The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

අන්තරේ උද්ඝෝෂණ මාදිලිය ; අනෙකාගේ ආශාව රඟ දැක්වීමක් ද ?

T

The Leader Desk

August 13, 2023 • 4:18 PM

අන්තරේ උද්ඝෝෂණ මාදිලිය ; අනෙකාගේ ආශාව රඟ දැක්වීමක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (අන්තරේ) පසුගියදාත් කොළඹදී උද්ඝෝෂනයක් සහ පෙලපාලියක් සංවිධානය කරනවා.
  • ඊට හේතුව ලෙස දක්වන්නේ යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ කෙටුම්පතක්.
  • මෙහෙයවීමෙන් සිදු කල දේශපාලන ක්‍රියාන්විතයක් බව දුමින්දගේ චෝදනාවයි.
  • නමුත් මීට බාහිරව සමාජ මාධ්‍ය ජාලා තුල අන්තරේ සටන් පාඨ ලියවූ ආකෘතිය විශාල ජෝක් එකක් බවටද පත්කර තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

(අන්තරේ) පසුගියදාත් කොළඹදී උද්ඝෝෂනයක් සහ පෙලපාලියක් සංවිධානය කරනවා. ඊට හේතුව ලෙස දක්වන්නේ යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ කෙටුම්පතක්.

ඊට එරෙහිව රාජ්‍ය විසින් පොලිස් හා ආරක්ෂක හමුදා යොදවා එය විසුරුවා හැරියා. නමුත් ඒ සඳහා මතවාදී කලාපය තුලදී ප්‍රහාරයන් එදිනට පෙරම එල්ල වී තිබීම සැලකිය යුතු නිරීක්ෂණයක්.

පෙරටුගාමීන්ගෙන් එල්ලවන චෝදනා අතර ජ.වි.පෙ. වෙතද ඇඟිල්ල දිගුවෙනවා.

 

දුමින්ද නාගමුවට අනුව පුද්ගලික විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය එකමුතුව වැනි සංවිධානයක් කෙලින්ම ජ.වි.පෙ. මෙහෙයවීම මත ගොඩ නැගුනක්. එය ප්‍රචලිත කිරීම සදහා කැපවූ එක්තරා සමාජ මාධ්‍යයක්ද ජ.වි.පෙ. මෙහෙයවීමෙන් සිදු කල දේශපාලන ක්‍රියාන්විතයක් බව දුමින්දගේ චෝදනාවයි. නමුත් මීට බාහිරව සමාජ මාධ්‍ය ජාලා තුල අන්තරේ සටන් පාඨ ලියවූ ආකෘතිය විශාල ජෝක් එකක් බවටද පත්කර තිබුනා. මේ පිළිබඳව අන්තරේ සහ පෙරටුගාමීන්ගේ න්‍යයාචර්යවරුන්ගේ අදහස කුමක්දැයි පැහැදිලි නෑ. සමහරවිට ඔවුන්ට අදහසක් නොමැති වන්නටත් පුලුවන්.

 

ගාලුමුවදොර අරගලය සමග අන්තරේ පීක් එක ලකුණු වුනා. එක් පසෙකින් නිර්පාක්ෂික අරගලයක හැඩය ගත් එයට නිශ්චිත දේශපාලනික පක්ෂ ආකෘතියක් ගොඩනැගුනේ ඉන් පසුවයි.

ඒ මැදිහත් වීම හරහා මධ්‍යම පාංතික තරුණ, තරුණියන් අරගලයෙන් ඉවත් වීමත්, එහි තිබූ නිදහස් හා නිර්මාණශිලිභාවයත් පෙරටුගාමීන්ගේ වාමාංශික අවකාශය තුල ගිලී යාමත් සලකුනු කරන්න පුලුවන්. ඉතිරි වූ අරගලකරුවන් අතර හා පෙරටුගාමීන් අතර තිබූ ආතතිය එහි ජයග්‍රහණ මොහොතවල් මතින් වැසී ගියත්, අරගලයේ අවසානය රනිල් මගින් සලකුනු වීමත් සමග ඒවා මතුපිටට පැමිණෙමින් තිබෙනවා.

මේ දෙපාර්ශවයම අතර තිබූ න්‍යායික දුප්පත්කම හරහා දේශපාලනය කියවා ගැනීමේදී පෙන්නවූ අසමත්කම අපි මීට පෙරද පෙන්වා දී තිබෙනවා.

