The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

'කලාව' නොහඳුනන කලා නිලධරයෝ සහ බලධරයෝ - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

August 14, 2023 • 8:51 AM

'කලාව' නොහඳුනන කලා නිලධරයෝ සහ බලධරයෝ - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලධාරීන්ගේ කලා කුසලතා ඇගයීම් කෙරෙන නිර්මාණ තරගාවලිය’’ යට උපුටා දැක්වූයේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් විසින් නිකුකුත් කරන ලද දැන්වීමක ආරම්භක වාක්‍යය යි.
  • පළමුවෙන් ම පැවසිය යුතුතේ මෙම පෝස්ටරය සඳහා අකුරු නිර්මාණෙය කළ, එසේත් නොමැති නම් පෝස්ටරය සැලසුම් කළ හෝ එය භාරව සිටි පුද්ගලාට සිංහල අක්ෂර පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති බවයි.
  • යට උපුටා දැක්වූ වාක්‍යයට පහතින් අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවන කලා නිර්මාණ ලෙස: කෙටි චිත්‍රපට, කෙටි නාට්‍ය, ඡායාරූප සහ චිත්‍ර නිර්මාණ යන සිවු අංශ සඳහන් කර ඇත.
  • මෙහි දී ‘‘කලාව යනු කුමක් ද?’’ යන්න පිළිබඳව අමාත්‍යංශයේ නිලධාරින්ට අවබෝධයක් නොමැති බව පළමුවෙන් ම අවබෝධ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන්ගේ කලා කුසලතා ඇගයීම් කෙරෙන නිර්මාණ තරගාවලිය’’

යට උපුටා දැක්වූයේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් විසින් නිකුකුත් කරන ලද දැන්වීමක ආරම්භක වාක්‍යය යි. පළමුවෙන් ම පැවසිය යුතුතේ මෙම පෝස්ටරය සඳහා අකුරු නිර්මාණෙය කළ, එසේත් නොමැති නම් පෝස්ටරය සැලසුම් කළ හෝ එය භාරව සිටි පුද්ගලාට සිංහල අක්ෂර පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති බවයි. නමුදු මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ ඒ සම්බන්ධව නොවන බැවින් එකී කරුණ මෙතැනින් සමාප්ත කර අදාළ මාතෘකාවට පිවිසෙන්නට අවසර.

buddhasasana
යට උපුටා දැක්වූ වාක්‍යයට පහතින් අදාළ තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවන කලා නිර්මාණ ලෙස: කෙටි චිත්‍රපට, කෙටි නාට්‍ය, ඡායාරූප සහ චිත්‍ර නිර්මාණ යන සිවු අංශ සඳහන් කර ඇත.

මෙහි දී ‘‘කලාව යනු කුමක් ද?’’ යන්න පිළිබඳව අමාත්‍යංශයේ නිලධාරින්ට අවබෝධයක් නොමැති බව පළමුවෙන් ම අවබෝධ විය. ඒ, ‘‘කලාව’’ යනු යට සඳහන් කළ අංග පමණක් ය යන්න ඔවුන් සිතා සිටින බැවිනි.

කලාව යනුවෙන් හැඳින් වෙන්නේ පුළුල් පරාසයක විසර පවත්නා මිනිසුන්ගේ සුවි‍ශේෂී ක්‍රියාකරකම් රැසකි. එය මිනිසා විලි වසාගන්නා නොයෙක් මාදිලියේ ඇඳුමේ සිට මුළුතැන්ගෙයි දී ප්‍රයෝජනයට ගන්නා හැන්ද, පිහිය යනාදි භාණ්ඩ දක්වා විහිද යයි. ඒ අතුරින් බහුතරයක් මිනිස් ප්‍රජාව වෙත අධ්‍යාපනය, දැනුම, කලා රසය ලබාදෙන කලාංගයක් ලෙස සාහිත්‍ය හැඳින්විය හැකි ය. ‘‘කලාව’’ නමැති විෂය ‘‘සාහිත්‍ය සහ කලාව’’ යනුවෙන් හැඳින්වෙන්නේ එබැවිනි. මේ සියල්ල තනි වදනික් හඳුන්වන්නේ නම් එය ‘‘සෞන්දර්යවාදය’’ ලෙස නම් කළ හැකි ය.

කලාවේ යථාර්ථය එය වුව ද බුද්ධ ශාසන සහ සංස්කෘතික විෂය බාර ඇමතිවරයාගේ සිට අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ඒ පිළිබඳ අංශු මාත්‍රයක හෝ දැනුමක් නොමැති පිරිසක් බව මෙම දැන්වීම දුටු සැණින් අවබෝධ කරගත හැකි ය.

