The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

අරුන් සිද්ධාර්ථන්: යාපනේ අත්දැකීම

T

The Leader Desk

August 15, 2023 • 4:38 PM

අරුන් සිද්ධාර්ථන්:  යාපනේ අත්දැකීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලක සිට මා අසා දැන සිටි අරුන් සිද්ධාර්ථන් කෙටි කලක් තුළ සමාජ මාධ්‍ය තීරුවක් හරහා ගොඩ නැගෙමින් සිටිනු දැකිය හැකිය.
  • මා අරුන් සිද්ධාර්ථන්ගේ ප්‍රවේශය කලබැගෑනියක් ලෙස හැදින්විමෙන් අපේක්ෂා කරන්නේ ඔහු ප්‍රතික්ෂේප කිරීමක් නොවේ.
  • සමහර ප්‍රවනතා ඉස්මතුවීම් සීරු මාරුවට අධ්‍යයනය කළ යුතු බව, මා මාධ්‍ය වෘත්තියෙන් ලබා ගත් අභ්‍යාසයකි.
  • සාකච්ඡා විය යුතු යමක් වේ නම් වාසිය කුහකකම ගැන නො සිතා ඒවා ඉස්මතු කිරීමේ මාධ්‍ය වගකීම වර්තමාන මාධ්‍ය භාවිතාවෙන් ඉටු නොවන බව පෙනී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කලක සිට මා අසා දැන සිටි අරුන් සිද්ධාර්ථන් කෙටි කලක් තුළ සමාජ මාධ්‍ය තීරුවක් හරහා ගොඩ නැගෙමින් සිටිනු දැකිය හැකිය. මා අරුන් සිද්ධාර්ථන්ගේ ප්‍රවේශය කලබැගෑනියක් ලෙස හැදින්විමෙන් අපේක්ෂා කරන්නේ ඔහු ප්‍රතික්ෂේප කිරීමක් නොවේ.

සමහර ප්‍රවනතා ඉස්මතුවීම් සීරු මාරුවට අධ්‍යයනය කළ යුතු බව, මා මාධ්‍ය වෘත්තියෙන් ලබා ගත් අභ්‍යාසයකි. තරුණ අප එ දවස, යමක් දුටු සැනින් කලබල වන විට, ජ්‍යෙෂ්ඨයන් කීවේ ටිකක් ඉවසිල්ලෙන් බලා සිටින්න කියා ය. අදටත් මම ජ්‍යෙෂ්ඨද යන්න මා දන්නේ නැත. එහෙත් එදා නො තිබුණ ඉවසිල්ල නම් ප්‍රමාණයටත් වඩා මා සතු ය. සාකච්ඡා විය යුතු යමක් වේ නම් වාසිය කුහකකම ගැන නො සිතා ඒවා ඉස්මතු කිරීමේ මාධ්‍ය වගකීම වර්තමාන මාධ්‍ය භාවිතාවෙන් ඉටු නොවන බව පෙනී යයි.

mjdfjk

යාපනේ ගොවියාගේ සාර්ථකත්වයට ජවිපෙ සහ සජබය යාපනේ නැතිකම බවට කළ අරුන්ගේ ප්‍රකාශයක් සහිත පින්තූරය මා නැවත මුහුණු පොතෙහි උපුටා දැක්වූයේ ලැබෙන පුතිචාර අපේක්ෂාවෙනි. ඒ ප්‍රකාශය මගේ දැක්මෙන් ගතික එකකි. ඇඹිලිපිටි ගොවීන් කන්න පහු කළේ මාලිමාවේ උවමනාවට බව කොහේදෝ තැනක පළ වී තිබිණ. එහි සත්‍යාසත්‍යතාව වැදගත් නැත. අතුරලියේ රතන හිමි මහනුවර මහ මලුවේ නිදා ගත්තේ මැරෙන්න නොවේ. රාජපක්ෂලා දිනවීමට ය. 2022 ඉන්ධන පෝලිම්වල මිනිසුන් මිය යාම මිනි මරුමක් කියයි නම් පළමු විත්තිකරු අතුරලියේ රතන හිමි විය යුතු වේ. එය හරියම අප්‍රේල් මහ නඩුවේ පළමුවෙනි විත්තිකාරයා ලෙස විජේවිර නම් නො කිරීමට සමාන නෛතික හැදෑරීමකි.

