The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය - (ජෙහාන් පෙරේරා)

T

The Leader Desk

July 29, 2023 • 7:18 AM

පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය - (ජෙහාන් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ටික කලකට පසු ඔහු, වාර්ගික ගැටුම විසඳා, ඒ සම්බන්ධයෙන් වන අනාගත පරම්පරාවේ බර ඉවත් කිරීමට පොරොන්දු විය.
  • ඔහුගේ විසඳුමේ කොටසක් ලෙස, බලයට පත්වූ ආණ්ඩු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වගන්තිවලට පටහැණිව, ක්‍රියාත්මක කිරීමට අකමැති වූ පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම ඇතුළු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වාදී තිබේ.
  • තම ස්ථාවරය පිළිබඳ විවේචනවලට පැහැදිළිව පිළිතුරු ලබාදී ඇති ජනාධිපතිවරයා, පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත්, ඒවා නීත්‍යනුකූලව ක්‍රියාත්මක නොවන්නේ නම්, පාර්ලිමේන්තුව 2/3ක බලයකින් එය අහෝසි කිරීමට අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.
  • දැන්, මාස හයකට පසු, ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබාදීමේ අවුල් සහගත ගැටලුව සමඟ කටයුතු කිරීමට ජනාධිපතිවරයා නැවත වරක් ප්‍රතිඥා ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මහතා පියවර ගනු ලැබීය. පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී ටික කලකට පසු ඔහු, වාර්ගික ගැටුම විසඳා, ඒ සම්බන්ධයෙන් වන අනාගත පරම්පරාවේ බර ඉවත් කිරීමට පොරොන්දු විය. ඔහුගේ විසඳුමේ කොටසක් ලෙස, බලයට පත්වූ ආණ්ඩු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වගන්තිවලට පටහැණිව, ක්‍රියාත්මක කිරීමට අකමැති වූ පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම ඇතුළු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වාදී තිබේ.

 

 තම ස්ථාවරය පිළිබඳ විවේචනවලට පැහැදිළිව පිළිතුරු ලබාදී ඇති ජනාධිපතිවරයා, පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත්, ඒවා නීත්‍යනුකූලව ක්‍රියාත්මක නොවන්නේ නම්, පාර්ලිමේන්තුව 2/3ක බලයකින් එය අහෝසි කිරීමට අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.

 

දැන්, මාස හයකට පසු, ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබාදීමේ අවුල් සහගත ගැටලුව සමඟ කටයුතු කිරීමට ජනාධිපතිවරයා නැවත වරක් ප්‍රතිඥා ලබාදී ඇත. ඒ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ දේශපාලන හා ව්‍යාපාරික යන දෙඅංශයේම ඉහළ පෙළේ නායකයන් හමුවීමට සිදුකළ ඔහුගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුවය.

ආර්ථික වශයෙන් මෙන්ම භූගෝලීය වශයෙන් ද ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීප කරවන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කරගැනීම ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවක් වන අතර, ඒ සඳහා ඉතිහාසයේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පවතින නොපැහැදිලි බව සහ අවිශ්වාසය ඉවත්කර, තාර්කිකත්වයෙන් සහ බුද්ධිමය පැහැදිලි කිරීමක් ඔස්සේ කටයුතු කිරීම අවශ්‍ය වේ. 

361874186 661814819311475 2236170896965657918 n

 අන්තර්ජාතික සබඳතාවලදී හෝ රටේ දිග්ගැස්සුණු අභ්‍යන්තර ගැටුම් සම්බන්ධව හෝ අවිශ්වාසයේ සහ සැකයේ මානසිකත්වය දුරුකර, සියලු ජන කොටස්වල බිය හා අවශ්‍යතා ආමන්ත්‍රණය කරන දේශපාලන විසඳුමකට එළැඹීමේදී ජනාධිපතිවරයාට ප්‍රබල අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් බලතල බෙදීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් ආණ්ඩුවේ, විපක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

 

ප්‍රජාවන්ගේ ජන මනස එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන් පිරී ඇත. එහෙත් පුරාණ අවිශ්වාසයන් සහ යුද්ධ පිළිබඳ මතකයන් අවසන් කර, තාර්කිකත්වයට සහ සියලුදෙනාගේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සඳහා ඉඩදී, සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවට ඉඩදිය යුතු කාලයක් එළඹේ. එය ජර්මනිය, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඇතුළුව යුරෝපය පුරා ස්ථාන රැසක සාර්ථකව සිදුකර ඇත. 

