The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

ලේ සෙල්ලමට පිටිය ලෑස්තියි - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

August 12, 2023 • 5:34 PM

ලේ සෙල්ලමට පිටිය ලෑස්තියි - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්වාසය පිටව යන බව සනාථ කිරීමට මම ඔබට සැකය පෙන්වමි.
  • සැකය වැඩිවන තරමට විශ්වාසය ශක්තිමත් වන බව මා කියමි, විශ්වාසය විසින් සැකය මැඩ පවත්වන්නේ නම්,'' - රොබට් බ්‍රවුනිං ජාතීන් අතර සැකය වර්ධනය කිරීම සඳහා දේශපාලනඥයෝ විවිධ උප්පරවැට්ටි යොදති.
  • ''අන්තෝ ජටා බහි ජටා'', ඇතුලත් ගිනි ය, පිටිත් ගිනි ය.
  • ඒ පිලිබඳ අත්දැකීම් අපට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්වාසය පිටව යන බව සනාථ කිරීමට මම ඔබට සැකය පෙන්වමි.
සැකය වැඩිවන තරමට විශ්වාසය ශක්තිමත් වන බව මා කියමි,
විශ්වාසය විසින් සැකය මැඩ පවත්වන්නේ නම්,''
- රොබට් බ්‍රවුනිං

ජාතීන් අතර සැකය වර්ධනය කිරීම සඳහා දේශපාලනඥයෝ විවිධ උප්පරවැට්ටි යොදති. එසේ උප්පරවැට්ටි යෙදීමට දේශපාලනඥයින්ට අවශ්‍යවන්නේ ඔවුන්ට ජන පීඩක ගැටළු විසඳාගත නොවූ කල්හීය. එම ප්‍රයෝගය ඕනෑම රටක දේශපාලනඥයින්ට පොදුය.

ලෙඩේට ඛෙහෙත දීම වෙනුවට රෝගී තත්ත්වය උත්සන්න කිරීම සඳහා රෝගයට උචිත ඛෙහෙත නොදෙන්නට වෛද්‍යවරයකු කිසිවිටෙක පෙළඹෙන්නේ නැත.
''පය බරවායට පිටිකර ඛෙහෙත් බඳිනවා''  යන උපහැරණය මතක්වන්නේම එය එසේ නොවූකල්හීය.



'සිස්ටම් චේන්ජ්' එකක් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම ඊට පටහැනිම පරණ පුරුදු ක්‍රීඩාවන් යොදා ගැනීමේදී සිද්ධ වන්නේම ලෙඩේ තව තවත් නරක අතට හැරීමය.

මෙතෙක් නිද්‍රාශීලිව හුන් දේශප්‍රේමීන් අවදි කරවන වෙලාවයි මේ. හඬන්නට සිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන හඬන්නට සලස්වන්නේ එවන් උප්පරවැට්ටි යොදා ගනිමින්ය.



''අන්තෝ ජටා බහි ජටා'',  ඇතුලත් ගිනි ය, පිටිත් ගිනි ය. අමු කැලෑ ගිනි තැබීම වියළි කැලෑ ගිනි තැබීමට වඩා භයානකය. ඒ පිලිබඳ අත්දැකීම් අපට ඇත. ඕනෑවටත් වැඩිය ඇත.

අවුරුදු තිහක් යුද්ධ කරමින් මිනිස් ජීවිත සියළු වටිනා කියන දේවල් සුද්ධ කරගෙනවත් අප තවමත් පාඩම් ඉගෙන ගෙන නැත. 83 කළු ජූලිය අළුයට සැඟවුණු ජාතිවාදයේ ගිනි පුපුරු මහා ගිනි ජාලාවක් බවට පත් කළේය. සිද්ධ වූ දෑ මෙනෙහි කිරීම තේරුමක් නැති දෙයක් වුවත් යළිත් මුලට, රට සහ ජනතාව ගෙන යාමේ අශුද්ධ  ක්‍රියාකාරකමට පණ ලබාදීමට විෂම බලවේග අරඅඳින මොහොතේදී ඒ ගැන නොලියා නොහැක්කේමය.



මුළු රටට බංකොලොත් වී ඇති මොහොතක 13 ඔසවා දේශප්‍රේමි බලවේගයට සේලයින් දෙන මේ ගරු කටයුතු මහත්වරු කරන්නට හදන්නේ මොනවාද?
දැනටමත් දිවි හිමියෙන් රට උදෙසා දිවි පිදීමට මහා සංඝරත්නය ප්‍රමුඛ දේශප්‍රේමි බලවේග කැසපොට ගසමින් ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.



දේශප්‍රේමි බලවේග සිතන පරිදි 13 හරහා රට ඛෙදීමේ ක්‍රියාවලිය නව ආරයකින් පටන් ගෙන ඇත.