 

 
අරුන් සිද්ධාර්ථන් නිවැරදි බව මගේ අදහස ය. යාපනේ ගොවියා, ගොවිතැන් කළේ පොන්නම්බලම්ලාට අමිර්තලිංගම්ලාට ප්‍රභාකරන්ලාට අනුගතව නොවේ. අනුර කුමාර බලයට පත් වන තෙක් ඩොලර් එවන්න එපා කීම බුද්ධ භාෂිතය ලෙස පිළිගත් විදේශගත ලාංකිකයන් සිටිති. එහෙත් යාපනේ ගොවීන් ගොවිතැන් කරන්නේ වෙළද පොළට අවශ්‍ය දේ මිස ඊළමට හෝ බලය බෙදා හැරීමේ දේශපාලන ව්‍යාපෘතින්ට අනුගතව නොවේ.

ඉන්දු ලංකා ගිවිසුම කලබලය අතර යාපනේ ගිය විදේශිය මාධ්‍ය වේදිනියකට යාපනේ පොළට යාමට උවමනා විය. එහි සැරි සැරූ ඇය කොස් පොළොස් පලා විකුණන අම්මා කෙනෙකු වෙත සමිපව මෙසේ ඇසී ය.

‘‘උතුර නැගෙනහිර එකතු කිරිම ගැන මොකද හිතන්නේ......?

 පරිවර්තකයෙකු හරහා ඇයට ලැබුණ  උත්තරය පටන් ගත්තේත් ප්‍රශ්නයකිනි.

‘‘ඇයි උතුර කොළඹට එකතු කරන් නැත්තේ....? අපට හොද වෙන්නේ එහෙම වුණොත් නේ...“  එදා උතුරේ සාමාන්‍ය මිනිසා කල්පනා කළේ ඊළම හෝ බලය බෙදිම අනුව නොවේ. පැවැත්ම ගැන ය. මෙයින් අදහස් කළ යුත්තේ අපේ දේශපාලනඥයන් සහ සාමාන්‍ය ජනතාව හිතන ආකාරයේ වෙනසක් ඇති බව ය.

විදේශගත ශ්‍රී ලාංකේය ජනතාව මාලිමාව දිනන තෙක් ඩොලර් නො එවන බවට පළ වූ වාර්තා සමග උතුරේ සාමාන්‍ය ජන මතය විමසිය යුතුවේ. පවත්නා අර්බුදයේ මුල ඩොලර් නැතිකම ය. ඒ නිසාම ඉන්ධන පෝලිම්, ඖෂධ ආහාර හිග විය. පාසල් වැසිණ. ප්‍රවාහනය අඩපන විය. එහෙත් ඒ සියල්ල නො තකා මාලිමාව දිනවන සිහිය ඉස්මතු විය. ගුවන් යානා වෙන් කරවා ගෙන පැමිණ තමන් පැමිණියේ ගෝඨා දිනවා රට සුරපුරයක් කිරීමට බව විදේශගත ශ්‍රමිකයන් මාධ්‍ය හරහා රටට කීහ. අද ඔවුන් තවත් කා වෙනුවෙන් දෝ උපන් බිමේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ඩොලර් නො එවා සිටින තරමට අන්දමන්දව සිටිති.



කෙටි නිවාඩු දමා විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යන්නේ ජීවත්විමට අපහසු නිසා නොවේ. රටේ විනාසය අපේක්ෂා කරන මිනිස් බෝම්බ හැටියටය. සුවසැරිය ගිලන්රිය සේවය වෛද්‍යවරුන්ගේ නිග්‍රහයට ලක් වුණේ රාජපක්ෂලා වෙනුවෙනි. කාබනික පොහොර ව්‍යාපාරය කරට ගත් වෛද්‍ය පාදෙණිය අද රටම පිළිගත් අපතයෙකි.



මේ සියල්ල සමග අරුන් සිද්ධාර්ථන්ගේ ප්‍රකාශය, මාලිමා මිතුරන් දකින්නේ 01%ක  හුදෙකලා කියමනක් හැටියට ය. උතුරේදී හමු වූ අරු පොලේ කීර විකුණන අම්මාගේ දැක්මට අනුව, වී සදහා සාධාරණ මිලක් නො ලැබිම යනු නිෂ්පාදන වියදම ඉහළ යාමකි.

