The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

''සැමට ම පළමුව සතුට වැතිර ඇත්තේ සෞඛ්‍යය තුළය''

T

The Leader Desk

August 26, 2023 • 3:51 PM

''සැමට ම පළමුව සතුට වැතිර ඇත්තේ සෞඛ්‍යය තුළය''

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වගේමයි රටක අධ්‍යාපන දුර්වල තත්ත්වයක පවතින්නේ නම් ඒත් එහෙමයි.
  • ඒ අතරෙ රෝහල් ඇතුලෙන්ම ගෙවන වාට්ටු ප්‍රසූත වෙනවා.
  • ඇත්ත කථා කරන, හෙළිදරව් කරන වෛද්‍යවරු රස්සාවෙන් දොට්ට දාන සෞඛ්‍ය අමාත්‍යාංශයක්.
  • ඇත්ත තත්ත්වය හෙළිදරව් නොකරන රහස්‍ය වාර්තා මත බලධාරීන් පිනුම් ගහනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වගේමයි රටක අධ්‍යාපන දුර්වල තත්ත්වයක පවතින්නේ නම් ඒත් එහෙමයි. ඒ නිසා සෞඛ්‍යය සහ අධ්‍යාපනය කියන විෂයයන් දෙකම ෆේල් නම් රටත් ෆේල්.

අධ්‍යාපනය පැත්තෙන් අපේ රට සෞඛ්‍යය විෂයයට වඩා ටිකක් හරි දියුණුයි. ඒත් අපේ රටේ සෞඛ්‍යය, වර්තමානයේ තරම් කිසිම දවසක මේ තරම් නරක තත්ත්වයට පත්වුන කාලයක් කවදාවත් උදාවෙලා නැහැ.

අද ඉතා සුළු රෝගී තත්ත්වයක් සුව කරගන්න රෝහලකට ගියෝතින් එන්න වෙන්නෙ මිනී පෙට්ටියෙන්. අද අපේ රටේ රෝහල්වල භාවිතා වෙන්නෙ බාල ඛෙහෙත් වර්ග කියලා සමහර වෛද්‍යවරුම කියනවා. බාල ඖෂධීය එන්නත් නිසා රෝගීන් පිට පිටම මැරෙනවා. පුංචි දරුවො විතරක් නෙමෙයි ගර්භනී මාතාවනුත් මැරෙනවා. ඒ එක්කම දහස් ගණන් වෛද්‍යවරු රට අතහැර යනවා. අපේ රටේ සෞඛ්‍ය සේවය ඒ අතින් අන්ත නරක තත්ත්වයකට හැරිලා.

මේකට වගකියන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි සෞඛ්‍යය ක්ෂේත්‍රය බාරව ඉන්න ඇමැතිවරයා.



දැන් රෝගීන් අහේතුකව මැරෙන එක සුලබ දෙයක් වෙලා. රෝහල්වල වෛද්‍යවරු හිඟයි. විශේෂයෙන්ම නිර්වින්දක වෛද්‍යවරු. සමහර රෝහල්වල සමහර අංශ වැහීගෙන යනවා. ඒ අතරෙ රෝහල් ඇතුලෙන්ම ගෙවන වාට්ටු ප්‍රසූත වෙනවා. අසරණ දුප්පත් මිනිහෙකුට බේතක් ගන්න සල්ලි කප්පරක් ඕන වෙන කාලයක් උදා වී ගෙන එනවා. සියල්ලම මුදලට යටවෙන මේ කාලයේදී මේ රටේ සුව සේවාව දවසින් දවස අගාධයකට ඇදී යනවා. ඇත්ත කථා කරන, හෙළිදරව් කරන වෛද්‍යවරු රස්සාවෙන් දොට්ට දාන සෞඛ්‍ය අමාත්‍යාංශයක්. ඇත්ත තත්ත්වය හෙළිදරව් නොකරන රහස්‍ය වාර්තා මත බලධාරීන් පිනුම් ගහනවා.



මේ තරම් නරක අසංවේදී සෞඛ්‍ය ඇමැතිවරයෙක් මේ රටේ ඉඳලම නැහැ. ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය ගැටළු අසංවේදියි. මුළු ආණ්ඩුවටම තියෙන්නෙ තෙතමනයක් නැති අසංවේදී හදවතක්. රෝගීන් ස්වභාවික නොවන විදියට මියයාම ගැන සෞඛ්‍ය ඇමතිගේ ප්‍රතිචාර මනුස්සකමට ගැලපෙන්නෙ නැහැ.
මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මැති ඇමැතිවරුන්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තරය විලි ලැජ්ජා නැති උපහාසාත්මක ලැජ්ජාවෙන් පිරි සිනහවක්.

සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ප්‍රශ්න කළාම සේමසිංහ ඇමැතිවරයා ලැජ්ජාවෙන් හිනාවෙලා මාරු වෙනවා. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මේ....... මේ......... කියලා මාරුවෙනවා.

