The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පරිස්සමින්, සචින්!

T

The Leader Desk

August 13, 2023 • 7:40 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පරිස්සමින්, සචින්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු ක්‍රීඩකයෝ නොයෙක් දෑ කරති.
  • මට බියක් ඇතිවූයේ ආර්ථික අර්බුදයෙන් බැට කන දිළිඳු ළමුන් කන බොන හැටි සොයා බලන්නට පැමිණි සචින්ට තරුපහේ හෝටල්වලින් කන බොන සුපිරි සිරි ලාංකිකයන් කොටසක් ද මෙරට සිටින බව පෙනෙනා, දැනෙනා බැවිනි.
  • එකී රූ ඉරපාන පිළිබඳ මට ද කිසියම් අවබෝධයක් ඇත.
  • ඔවුන්ගෙන් සමහරු කොළඹ රෑ ඉරපානේ කෙරෙන කියන දේවල් පිළිබඳව මා සමඟ පුදුමාකාර දෑ පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු ක්‍රීඩකයෝ නොයෙක් දෑ කරති. සමහරු ව්‍යාපාර අරඹති. තවත් සමහරු දේශපාලනයට බසිති.

ටෙන්ඩුල්කාර් ද දැන් විශ්‍රාමික ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් ගරු තනතුරක් පිරිනැමුණි. ඔහු දකුණු ආසියානු කලාපයේ  'යුනිසෙෆ්' තානාපතිය.

තම කලාපය තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමුන් හා දෙමව්පියන් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන සචින්, මේ දිනවල අපේ සිරි ලංකාවේය.

ඔහුගේ පැමිණීම ඇසූ මට සතුටක් මෙන්ම බියක් ද දැනුණි.

 58850186 tendulkar queen getty

සචින් අපේ මිනිසුන්ගේ ආදරයට ලක් වූ ක්‍රිකට් මහත්මයෙකි. එළිසබෙත් රැජන පවා ඔහු බකිංහැම් මාලිගයට ගෙන්වා ගරු සම්මාන දී සංග්‍රහ සත්කාර කළේ ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම මහත්මා ගුණය නිසා විය යුතුය. එබඳු කෙනෙක් (අපේ අසල්වැසියෙක්) අපේ දුක සැප බලන්නට පැමිණීම සතුටට හේතුවකි.

සචින් මෙරට නැවතී සිටින්නේ කොහේදැයි මම නොදනිමි. එහෙත් සංචාරක හෝටලයක ටෙනිස් පිටියක සිට, කිසියම් පිරිසක් අමතන ඡායාරූපයක් මාධ්‍ය මගින් දුටුවෙමි. මට බියක් ඇතිවූයේ ආර්ථික අර්බුදයෙන් බැට කන දිළිඳු ළමුන් කන බොන හැටි සොයා බලන්නට පැමිණි සචින්ට තරුපහේ හෝටල්වලින් කන බොන සුපිරි සිරි ලාංකිකයන් කොටසක් ද මෙරට සිටින බව පෙනෙනා, දැනෙනා බැවිනි.

කොළඹ නගරයට හිරු බැස ගිය පසු දවස නිමා නොවේ. සුපිරි හෝටල් හා සමාජ ශාලා ආශ්‍රිතව තවත් ඉරක් පායයි. එකී රූ ඉරපාන පිළිබඳ මට ද කිසියම් අවබෝධයක් ඇත. ඒ මා නයිට් ක්ලබ් යන්නකු නිසා නම් නොවේ. මා නිතර කැබ් රියවලින් ගමන් යන්නකු නිසාය.

Best Night Clubs in Colombo
කැබ් රියැදුරෝ රුය පුරා අවදිව ඒ මේ අත දිව යන්නෝය. ඔවුන්ගෙන් සමහරු කොළඹ රෑ ඉරපානේ කෙරෙන කියන දේවල් පිළිබඳව මා සමඟ පුදුමාකාර දෑ පවසයි. මම ඒවා ඔබ සමඟ කියන්නට නොයමි.