මේ අරගලය අසාර්ථකත්වයෙන් කෙලවර වියහැකි හා නැවත වටයකින් ධනවාදය ප්‍රතිව්‍යුහගත කරන මොඩලයක්. රනිල්ගේ ආගමනයත් සමග මර්ධනයකින් තොරවම නිර්පාක්ෂිකයන් ගාලුමුවදොරින් ඉවත් වනවා. එයින් අදහස් කෙරෙන්නේ තවදුරටත් ඔවුන්ට එහි රැදී සිටිය හැකි විභවය අහිමි වීමයි. පූර්ණ විප්ලවීය රාජ්‍ය මොඩලයක් වෙත හෝ සමාජවාදී පෙරලියක් කෙරෙහි ඔවුන්ගේ අනුරාගයක් නොමැති වීමත්, සිය සුමට ජීවිතය රාජපක්ෂවරුන් විසින් අහිමි කිරීමත් ඔවුන්ගේ කෝපයට හේතු වුනා විනා එහි වෙනත් පුරෝකතනයන් තිබුනාදැයි සැක සහිත යි. ඉන් පසු ගාලුමුවදොර ඉතිරි වූ අන්තරේ ප්‍රමුඛ පෙරටුගාමීන්ව හුදෙකලා වීමත් ඒ හරහා ඔවුන්ව ඉවත් කිරීම මිල්ටරි කටයුත්තක් වීමත් ඒ අනුව අනිවාර්‍ය ඵලයක්.

 

කෙසේ නමුත් අන්තරේ විසින් සිය පීක් එක මෙහි සලකුනු කරන විට වසන්ත මුදලිගේ වැන්නෙකු වීරයෙක් බවට මාධ්‍ය මගින් පත් කරනවා. විකිනීම, තම එකම අරමුණ බවට පත්වූ ලංකාවේ මාධ්‍ය භාවිතාව තුල වසන්ත පැකට් කර විකුණන තවත් එක් භාණ්ඩයක් පමණයි. රාජ්‍ය විසින් සිය මිල්ටරිමය හා බුද්ධි මෙහෙයුම් වල කාර්‍යක්ෂමතාවය පිළිබඳ තිබූ සැකය හා මන්දගාමී බව කිරා බලන්න ලබාගෙන තිබූ කාලය අවසන් වෙන්නේ වසන්ත මුදලිගේ නාට්‍ය අවසන් කිරීමෙන්. සිදුවූයේ කුමක්දැයි බොහෝ දෙනෙකුට ප්‍රමාද වී වැටහීම ලංකාවේ ජානමය පුරුද්දක් .

රාජ්‍ය අවතක්සේරු කිරීම විප්ලවීය ඥානය පිළිබඳ රැඩිකල් අදහසක් නොවෙයි. එය මුලුමනින්ම සිය න්‍යායික දිළිඳුභාවය ප්‍රකට කිරීමක්.

 

ජ.වි.පෙ. වෙතින් පෙරටුගාමීන් වෙත එල්ලවන පීඩනය ඔවුන්ගේ සම්ප්‍රදායික සතුරු බවේ ප්‍රතිබිම්බයක්. එකතුවීමට වඩා වෙන්වී සිටීමට හේතු සොයාගැනීම පහසුයි.

අනිත් අතට සිය අන්ත වාමාංශික හැව ඉවත් කිරීම සදහා ජ.වි.පෙට පෙරටුගාමීන් අවශ්‍ය වෙනවා, පුද්ගලික විශ්ව විද්‍යාල කෙරෙහි ඇති සිය අතීත නොකමැත්ත අන්තරේ මත තබා අත පිහිදාගන්නා ගමන් පුද්ගලික විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය එකතුවක් පවා ගොනු කරන්න ඔවුන්ට පුලුවන් වෙන්නේ මේ හරහා.

ජ.වි.පෙ. ශිෂ්‍ය ව්‍යාපාරය හරහාම ඉදිරියට පැමිනි අනුර කුමාර වැනි කුමාර් විසින්ම හදුන්වා දුන් නායකයෙකු හරහා මෙය සිදුවීම අපිටනම් පුදුම නෑ. නමුත් ජ.වි.පෙ. තුල ඇති ටිල්වින් සිල්වා ප්‍රමුඛ බොල්ෂෙවික් ගුලිය මේ සදහා කෙසේ ප්‍රතිචාර දක්වයි දැයි බලා සිටීම ආශ්වාදජනක යි.

 

සමාජ මාධ්‍ය ජාලා තුල අන්තරේ ජෝක් එකක් වීම හරහා මේ අවසන් වෙමින් යන්නේ තවත් එක් දේශපාලනික මොහොතක්. අනෙකාගේ ආශාව වෙනුවෙන් තමන් රඟ දැක්වීම අයත් වන්නේ මනෝවිශ්ලේෂණය අනුව විපරීත (perversion) තත්ත්වයකට.

