The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘කුමුදු මතක කොළඹ’- (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

August 26, 2023 • 10:29 AM

‘කුමුදු මතක කොළඹ’- (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඩවිය?’’ කියලා ලියලා යැව්වා.
  • ‘’1970 සහ 1980 දශකවල කොළඹ ජීවිතය පිළිබඳ මගේ කැබැලි මතක’.
  • කුමුදු කුමාරසිංහ කියන ගැඹුරු චරිතාංග රංගවේදිනිය හදවතේ පච්ච කෙටුණෙ විසාකේසා චන්ද්‍රසේකරම්ගෙ ‘තහනම් අඩවිය’ නිසා කියන එක ඇත්තක්.
  • මොකද අරගලය විසින් සියලුම දෙමලුන් කොටි බවට පත් කරන සමාජ යාන්ත්‍රණයක් නිර්මාණය වෙලයි තිබුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අඩවිය?’’ කියලා ලියලා යැව්වා. ජනා ‘ඔව්’ කියලා කොටලා එව්වා.

කුමුදු කුමාරසිංහ ‘මතක’ ලියන්න පටන් අරන්. මොන තරම් උත්කර්ෂවත් හැඟීමක් ද ඒක. පොතේ නාමකරණය කෙරෙන් ද්වාර විවර වෙන්නෙ කොළඹ ජීවිතයේ වෙනම කලාපයකට කියලා මං අත්දැකීමෙන්ම දන්නවා.

කුමුදු මේ වෙලුම හරහා විවෘත කරන්නෙ ඇගේ කොළඹට ඓන්ද්‍රීයවූත්, ඇයටම අනන්‍යවූත් අතිශය බරසාර ජීවිතය, තාරුණ්‍යය වෙත පිවිසෙන මොහොත දක්වා විතරයි යන්න කෘතියේ අනුනාමකරණය ඉඟිකරනවා. ඒක කෘතියෙ සටහන්වෙලා තියෙන්නෙ මොහෙමයි.

‘’1970 සහ 1980 දශකවල කොළඹ ජීවිතය පිළිබඳ මගේ කැබැලි මතක’.

1375052 501982136565520 1991013655 n

කුමුදු කුමාරසිංහ කියන ගැඹුරු චරිතාංග රංගවේදිනිය හදවතේ පච්ච කෙටුණෙ විසාකේසා චන්ද්‍රසේකරම්ගෙ ‘තහනම් අඩවිය’ නිසා කියන එක ඇත්තක්. ඇය මරාගෙන මැරෙන බෝම්බයක් අටෝගත්ත කළු කොටි කතක් නෙවෙයි, ඇය මුළුමනින්ම වේදිකාව මත මරාගෙන මැරෙන බෝම්බයක්. නාට්ටිය ගැන මට මගේම කියවීමක් තිබුණා. අපි නාට්‍ය දර්ශනයක් ඉවර වෙලා ඊ.ඒ.පී. එකේ ‘සෝඩා උගුරක්’ බොමින් ඉද්දි මං ඒ ගැන කිව්වා.

දකුණේ සිංහල සමාජයට අනන්‍යව තිබුණු විෂාකේශගෙ කොළඹ ජීවිතයට උතුරේ අරගලය ප්‍රශ්නයක්. මොකද අරගලය විසින් සියලුම දෙමලුන් කොටි බවට පත් කරන සමාජ යාන්ත්‍රණයක් නිර්මාණය වෙලයි තිබුණේ. ඒකෙන් ඔහු දෙමළ වීමේ පීඩනයට හසුවෙලා තිබුණෙ.  විෂාකේශ ‘තහනම් අඩවිය’ හරහා පිටකරගත්තෙ දෙමළ අරගලයට තමන් තුළ තිබුණු විරෝධය.

මං ඒ කතාව මෙතන කියන්න හේතු දෙකක් තියෙනවා. එක, ඔබ දැනටමත් දන්න කුමුදුව මතකයට එන බරපතලම රංගනය ඒ වේදිකා නාට්‍ය නිසා. දෙක, විෂාකේශ ඇතුළු තවත් දකුණේ ජාතිකවාදී වම විසින් නඩත්තු කරගෙන යන දෘෂ්ටිවාදය කුමුදු තුළත් පැළපදියම් වෙලා තිබුණු බව මගේ නිරික්ෂණය නිසා. මං එහෙම කියන්නෙ මේකයි. කුමුදුට ඒ දෘෂ්ටිවාදය එන්නෙ ඇය ජීවත් වුණු, සහ මේ මතක කෘතිය හරහා ඇය ගොඩ නගන්නට ඉඩ ඇතැයි මා අනුමාන කරන දෙමටගොඩ ‘89 වත්ත’ ආශ්‍රිත පරිසරය තුළින් එහෙම දෘෂ්ටිවාදයක් කාන්දු වෙන්න ඉඩ නැති නිසා. ඒ දෘෂ්ටිමය හික්මීම එන්නෙ ඇගේ බුද්ධිමය රස්තියාදුව ඇතුළෙ. ‘’මම මේ රටේ තිබුණු තිස් අවුරුදු යුද්ධයක වින්දිතයෙක්. ඒ තිස් අවුරුද්ද පුරා ලංකාවෙ හිටපු හැම මනුස්සයෙක්ටම අත් විඳින්න සිදුවුණු කොයිවෙලේ මොන විදිහට මැරෙයිදෝ කියන මරණ බිය මමත් අත් වින්දා’’ කියලා ඇය ලියන්නෙ ඒකයි.