කෙසේවෙතත් එක් රියැදුරු මහත්මයකු කී දෙයක් අමු අමුවේම සඳහන් කරතොත්, රාත්‍රියේ ඇතැම් හෝටල්වලින්, නයිට් ක්ලබ්වලින්, 'මන-මත්ව' පිටතට එන තරුණ තරුණියන් කැබ් රිය තුළදී නොකරන්නේ 'එක දෙයක්' පමණි. ඉදිරියේ සිටින රියැදුරාද සිත් පිත් ඇති මිනිසකු මිස, රොබෝ කෙනකු නොවනා බව ඔවුනට නොහැඟේ.

මෙහිදී මට වඩාත් වැදගත් වන්නේ ඔවුන්ගේ අනඟ රැඟුම් නොව, රාත්‍රී ජීවිතය සඳහා වියදම් කරන මුදල්ය. රාත්‍රියට මොනවා හෝ පොඩි දෙයකින් කුසගිනි මැඩගෙන, පැදුරු කඩමළුවල නිදන මිනිසුන්ද අඩුවක් නැති රටක, මේ සුපිරි රාත්‍රී ජීවිතය, නාස්තිකාරකමක් හා ආත්මාර්ථකාමීකමක් නොවන්නේ ද?

Sachin Unicef UNI422325

මේ මිනිසුන් දකිනා සචින්ට මොනවා සිතෙනු ඇද්ද? ඉන්දියාවේ මෙන්ම සිරි ලංකාවේද අන්ත දෙකක, සමාජ දෙකක් පවතින බව ඔහු වටහාගනු ඇත. දිව්‍යලෝකය මෙන්ම නරකාදියද පිහිටා ඇත්තේ මිහිපිටම බව පසක් වනු ඇත. යුනිසෙෆ් තානාපතියකු ආ පමණින් මේ අර්බුදය නොවිසඳෙන බව ද ඔහුට හැඟෙනු ඇත.

සිරි ලංකාවේ තානාපතිවරයෙක් මරණයෙන් පසු අපායට ගියේය. යමරජු, ඔහු කවරකුදැයි දැන මෙසේ ඇසීය.

''ඔබතුමා අපාගත වෙන්න කරපු වැරුද්ද මොකක්ද?''

''යම රජතුමනි, මම තානාපති වෙලා හිටපු රටවල්වලදි හොඳට කාල බීලා, ළමයින්ට උගන්නගෙන හිටියා මිසක්, මගේ රටට කිසි වැඩක් කෙරුවෙ නෑ. ඒකයි මට මෙහෙට එන්න වුණේ.''

''ඉතින්, ඔහේ නිකමෙක්. කවුද ඔය තානාපතිකමට පත් කෙරුවෙ?''

''අපේ මාමා. එයා ඒ කාලේ විදේශ ඇමැති.''

''දැන් කෝ මිනිහා?''

''එයා දිව්‍යලෝකේ ගියානෙ.''

''මොනවා? ඒ කොහොමද?''

''එයා ශක්‍ර දේවේන්ද්‍රයා එක්ක ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා. අපායේ ඉඳන් දිව්‍යලෝකෙට කේබල් කාර් දුන්නා.''

''යකඩෝ! මගෙන් අහන්නෙ නැතුව එහෙම කරන්නෙ කොහොමද?''

''අපේ මාමා එහෙ ඉන්නෙ, ඔබතුමාගේ තානාපති කෙනෙක් හැටියට.''

''යකෝ, සිරි ලංකාවේ එවුන් මාවත් විකුණන් කනවනෙ.''

යමරජු, කටු ඉඹුලේ හිස ගසා ගත්තේය. හිතාදර සචින්! ඔබ පරිස්සම් විය යුතුය. ඔබ ආපසු ඉන්දියාවට යාමටත් පෙර සිරි ලංකන් කෙනෙක් ඔබවත්, ඔබේ යුනිසෙෆ් තානාපතිකමත් විකුණා ගැනීමට ඉඩ ඇත. පේර් මිලෙංගේ සංචින් ජී!


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : පරිස්සමින්, සචින්! | The Leader