“අනෙක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ විපරීතයා තමන්ගේ ප්‍රමෝදය රඟ දක්වන්නේ පියාගේ නීතිය තමා වෙත ස්ථාපිත කර ගැනීමට පමනක් නොවීමයි.ඔහු තම ප්‍රමෝදය අනෙකාගේ ආශාව වෙනුවෙන් රගදක්වන නාටකයක තත්ත්වයට පත්කරයි.”—දීප්ති කුමාර ගුණරත්න/ඇසිඩ් වැස්ස / පිටුව 215-216).

 

අන්තරේ විසින් කොහෙදෝ සිටින ජනතාවක් පුද්ගලික විශ්ව විද්‍යාල කෙරෙහි විරෝධයක්, නොකමැත්තක්, දක්වතැයි උපකල්පනය කරන අතර ඒ ජනතාවගේ ආශාව වන්නේ ඊට විරුද්ධ වී රාජ්‍ය අධ්‍යාපනය ප්‍රමුඛ කිරීම බව සිතනවා.

අන්තරේ විසින් එම ජනතාවගේ ආශාව කොළඹදී රඟ දක්වන අතර එය මාධ්‍ය මත විහිලු චිත්‍රපටියක් සේ අවසන් වෙනවා. හැමෝටම එය මාධ්‍ය මත නිරූපිත නාටකයක් වෙත ඌනණය කොට ඊට පසු යන ටෙලි නාට්‍යයක් බලා නිදාගත හැකියි. අන්තරේ වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු නොමැති අතර.“අනේ,සර් මම මේ මුකුත් දන්නෑ” යනුවෙන් පවසන ශිෂ්‍යයා මුළු ශිෂ්‍ය පරම්පරාවකම අවිඥානික ප්‍රකාශනය වෙනවා.

කුමාර්ගෙන් ලැබෙන “පියාගේ නීතිය හා නාමය” විපරීත තත්ත්වයකට ශිෂ්‍ය ව්‍යාපාරය පත් කරන විට ඔවුන් ඉල්ලා සිටින්නේ එම නීතිය තමන් මත පිහිටුවීමයි. රනිල්, විසින් කරමින් ඉන්නා රාජ්‍ය මිල්ටරිමය මැදිහත් වීම තහනම හා නීතිය ඔවුන් මත ස්ථාපිත කිරීමක්. වෙනත් වචන වලින් කියන්නේ නම් කුමාර් එක් පසෙකින් විපරීතයන් හරහා සිය පැවැත්ම සුජාතකරණය කරගන්නා විට රනිල් එයට නීතිය හදුන්වා දීමෙන් සිය පැවැත්ම සුජාතකර ගන්නවා.

රනිල් සහ කුමාර් යනු එකම කාසියේ දෙපැත්ත වන විට එය උඩ දමන්නා වන ධනවාදය සිය සුරක්ෂිතතාවය තහවුරු කරගන්නවා. සියල්ලෝම ගල් ගසන්නේ විදුරු වල ආවරණය ලබාගෙන වීම නිසා අනාගතය විවෘත යි.

 

“විපරීතයා මත තහනම ප්‍රමානවත් තරට ක්‍රියාත්මක වී නැත. එනිසා විපරීතයා ප්‍රමෝදය අතහැර නැත. විපරීතයාගේ මෙම ස්ථාවරය ප්‍රතික්ෂේප කිරීම (disavowal) ලෙස නම් කර ඇත. විපරීතයා ප්‍රතික්ෂේප කරන්නේ තමාගේ ප්‍රමෝදය තහනම් වී ඇති බව පිළිගැනීමයි. ඒ සමගම විපරීතයා ප්‍රමෝදය ලැබීම ප්‍රකට කිරීම මගින් ඉල්ලා සිටින්නේ ද පියාගේ තහනම ප්‍රමාණවත් තරමට ක්‍රියාත්මක කරවන ලෙසයි” - දීප්ති කුමාර ගුණරත්න/ඇසිඩ් වැස්ස/පිටුව 214.

 

වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අරගල කිරීම බැරිගේට් පෙරලීමෙන් බුද්ධිමය සංවාදයක් සදහා මාරු වීම අවශ්‍ය තත්ත්වයක්. සිදුවෙමින් පවතින්නේ එයද විය හැකියි.

(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අන්තරේ උද්ඝෝෂණ මාදිලිය ; අනෙකාගේ ආශාව රඟ දැක්වීමක් ද ? | The Leader