The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාමයට කැමති හාල්මැස්සා

T

The Leader Desk

August 28, 2023 • 5:28 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාමයට කැමති හාල්මැස්සා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ වුවත් මේ පරණ කියුම් අදටත් වලංගුද යන සැකය මා තුළ උපන්නේ ඇතැම් මුහුදු කලාපවලට පිවිසෙන නැව් ගැන ලොකු ලොකු කතා පැතිරෙන නිසාය.
  • ෂියෑන්ස් 6 නමැති මෙම චීන නෞකාව යුද නෞකාවක්ද නොවේ.
  • තව ටික කාලයකදී කොළඹ කොටුවට යාමට චීන එම්බසියෙන් වීසා ගැනීමටත් සිදුවුවහොත් පුදුම විය යුතු නැත.
  • මුහුදු කතාවලින් ලෝක සාතිත්‍යය පිරී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ වුවත් මේ පරණ කියුම් අදටත් වලංගුද යන සැකය මා තුළ උපන්නේ ඇතැම් මුහුදු කලාපවලට පිවිසෙන නැව් ගැන ලොකු ලොකු කතා පැතිරෙන නිසාය. ඒවා මුහුදේ පාර හිටිනවාටත් වඩා සීරියස්ය.

නිදසුනක් හැටියට ඊයේ පෙරේදා දුටු පුවත් සිරස්තලයක් මෙසේය.

ඉන්දීය විරෝධය මැද චීන නැවක් ලංකාවට එනවා!

gettyimages 1242567945 custom a19413f76d18b854ed094377c9bf3dd0c12fee23 s1100 c50
ෂියෑන්ස් 6 නමැති මෙම චීන නෞකාව යුද නෞකාවක්ද නොවේ. එය ජලජ කටයුතු පිළිබඳව පර්යේෂණ කරන්නකැයි කියැවේ. නාරා සංවිධානය සමඟ වැඩ කරන්නකි. එසේ නම් යුද්දෙට නැති නැවක් ගැන චීනය කලබල වන්නේ ඇයි? මේ ප්‍රශ්නයටම අනික් අතටද මතුවෙයි. ඉන්දීය නෞකාවක් චීන මුහුද ආසන්නයට ගියොත් ''චීන පටස්'' පත්තු වෙන්නට ගනී.

දිගු කලකට ඉහත සේද මාවතේ සත්තු පිට බඩු මුට්ටු පටවාගෙන රට රටවලට ගිය මේ උදවිය දැන් වාචික ''නැව් හටන්''වල යෙදෙන්නේ ඇයි? ඒ තමා ජාත්‍යන්තර දේශපාලනය, එසේත් නැත්නම් එක් එක් රටවල විදේශ ප්‍රතිපත්තිය.

සෑමවිටම අනෙකා දෙස සැකයෙන් බැලීම, දියුණු රටවල විදේශ ප්‍රතිපත්තියේ හැටියකි. එක් එක් රටවල නායකයන් හමුවූ විට අතට අත දී බදාගත්තත් සිප ගත්තත් ඔවුන්ගේ බඩේ බිජුය.

තෝරු මෝරු, පොඩි මාළු ගණන් ගන්නේ නැත. හාල් මැස්සා, සාමයට කැමැති වන්නේ මහ එවුන් සමඟ හැප්පෙන්නට බැරි නිසාය. විදේශ ප්‍රතිපත්තියේදීද, මහ බලවතුන් යනු තෝරු මෝරු ය. උස් පොඩි සතුන්ට අනුකම්පා කරන්නේ බඩගිනි ඈනුමක් යනතුරු පමණි.

ඉන්දියාව තෝරෙක් නම්, චීනය මෝරෙකි. සිරිලංකාව සාමයට කැමති හාල්මැස්සෙකි. ඒ නිසා පර් යේෂණ නොව, යුද නැව් ගෙනත් අපේ මුහුදේ නතර කළත් කරන්නට දෙයක් නැත.

