The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනවාදය ඇත්තේ කොහේ ද ?- ජ.වි.පෙ. හා පෙරටුගාමීන් තොත්ත බබාලා වීම !

T

The Leader Desk

August 17, 2023 • 11:59 AM

ධනවාදය ඇත්තේ කොහේ ද ?- ජ.වි.පෙ. හා පෙරටුගාමීන් තොත්ත බබාලා වීම !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකිනෙකා පරයා ප්‍රකාශ කිරීමට වෙර දැරූ අදහස් අතර වැදගත් පොයින්ට් කිහිපයක් ඇසුණා.
  • ජ.වි.පෙට අනුව දුමින්ද නාගමුව සිරසේ දී නාගත් අතර පෙරටුගාමීන්ට අනුව නාගෙන ඇත්තේ නලින්ද යි.
  • ධනවාදය මේ ගොල්ලන්ගේ සිහින යුතෝපියාවෙන් බාහිරින් පිහිටා ඇති බවට දකින සිහිනය වාමාංශික මුග්ධ බවේ සංකේතයක්.
  • ඔහුට facebook වෙත පැමිණ ඕනෑ ම දෙයක් ලියා, ප්‍රකාශමාන විය හැකියි.
අකුරු ප්‍රමාණය (Font Size):

එකිනෙකා පරයා ප්‍රකාශ කිරීමට වෙර දැරූ අදහස් අතර වැදගත් පොයින්ට් කිහිපයක් ඇසුණා.

අද උදේ සිට සුපුරුදු පරිදි සමාජ මාධ්‍ය මත ජ.වි.පෙ. සහ පෙරටුගාමීන් යන දෙපාර්ශවය ම ජයපැන් බොනවා. ජ.වි.පෙට අනුව දුමින්ද නාගමුව සිරසේ දී නාගත් අතර පෙරටුගාමීන්ට අනුව නාගෙන ඇත්තේ නලින්ද යි.



සිරස ආයතනයේ හිමිකාරිත්වය දරන කැපිටල් මහරාජා ආයතනය හිනා වෙන්නේ කොහෙන්දැයි මේ කිසිවෙකුට සිහියක් නැහැ.

ධනවාදය මේ ගොල්ලන්ගේ සිහින යුතෝපියාවෙන් බාහිරින් පිහිටා ඇති බවට දකින සිහිනය වාමාංශික මුග්ධ බවේ සංකේතයක්.

ධනවාදී ක්‍රමය තුළ එය පවත්වා ගැනීම වෙනුවෙන් අතිරික්තයක් නිපදවෙනවා. කම්කරුවෙක් පැරණි අර්ථයෙන් සිය ශ්‍රමය, ක්‍රමය වෙත විකුණන විට එයින් ප්‍රාග්ධනය විසින් සමුච්ච කරන ලාභය වෙනුවෙන් කම්කරුවා වෙත මානසික අල්ලසක් ද ලබා දෙනවා.

උදාහරණයකට සිය ශ්‍රමය වෙනුවෙන් නොලැබෙන වටිනාකමට එරෙහි ව කම්කරුවාට අරගල, වැඩවර්ජන කිරීමට වුවමනා නෑ. ඔහුට facebook වෙත පැමිණ ඕනෑ ම දෙයක් ලියා, ප්‍රකාශමාන විය හැකියි. එසේ ම මේ ධනවාදය තුළ ආයෝජන කොමිස්, අල්ලස්, දූෂණ, වංචා යනු ම ඒ තුළ ම නිපදවෙන අතිරික්තයන්. එහි සදාචාර මානයන් ලකුණු කිරීම හෝ ඒවා සොයා වෙහෙස වීමෙන් කිසිවක් වෙනස් වෙන්නේ නෑ. විය හැකි එක ම දේ ඒවාට එරෙහි ක්‍රමෝපායන් එය විසින් ම උරා ගැනීම පමණයි. උදාහරණයකට කළු සල්ලි පිළිබඳ ව කෙනෙකු නගන සදාචාර හඬ වැඩක් නැහැ. ඒවා ආයෝජනය කළ හැකි ස්ථාන ඕනෑ තරම් ලෝකය පුරා තියෙනවා.

ජ.වි.පෙ. විසින් මුදල් ආයෝජනය කලායැයි කියන සිද්ධිය මට නම් මැජික් එකක් නෙමෙයි. විශාල මුදලක් සන්තකයේ තිබේ නම් එය ලාභයක් සදහා ආයෝජනය කිරීම ඕනෑ ම කෙනෙක් කරන දෙයක්.

