The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල් - සජිත් එකතුව රෝහිණි මන්ත්‍රීවරිය බාරගත් කොන්තරාත්තුවක් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

August 16, 2023 • 4:35 PM

රනිල් - සජිත් එකතුව රෝහිණි මන්ත්‍රීවරිය බාරගත් කොන්තරාත්තුවක් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඇයගේ ප්‍රධානම දේශපාලන සටන් පාඨය වන්නේ රනිල් සහ සජිත් එකතුවී රට වෙනුවෙන් වැඩ කළ යුතුය යන්නය.
  • ඇතැම් විට ඇය නොදන්නවා විය යුතුය.
  • මීට පෙරද ඔවුන් එකම ආණ්ඩුවේ එකට වැඩකර ඇත.
  • දෙසැම්බර මැතිවරණයෙන් පසු 2002 වසර සහ 2003 වසර දෙක අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඒ දෙන්නා එකම ඇමති මණ්ඩලයේ එකට වැඩකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අලුත් වගකීමක් බාර ගෙන ඇත. දැන් ඇයගේ ප්‍රධානම දේශපාලන සටන් පාඨය වන්නේ රනිල් සහ සජිත් එකතුවී රට වෙනුවෙන් වැඩ කළ යුතුය යන්නය.

ඇතැම් විට ඇය නොදන්නවා විය යුතුය. මීට පෙරද ඔවුන් එකම ආණ්ඩුවේ එකට වැඩකර ඇත. 2001 දෙසැම්බර මැතිවරණයෙන් පසු 2002 වසර සහ 2003 වසර දෙක අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඒ දෙන්නා එකම ඇමති මණ්ඩලයේ එකට වැඩකර ඇත. 2015 ජනවාරි සිට 2019 ඔක්තෝම්බර වන තෙක් අවුරුදු 05 ට ආසන්න කාලයක්ද අගමැති වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ සජිත් කැබිනට් ඇමතිවරයෙකු ලෙස වැඩ කළ බව රෝහිණි කුමාරි මන්ත්‍රීවරියට අමතක විය නොහැක.

ජනතාවට ඒ ආණ්ඩු වලින් නොලැබුණු සෙතක් රනිල් - සජිත් නැවත එකතුවීමෙන් ලැබෙන්නේ කෙසේදැයි රෝහිණි කුමාරි මන්ත්‍රීවරිය පැහැදිලි කරන්නේ නම් වැදගත් ය.

රනිල් සහ සජිත් එකතු විය යුතුයැයි රෝහිණි කුමාරි මන්ත්‍රීවරියට කියන්නේ රටේ ජනතාව නොවේ. ගියවර මෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය ලෙස දෙපිළට බෙදුනහොත් ලබන වර මැතිවරණයෙන් ආණ්ඩුවක් හදා ගැනීමට නොහැකි වේයැයි සිතන එක්සත් ජාතික පක්ෂ හා සමගි ජන බලවේගයේ ඇතැම් කණ්ඩායම් ය.

ඇයගේ කතා වලට වැදගත්කමක් දෙන්නට රෝහිණි කුමාරි මන්ත්‍රීවරිය උත්සාහ කරන්නේ මේ රට අද මුහුණ දෙන බරපතල ආර්බුදයෙන් ගොඩ යෑමට සියලු දේශපාලන පක්ෂ එක්ව පොදු වැඩපිළිවෙලක් හදා ගත යුතු යැයි කීමෙනි. ඇය නොදැන කියන කතාව නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගත් වික්‍රමසිංහ ජනාධිපතිගේ වැඩපිළිවෙල අසාර්ථක වැඩපිළිවෙලක් බවය. මේ අර්බුදය විසඳිය හැකි වැඩපිළිවෙලක් නොවන බවය. අලුත් වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ එනිසා ය. තමාගේ වැඩපිළිවෙල අසාර්ථක යැයි ජනාධිපති වික්‍රමසිංහ කොතැනකවත් කියන්නේ නැත. ඔහුගේ ඉල්ලීම වන්නේ තමාගේ වැඩපිළිවෙලට, විපක්ෂය සහාය විය යුතුය යන්න ය.

පොදු ජාතික වැඩපිළිවෙලක් හදා රට ගොඩ දැමිය යුතු යැයි රෝහිණි කුමාරි මන්ත්‍රීවරිය කියන්නේ ජනාධිපති වික්‍රමසිංහගේ වැඩපිළිවෙලෙන් මේ රට ගොඩ දැමිය නොහැකි යැයි ඇය විශ්වාස කරන හෙයින් නම්, ඇය පළමුව කිව යුතු කාරණා කිහිපයක් ඇත.