කුමුදු කියන්නෙ මගේ අද්දැකීම් ඇතුළෙ මොකෙක්ටවත් මොකකටවත් බය නැති කෙල්ලක්. kumudu 2023.08.26

ඇය අව්වට බය නෑ.

ඇය වැස්සට බය නෑ.

ඇය පිරිමින්ට බය නෑ.

ඇය රණ්ඩුවෙන්න බය නෑ.

ඇය ආදරය කරන්න බය නෑ.

ඇය රාත්‍රියට බය නෑ.

ඒ හින්දම ඇය අන්ධකාරයට බය නෑ.

එහෙම බය නැති කෙනෙක් බෝම්බ පුපුරන භීතියෙන්, මරණයට බියෙන් ඉන්න විදිහක් නෑ. ඒ භීතිය ඇය තුළ ඓන්ද්‍රීය නෑ. ඒ අදහස බාහිරින් ඇය තුළ පැළපදියම් කෙරුණු දෙයක්.

ඇයට තිබුණෙ නිභය ජීවිතයක්. ඇගේ නිභය අධ්‍යාත්මය මුළුමනින්ම කොළඹ නිර්මිතයක්. කොළඹ වත්තක නිර්මිතයක්.

ඇගේ ආරක්ෂාව ‘වත්ත’.

ඇගේ සැනසීම ‘වත්ත’.

කොටින්ම, ඇගේ නිවන ‘වත්ත’.

මේ සටහන ලියන්නෙ අගෝස්තු 26 නිල වශයෙන් කළුබෝවිල නම් මා උපන් නාගරික ගම්මැද්දෙදි සහෘදගත වෙන ඇගේ කෘතියේ ‘අමුඛය’ අසල නතර වෙලා.

ලාංකීය සමාජ දේශපාලන සංස්කෘතික චලනයක්ගේ අතිශ්‍ය වැදගත්ම දශක දෙකක කොළඹ හෘදය සාක්ෂිය නැවුම් ලෙස හසුකරගන්නා සමස්ථ කෘතිය ගැන තරමක් දීර්ඝව ලිව්ව යුතු යි.

කුමුදු ‘ආමුඛය’ තුළ මෙහෙම කියනවා.

‘’ලෝකෙ කොහේ රවුම්ගහලා ආවත් මට ඒ මගේ පුංචි ගෙදරට එන පාරෙන් හැරුණු ගමන් පුදුම සනීපයක් දැනෙනවා. මොන තරම් වෙහෙසකර මොහොතක වුණත් ගෙදරට හැරෙන මොහොතෙදි ලස්සන හුළං පොදක් මගේ ඇගේ දැවටිලා යනවා මට දැනිලා තියෙනවා. ඒ සනීපය ඒ ගෙදරදි හැරුණම වෙන කොහෙදිවත් මට දැනිලා නෑ.’’

21150171 1922877791286702 3905215332600294778 n
මම කොහොමත් කොළඹ එකෙක්.  ඒ හින්දා මම, කුමුදු මේ කියන දේ කොළඹ මත තබා වරනඟන්න පුළුවන් කෙනෙක්.  කුමුදු මේ කියන ගෙදරට ගොඩවැදිලා කුමුදුගෙ අක්ක කෙනෙක් හදන කිරි තේ එකක් බීපු කෙනෙක් හින්දා,  කුමුදුගෙ අම්මා උයන දිව බොජුනක් රස විඳපු කෙනෙක් හින්දා ඒ ගැන කැට තියන්න පුළුවන්. කුමුදුගෙ දෙතොලේ සහ දෙකොපුළේ ඒ වගේ ම ඇස් දෙකේ තියෙනවා කොයි ලෙසකින් වත් වියැකී යන්නැති හිනාවක්. ඒ හිනාව සදාතනික ලෙස ඇලවිලා වගේ. මේ කියන හිනාව ඇගෙ අම්මගෙ මුහුණෙත් තියෙනවා. අක්කලගෙ මුහුණුවලත් තියෙනවා. ඒ පුදුමාකාර නොසිඳෙන හිනාවන් මතුවෙලා එන්නෙ කොහෙන්ද? ජීවිතයෙ ගැඹුරුතම පතුළතින්.

