The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ජනපතිතුමනි, ද්‍රෝහියෙකු වෙනවා ද? වීරයෙකු වෙනවා ද? -(මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

July 31, 2023 • 10:17 AM

ජනපතිතුමනි, ද්‍රෝහියෙකු වෙනවා ද? වීරයෙකු වෙනවා ද? -(මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • '' වෙනසට බිය වන්නෝ වෙනසින්ම වැනසී යන්නෝය'' යැයි මසිතට කොහෙන්දෝ ආ අදහසකි.
  • එය ඇතැම් විට මවෙතින් හෝ වෙනත් කිසිවකු වෙතින් නිර්මාණය වූවක් යැයි සිතන්නට ඔබට අයිතිය තිබේ.
  • ''වෙනසට බිය වන්නෝ වෙනසින්ම වැනසී යන්නේය'' යන සාහසික ප්‍රකාශයට වඩා ''අපි සියල්ලෝම වෙනසේ නීතියට කීකරු විය යුතුය.
  • ආසියාවේ දියුණු රාජ්‍යයන් අතර අප තවමත් වෙනස් නොවූ නිසාම අප ඒකාකාරී බවේ ගැඹුරුතම ව්‍යසනයට ලක්ව ඇත්තෙමු.
අකුරු ප්‍රමාණය (Font Size):

'' වෙනසට බිය වන්නෝ වෙනසින්ම වැනසී යන්නෝය'' යැයි මසිතට කොහෙන්දෝ ආ අදහසකි. එය ඇතැම් විට මවෙතින් හෝ වෙනත් කිසිවකු වෙතින් නිර්මාණය වූවක් යැයි සිතන්නට ඔබට අයිතිය තිබේ. එය වෙනස් විදියට සිතන සැමට බාරවූ අයිතියකි.

මවෙතින් හෝ මසිතින් බිහිවූ එම වැකිය වෙනත් කිසිවකු වෙතින් බිහිවූයේ යැයි සිතන්නට මම මටම ඉඩදී මුලින්ම එඩ්මන්ඩ් බර්ක් දෙසට හැරෙයි. ''වෙනසට බිය වන්නෝ වෙනසින්ම වැනසී යන්නේය'' යන සාහසික ප්‍රකාශයට වඩා ''අපි සියල්ලෝම වෙනසේ නීතියට කීකරු විය යුතුය. එය සොබාදහමේ ඉතාම ප්‍රබල නීතියයි'' යන්න සෞම්‍යයැයි මා අදහමි.

change
සැබැවින්ම වෙනසක් නොවන තැන ඒකාකාරීත්වයේ ගැඹුරුතම ව්‍යසනය තිබේ යැයි මා කියමි. එය දේශපාලනිකව වඩාත් යථාර්තවාදී යැයි මා සිතමි.
අප වෙනස් නොවී නොසිටිය යුත්තේ මක්නිසාද?

වෙනසින් තොරව සාර්ව සංවර්ධනයක් නොමැති හෙයිනි.

වෙනස් නොවන සමාජයක් ඉදිරියට යන්නේ නැත. ආසියාවේ දියුණු රාජ්‍යයන් අතර අප තවමත් වෙනස් නොවූ නිසාම අප ඒකාකාරී බවේ ගැඹුරුතම ව්‍යසනයට ලක්ව ඇත්තෙමු.

mmlky

ලී ක්වාන්යූ - මහතීර් මොහොමඩ්

ආසියාවේ රටවල් අතර අන්ත දිළිඳු බවට අප අද ඇද වැටී ඇත්තේ වෙනසට බිය වූවන් බවට පත්ව ඇති නිසාය. මාලදිවයින අද අපට වඩා දියුණුය. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව පමණක් නිදසුන් කොටගෙන මා එම අදහසින් සමුගනිමි. 'මහතීර් මොහොමඩ්' මැලේසියාව අද පවත්නා තත්ත්වයට සංවර්ධනය කෙළේය. 'ලී ක්වාන්යූ' සිංගප්පුරුව අද පවත්නා තත්ත්වයකට ගොඩ දැම්මේය. ඒ නිදසුන් දෙක පමණක් අපට හොඳින් හැදෙන්නට ප්‍රමාණවත්ය. ඔවුන් දෙදෙනාම ආරම්භයේදී සොඳුරු නොවූවද අසුන්දර නොවූ ආඥාදායකයින් ලෙස නීතියට පමණක් හිස නමන රාජ්‍යයන් ගොඩනැගීමේ ආරම්භයකින් යුතුව ඔවුන්ගේ රටවල් ආසියාවේ ප්‍රබලතම, දියුණුවූ සංවර්ධයවූ රටවල් බවට පත්කරගෙන තිබේ.

මේ යථාර්තය තවමත් තෝරා ගැනීමට බැරිව අප යාචක රාජ්‍යයක බාල් නටමින් පසුගිය වසර 75ට දෝෂාරෝපණය කරමින් සිටිමු.

දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ 'වෙනස' ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයානෙනි, සිංගප්පූරුව බාරගත් විගස ලී ක්වාන්යූ කළාත් මෙන් වෙනසට විරෝධයපාන බියවන දූෂිත දේශපාලන පැළැන්තිය මතවාදිමය වශයෙන් සිරකොට තබා 'වෙනස'ට ඉඩ දෙන්න. ඒ 'වෙනස' ඔබව රකිනු ඇත. එපමණක් නොව ඒ වෙනස ඔස්සේ රටද ගොඩනැගෙනු ඇත.