363413599 2968572139942237 4239093824300128067 n

අදාළ දැන්වීම දුටු දිනට පසු දින ම මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධරයකුගෙන් විමසූ විට නම ප්‍රසිද්ධ කරන්නට අකමැති වූ ඔහු ඊට ලබා දුන්නේ කදිම පිළිතුරකි. එනම් රාජ්‍ය භාණ්ඩාගරයේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් සියලු කලා අංශ අතුරෙන් වියදම් අවම කළ හැකි කලාංග කිහිපයක් පමණක් මෙවර එම තරගාවලියට ඇතුළත් කර ඇති බවයි.

කලාව සහ ඒ ඒ කලාංග පිළිබඳ මෙන් ම ඒ ඒ කලාංග සඳහා වැය වන මුදල් පිළිබඳව ද මෙම බලධාරීන් තුළ දැනුවත් භාවයක් නොමැති බව මෙහි දී වඩාත් පැහැදිලි විය; ඒ පිළිබඳ විමසීමේ දී ඊට පැහැදිලි පිළිතුරක් සපයන්නට ද හෙතෙම අසමත් විය. නමුදු එහි දී මට හැඟී ගියේ ඇතැම් නිලධාරින් පවා මෙම සිදුවීම පිළිබඳ ඇති තතු දැන සිටින බවයි; දැන සිටිය ද රැකියාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියල්ල ගිලගෙන සිටින බවයි.

සාහිත්‍ය යනු අවම වියදමක් දැරිය යුතු කලාංගයකි. මා දන්නා තරමින් සාහිත්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන විට ඒ සඳහා සහභාගි වන රාජ්‍ය නිලධාරින් ප්‍රමාණය අවම ය; අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ඒ සඳහා වැය කළ යුතු කාලය සහ ශ්‍රමය අවම ය. එබැවින් ම සාහිත්‍ය නිර්මාණ ඇගැයීමේ දී අදාළ නිලධාරින්ට තම වැටුපට එකතු කර ගත හැකි අමතර දිමනා ද අවම ය.

sre large
උදාහරණයක් ලෙස ගතහොත් සාහිත්‍ය නිර්මාණ තේරීමේ දී සිදු කෙරෙන්නේ අදාළ නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ඒ වෙනුවෙන් තෝරා පත් කරගත් විනිශ්චය මණ්ඩල වෙත බාර දීම ය. නැවත එම විනිශ්චය මණ්ඩලය අමාත්‍යාංශයට පැමිණෙන්නේ තමන් අතට පත් නිර්මාණ පිළිබඳ ඒ ඒ විනිශ්චයකරුවාගේ හෝ විනිශ්චයකාරියගේ අවසන් නිගමනය ද රැගෙන ය. ඒ අතරතුර කාලයේ අදාළ බලධාරින්ට එසේත් නොමැති නම් නිලධාරින්ට ඒ වෙනුවෙන් කළ යුතු කිසිවක් ම නැත; එනිසා ම ඔවුන්ගේ වැටුපට කිසිදු අමතර දීමනාවක් එකතු නොවේ. එහෙත් සාහිත්‍ය කටයුත්ත සිදුවේ.

සාහිත්‍ය පිළිබඳ තත්ත්වය එසේ වුව ද මෙවර බලධාරීන් තෝරාගෙන ඇති අංග වෙනුවෙන් බලධාරින්ගේ මැදිහත්වීම සාහිත්‍යට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතී. එවිට අදාළ බලධාරින්ට සහ නිලධාරීන්ට ලැබෙන අමතර දීමනා ද ඉතා ඉහළ මට්ටමක පවතී. එනිසා තමන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණෙන් අවම වියදමක් දැරිය යුතු සාහිත්‍ය කපා දමා වැඩිම වියදමක් දැරිය යුතු අංග කිහිපයක් පමණක් (එම අංග ප්‍රතික්ෂේප කළ යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ) තෝරාගෙන ඇත. එය එසේ නොවේ යැයි පවසන්නේ නම් සාහිත්‍ය වෙනුවෙන් කොපමණ මුදලක් වැය කෙරේ ද සහ මේ වන විට තෝරාගෙන ඇති අංශ සඳහා කොපමණ මුදලක් වැය කෙරේද යන්න පිළිබඳ වැය ලයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස මම අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි.