2002 අවුරුද්දෙ මුල මම මානෙල් ජාගොඩ එක්ක සංවාදයක් කළා ‘රාවය’ පත්තරේට. මානෙල් මට මුණගැස්සුවෙ කුමුදු. මතකෙ අනුව කුමුදු ඔය සමයෙ මානෙල් ජාගොඩ ප්‍රමුඛ රංග අධ්‍යන කවයක වගකීමක් දැරුවා. මමයි කුමුදුයි මානෙල්ගෙ ගෙදරට ගියා. ඇය අපිව සුහදව පිළිගත්තා. වාඩිවෙන්න කිව්වා. ඇයත් වාඩිවුණා. මානෙල් - කුමුදු - මම හාන්සි පුටු තුනක. මානෙල් කිසි කතා බහක් නෑ. ඇතුළට බරවුණු හැඟුමෙන්, පහතට බරවුණු දෑසින් මුනිවරියක් වගේ ඉන්නවා. ඒ තරම් නිහඬතාවක්. මං අහන්න හිතන් ගිය ප්‍රශ්න අහන්න හිතෙන්නෑ. වෙලාව ගලාගෙන යනවා. බොහෝ වෙලාවක් එහෙම නිහඬවම ගෙවුණා. ඒක මහ අමුතු අද්දැකීමක්. සීරුවන් හිටපු කුමුදු මගෙ දිහා බැලුවා. මං කුමුදු දිහා බලලා මානෙල් දිහා බලාගෙන පළමු ප්‍රශ්නය ඇහුවා. ඒ ප්‍රශ්නය නිර්මාණය කෙරුවෙ ඒ මොහොත විසින්.

‘’නිහඬතාව ගැන මොකද හිතෙන්නෙ?’’

 
 ‘’නිහඬතාව හරි වැදගත්. අපේ සිත තුළ සිතිවිලි නිර්මාණය වෙනවා. නිහඬතාව තිබුණොත් තමයි පැහැදිලි සිතිවිලි ඇතිවෙන්නෙ. එහෙට මෙහෙට පාවෙන සිතිවිලි වල තිබෙන ශක්තිය අඩුයි.’’

367694136 3499072923667173 5782386707160855351 n
මානෙල් නිහඬතාව බින්ඳෙ ඒ වගේ බරපතල උත්තරයකින්. මං ඒ මතකය මෙතන්ට ගෙනාවෙ මේකයි. කුමුදුගෙ මේ පොත මහා ගෝෂා අතර ගෙවුණු ඇගේ ජීවිතය අභ්‍යාන්තරයෙන් ගලා ගිය නිහඬතාවක් තිබුණා. ඇතැම් විට ‘කොළඹ මතක’ කියන්නෙ ඒ නිහඬතාව විසින් බිහිකරපු කැබැලි නොවන සිතිවිලි.

කුමුදු කියන්නෙ මගෙත් කොළඹ ජීවිතේ මුණගැහුණු ළෙංගතුම, සමීපම, සහෘදම චරිතයක්. ආදරණීයම කෙල්ලක්. ගැඹුරුතම ස්ත්‍රීයක්.

කුමුදුගෙ මේ මතක කෘතිය අතිශය නැවුම් අද්දැකීමක් වන බවට සැකයක් නෑ. ඇය පුහුණු ලියන්නියක් නෙවෙයි. ඒ හින්දම මූලික වටයෙම මේ කෘතිය අතිශය නැවුම් බවට විවාදයක් නෑ. අනික කෘතියේ පෝෂිත කලාපය.  ඒ තමයි කොළඹ හෘදය සාක්ෂිය.

අවුරුදු දෙක තුනකට කලින් කුමුදුගෙ උපන් දිනේට මං ඇය වෙනුවෙන් ලියපු කවියක් තියෙනවා. ඒ මේ මොහොතටත් ගැළපෙනවා. ඒ හින්දා මෙතන බහාලනවා.

 ‘’ කවර තහනම් අඩවියක වුව
තොප දකින සිත පමුදුවේ
සකල දිවියම සටන අසබඩ
දනිමි එද හද සුමුදුවේ
කුමර නො තකන කෙසර නො තකන
නමුදු තොප නම නමුදුවේ
සදාකාලික ප්‍රේමයෙන් තොප

වැළඳගන්නෙමි කුමුදුවේ ’’

පොත එළිදැක්වෙන මොහොතෙ ‘වමා’, ‘කළ්‍යා’ සහ ‘කන්නා’ අතින් පොත ගැන හෝ ඇය ගැන රමනීය කතා තුනක් කෙරෙයි. තවත් බොහෝ අය ඇය වෙනුවෙන් කළුබෝවිල විදර්ශනයට එයි. කතා කරයි.

මං ඈතක හිටියත්, බොහොම සමීපව අතිශය ආදරයෙන් කුමුදුට සුබ පතනවා.

ලියපං. අඛන්ඩව ලියපං.

මචං කුමුදු, කොළඹ කියන්නෙ උඹට.


Majula wediwrdhana
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...