The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ලෝක කඩොලාන සංරක්ෂණ දිනය අදයි : ආචාර්ය ආර්නි ෆියටෝෆ්ට් කියන කතාව අහන්න

T

The Leader Desk

July 26, 2023 • 4:46 PM

ලෝක කඩොලාන සංරක්ෂණ දිනය අදයි : ආචාර්ය ආර්නි ෆියටෝෆ්ට් කියන කතාව අහන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන සුරැකීමේ අරමුණින් යුනේස්කෝ ආයතනය ප්‍රකාශයට පත් කළ මෙම දිනයේ මෙවර තේමාව සංරක්ෂණය හා දැනුවත් කිරීම යන්නයි.
  • මෙරට කඩොලාන ගහණය හෙක්ටෙයාර් 19000 කට අධිකයි.
  • කඩොලාන සංරක්ෂණය සඳහා ජනාධිපති කාර්යාලය, පරිසර අමාත්‍යංශය හා වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධව මේ වනවිට පුළුල් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය.
  • ඒ යටතේ කඩොලාන නැවත සිටුවීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් හෙක්ටෙයාර් 800ක කඩොලාන නැවත වගාව සිදුකර අවසන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ලොව සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන සුරැකීමේ අරමුණින් යුනේස්කෝ ආයතනය ප්‍රකාශයට පත් කළ මෙම දිනයේ මෙවර තේමාව සංරක්ෂණය හා දැනුවත් කිරීම යන්නයි.

කඩොලාන මෙරට පරිසරයට චමත්කාරය මෙන්ම විවිධත්වය ගෙන දෙන සුන්දර පරිසර පද්ධතියකි.

මෙරට කඩොලාන ගහණය හෙක්ටෙයාර් 19000 කට අධිකයි.

වෙරළබඩ කලාපයේ ගං මෝය හා කලපු ආශ්‍රිතව මෙම කඩොලාන විසිරී පවති.

කඩොලාන සංරක්ෂණය සඳහා ජනාධිපති කාර්යාලය, පරිසර අමාත්‍යංශය හා වනජීවි සංරක්ෂණ අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඒකාබද්ධව මේ වනවිට පුළුල් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය.

ඒ යටතේ කඩොලාන නැවත සිටුවීම ආරම්භ කර ඇති අතර මේ වනවිටත් හෙක්ටෙයාර් 800ක කඩොලාන නැවත වගාව සිදුකර අවසන් වේ.

පරිසරට අසිරිය ගෙන එන කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා වර්ල්ඩ්විව් ජාත්‍යන්තරය ද ශ්‍රී ලංකාව සහය ලබාදීමට කැමැත්ත පළකර තිබිණ.



දේශගුණික විපර්යාස (Climate Change) වර්තමාන ලෝකයේ පැවැත්මට අභියෝගයක් වී ඇත. පළමුවෙන්ම 1965  දී පමණ ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් විසින් අනාගතයේදී දේශගුණික විපර්යාස නිසා ලෝකයට ඇති කරනු ලබන අයහපත් ප්‍රතිපල පිලිබඳ අදහස් ප්‍රකාශ කලද බටහිර නායකයින්  ඒ පිලිබඳව ප්‍රමාණාත්මකව අවධානය යොමු කිරීමක් සිදු කරනු ලැබුයේ නැත. මේ දක්වා කිසිදු ප්‍රමුඛ දේශපාලනඥයෙක් මේ පිළිබඳව ඵලදායී හා සාධනීය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නොපෙනේ.



වාර්ෂිකව කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වැඩි වීමෙන් විනාශකාරී බලපෑම් සමඟ ලෝකය උණුසුම් වීම සිදුවෙමින් පවතී. විශ්වයේ අපේ නිවස වන මේ මිහිතලය ව්‍යවසනයක්  කරා ගමන් කරමින් සිටි. ලොව පුරා තරුණ පරම්පරාවන් මේ පිළිබඳව එතරම් සැලකිලිමත් නොවුවද යම් කණ්ඩායම්, එනම් ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) ගේ පාසල් වැඩ වර්ජන වැනි ආකර්ශනිය විරෝධතා නිසා තරුණ පිරිස් මේ පිළිබඳව යම් අවධානයක් යොමු කරමින් සිටි.

කෙසේ නමුත් මෙම අවධානය ප්‍රමාණාත්මක නොවේ. නමුත් කණගාටුදායක ලෙස, ෆොසිල ඉන්ධන භාවිතය ආශ්‍රිත කර්මාන්ත වලින් මත්වී ඇති දේශපාලකයන් හා  ඔවුන්ගේ ආශිර්වාද සහිතව ලාභදායී පොසිල ව්‍යාපාරය පවත්වාගෙන යාම නිසා මිනිසා විසින් නිර්මාණය කරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩිවන පාරිසරික විනාශයන් නිසා වායුගෝලය පොසිලයෙන් CO2 දේශගුණික වායුවලින් පිරී ඇත.

එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ දේශගුණික සමුළු 27 ක් ලෝක රාජ්‍ය නායකයින්ගේ නායකත්වයෙන් පැවැත්වුවද මෙම පරිසර විනාශය අවම කිරීමට  කිසිවෙක් සමත් වී නොමැත. කුඩා දුපත් සාගර ජලයෙන් යටවීමේ තර්ජනය දිනෙන් දින වැඩි වෙමින් පවතී.