 01. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගත් වැඩපිළිවෙල ඇය පිළිගන්නේද නොගන්නේද යන්න

02. විශාල බදු සහන ලබා දෙන සෘජු විදේශ ආයෝජන මත රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකිද නොහැකිද යන්න

03. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපගේ විදේශ විනිමය අර්බුදය විසඳාගත හැකිද නොහැකිද යන්න

04. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධ ඇයගේ අදහස කුමක්ද යන්න, ඇය විවෘතව ජනතාවට කිව යුතුව ඇත.  


අනෙක් කාරණාව නම්, පොදු ජාතික වැඩපිළිවෙලක් හැදීමට ඇයට හෝ ඇය තවමත් ඉන්නා සමගි ජන බලවේගයේ නායකත්වයට විකල්ප වැඩපිළිවෙලක් පිළිබඳ යෝජනා තිබිය යුතුය. අනෙක් පක්ෂ වලටත් එවැනි විකල්ප යෝජනා තිබිය යුතුය. මේ රටේ තිබෙන අර්බදුය, කිසිදු දේශපාලන පක්ෂයකට එවැනි විකල්ප වැඩපිළිවෙලක් නොතිබීමය. සියල්ලන් කතා කරන්නේ ජයවර්ධන ජනාධිපති 1978 මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීමේ පනත සම්මත කර, විදේශ ආයෝජකයින්ට ආරාධනා කරමින් කටුනායක නිදහස් වෙළඳපල සමග ආරම්භ කළ ආනයන අපනයන නිදහස මත පවත්වා ගෙන පැමිණි, විවෘත වළඳපල ආර්ථිකයට “ගම් ටේප්” ඇලවීමට ය.



එය ඉකුත් අවුරුදු 45 ක කාලයක් අසාර්ථක වූවකි. එය මේ අර්බදුයට හේතුවන සියලු කාරණා වෙනුවෙන් පසුබිම සකස් කළ ආර්ථිකයකි. ජනතාවගේ ජීවන පැවැත්ම බිඳ දැමූ ආර්ථිකයක් පමණක් නොව සමාජ විනය, ශීලාචාර හැදියාව, සදාචාරය, ආචාර ධර්ම, සමාජ හර පද්ධති සියල්ල විනාශ කළ, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය කිරීම්, ළමා අපචාර දහස් ගණනින් වාර්ෂිකව වාර්තා වන සහ යෝධ දූෂණ වංචා, කප්පම් ගැනීම්, මිනී මැරීම්, යෝධ මත්ද්‍රව්‍ය වෙළඳාම් සහ බහුතරයේ වාර්ගික-ආගමික බලහත්කාරයට හයියක්වන විවෘත වෙළඳපල ආර්ථිකයකි.

රෝහිණි කුමාරි මන්ත්‍රීවරිය ජාතික වැඩපිළිවෙලක් යෝජනා කරන්නේ ඒ කිසිවකට විසඳුම් සඳහා නොවේ. ඡන්ද ගණන් හැදීම සඳහා පුද්ගලයින් දෙන්නෙකු හවුල් කිරීමකටය. ඇය රනිල් - සජිත් එකතු විය යුතුයැයි කියන්නේ පසුගිය මැතිවරණයේ දෙගොඩ බෙදුණු ඡන්ද ලබන වර තනි ගොඩකට එකතුකර ගැනීමටය. 

 


එසේ නොවේ නම්, ඇය යෝජනා කළ යුත්තේ පක්ෂ නායකයින්ගේ එකතුවක් නොව, පුළුල් සමාජ කතිකාවක් සමගින් අනාගතය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ආර්ථික වැඩපිළිවෙලක් කෙටුම්පත් කිරීම සඳහා යෝජනාවකි. ඇයට අවශ්‍යව ඇත්තේ එවැන්නක් නොවන බව නම් ඇයගේ යෝජනා වලින් පැහැදිලි වන්නේය.


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 අගෝස්තු 16



සබැඳි පුවත :
'රනිල් - සජිත් එකතු විය යුතුයි' - සජබ මන්ත්‍රීනී රෝහිණී කියයි

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් - සජිත් එකතුව රෝහිණි මන්ත්‍රීවරිය බාරගත් කොන්තරාත්තුවක් - (කුසල් පෙරේරා) | The Leader