නමුත් වංචාව, දූෂණය, කොමිස් වැනි දේ හරහා තමන්ට පිටින් ඇති එදිරිවාදීන් ව පට්ට ගැසූ ජවිපෙට ආර්ථිකය සදාචාරවාදී කිරීමේ ප්‍රතිපක්ෂය හමුවීම උත්ප්‍රාසජනකයි. තමන් විසින් ම ගොඩ නැගූ ධනවාදයේ ශුද්ධ ආකෘතිය ඉදිකිරීමටත් පෙර ඔළුවට කඩා වැටීම ඊට වුණු බරපතල ම හානිය වීම දේශපාලනිකයි. එය සුද්ද කිරීම හැරුණු විටත් එසේ ම දුමින්ද හා පෙසපෙ වෙත මඩ ප්‍රහාර දියත් කිරීමත් හැරුනු විට ජවිපෙට මීට පිළිතුරක් පැවතිය නොහැක්කේ ඒ නිසා ම යි.



පෙසපෙ පැත්තෙන් ද මේ පිළිබඳ ව ඇත්තේ ජවිපෙ මතය ම යි. ආර්ථිකය සදාචාරවාදී භාජනයක තිබිය යුතුයි යන ස්ථාවරයෙන් එය බිඳී යන්නේ නෑ. ටිරාන් අලස් සම්බන්ධ කිරීම හරහා සිය මර්දනීය අවකාශයන් ජවිපෙ හා ගැට ගසනවා හැරෙන්නට ඔවුන් ද ධනවාදය ඉදිරියේ පුංචි බබාලා පමණයි.

එසේ ම ටිරාන් අලස් CID වෙත මේ පිළිබඳ ව පැමිණිල්ලක් කර ඇති තතු යටතේ ඒ පිළිබඳ ව මාධ්‍ය තුළ කතා නොකිරීම දුමින්දගේ පැත්තෙන් නිවැරදියි. ඒ පිළිබඳ ව නීති උපදෙස් ලබාගත් බවත් පැහැදිලියි. කෙසේ නමුත් මේ පිළිබඳ ව ඇති පැමිණිල්ල හෝ ඒ පිළිබඳ ව ඇති විමර්ශනවල ප්‍රගතිය හෝ මේවායේ දායක සභාවන්වලට බලපෑමක් නොකරන බව නම් පැහැදිලියි.

මේ වාමාංශිකයැයි කියාගන්නා තොත්ත බබාලා දෙපාර්ශවයට ම කීමට ඇත්තේ ධනවාදය යනු තමන්ගෙන් එළියේ ඇතැයි සලකුණු කළ හැකි දෙයක් නොවන බවයි. එය තව දුරටත් ඒජන්තයෙකු හරහා පාලනය නොවන අතර එහි ගාමක බලය ලෙස අපේ අවිඥානික ආශා කලාපය ම හැඩ ගැසී තිබෙනවා.

මෝල්ටා මුදල් ආයෝජනය පිළිබඳ ඇති ගැටලුව මේ වාමාංශික දෙබාන විසින් මහරාජා ආයතනයේ හිද වාද කරගන්නා විට මහරාජාහි ධනය ශුද්ධවන්තදැ’යි මේ දෙදෙනා ම අසන්නේ නැහැ. දෙදෙනා ම සිය අවිඥානික ආශාවන් ඔස්සේ ප්‍රකාශමාන වන විට එය පැකට් කර විකුණා ලාභය එකතු කිරීම සිරස (මහරාජා) විසින් අපූරුවට කරනවා.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කඩේ යන සිරස මේ ඌරන්ගේ කැකුණ තලන විට හබං කුකුළා සජිත් නම් ජවිපෙ මෙන් ම පෙසපෙ ද තොත්ත බබාලා තමයි.


(carbonnews.lk)


සබැඳි පුවත් :
ජවිපෙ ගත්තු ස්ටාන්ස් එකත් මරු - (චින්තන ධර්මදාස)

ජවිපෙ, පොහොට්ටුවේ බෝට්ටුවේ නැගීම !

පෙරටුගාමීන් කියන 'දූපත' ගැන හොයන්න! - පොලිස් ඇමැති CID යයි!

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...