Cartoon srilanka sale

අපි හිත හොඳ ජාතියකි. ලෝකයේ වෙනත් කිසිම රටක්, තමන්ගේ ප්‍රධාන නගරය ළඟින් වෙනත් රටකට බිම් කොටසක් ''බදු'' දෙන්නේ නැත. එහෙත් අපි මුහුදින් කොටසක් පුරවා දී චීනයට ''පෝට් සිටියක්'' ම හදාගැනීමට ඉඩ දුන්නෙමු. ඉන්පසු අපි ටිකට් ගෙන ''චීන සිටිය'' නැරුඹීමට පෝලිමේ යන්නෙමු. තව ටික කාලයකදී කොළඹ කොටුවට යාමට චීන එම්බසියෙන් වීසා ගැනීමටත් සිදුවුවහොත් පුදුම විය යුතු නැත. අපි ඒ තරමටම මිත්‍රශීලීය. සාමකාමීය. කොමිස්කාමීය.

මුහුදු කතාවලින් ලෝක සාතිත්‍යය පිරී ඇත. ඒවායේ එන චරිත අපූරුය. මුහුදු කොල්ලකාරයෝද ඒ අතර වෙති. සාමාන්‍යයෙන්, මුහුදු කොල්ලකාරයන් කරනුයේ, සාගරයේ ඇති නැව්වලට කඩා වැදී එහි ඇති වස්තුව සොරා ගැනීමය.

businessman putting money in suit jacket pocket picture id874316744 1500x750

සිරිලංකාවේද මුහුදු කොල්ලකාරයෝ වෙති. එහෙත් ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, ගොඩබිමේ සිටම කොල්ලකෑමය. පොහොර නැව්, විස රසායන නැව්, බෙහෙත් නැව්, තෙල් නැව් ආදියට ඔවුහු විශේෂ ඇල්මක් දක්වති. මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගසන්නාක් මෙන්, සිරි ලාංකික පයිරේට්ස්ලා, නැව් හත්ගව්වක් දුර පෙනෙද්දී, මඩි තරකර ගනිති. මුහුදු හතක් බී නැව් සීයක් ගිලින්නට සමත් ඔවුන් ගොඩ තරකර ගන්නේ ඊළඟ මැතිවරණයට නොව පරම්පරා හතකටය.

පසුගිය ජන අරගලයද පැවතියේ මුහුද ආසන්න ගාලු මුවදොරය. එහිද ප්‍රධාන සටන් පාඨයක් වූයේ මංකොල්ලකාරයන්ගෙන් රට බේරාගත යුතු බවය. එහෙත් අවසානයේ සිදුවූයේ, අරගලයද කොල්ලකෑමකි.

මුහුද සහ නැවියන් පිළිබඳ සිනා කතාද මුහුද තරමටම විශාලය.

එක් වරාය නගරයක, සංවත්සරයකදී නැවක සිට මුහුදට පැනීමේ තරගයක් පැවැත්වුණි. ඒ මොහොතේ මුහුද ඉතා රළු බැවින්, කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. එක්වරම එහි සිටි, සිරි ලාංකිකයෙක් මුහුදට පැන්නේය. ඔහු ජය ගත්තේය. ඔහු අසලට ගිය මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.

''ඔබ මෙවැනි වීර ක්‍රියාවක් කළේ කෙසේදැයි අපට කියනවාද?''

වතුර පෙවී, ගැහෙමින් සිටිමින් සිරි ලාංකිකයා මෙසේ කීවේ කෝපයෙනි.

''මම නැව අයිනට ගියේ සෙල්ෆියක් ගහන්ඩ. කවුදෝ යකෙක් මගෙ ඇඟේ හැපුණානෙ.''

තවත් රස කතාවක් මෙසේය.

වරායක් ආසන්න අවන්හලකදී හමුවූ රූමත් තරුණියක් සමඟ මිතුරු වූ නාවිකයෙක් ඇයට වයින් බීමට ආරාධනා කළේය. ඇගේ, ළමැදෙහි වූයේ නැවක හැඩයට නිමවූ පෙන්ඩනයකි. නැවියා එදෙසම බලනු දුටු තරුණිය මෙසේ කියුවාය.

''ඔයාගෙ හිත නැව්වලම තමයි නේද?''

''නෑ. මං බලං හිටියෙ හාබර් එක දිහා.''


(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...