දකුණේ ගොවීන් වි මිල වැඩි කර ගැනීමට කල්පනා කරන්නේ නිෂ්පාදන වියදම අඩු කරලා නොවේ. නාමල් කරුණාරත්න සමග පාරට බැහැලා ආණ්ඩුවට තර්ජනය කරලා ය. නිෂ්පාදනයක මිල තිරණය විම ඉල්ලුම සැපයුම යනු ගුරු මුෂ්ඨි නොවේ. එහෙත් ජනතාව කළ යුත්ත කියා දී ඔවුන් දැනුවත් කරනවා වෙනුවට දේශපාලනඥයන් තමන් පාවිච්චි කරන බව ජනතාවට කියා දිය යුතු වේ.

zxcdfgstrfwer

පාස්කු බෝම්බය නො වන්නට ගෝඨාභය ජනාධිපති වෙන්නේ නැත. වද දොස්තර කතාව අමු බොරුවක් වුවද තවමත් අතුරලියේ රතනගේ දේශපාලනය ප්‍රතික්ෂේප වී නැත. වියත්මග කෙළින් කළ චන්න ජයසුමන කුරුදු විහාරය හරහා නැවත ජනතාව අමතමින් සිටියි. මේ දෙදෙනාම ඩොලර් ගෙනාවේ හෝ පාසල් විවෘත කිරීමට දායක නොවී ය. ජනතාව මෙය තේරුම් ගත යුතුවේ. 2020දී පොහොට්ටුව දිනවා රනිල් ගෙදර යවා පත් කළ පාර්ලිමේන්තු බහුතරය 2022දී රනිල් ජනාධිපති ලෙස තෝරා ගත්හ. ගෝඨා ගියේ පැදුරටත් නො කියා ය. ජනාධිපති රනිල් හදුන්වා දුන් කිව්ආර් කේතය ගැන අදහසක් ගොඨාට තිබුණා නම් තවමත් ගෝඨා රටේ ජනාධිපති  ය. මේ කියන්නේ ජනතා තිරණය සහ දේශපාලන විඥානය එකට ගමන් නො කරන බව ය.



එසේම, රනිල් ජනාධිපති ලෙස පත්ව පැය 48ක් ඇතුළත ඉන්ධන පෝලිම් නැති කර පාසල් විවෘත කිරීමට ඩොලර් වැය නො විය. ඒවා කළමනාකරණ මැදිහත්වීම් ය. අදටත් උසස් පෙළ දරුවන් විශ්වාස කරන්නේ වසර තුන හමාරක් පාසල් වැසි තිබුණ බව අරගලය හෝ නිරීක්ෂණය නො කළ බවය. 2022 මැයි 13 වෙනිදා රටේ ප්‍රධාන විපක්ෂය ලැබුණ අවස්ථාව මග හැරියේ කළමනාකරණය නො දැනිමය. රනිල් ඊට අත තැබුවේ ප්‍රශ්නය තේරුම් ගත් නිසා ය.

නැවත යාපනේ ගොවියාගේ සාර්ථකත්වයට ජවිපෙ සහ සජබය යාපනේ නැතිකම බවට කළ අරුන් සිද්ධාර්ථන් කළ ප්‍රකාශය රටේ සමස්ත දේශපාලන භාවිතය කියවීමට යොදා ගත යුතුවේ.



1982 සිට මෙතෙක් පැවති හැම ජනාධිපති මැතිවරණයකදීම උතුරු නැගෙනහිර ජනතාව ගෙන් සියයට හැත්තෑ ගණනක් ඡන්දය දුන්නේ රටේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට මිස, දමිළ අපෙක්ෂකයන්ට නොවේ. එසේම උතුරු නැගෙනහිර බහුතරය, 1982දී ජාතිවාදි ශ්‍රීලනිප අපේක්ෂක කොබ්බෑකඩුවට කැමැත්ත පළ කළහ. අනෙක් හැම මැතිවරණයකදීම බහුතර කැමැත්ත දුන්නෙ දක්ෂිණාංශීක අපේක්ෂකයාටය. 1982දී ඔවුන් විවෘත ආර්ථිකය නිසා විනාස වූ තම කෘෂීකර්මාන්තයට කළ හානියට පලි ගත්තා පමණකි.



(සේනක කුරුඅඹේ විසිනි)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අරුන් සිද්ධාර්ථන්: යාපනේ අත්දැකීම | The Leader