The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

බැරිම තැන ජාතික ගීතයත්..... - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

August 2, 2023 • 3:19 PM

බැරිම තැන ජාතික ගීතයත්..... -  (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගායිකාවක් තමන්ගේ විලාසයෙන් කීවම කොමිටි පත් කරනව.
  • ඕනැ නෑ සුනිල් සාන්ත තවම හුස්ම ගන්න බව රට දැන ගත්තු දෙන් කියලා සුනිල් කියලා.
  • ජාතික ගීයේ වචන නිසා වස් වදිනවා කියලා රාජ්‍ය මට්ටමේ තීරණ ගත්ත ගෝත්‍රික රටක් මේක.
  • නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්’ - ඉන්දිකා උපමාලි වෙනසක් කිරීමට තරම් ධෛර්‍ය්‍යක් අප සතුව තිබේද ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය යළි සංගීතයෙන් රසවත් කර 1974 දී නිකුත් කළ වෙළුමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කැති පොලු ගන්නව. ගායිකාවක් තමන්ගේ විලාසයෙන් කීවම කොමිටි පත් කරනව. බෙග් මාස්ටර්ට මාගෙ පින්වත් ලෝනා කියන ගීතය මාගේ පින්වත් ලේනා කියලත් කියවිලා තියෙනවා. මට නම් ඇහෙන්නේ මාතා කියලා. අයියෝ අසෝක ජයතුංගලාත් මෙහෙමද දැන් තියෙන්නේ ආනන්ද සමරකෝන් ලියාපු නමෝ නමෝ මාතා සිංදුව නෙවෙයි. ශ්‍රී ලංකා මාතා කියලා එකක්. ජන මාධ්‍ය. ....

මියගිය දැරියක් දැන් ස්කෝලේ ඉන්නවා කියලා පාසලේ නමත් එක්ක දාල පාසලේ නමත් නෝංඩි කරන අපේ ජන මාධ්‍ය මෙහෙමද රටට හිතන්න පුරුදු කරන්නේ...නුවර පෙරහැරේ විදුලි බිල් ඇස්තමේන්තුව එව්වාම ඒක භාණ්ඩාගාරයට පහසුවක් මිස බුද්ධාගමට අපහාසයක් කියලා මිනිස්සු අවුස්සන ජන මාධ්‍ය අලුත් කතාව ජාතික ගීය.



අපි ඉතිපිසෝ ගාතාව ජාතික ගීයට තෝරාගෙන බෙග් මාස්ටර්ගෙ හඬින් අහමු. මොකද අපට හරියට පාලි තියා සිංහලවත් උච්චාරණය කරන්න බෑනේ. හාමුදුරුවරු පන්සිල් කියන්නෙත් එක එක action විලාසයට. ක්ලැරන්ස් විජේවර්ධනගේ මෙලඩියත් එක්ක ජාතික ගීය අහලා බලන්ඩ.


බණ්ඩාරනායකගේ මරණය වෙලාවේ සුනිල් සාන්ත ගෙන්නලා ගීතයක් රෙකෝඩ් කළා. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු මාස්ටර් හුස්ම ගන්න සද්දේ ටිකක් ඇහෙනවා, ආයෙත්   Take එකක් ගම්මු නේද කියලා සුනිල් ගෙන් අහලා. ඕනැ නෑ සුනිල් සාන්ත තවම හුස්ම ගන්න බව රට දැන ගත්තු දෙන් කියලා සුනිල් කියලා. ඒ ගීතය ඒ take එකම ප්‍රචාරය  කළා.

ජාතික ගීයේ වචන නිසා වස් වදිනවා කියලා රාජ්‍ය මට්ටමේ තීරණ ගත්ත ගෝත්‍රික රටක් මේක. අනෙක මහින්දේ ළමයින්ට පුරුදු කරපු සිංදුව ජාතික ගීය හැටියට තේරුණ හැටි දන්නවා නම්.....? වහ කනවා. අපි මේ මැ  රෙන්න හදන්නේ හතලිස් අටේ මුලින් ගස්‍යනා කළ ජාතික ගීතය ගැන නෙවෙයි. අනේ අපි කවදාක හදමුද අපේ රට..


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

I


 

 
සබැඳි ලිපි :

උමාරා කොටුකිරීමට යයි !

‘කටහඬ කියන්නෙ තම තමන්ගෙ අයිතියක්. නමුත් කන කියන්නෙ සංස්කෘතික මෙවළමක්’ - ඉන්දිකා උපමාලි




වෙනසක් කිරීමට තරම් ධෛර්‍ය්‍යක් අප සතුව තිබේද 

 

 
ඉහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ගීය යළි සංගීතයෙන් රසවත් කර 1974 දී නිකුත් කළ වෙළුමකි.

ගීය ගායනය කරන්නේ, ටී. එම්. / ප්‍රියා / නිලානි / ක්ලැරන්ස් සුසංයෝගය වන අතර, සංගීතය සපයා තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන විසිනි.

මෙය නිෂ්පාදනය කළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව ‘සූරිය’ ලේබල අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා විසිනුයි.

ලෝකයේ කිසිදු ජාතික ගීයක වාදනය නොවන ලීඩ් ගිටාරයක හඬත් මෙහිදී අපට ඇසෙනවා.

එය මතුවන්නේ ඩික්සන් ගුණරත්නගේ ලීඩ් ගිටාරය තුලින්.

ප්‍රථම වතාවට මේ ජාතික ගීතයේ හාමනී කරන හඬත් අපට ඇසේ.

එදා මේ සංගීතවේදීන් කර ඇත්තේ විප්ලවීය වෙනසකි.

ප්‍රශ්නය නම් එදායින් වසර 50 කට පසුවත් එවැනි වෙනසක් කිරීමට තරම් ධෛර්‍ය්‍යක් අප සතුව තිබේද ?

 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...