරණයේ විවිධ මානයන් හා සම්බන්ධ ගැට¨ විසඳීම කෘෂිකර්ම අංශ නවීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ ප්‍රධාන වගකීම වේ. කාලානුරූපී ක්‍රියාමාර්ග සහ කාර්ය සාධන මිණුම් සලකුණු සමඟ කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම සඳහා එක් එක් උපඅංශ සඳහා මාර්ග සිතියම් සකස් කිරීම එමඟින් අපේක්ෂා කෙරේ.
මෙම වගකීම විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම විෂයට අදාළ සියලු අමාත්‍යාංශ, පුද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගනිමින් මෙම කෘෂිකර්ම නවීකරණ මහලේකම් කාර්යාලය පිහිටුවා තිබේ.
නවීන තාක්ෂණය භාවිතයෙන් කෘෂිකාර්මික, ධීවර හා සත්ත්ව නිෂ්පාදන යන අංශයන්හි නිෂ්පාදනය හා ඵලදායීතාවය වැඩිදියුණු කිරීමත්, ගොවියාගේ ආදායම වැඩි කිරීමත්, අපනයන ආදායම වැඩි කිරීමත් යන කරුණු පදනම් කරමින් මෙම කෘෂිකර්ම නවීකරණ මහලේකම් කාර්යාලය පසුගිය මැයි 31 දින සිට ක්‍රියාත්මක වේ.

තිරසර කෘෂිකාර්මික සංවර්ධනය තුළින් වර්ෂ 2048 වන විට “සංවර්ධිත ශ්‍රී ලංකාවක්˜ ගොඩනැගීමට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම සඳහා, අපනයනය ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදනයන් බිහි කිරීම, දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා තරුණ පිරිස, “නව තාක්ෂණය හා බැඳුනු කෘෂි ව්‍යවසායකයින්˜ බවට පත් කිරීම යන අරමුණු සපුරා ගැනීම හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සිය¨ ආයතන නියාමනය කිරීම සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීමට ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් ජනාධිපතිගේ උපදෙස් පරිදි රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමි‚ සේනානායකගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සකස් කරමින් තිබේ. මෙම ප්‍රතිපත්ති රාමුව සැකසීම මෙම වසරේ අගෝස්තු මස අවසන් වන විට නිම කිරීමට නියමිතය.
මේ අනුව මෙරට බරපතල ගැටලුවක් බවට පත්ව තිබු ආහාර සුරක්ෂිතතාවය, යළි ඇති නොවන තැනකට පත් කිරීමට ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම නවීකරණය කිරීමේ වැඩපිළිවෙල මඟින් සාක්ෂාත් වෙනු ඇත.
- නිහජ ජයසිංහ