මුලින්ම නිදා සිටි උතුරේ දේශපාලනඥයින් අවදි කළේ වත්මන් විධායක ජනාධිපති වරයාය. දැන් ඔන්න උඹලගෙ වාරය යන අදහස පෙරදැරීව සුමන්දිරන්ලා කොළඹ පදිංචිව සිටිමින් උතුරේ පාලනය ස්වයං පාලනයේ ගිලටිනයට හිරකර තිබේ. මහා සංඝරත්නය ප්‍රමුඛ විසිරිව හුන් දේශප්‍රේමින් එක මිටකට ගෙන යළිත් ශක්තිමත්ව ජාතික බලවේගයට පණ දෙන්නට දරණ උත්සාහය මල් ඵල ගැන්වෙමින් පවතී.

එක පැත්තකින් ඉන්දියාවේ මෝදි සතුටු කිරීමය. ඒ සඳහා ඉන්දිය රුපියල ලංකාව තුළ භාවිතා කිරීමට විවිධ යෝජනා ඉදිරිපත් වන අතරේ හෝමාගමින් ආරම්භවන දුම්රියක් ඉන්දියාවේ වෙන්නායි දක්වා දුවවන්නට යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.



මෙවැනි යෝජනා ඉදිරිපත් වීමෙන් ඊළඟට දකුණේ ඛෙදුනු දේශප්‍රේමිහු එක් කඳවුරකට ගාල් වී ශක්තිමත් බලවේගයක් බවට පත්වීමේ පත්කරවීමේ නාටකය රඟදැක්වෙමින් ඇත. මේ ආකාරයට රාජපක්ෂ කඳවුරේ රාජපක්ෂවරයකු රටේ නායකත්වයට ගෙන ඒමට ඒ බලවේග පෙළඹුනහොත් එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.

කෙසේ වුවද උතුරේ බලය සුමන්දිරන්ලාට නොව ජනතාවට ලබා දිය යුතුව ඇත. එහි කිසිදු ප්‍රශ්නයක් නැත.



එහෙත් ප්‍රශ්නය වන්නේ උතුරේ ජනතාව විඳින දුක දකුණේ සිංහල ජනතාවද විඳීමය. උතුරේ දේශපාලනඥයෝ විඳින සැප දකුණේ දේශපාලනඥයෝද විඳීමය. මේ දෙගොල්ලන්ටම උවමනා වී ඇත්තේ උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් අතර යළිත් පෙර ආකාරයේ ගැටුමක් නිර්මාණය කර එය වර්ධනය කිරීමටය.
මහා සංඝරත්නය දිවි පුදන්නට වුවද සුදානම්ය. රාජපක්ෂ කඳවුරෙන් පිට වු උත්තර ලංකා සහාගයේ ඇත්තන්ද, නිදහස ජනතාව සභාවේ ඇත්තන්ද ආදී මෙකී නොකී අතීත පක‍ෂපතීත්වයේ අප්පොලාට කඩේ ගිය අප්පුලා රාජපක්ෂ කඳවුරේ ධජය යටතේ එකසේසත් වනු නොඅනුමානය. ආයෙත් පරණ පුරුදු සෙල්ලම කිරීමට එකම ගාලට ගාල්වනු ඇත.



ඒ සඳහා අවශ්‍යව ඇත්තේ කවරෙකු හෝ රාජපක්ෂවරයකු, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ 13 රැගෙන එන රනිල් වික්‍රමසිංහට එරෙහිව ප්‍රකාශයක් කර රනිල් වික්‍රමසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පමණෙකි.

එවිට සජිත්ගේ සමගි ජනබලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එකම කඳවුරකට පැමිණ ශක්තිමත් වන අතරේ මැළවුන පොහොට්ටුව විකසිත වී විමල් වීරවංශලා ආයෙමත් සැරයක් නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කිරීම සඳහා යෝධ ජන රැළියක් පවත්වනු ඇත.



එදා 13 ට එරෙහිව වීදි බැස්ස දිනේෂ් ගුණවර්ධනත් ජනතා විමුක්ති පෙරමුණත් අද නිහඬ ව සිටින බව, පසුගියදා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශප්‍රේමි සමුළුවේදී එක් යතිවරයෙකුගේ මුවින් නික්මුණේය.

දැන් ආයෙමත් පරණ පුරුදු සෙල්ලමට පිටිය ලෑස්තිය. ඒත් සිංහල ජනතාව දකුණේ සිටත් දමිළ ජනතාව උතුරේ සිටත් පිටියට නොපැමිණෙන වගක් පෙනෙන්නට තිබේ. ඒ නිසා දැන් කෙසේ හෝ දෙපාර්ශ්වයම ආපසු පිටියේ ආරම්භ වන ලේ සෙල්ලමට ගෙන්වා ගැනීමට වත්මන් ජනපති සහ සිංහල දමිළ ජාතිවාදී දේශපාලූවෝ ඇති තරම් විසිල් ගහන්නේ බල්ටි කාරයින් පිටියට ගෙන ඒමටය.

ඒත් විසිල් විතරයි, බල්ටි නැත.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...