ජාතිවාද අන්තවාදයටත් අන්තවාදී ජාතිවාදයටත් ඉඩදෙමින් එහි සිරකරුවකු වනවාට වඩා ඒ මතවාද පරාජය කරමින් වෙනසට ඔබද බිය නොවන බව පෙන්වමින් වෙනස ක්‍රියාත්මක කළ යුතු අවධිය දැන් ඔබ හමුවේ ප්‍රාදුර්භූතවී ඇති බව ඔබට නොදැනේ ද ?

Tamil Women stopped protesting MR 01 FOSoe7HXsAAUu9y

ජනාධිපතිතුමනි, ඔබට මේ අහඹු අවස්ථාව ලැබී ඇත්තේ එය අහම්බයක් වූ නිසාම නොව ඒ අහම්බය විසින් ඔබව තෝරාගෙන ඇති හෙයිනි. මේ රට දියුණු කිරීමට ඇති ප්‍රධානම බාධකය වන්නේ සිංහල සහ දෙමළ ජාතිවාදයයි. උතුරත් දකුණත් ලේ විලක් කළ අතීත සිදුවීම් අතර තවමත් අප අගාධය පතුලේ රැඳී සිහින දකිමින් සිටිමු. ඔබ ජනාධිපතිවරයා ලෙස පත්වීම අහම්බයක් ලෙස පෙනෙතත් ඒ අහම්බයේන ප්‍රතිඵලය ඔබ වෙනසට බිය නොවනතාක්කල් ඒ අහම්බයේ ප්‍රතිඵලය ඔබම බලකරනු ලබන්නේ මුළු මහත් සමාජයේ වෙනසට ලක්කර කීර්තිමත් ලී ක්වාන් යූ කෙනෙකු මහතීර් මොහොමඩ් කෙනෙකු බවට පත්වීමටයි.

ඒ සඳහා 2048 වෙනතෙක් බලා සිටීම විහිළුවකි. දැඩි තීරණ ගන්නේ නම් ඔබ වෙනසට බිය නොවනනේ නම් දූෂිත දේශපාලනඥයින්ට සිපිරි ගෙවල් උරුමකරදී ඔබ ඔබේ අනූනත්වයේ ගමන් මග තෝරාගන්න. නොඑසේනම් ඔබට දේශපාලන ලෝකයෙන් සමුගන්නට සිද්ධවන්නේ තමත් එක් දේශපාලඥයෙකු ලෙසින් මිස අන් කිසිවෙකු ලෙසින් නොවේ.

ඔබට ආරාධනා කළ දේශපාලන කඳවුර තවදුරටත් ඔබට ආරාධනා නොකරන බව දැන් දැන් පෙනෙන්නට තිබීම තුළ ඔබට ඔබේ නියමිත ධූර කාලයෙන් සමුගන්නට සිද්ධවන්නේ නිකම්මනිකම් රනිල් වික්‍රමසිංහ කෙනෙකු ලෙසය. මේ රට වෙනස් කිරීමේ කාර්යය දැන් ඔබේ දෙවුර මත පැටවී තිබේ.

සොරකමට, මහජන දේපල සොරකමට ලොල් වූ දූෂිත දේශපාලන නඩයත් ඉහළ නිළධාරිනුත් රැකීමට වඩා ඔබ ඉදිරියේ විවරව ඇති නූතන සංවර්ධනයේ මාවත ඔබ විසින්ම දැක ඒ ගැන නිතරම දොඩමළු වුවද ඔබ තවමත් ඔබ සතු කාර්යය ඉටුකිරීමට ප්‍රමාද වෙමින් කල් බලන්නේ නම් ඔබ සතුව පවත්නා ස්වර්ණමය අවස්ථාව ඔබට මගහැරී යන්නේය.

ඔබ ඉදිරියේ ඇත්තේ දූෂිත හොර නඩය රකින ද්‍රෝහියෙකුවීමේ මාවතද? නැතිනම් එම හොර නඩයෙන් රට මුදාගෙන රට පූර්ණ වෙනසකට ලක් කරමින් වීරයෙකු වීමේ මාවතද? යන්න දෙකින් එකක් ඔබ තෝරාගත යුතුය. ඔබට වඩා සුදුස්සෙකු ඔවුන් රකින්නට ඔවුන් ළඟ සිටින්නේ නම් ඔබව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් කිසිවෙකු මැලිවන්නේ නැත. පාර්ලිමේන්තුව තුළ තවමත් වැඩිම බලය ඇත්තේ ඔවුන්ටය. මුදලට මිලදීගත් මන්ත්‍රීවරුන් හරහා හෝ ඔබව ගෙදර යවා ඔවුන් රැකෙන අයුරින් ඔවුන්ට සුදුසු කෙනෙකු ඔබට පිටුපා තෝරා ගැනීමට ඔවුන් පෙළඹෙනු ඇත. එබැවින් දැන් බෝලය ඇත්තේ ඔබේ පැත්තේ බව පමණක් සිතන්න.



එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...