එහි දී සාහිත්‍ය අංශ තුනක් හෝ හතරක් වෙනුවෙන් වැය වන මුදල කොපමණ ද සහ මේ වන විට තෝරාගෙන ඇති අංශ සඳහා කොපමණ මුදලක් වැය වේද එය වැය වන්නේ  කෙසේ ද යන්න ජනතාවට නිශ්චිත අදහසකට පැමිණිය හැකි ය.

image

මෙම පැනය ඉදිරිපත් කළ විට අදාළ බලධාරින් ‘‘අමාත්‍යංශයේ කටයුතු සිදුකෙරෙන්නේ තමුන්ලට වුවමනා විදියට නොවෙයි අපට වුමනා විදියට’’ යැයි වහසි බස් දෙඩවිය හැකි ය. ප්‍රශ්නය මගහැර යෑම සඳහා ඔවුන් භාවිත කරන සරල ම සහ පහසුම ක්‍රමය එය යි. නමුදු රාජ්‍ය අමාත්‍යංශයක කිසියම් කටයුත්තක් සඳහා කිසියම් මුදලක් වැය කරන්නේ නම් ඒ සෑම රුපියලක් වෙනුවෙන් ම අදාළ නිලධාරින් සහ බලධාරීන් ජනතාවට වගකිව යුතු ය. මන්ද ඒ සියලු මුදල් මහ ජනතාවගේ මුදල් වන බැවිනි.
 
මෙම බලධාරින් සාහිත්‍ය මතු නොව තවත් අංශ විශාල ප්‍රමාණයක් මෙවර අත්හැර දමා ඇත. ඒ අංශවලට ද දැනට තෝරාගෙන ඇති අංශවලට තරම් පිරිවැයක් දැරිය යුතු නොවන බව ඒ ඒ අංශ නියෝජනය කරන කලා ප්‍රජාව පවසයි. දළ වශයෙන් ගණනය කළ ද මේ වන විට තෝරාගෙන ඇති අංශ යනු වැඩිම පිරිවැයක් දැරිය යුතු අංශ යි; විවිධාකාරයෙන් මුදල් වංචා සිදු කළ හැකි අංශ යි. නමුත් සාහිත්‍ය නිර්මාණ ඇගැයීමේ දී මේ කිසිවක් කළ නොහැකි ය.
එබැවින් මේ මුග්ධ නිලධාරී පෙළැන්තිය සාහිත්‍ය වළ දමා තමන්ගේ වැටුප් කවරයේ බර වැඩි කරගත හැකි සහ විවිධ මාර්ගවලින් අනියම් ලෙස මුදල් උපයාගත හැකි අංශ කිහිපයක් පමණක් තෝරාගෙන ඇති බව අමාත්‍යංශයේ ම ඇතැම් නිලධාරින් පවසයි. එම ආරංචි මාර්ග පිළිබඳ නොසලකා හැරිය ද කලාවේ නියැළෙන ඕනෑම පුද්ගලයෙකුට ඒ ඒ අංශ සඳහා කෙතරම් මුදලක් වැය වේද යන්න ඉතා සරලව අවබෝධ කරගත හැකි ය.

මෙම සිද්ධියේ දී ද ඇතැම් පිරිස් සුපුරුදු පරිදි මෙරට ප්‍රථම විධායක ජනාධිපති සාහිත්‍ය කන්නදැයි යනුවෙන් විමසූ බව යළි යළිත් උපුටා දක්වමින් මේ සිදුවන්නේ එහි දිගුවක් ය යන මතය යළි යළිත් මතුරමින් සිටිති. ඔහු එසේ පැවසූ බව සත්‍යයකි. නමුදු මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ එහි දිගුවක් නොව මේ වන විට අදාළ විෂයයට වගකිව යුතු නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා බව අප අවබෝධ කරගත යුතු ය; ඒ පිළිබඳ විමසිය යුතු ය. අදාළ නිලධාරින් ද ඊට පිළිතුරු සැපයිය යුතු ය. එසේ නොවන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙවර පවත්වන්නට සුදානම් වන ‘අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවගලියට’ අදාළ සියලු තොරතුර ලබා දිය යුතු ය. 
 
මන්ද මේ පිළිබඳ කළ සාකච්ඡාවල දී සාහිත්‍ය සඳහා වැඩි මුදලක් වැය කළ යුව ඇතිද, නැති ද යන්න එම තොරතුරුවල සදහන් වී තිබිය යුතු ය. එහි දී සැබැවින් ම නිලධාරින් ඉදිරිපත් කරන කරුණ වැරැදි ද නිවැරැදි ද යන්න ජනතාවට අවබෝධ කරගත හැකි ය. එබැවින් නිදහසට කරුණු දක්වමින් සැබෑ තත්ත්වය වසන් නොකර සත්‍ය හෙළි කරන ලෙසත්, හැකි ඉක්මනින් තීරණයක් ගෙන සාහිත්‍ය විෂයය ද මෙවර ‘අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවගලියට’ ඇතුළත් කරන ලෙසත් සාහිත්‍යකරුවකු ලෙස මම ඉල්ලා සිටිමි.


කුස ජාතකය' නොකියවූ 'කුස පබා' -ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2023/08/14   

 



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...