The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : ශලනිට විතර ද නරක ?

T

The Leader Desk

July 30, 2023 • 11:39 AM

මානීගේ තීරුව : ශලනිට විතර ද නරක ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රිය ශලනි (තාරකා ), සුපුරුදු පරිදි මම ලියන්නෙ මොනවාදැයි එබී බැලූ බිරිඳ ඔයාගෙ නම දැකල ශෝකයට, භීතියට හා සංත්‍රාසයට පත් වුණා.
  • ඒත් ඈ කිව්වා ඔයාව T20 ක්‍රිකට් වර්ල්ඩ් කප් බලන්න ඔස්ට්‍රේලියාවට එක්ක ගිය ජයන්ත ධර්මදාසට වගේ, දැන් රට්ටු මටත් ශලනිගෙ ෂුගර් ඩැඩී කියන්න ගනියි නේද කියල.
  • ඔයාගෙ හිතටත් ඒ මෝඩ ප්‍රශ්නෙ එන්න ඇති සමහර විට.
  • මේ නවීන සමාජෙ පිරිමි පිටින් ලීවයිස් ඩෙනිම් ඇන්දට උන්ගෙ ඇතුළෙ තාම ඉන්නෙ දෙදාස් පන්සීයකට කලින් හිටපු අමුඩයොම තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹදී .
ප්‍රිය ශලනි (තාරකා ),

සුපුරුදු පරිදි මම ලියන්නෙ මොනවාදැයි එබී බැලූ බිරිඳ ඔයාගෙ නම දැකල ශෝකයට, භීතියට හා සංත්‍රාසයට පත් වුණා.

ඔයා එයාගෙ ප්‍රියතම නිළිය. ඒත් ඈ කිව්වා ඔයාව T20 ක්‍රිකට් වර්ල්ඩ් කප් බලන්න ඔස්ට්‍රේලියාවට එක්ක ගිය ජයන්ත ධර්මදාසට වගේ, දැන් රට්ටු මටත් ශලනිගෙ ෂුගර් ඩැඩී කියන්න ගනියි නේද කියල. හපොයි මානි !

ඒක නෙවෙයි, මේ දවස්වල සමහරු අහන ගොන් ප්‍රශ්නයක් තියෙනව. ඔයාගෙ  හිතටත් ඒ මෝඩ ප්‍රශ්නෙ  එන්න ඇති සමහර විට. සාරංග-දිනක්ෂි, පුබුදු -මාෂි, බිමල් - සතෙන් සතේ, අනුරාධා ආදී සියළු දෙනා ගිය ටුවර්රෙකක් ගැන කියද්දි මිනිස්සු ඔයාව විතරක් පතුරු යවන්නෙ ඇයි කියල.

අපේ පුතා තමයි මේක සරලව පැහැදිලි ක⁣රේ. අරගොල්ලොත් නිළියො තමයිලු. ඒ වුණාට The නිළිය ඔයාලු. ගෙඩි තියෙන ගහටනෙ ගල් ගහන්නෙ කියල අමාවතුරෙත් තියෙනවලු.

Secret, gossip concept. Young man whispering a secret isolated on trendy pink studio background. Human emotions, facial expression concept.

තව කාරණයක් තියෙනව ශලනි. මේ නවීන සමාජෙ පිරිමි පිටින් ලීවයිස් ඩෙනිම් ඇන්දට උන්ගෙ ඇතුළෙ තාම ඉන්නෙ දෙදාස් පන්සීයකට කලින් හිටපු අමුඩයොම තමයි. අමුඩයා හිතන්නෙ ගෑනු ළමයෙක් වුණාම කසාද බඳින්නම ඕන. කසාද බඳින තුරු කන්‍යාභාවය ආරක්ෂා කරගන්න ඕන ,කසාද බැන්දට පස්සෙ පතිවෘත්තාව ආරක්ෂා කරන්න ඕන කියලයි. අවිවාහක ගෑනු ළමයෙක් තනි පංගලමෙ ගමන් යනව නම් ඒකි අරකක්. ඒකනෙ ජෝඩු දාගෙන ගිය නිළියොන්ට හැදුණෙ නැති කතාවක් තනිකඩ ඔයාට හැදුණෙ. පව්නෙ අපි.

අනික, කිසිම වටිනාකමක් නැති එවුන්ට තේරෙන්නෙ නෑ, වටිනාකමක් තියෙන හැම එකාම, හැම එකීම විකිණෙනවා කියල. දැන් බලන්න නළුනිළියො, ක්‍රීඩකයො හැම රෙද්දෙ දැන්වීමටම ඉන්නෙ. ඒකත් විකිණීමනෙ. යුනිලීවර්ස් හරි මොකකට හරි ගානකට විකුනුණාම අන්න ශලනි විකිණෙනවෝ කියල කවුරුවත් කෑගහන්නෙ නෑ .හැබැයි ෂම්මි සිල්වා ප්‍රයිවෙට් ලිමිටඩ්වලින් පිං ටුවර්රෙකක් ගැහුවම කෑගහනව මෙන්නෝ මෙයා විකිණෙනවෝ කියල.