විශ්වාසය ගොඩනැගීම

දෙමළ මතයේ ප්‍රධාන ප්‍රවාහය අඛණ්ඩව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය, දේශපාලන විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නවතම සාධනීය ප්‍රතිචාරය සම්බන්ධයෙන් සැක සහිත ලෙස ප්‍රතිචාර දක්වා ඇත. තමන්ටද සමාන පුරවැසියන් ලෙස සළකනු ලබන දේශපාලන ක්‍රමයක් සකස් කිරීමට සෑම ආණ්ඩුවක් විසින්ම දක්වන කැමැත්ත සම්බන්ධයෙන් විශාල දෙමළ ජනතාවක් තුළ පවතින සැකය මෙමගින් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකා රාජ්‍යය විසින් තමන්ට දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සළකන බවට දෙමළ ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතී. සිංහල භාෂාවෙන් පමණක් දිගින් දිගටම ලැබෙන සන්නිවේදනයන්වලදී මෙන්ම රජයේ නිලධාරීන් ලෙස උසස්වීම් ලබාදීමේදී තමන්ව මගහැර යන සෑම අවස්ථාවකදීම ඔවුහු ඒ බව අත්විඳිති. මෙය ජාතියේ පියා ලෙස සැළකෙන අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ ආණ්ඩුව යටතේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගත් පළමු තීරණවලින් එකකි. මෙය තමන් නියෝජනය නොවන, රටක් නැති බව හැඟෙන දෙමළ ප්‍රජාව ප්‍රතික්ෂේප කිරීමක් විය. 

ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති පරිදි, දෙමළ දේශපාලන පක්ෂ සමඟ තවත් සාකච්ඡා වටයක නිරත වීමට පෙර, ශ්‍රී ලංකා රජය සැබවින්ම ඔවුන් කෙරෙහි විශ්වාසය තබන බවත්, ඔවුන් ගැන සැළකිලිමත් වන බවත්, දෙමළ ජනතාවට හෙළි කරන, විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග ගතයුතුව ඇත. විශ්වාසය ගොඩනැගීමේ වැදගත් ක්‍රියාමාර්ගයක් වනුයේ, උතුරේ සහ නැඟෙනහිර සිවිල් ජන ජීවිතයට සම්බන්ධ සිංහල ශ්‍රී ලංකා හමුදාව එම පළාත්වලින් තියුණු ලෙස අඩුකිරීමයි.

m9TrEfzaoEyqKyqg cover

 සික් බෙදුම්වාදී ව්‍යාපාරය මැඩපැවැත්වීම සඳහා පන්ජාබ්හි සික්වරුන්ගේ රන් දෙවොලට තම සික් රෙජිමේන්තුව යැවීමට සිය ශ්‍රේෂ්ඨ අසල්වැසියා ගත් පියවර ඔස්සේ ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට පාඩමක් තිබේ. නායකත්වයේ අසමානුපාතික භූමිකාවක් ඇති සුළුතර ප්‍රජාවන් සමඟ, ඉන්දියාවට රටේ සියලුම ප්‍රජාවන්ගෙන් සමන්විත ඒකාබද්ධ හමුදාවක් ඇත. ශ්‍රී ලංකාවේ උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල තවමත් සිංහල සොල්දාදුවන් විසින් මෙහෙයවන මුරපොළ දිගටම පවතී. ඔවුහු වාහන නැවැත්වීමට සහ ජනයාගේ ගමන් මලු සහ භාණ්ඩ සෝදිසි කිරීම සඳහා බලකරමින් කටයුතු කරති. යුද්ධය නිමාවී වසර දාහතරකට වැඩි කාලයක් ගතවී ඇතත්, භූගෝලීය වශයෙන් පමණක් නොව, හදවත් සහ මනස්වලද සැබෑ ජාතික එකමුතුවක් ඇතිවීමට නම්, රටේ උතුර හා නැඟෙනහිර පළාත්වලට, රටේ සෙසු ප්‍රදේශවලට වඩා වෙනස් ලෙස සැළකීම නතර කළ යුතුය.


උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල මේ වන විට උද්ගතව ඇති තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, එම ප්‍රදේශවලද බුදුදහම පැතිරී තිබූ අතීතයට අයත් පුරාවිද්‍යා ස්මාරක තිබෙන බව පවසමින් ඉඩම් පවරා ගැනීමයි. මෙම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් ඇති ස්ථානවල බෞද්ධ සිද්ධස්ථාන පිහිටුවීමට රාජ්‍ය නිලධාරීන් සහ බෞද්ධ පූජකවරුන් යන දෙඅංශයම පෙළඹී ඇති අතර, ඊට අමතරව, පුරාණ කාලයේ ඉඩම් අදාළ විහාරස්ථානය හෝ ස්මාරකය සතුවිය යන පදනම මත, ඉඩමින් සැළකිවයුතු කොටසකට හිමිකම් කියන්නට පෙළඹී ඇත.

