The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

'ගොඩක් පරිභව කරනවා කියන්නේ ගොඩක් ආදරෙන් ඉඳල තියනවා කියන එක' - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

August 6, 2023 • 5:16 PM

'ගොඩක් පරිභව කරනවා කියන්නේ ගොඩක් ආදරෙන් ඉඳල තියනවා කියන එක' - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිම න්‍යායක් පාවිච්චි කරන්නේ නැතුව ''ලිබරල්'' කියන එක තේරුම්ගන්න උනොත් මම ඒක ජීර්ණය කරගන්නේ මේ වගේ ජීවන උදාහරණයක් එක්ක.
  • මොකද වෙන්වීමකදී තමයි මේ අධිකාරී බව, බලය, පුරුෂත්වය, ගහල දමන එක වගේ දේවල් එළියට එන්නේ.
  • විශේෂයෙන් ඇත්ත ආදරය උරගා බැලෙන්නේ. අවුරුදු ගණනක් එකට ජීවත් වෙනකොට විශ්වාසය සහ තවත් කරුණු මත දෙන්නෙක් (හෝ කිහිප දෙනෙක්) අතරේ හුවමාරු වෙන ගොඩක් දේවල් තියනවා.
  • හැබැයි දේශපාලනය ඇතුලේ එක තැනක යම් කාලයක් ඉඳල එතනින් වෙන් වෙලා යන්න උණොත් ලංකාවේ වමේ හෝ වාම ප්‍රජාතන්ත්‍රවාදී (left liberals) කියන කොටස්වල ක්‍රියාකාරීන් නම් කෙළින්ම ත්‍රස්තවාදයක් වෙත ගමන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 



කිසිම න්‍යායක් පාවිච්චි කරන්නේ නැතුව ''ලිබරල්'' කියන එක තේරුම්ගන්න උනොත් මම ඒක ජීර්ණය කරගන්නේ මේ වගේ ජීවන උදාහරණයක් එක්ක. මොකද දැන් වමේ අය පොඩි ලිබරල් කෑල්ලකුත් එල්ලගෙන දේශපාලනය කරමින් ඉන්න නිසා.  



අවුරුදු ගණනක් ජීවත් වෙලා යම් වෙලාවක දෙන්නෙකුට වෙන්වෙලා යන්න හිතෙනවා කියන්න. මොකද වෙන්වීමකදී තමයි මේ අධිකාරී බව, බලය, පුරුෂත්වය, ගහල දමන එක වගේ දේවල් එළියට එන්නේ. ඉවසීම, ඉඩදීම සහ සමුදීම කියන එක උරගා බැලෙන්නේ. විශේෂයෙන් ඇත්ත ආදරය උරගා බැලෙන්නේ. 

 

අවුරුදු ගණනක් එකට ජීවත් වෙනකොට විශ්වාසය සහ තවත් කරුණු මත දෙන්නෙක් (හෝ කිහිප දෙනෙක්) අතරේ හුවමාරු වෙන ගොඩක් දේවල් තියනවා. දරුවෝ, දේපළ, මුදල්, යාන වාහන වගේ භෞතික දේවල් වගේම හැඟීම් එක්ක හුවමාරු වෙච්ච දේවලුත් ගොඩක් තියෙන්න පුළුවන්. ඒවායින් වෙන්වීම දුෂ්කරයි වගේම වේදනාත්මකයි. ඒ වේදනාව නිසාම ප්‍රචණ්ඩ වෙන්නත් පුළුවන්. ඔය හොලිවුඩ් නළු නිළියෝ උනත් කොච්චර මොඩ් ලයිෆ් ස්ටයිල්ස් තිබ්බත් මේ වෙන්වෙන තැනදී ගහ මරා ගන්නේ පරණ විදියටම තමයි. ඒක තේරුම්ගන්න පුළුවන්.

හැබැයි දේශපාලනය ඇතුලේ එක තැනක යම් කාලයක් ඉඳල එතනින් වෙන් වෙලා යන්න උණොත් ලංකාවේ වමේ හෝ වාම ප්‍රජාතන්ත්‍රවාදී (left liberals) කියන කොටස්වල ක්‍රියාකාරීන් නම් කෙළින්ම ත්‍රස්තවාදයක් වෙත ගමන් කරනවා. අඩෝ, මූ, පරය, බල්ල, පාදඩ, කාලකන්නි, මුගේ අම්මට, ගූ කෑලි, සක්කිලි වගේ යෙදුම් එක්ක තමයි සමු දුන්නත් දෙන්නේ.



ඒවා කාගෙන යන්න බැරිනම් ඒ කසාදේ එල්ලිලා ඉන්නම වෙනවා. ලංකාවේ කසාද පවතින්නේ මෙන්න මේ සමාජ අපවාදයට බයේ මිසක් ඇත්ත උවමනාව ඇතුලේ නෙවෙයි. වම සහ ලංකාවේ කසාදය කියන මේ දෙකම පවතින්නේ එකම තර්කයක් ඇතුළේ. දෙකම දේශපාලනිකයි. දෙකම ගෝත්‍රිකයි.

 

මේ පරිභව වලින් කියවෙන්නේ යම් තර්ජනයක්. ''හොඳයි පලයන්. හැබැයි ආයේ කොහෙවත් යන්න බැරිවෙන්න තොගේ කාඩ් කුඩුකරලා තමයි අපි උඹව යවන්නේ''.  

මේක පරණ අර්ථයෙන් පිතෘමූලික පවුලක අවිඥාණය වැඩකරන එක විදියක්. මේක ලිබරල් වෙන්නේ කොයි අර්ථයෙන්ද කියන්න මම දන්නේ නැහැ. ලංකාවේ වෙන්වීම්වල මම දන්නා නරකම උදාහරණය X එකේ වෙන්වීම.

zxcfsrew



මින් කියවෙන්නේ මිනිස්සුන්ට 'දේශපාලන නිරවද්‍ය බව' ඇතුලේ විතරක් කතාකරන්න අයිතිය තියනවා කියන එක නෙවෙයි.



හැබැයි එකක් තියනවා. ඔබ ගොඩක් යමෙකුට පරිභව කරනවා කියන්නේ ඔබ ඒ කෙනාට ගොඩක් ආදරය කරලා තියනවා කියන එක (One measure of true love is you can insult the other).



අනූව දශකයේ නාමල් උඩුගම මෙහෙම ගයනා කළා.

''කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවේවි....''



Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...