A Sri Lankan man talks on his cellular phone in front of a poster showing Sri Lankan cricketer Kumar Sangakkara promoting Indian cellular operator Bharti Airtel in Colombo on January 13, 2009. Operating under the brand name Airtel, Bharti has become the fifth mobile operator in Sri Lanka's tightly contested market, promising to offer cheaper calls to lure new customers. AFP PHOTO/Ishara S. Kodikara (Photo credit should read Ishara S. KODIKARA/AFP via Getty Images)

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පට්ට මහත්තයා හැටියට සැලකෙන සංගක්කාර තරම් හෝල්සේල් විකිණිච්ච එකෙක් තවත් නෑ. කොච්චර විකුණුනාද කියනව නම් එක ටෙලිෆෝන් කොම්පැණියකට වැඩියෙ ලොකු ගානකට වෙන එකකට ගිහින්, මුල්ම දැන්වීමෙදි කිව්වෙ මම පරණ ටෙලිෆෝන්නෙක අතහැරියා කියල. අන්න විකිණෙන්න පුළුවන් එකා විකිණෙන හැටි. එහෙම කියල සංගාගෙ මහත්මා ගුණ නැති වුණේ නෑනෙ  මහත්තුරුත් විකිණෙන බව අපේ මෝඩ වාහෙලා දන්නෙ නෑ. මහත්තුරුත් විකිණේ. නෝනා මහත්තුරුත් විකිණේ. තමන්ගෙ ගානට ආවොත් හැම එකාම විකිණේ.

jyhn

මේ රටේ වැදගැමිමකට ඇති හැමෝම වගේ ආණ්ඩුවෙ පිං ටුවර් ගහනව. එහෙම කියල ඔයයි, අනිත් නළුනිළියොයි ශ්‍රී ලංකා ක්‍රිකට් සල්ලිවලින් පිං ටුවර් ගැහීම සාධාරණීකරණය කරන්න බෑ. හැබැයි ඔයාල ඒකෙ අනියම් වැරදිකාරයො විතරයි. වැරදිකාරයො වෙන්නෙ ෂම්මි ඇන්ඩ් ධර්මෙ කම්පනි ලිමිටඩ්. හැබැයි මේ රටේ ෆේස්බුක් අධිකරණය එල්ලුම් ගහට නියම කරල තියෙන්නෙ අනියම් වැරදිකාරයො විතරයි. නඩුව දාන කොට උන්ට මිනී මරපු එවුන් අමතක වෙලා ගිහින්.

මගේ බිරිඳ මේ ගැන අපූරු කතාවක් කිව්වා. ශලනි විකුණුනාම මොකද රනිලුයි, මහින්ද මහත්තයායිත් විකිණිච්ච කොට කියල. මට හොඳටම හිතට අමාරු වෙලා කිව්ව ඒ ජනනායකයො දෙන්නට පද හදන්න එපා කියල. ඒත් බිරිඳ කියනව ඇයි ජීවිතේම සිරිමා, චන්ද්‍රිකා, මහින්ද, ගෝටාගෙ දේශපාලනේට විරුද්ධව වැඩ කරපු යූඑන්පිී නායකයා අන්තිමේදි අගමැතිකමයි, ජනාධිපතිකමයි වෙනුවෙන් තමන්ගෙ හතුරු පාර්ශ්වය ට විකුණුනේ කියල. එතකොට අපේ මහින්ද මහත්තයා ? ඇයි මෙයා තමන්ගෙ පැත්තෙ බලය තියාගන්න තියෙන තණ්හාවට රනිල්ට විකුණුනේ කියල.

එතකොට අපේ පුතා කියනව ඇයි ලෝකෙ දරැණුම ත්‍රස්තවාදී සංවිධානෙ 2005දි මහින්දට විකුණුනේ කියල.


මම,
මානි.

ප:ලි: හැබැයි අපේ ඡන්දදායකයො තමයි හොඳටම විකිණෙන්නෙ. හැම ඡන්දෙකදිම (බලාපොරොත්තු හැර) වෙන කිසිම ප්‍රතිලාභයක් නැතුව නොමිලේම එක පක්ෂෙකට විකිණෙනවනෙ. තමන් එහෙම විකුණුනාට උන්ට පේන්නෙත් අනිත් එවුන් විකිණෙනව විතරයි .



sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...