The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

'ගොඩෝ' එනකල් බලා ඉමු ද? - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

August 11, 2023 • 9:02 AM

'ගොඩෝ' එනකල් බලා ඉමු ද? - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රශ්නත් එක්ක ජීවත්වීම දැන් විලාසිතාවක් වෙලා.
  • දැන් ඉතිං 1948 ඉදලා අවුරුදු 75 ක්ම ''දියසේන'' කුමාරවරු කී දෙනෙක් ආවද.
  • පස්සට කියන්නත් බැහැ මොකද 2023 ට වඩා 1948 ට ඉස්සර යුගය හොඳයි නේ.
  • කරුමෙ කියන්නේ 1977 අවුරුද්දේ ජේ.ආර්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ප්‍රශ්නත් එක්ක ජීවත්වීම දැන් විලාසිතාවක් වෙලා. අපේ රටේ ජනතාවත් දැන් ප්‍රශ්න එක්කම ජීවත්වෙලා, දැන් ජනතාවටත් ප්‍රශ්න නැතුවම බැහැ වගේ. ආණ්ඩුවත් එහෙමයි. කල් මරමර ආණ්ඩුව ඉස්සරහට ගෙනියන එක ආණ්ඩුවට නැතුවම බැරි අංගයක් වෙලා. ප්‍රශ්න නිර්මාණය කරගන්නෙත් ආණ්ඩුව, ඒවට විසඳුම් නොදී ඉන්නෙත් ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුව ගෙනියන්න ආණ්ඩුවට ප්‍රශ්න ඕන වෙනවා වගේම ජනතාවත් දැන් ප්‍රශ්නවල හිරවෙලා කර කියා ගන්න දෙයක් නැතුව ''ගොඩෝ'' එනකල් බලාගෙන ඉන්නවා.

waiting for godot

''වේටිං ෆෝ ගොඩෝ ''

'සැමුවෙල් ඛෙකට්' ගේ ''වේටිං ෆෝ ගොඩෝ ''  කියන වේදිකා නාට්‍යය හැටේ, හෝ හැත්තෑව දශකයේදී සිංහල බසින් වේදිකාගත වෙන්නේ ''ගොඩෝ එනකං'' කියන නමින්. ''ගොඩෝ'' එනව නම් එන්නේ රටේත්, ජනතාවගෙත් දැවෙන ප්‍රශ්න විසඳලා ජනතාවට 'සුබ අනාගතයක්' උදාකරවන්න. ඒත් ''ගොඩෝ'' නම් කවදාවත් එන්නේ නැහැ. අපේ රටේ නම් ''ගොඩෝ'' ව සමාන කරන්න පුළුවන් ''දියසේන'' කුමරයාට. දැන් ඉතිං 1948 ඉදලා අවුරුදු 75 ක්ම ''දියසේන'' කුමාරවරු කී දෙනෙක් ආවද.... එහෙම ආවට මොකද රට ගිහින් තියෙන්නෙ ඉස්සරහට නෙමෙයි පස්සට. පස්සට කියන්නත් බැහැ මොකද 2023 ට වඩා 1948 ට ඉස්සර යුගය හොඳයි නේ.

ඩඩ්ලි, සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීට ලැබුණු IMF  ණය ගෝඨාභයට අහිමි ද? ' කීර්ති තෙන්නකෝන්

ජේ.ආර්. ජයවර්ධන

ඒකනේ සිංගප්පුරුවෙ 'ලී ක්වාන් යු' කිවුවෙ කවදාහරි දවසක සිංගප්පුරුවත් ලංකාව වගේ ලස්සන රටක් කරනවා කියලා. කරුමෙ කියන්නේ 1977 අවුරුද්දේ ජේ.ආර්. ජයවර්ධන උන්නැහෙට කියන්න සිද්ධ වුනා කවදාහරි දවසක ලංකාවත් සිංගප්පුරුවක් කරනවා කියලා. එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ. අවුරුදු 15 ක් යනකොට ලී ක්වාන් යූ ගේ සිහිනය නම් සැබෑ වෙලා ලී ක්වාන් යු ගේ සිහිනය සැබෑ වන්නත්, ජේ.ආර්. ගේ සිහිනය සැබෑ නොවෙන්නත් හේතුව මොකක් ද?

00lee kuan yew adv obit slide M7XA superJumboලී ක්වාන් යු

ලී ක්වාන් යු සිහිනය සැබෑ කරන්නත් ජාතිවාදයට එරෙහිව කටයුතු කරලා දුෂිතයින් සේරම හිරේදාලා නීතිය මත බලපවත්වපු පාලනයක් ක්‍රියාත්මක කිරීමෙන්. ජේ.ආර්. ගේ සිහිනය සැබෑ නොවන්නෙ 77 විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, වන්දිභට්ටයින්ට පුළුවන් තරම් හොරකම් කරන්න ඉඩදීලා දුෂණය අක්‍රමිතාව ඇතුළු අකටයුතුකම් සේරම නීතිගත කරලා වගේ නිශ්ශබ්ද විලියම් වගේ නොකර සද්ද හිටපු නිසා.

