The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : එල්.පී.එල්. ගැරඬි

T

The Leader Desk

August 6, 2023 • 4:49 PM

කපිල කුමාර කාලිංගගේ හීසරය : එල්.පී.එල්. ගැරඬි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබැවින්ම එය සිංහල නාට්‍යයේ සම්ප්‍රදායික ආකෘතිය උඩු යටිකුරු කළ අපූර්ව නිර්මාණයකි.
  • එක, අප ඉතිහාසය (මුල) අමතක වී ඇති බවය.
  • දෙක, සෑම පිරිමියකු තුළම ගැහැනියකත්, ගැහැනියක තුළ පිරිමියකුත් සිටින බවය.
  • තුන්වැනි කාරණය වූයේ සෑම සිරි ලාංකිකයකු තුළම (සිංහලයකු තුළම කීම වඩා නිවැරදිය.) සුද්දෙක් සිටින බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සැබැවින්ම එය සිංහල නාට්‍යයේ සම්ප්‍රදායික ආකෘතිය උඩු යටිකුරු කළ අපූර්ව නිර්මාණයකි.

වරින් වර අත්පොළසන් දෙමින්ද සිනාසෙමින්ද නාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකාගාරය මට සිහි ගැන්වූයේ එදා දේශපාලන රුස්වීම්වලදී ඇන්.ඇම්. කොල්වින්, ප්‍රේමදාස ආදීන්ගේ කතා අසමින් ඔල්වරසන් දුන් පිරිසමය.



'සුද්දෙක්' අප අමතමින් වැදගත් කාරණා තුනක් නාටකීය තර්කයන්ට නගයි. එක, අප ඉතිහාසය (මුල) අමතක වී ඇති බවය. දෙක, සෑම පිරිමියකු තුළම ගැහැනියකත්, ගැහැනියක තුළ පිරිමියකුත් සිටින බවය. තුන්වැනි කාරණය වූයේ සෑම සිරි ලාංකිකයකු තුළම (සිංහලයකු තුළම කීම වඩා නිවැරදිය.) සුද්දෙක් සිටින බවය.

 

 

'සුද්දෙක්' තුළ සිටින සුද්දා තර්ක කරන අන්දමට සිංහලයා වඩා ප්‍රිය කරන්නේ සුද්දෙක් මෙන් ජීවත් වීමටය. සුද්දෙක් මෙන් ඉංග්‍රීසි කතා කිරීමටය. සුද්දෙක් මෙන් හැඳ පැළඳ සිටීමටය. ඒ අනුව බැලූ විට සිංහලයා යනු ජාතිකාභිමානයෙන් තොර, වෙනත් ජාතියක් ඉදිරියේ දණින් වැටී සිටින 'කොලෝනියල් සත්වයෙකි'.



එහෙත් එය එසේ නොවන බව පෙන්වන සිද්ධියක් පසුගිය දිනවල සිදුවිය. සිරි ලංකාවේ වෙසෙන උමාරා නම් විශිෂ්ට ගායිකාව විසින් ක්‍රිකට් තරගාවලියකදී අපේ ජාතික ගීතය විකෘති වන ආකාරයෙන් ගායනා කරනු ලැබී යැයි මහා ආන්දෝලනයක්, විරෝධයක් මතුවීමය. උමාරාගේ පැත්තට කතා කළේ සංගීත ශාස්ත්‍රය මනාව හැදෑරූ සුළු පිරිසක් පමණි.

Umara NA

එහෙත් බොහෝ දෙනාගේ මතය වූයේ සංගීතයට වඩා ජාතික අභිමානය වැදගත් බවය. එම අභිමානය 'ජාත්‍යාලයක්' බවට පත්වන තරමට සමහරුන් කිපී තිබුණි. එය සමාජ මාධ්‍ය තුළින් කතාබහට ලක්වූයේ දොස්තර ෂාෆි විරෝධය තරමට උණුසුම් වෙමිනි.

සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගාවලියකදී උණුසුම් වන්නේ තරගයේ තියුණු බවය. හයේ හතරේ පහරවල්ය. අවසාන ඕවරයය. එසේ තිබියදී තරගය ආරම්භයේ ගැයෙන ජාතික ගීයක් මේ තරමට උණුසුම් වූයේ ප්‍රථම වතාවටය.