බෞද්ධ සම්භවයක් තිබුණත් නැතත්, පැරණි පුරාවිද්‍යා ස්ථාන මුළු රටටම අයත් උරුමයක් මිස, නිශ්චිත ජනවර්ගයකට අයත් නොවන බවට ජනාධිපති වික්‍රමසිංහ මහතා නිවැරදි ස්ථාවරයක් ගෙන ඇත..

විවිධත්වයට බියවීම

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ  කැඳවා සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මෙය, තීරණයක් ගැනීම ප්‍රමාද කර, අවසානයේ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවී යැයි පවසන, තීරණයක් නොගැනීමේ මාර්ගයක් විය හැකි බවට දෙමළ දේශපාලන පක්ෂවලට කනස්සල්ලක් පවතී. මෙයින් සිදුවන්නේ රට නැවත මුලින් සිටි ස්ථානයට නැවත රැගෙන යෑම පමණකි. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ බෙදීමකින් තොරව නීති කිහිපයක් සම්මත කර තිබේ.

ඒවාට මුලින් විපක්ෂය විරුද්ධ වුවද, අධිකරණමය පැහැදිලි කිරීම්වලින් අනතුරුව, ඒවාට එකඟතාව පළකරන ලද්දේ, කැමැත්ත ඇති තැන මගක්ද පවතින බව සිහිපත් කරවමිනි. ඒ ආකාරයෙන්ම, 13 වැනි සංශෝධනය පිළිබඳ එකඟතාවකට පවතින බාධා ජයගත හැකි බවට බලාපොරොත්තුවක් පවතී. 

361588718 10218551781145977 2062549471884494446 n

 කෙසේ වෙතත්, කළු ජූලියේ 40 වැනි සංවත්සරය අනුස්මරණය කිරීමට උත්සාහ කළ සිවිල් ක්‍රියාකාරීන්ගේ සැමරුම් කඩාකප්පල් කිරීමට කොළඹදී කැරලි මර්දන පොලිසිය විසින් මුදාහරින ලද සමාව දිය නොහැකි ප්‍රචණ්ඩත්වය නිසා, දෙමළ ජනතාවගේ විශ්වාසය යළි දිනා ගැනීමේ අභියෝගය වඩාත් දුෂ්කර වනු ඇත. අවිහිංසාවාදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් ප්‍රමුඛව පොදු අවකාශයක පහන් දල්වන ලද ස්මාරකයක් කඩා දැමූ ප්‍රචණ්ඩකාරී පොලිසිය, රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක 'වෙල්වට් අත්වැසුම තුළ ඇති යකඩ හස්තයේ' සංඥාව නිකුත් කර ඇත. හාස්‍යයට කරුණ නම්, සිවිල් සමාජ අනුස්මරණය මහමග කඩාබිඳ දැමූ දිනයේම, රාජ්‍ය ජනමාධ්‍යයවල අනුග්‍රහයෙන්, වායුසමීකරණය කළ ශාලාවක පැවැති අනුස්මරණ උත්සවයකට රජයේ මැති ඇමතිවරුන් සහභාගී වීමයි. 

363375686 10218551777265880 5024400085694063654 n

1983 ජුලි 23 සතිය තුළ ආණ්ඩුවේ කොටස්වල අනුදැනුම සහිතව, දෙමළ විරෝධී සංහාරයක් කොළඹදී සහ රටේ තවත් ප්‍රදේශ කිහිපයකදීම සිදුවිය. ඉන් පසු ඇති වූ ජීවිත හා දේපළ විනාශයන් සහ ශාරීරික හිංසනයන්, එදා සිට අද දක්වාම රට තුළ 'හොල්මන් කරන' ලැජ්ජාවේ සහ ශෝක කාල පරිච්ඡේදයක මතක සටහන් ය. වාර්ගික සහ ආගමික සුළුතරයන් සුරක්ෂිතව, රට තුළ අගය කරන බව සහතික කිරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් අපොහොසත් වී ඇත. අවස්ථා කිහිපයකදීම ප්‍රාදේශීය වශයෙන් දෙමළ සහ මුස්ලිම් විරෝධී කෝලාහාල ඇති වූ අතර, එම ප්‍රහාරයන් නැවැත්වීමට ආරක්ෂක අංශවලට නොහැකි විය.

පළාත් සභා යටතේ පොලිස් බලතල අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි යන බිය, මධ්‍යම ආණ්ඩුව යටතේ ඇති පොලිස් බලකායේ හැසිරීම විසින් 'බොරුවක්' බවට පත්කර ඇත. බහු වාර්ගික සමාජයක, මගපෙන්වන ආදර්ශ පාඨය වන "මිලියනයක් මල් පිපේවා" යන්න තහවුරු කළ හැකිවන්නේ, අතීත ම්ලේච්ඡ ක්‍රියා බැහැර කිරීමෙන් සහ සහයෝගී අනාගතයක් සඳහා වූ බලාපොරොත්තුවක් දැල්වීමෙන් පමණකි.

 

 jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com

 

 

  

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...