වෙන රටක නම් මෙහෙම ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමැතිවරයා ඉල්ලා අස්වෙනවා. සෞඛ්‍ය ඇමතිවරයාම කියනවා බිරිඳයි  දුවලයි කියනවලූ ඉල්ලා අස්වෙන්න. ඒත් මම නම් ඉල්ලා අස්වෙන්නෙ නැහැයි කියලා සෞඛ්‍ය ඇමතිවරයාම කියනවා. ලැජ්ජා නහරය කැපිච්ච ඇමතිවරු.



පසුගියදා විකාශය වෙච්ච 'සියත' ටෙලිවැකියකින් හෘද රෝගීන් සඳහා නියම කෙරෙන 'ස්ටෙන්ච්' ගැන කිවුවා. අද ඒවා රෝගීන්ට මිලදී ගන්න වෙලා තියෙන්නෙ ලක්ෂ දෙකට තුනට කියලා 'ලාල් හේමන්ත මාවලගේ ˜ මාධ්‍ය සොයුරා හෙළිදරව් කරන ගමන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වු දොස්තර රාජිත සේනාරත්න හෘද රෝගීන්ට 'ස්ටෙන්ච්' දුන්නෙ නොමිලේ බවත් සදහන් කරනවා. ඒ කියන්නෙ 'කෙහෙළිය', 'ස්ටේන්ච්'  ලක‍ෂ දෙක තුනට විකුණන කොට 'රාජිත' ස්ටෙන්ච් නිකම්ම දුන්නා කියලනේ. දොස්තර රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ඒ පාඩුව වෙනත් දෙයකින් පියවා ගන්න ඇති. ඒත් කෙහෙළිය මොකද කරන්නේ 'ස්ටෙන්ච්' විකුණනවා. මේ හෙළිදරව්ව මම උපුටා ගත්තෙ සියත ටෙලිවැකියෙන්.



කොහොම වුනත් දොස්තර රාජිත සේනාරත්න විතරක් නෙමෙයි ඔහු වගේම හොඳ වැදගත් මහත්වරු සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරලා තියෙනවා. උදාහරණයකට එම්.ඩී.එච් ජයවර්ධන, ධර්මසේන ආටිගල ,රන්ජිත් අතපත්තු වගේ වැදගත් මහත්වරු පෙන්වන්න පුළුවනි.

'කෙහෙළිය සෝලිය'  දැන් සෞඛ්‍යක්ෂේත්‍රයට කොඩිවිනයක් වෙලා. ඒ නිසාම පාර්ලිමේන්තුවේ විපක‍ෂය ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනෙල්ලා. ඒකෙ ප්‍රතිඵලය කොහොම වෙයිද දන්නෙ නැහැ.

කොහොම වුනත් මේ දුෂිත ආණ්ඩුව හෙල්ලෙන දතක් වගේ. එහෙවු ආණ්ඩුවක යන යකා කොරහත් බිඳගෙන යන්නද දන්නෙ නැහැ කෙහෙළිය හදන්නෙ. ඒත් ඒ වෙනකොට මුළු සෞඛ්‍ය සේවාවම කුපීත වෙලා හමාරයි. මැරීගෙන යන රෝගී ලැයිස්තුව ඉස්සරහටත් දික්වෙන එක තමයි වෙන්නෙ.



අනිත් අමාත්‍යාංශ වගේ නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍යය විෂයයක්ෂේත්‍රය ගැන හොඳ දැනුමක් තිඛෙන වෛද්‍ය විද්‍යාව ගැන හසල දැනුමක් ඇති ඖෂධ පිලිබඳ දැනුමක් ඇති මනුස්ස හදවතක් තියෙන මනුස්සකම හඳුනන උගත් වැදගත් මහත්මයෙකුටම විතරයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රෝහල් සේවය ගොඩ දාන්න පුළුවන්. දූෂිත ආණ්ඩුවක් ඇතුලෙ ඉඳන් වුනත් දූෂණයෙන් තොරව සෞඛ්‍ය ඇමති ධුරය බබලවන්න පුළුවන් එවැනි මහත්මයෙකුට විතරයි.



ලංකාවේ අමාත්‍යාංශ අතරින් දැනට නරක් වී දුගඳ හමන සෞඛ්‍ය අමාත්‍යාංශයට කෙලවෙලා යනකල් ලොක්කත් බලා ගෙන ඉන්නෙ සල්ලි මත්තෙම නැහෙන පෞද්ගලික රෝහල් ජාලයක් රජයේ රෝහල් ජාලයෙන් ප්‍රසුත වෙනකල් නම්, අපේ රටේ කිසිම කෙනෙක් රෝගී වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි අපට පුුළුවන්.

රෝගී බවට ඉඩ නොදෙන්න
ඔබ එය හො`දින් අවබෝධ කරගන්න.
සෞඛ්‍යයේ වටිනාකම එයයි.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

''සැමට ම පළමුව සතුට වැතිර ඇත්තේ සෞඛ්‍යය තුළය'' | The Leader