ජාතික ගීතයක් යනු රටක ජාතික වස්තුවකි. ඒ ගැන කතා දෙකක් නැත. සිරි ලංකාවේ ජනතාවටද 'එල්.පී.එල්. උණුසුම' මේ තරමට දැනෙන්නේ ඒ නිසාය. අනෙක් අතට ජාතික ගීය නොදන්නා පුරවැසියෙක් මේ රටේ නැත. ඔවුහු ඉතාම හොඳින් ජාතික ගීය ගයති. සෑම කෙනකුටම ජාතික ගීය කට පාඩම්ය. එහි තේරුම හොඳින් දනිති. කිසිම උත්සවයකදී කිසිම කෙනෙක් ජාතික ගීය දන්නවා සේ පෙනෙන්නට බොරුවට කට නොසොල්වති.



'ශ්‍රී ලංකා මාතා' ගීතයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් ඉඳහිට කෙනෙක් එය ආර්.ආර්. සමරකෝන් (කැලණි පාලම) යැයි වරදවා කියනු ඇසේ.

ජාතික ගීතය නිවැරදි සිංහලයෙන් කඩදාසියක ලියා දෙන්නැයි ඉල්ලීමක් කළහොත් සියලු පුරවැසියන් එය ඉතා ඕනෑකමින් ඉටුකර දෙනු ඇත. මේ රටේ සිංහලයාගේ භාෂා ඥානය හා භාෂා ප්‍රේමය පාරේ තොටේ ඇති බැනර්, නාම පුවරු ආදියෙන් පමණක් නොව මරණ දැන්වීම්වලින් පවා පෙනේ.

ඇතැම් ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවන්හි නිවේදක නිවේදිකාවෝ තම භාෂාව කොතරම් හොඳින් හදාරා ඇත්දැයි කිවහොත් එය ඒ මේ අත කරකවමින්, උඩ පාත දමමින් තෙම්පරාදු කරති. සමහරු සිංහල සිංග්ලිෂ් කරන්නේ සුද්දෙක් ඔබ අමතන්නාක් මෙනි.



බොහෝ දෙමව්පියෝ කරදර වන්නේ තම දරුවාගේ ඉංග්‍රීසි දැනුම ගැනය. සිංහල, ඔහුට උප්පැන්න සහතිකයත් සමඟම නොමිලේ ලැබී ඇති හෙයින් අමතර පන්ති අවශ්‍ය නැත. 'ජාතික ගීය' වෙනස් කිරීම ගැන තද වීමෙන් පෙනී යන්නේ භාෂා ප්‍රේමය කෙසේවෙතත් ඔවුන් තුළ ජාත්‍යාලය තවමත් නොනැසී පවතින බවය.

'ශ්‍රී ලංකා මාතා' ජාතික ගීයක් වශයෙන් ප්‍රකට වුවද, ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය ගීයක් නම් නොවේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියේදී ඇසෙන්නේ 'පපර සංගීතය' හා ඒ අනුව ගැයෙන වේග රිද්ම ගීතයි. එහිදී ඕනෑම ජනප්‍රිය ගීතයක් පපර සංගීතයට සරිලන අන්දමට වෙනස් කෙරේ.

 

මගේ මිත්‍රයකු මෑතකදී පැවසූ අන්දමට ජාතික ගීතය ද පඬු කරඳ ගස මෙන් සඟ සතු කළ යුතුය. එවිට කිසිවකු එයට අත නොතබනු ඇත. එසේත් නැත්නම් කපා වැළලුවත් නැවත ගොඩගනු ඇත.

එල්.පී.එල්. තරග පිටියේ ඇදී ගිය ගැරඬියා එක් රුයෙන් ලෝක ප්‍රකට විය. ජාතික ගී ප්‍රශ්නය තුළද උමාරා නමැති ගායිකාව ලෝක ප්‍රකට කරවීමේ මාර්කටින් උපක්‍රමයක් තිබීමට ඉඩ ඇත. ජාතිකාභිමානයෙන් කැළඹුණු පිරිස් ඊට කිසිසේත් කැමැති නොවනු ඇත. එසේ නම් කළ යුත්තේ උමාරාටද ගැරඬියාට මෙන්ම ක්‍රීඩා පිටියෙන් ඉවතට ඇදී යාමට ඉඩ දීමය. ගැරඬි මරා පව් සිදුකර ගැනීමට කිසිවෙක් කැමැති නැත.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...