තවමත්, පොසිල ව්‍යාපාරය සාමාන්‍ය පරිදි සිදු වන අතර දේශපාලකයන්ගේ යථාර්ථවාදී නොවන පොරොන්දුවලින් පෝෂණය වූ පාරිසරික වැඩසටහන් මෙම අර්බුද විසදීමට ප්‍රමණවත් නොවේ.


''ගෝලීය උණුසුමට එරෙහිව සටන් කරන්න තරුණයෝ එක්වීමට කාලයයි'' - වර්ල්ඩ්විව් ජාත්‍යන්තරය

Dr. Arne

මේ පිළිබඳව අදහස් දක්වන 'වර්ල්ඩ්විව්' ජාත්‍යන්තර පදනමේ මහ ලේකම් ආචාර්ය ආර්නි ෆියටෝෆ්ට් පවසන්නේ මෙම ගෝලීය උණුසුම වැඩිවීම නැවත්වීම සඳහා එනම් දේශගුණික විපර්යාස ඵලදායී ලෙස අවම කිරීම සඳහා නව සෘජු ක්‍රියාමාර්ග සඳහා තරුණ පරපුර ඉදිරියට පැමිණ සක්‍රිය ලෙස නායකත්වය ගැනීමට කාලය පැමිණ ඇති බවය.

පරම්පරා ගණනක් කඩොලාන ජීව පද්ධතිය විසින් වසර මිලියන ගණනක් තිස්සේ පරීක්ෂා කර ලබා දී ඇති විසදුම් කෙරෙහි තරුණ පරපුර අවධානය යොමු කල යුතු බවත් එය ප්‍රවර්ධනයට ඔවුන් නායකත්වය ලබා දිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම කඩොලාන ආශ්‍රිත සාගර සහ ස්වභාවික ක්‍රියාවලි නිසා කඩොලාන ආශ්‍රිත වනාන්තර විසින් වාර්ෂිකව දේශගුණික වායූන්ගෙන් 40% ක් දක්වා අඩු කරයි. ඒ නිසා බොහෝ දුරට, සාගර දේශගුණික විපර්යාස වලින් ලැබෙන ප්‍රවේශ තාපයෙන් 90% ක් දක්වා අවශෝෂණය කර ඇත. එහෙත් සාගරවල ආම්ලිකතාවය වැඩි වීම නිසා මෙම ක්‍රියාවලිය දැන් මන්දගාමී වෙමින් පවතී. එමෙන්ම අපේ පෘථිවිය උණුසුම් වන විට ඇතිවන ලැව් ගිනි නිසා භයානක ප්‍රතිපල අත්වි ඇති අතර ගෝලීය උණුසුම සැමට ගැටළු ඇතිකරමින් සිටි.

ලෝකය පුරා අදූරදර්ශී ව සිදුව පරිසර විනාශය සමඟ ඒකාබද්ධව සිදුවන සොබාදහම විනාශ වීම එනම් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කඩොලාන වනාන්තරවලට ඇති ස්වභාවික හැකියාව අප විසින් යොදා ගත යුතුය.

කිසිදා සිදු නොවිය හැකි සිහින ඉලක්ක දෙස උදාසීන ලෙස බලා සිටීම මාරාන්තික අවසානයකි. සරලව කිවහොත්, ප්‍රායෝගික විසඳුම් සහිත නව දැක්මක් වහා අවශ්‍ය වේ.



මෙතෙක් ප්‍රත්‍යක්ෂ නැති ප්‍රතිපත්තිමය වෙනසක් සඳහා දේශපාලකයන්ට ආයාචනා කිරීම වෙනුවට ප්‍රයෝගික  ප්‍රතිඵලය ලබා දෙන කඩොලාන වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීමට තරුණ පරපුර පෙළ ගැසිය යුතු බව  2023  ලෝක කඩොලාන දිනය වෙනුවෙන් අදහස් දක්වන ආචාර්ය ආර්නි ෆියටෝෆ්ට් පවසයි.



ලොව සාමාන්‍ය වනාන්තර මෙන් පස් ගුණයක කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාව ඇති කඩොලාන මේ අර්බුධයට ඇති ඉක්මන් මෙන්ම ස්වභාවික විසදුක වන අතර ආචාර්ය ආර්නිගේ නායකත්වයෙන් මියන්මාරයේ පරිසර අමාත්‍යංශය හා ප්‍රජා සහභාගීත්වයෙන් හෙක්ටයාර් විසිදහසක 2012 සිට ක්‍රියාත්මක කරන ලද කඩොලාන පරිසර පද්ධති ඉතා සාර්ථක බව ලෙස ඔප්පු වී ඇත.

නව සහ පරීක්ෂා නොකළ ක්‍රම වෙනුවට අලුතින් සිටවන ලද පැලැටි 90% කට වඩා ආරක්ෂා වන ලෙස වගා කරන සාර්ථක ක්‍රම ලෝකයේ අන් ප්‍රදේශවලට ව්‍යාප්ත කල යුතු බව ඔහු තවදුරටත් පවසයි.  

වර්ල්ඩ්විව් ජාත්‍යන්තර පදනමේ වෙබ් අඩවිය මගින් ඔවුන්ගේ කඩොලාන වැඩසටහන පිළිබඳව වැඩිවිස්තර සපයයි.


BLUE CARBON CLIMATE IMPACT

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...