හිතට එකඟව කල්පනා කරලා බලන්න. ජේ.ආර්. ගේ කාලයේ හොඳ වැඩට වඩා කොරලා තියෙන්නෙ හොරකම, දුෂණය, නාස්තිය, අල්ලස ඉහවහා යාමයි. එයාගෙ ''ධර්මිෂ්ට සමාජයේ'' රෙදි ගලවපු මහාචාර්ය සරච්චන්ද්‍රලා වගේ විද්වතුන් බිම ඇදගෙන ගිහිං පහර දීපු එක. ගැටඹේ විහාරය වටේ කටුකම්බි ගහපු එක. ජූලිවර්ජනයෙ රැකියාවලින් දොට්ට දාපු එක, රෙදි වියපු අන්ධයින්ට වේවැල් පහරදීලා අතරමග තැනින් තැන දාපු එක ජේ.ආර්. කියන ගොඩෝ බලයට ආපු 77 දී ජනතාව 5/6 ක බලයක් දුන්නා. ඒත් ජේ.ආර්. ගේ කටේ නරිවාදම අනුව ලංකාව සිංගප්පුරුවක් වුනේ නැහැ.

1983 ජූලි දෙමළ සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාළ මූලික හේතු ආමන්ත්‍රණය කර  නැ'– ලයනල් බෝපගේ

83 කලූ ජූලිය

මැතිවරණ සිතියම අකුලලා ව්‍යවස්ථාමය ඒකාධිපතිවාදයකට මුලපුරපු ජේ.ආර් ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. අන්ත දුෂිත පාරකට රට තල්ලූ කරපු එක. අනිත් පැත්තෙන් ජාතිවාදය අවුලූවලා 83 කලූ ජූලිය ඇතිකරවලා යාපනය පුස්තකාලයට ගිනි තියලා අවුරුදු 30 ක් දක්වා දිග්ගැස්සුනු යුද්ධයක් නිර්මාණය කළේ ඔය සිංගප්පුරු සිහින දකින්නාම තමයි.

ජේ.ආර් ට පස්සේ ගොඩෝලා නැතිනම් දියසේන කුමාරවරු වෙලා කී දෙනෙක් ආවද රට ගොඩදාන්න. දැම්මද? නැහැනේ.

presidents of sri lanka

ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය, රනිල් මේ සේරම කළේ රටේ ප්‍රශ්න වවාගෙන කන එක. ඉතුරු වුනේ ''ආසියාවේ ආශ්චර්ය'' , ''සුබ අනාගතයක්'' අර ගෝඨාභයගේ සටන් පාඨය ආදී 'ස්ලෝගන්' ටික විතරයි.

දැන් අපිට බලාගෙන ඉන්න වෙලා තියෙන්නෙ 2048 අවුරුද්දේ මේ රටට ගොඩබසින දියසේන කුමාරයා නැතිනම් ගොඩෝ එනකල් විතරයි. එදාට මේ ඉන්න කිසිම දේශපාලනඥයෙක් මේ රටේ නැහැ මහලූකට්ටිය.

සමහර විට නාමල් රාජපක්ෂ ද දන්නෙත් නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් මාමාගේ ස්ලෝගන් එක අකුලලා වගේ පේන්නෙ, ''සිංගප්පුරු සිහිනය'' කොහේ හදන්නද දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. සිංගප්පුරුව විදියට ලංකාව හදන්න ඕන නම් දැන් සිංගප්පුරුවේ හැංගිලා ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නවලා නීතිය හමුවට ඉදිරිපත් කරන්න ඕන. මිනිහා ගියේ මගුල් ගෙදරකට කියලා කිවුවම හිතෙන්නේ තවමත් මගුල් කනවද දන්නේ නැහැ කියලයි.

අවුරුදු 75 ක් තිස්සේ ගහපු බයිලා දැන් මළකඩ කාලා. ඒ හින්දා මේ රටේ බලය ඛෙදීම කළාම සේරම ප්‍රශ්න අහවරයි කියන අලූත් ටොපියැ දැන් සුප්පු කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.

People purchase essential food items as the government imposed travel restrictions and two-week lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 25, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP)

ප්‍රශ්නත් එක්ක ජීවත් වුනා දැන් ඇති. එහෙනම් මොකක්ද කරන්න ඕන ප්‍රශ්න විසඳන මිනිස්සුන්ට බලය දෙන එක. එහෙම අය ඉන්නවද කියන එක ඔප්පු කරලා පෙන්නන්න පුංචි ට්‍රයල් එකක් දීලා බලන්න පුළුවන් නම් හොඳයි.

ඒකට මෙන්න විසඳුම.

මහ නගර සභා කීපයක් අරගෙන ඉන් එක එක ගානේ ප්‍රධාන පක්ෂ සහ සුළු පක්ෂවලට අවුරුද්දකට දීලා බලමු උන්නැහේලා මොනවාද කරන්නේ කියලා. හොඳටම හදන මහ නගර සභාව හදන පක්ෂයට රට බාර දෙමු. එතකොට ගොඩෝ හරි දියසේන හරි එනකල් බලාගෙන ඉන්න ඕන නැහැ.


එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ගොඩෝ' එනකල් බලා ඉමු ද? - (මහිම සුජීව ගමගේ) | The Leader