The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

දුෂණ විරෝධී පනත ගැන විවේචනවලට හේතුව මතවාදීමය ද? කම්මැලිකම නිසා ද ? -(මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

September 1, 2023 • 8:28 AM

දුෂණ විරෝධී පනත ගැන විවේචනවලට හේතුව මතවාදීමය ද? කම්මැලිකම නිසා ද ? -(මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ දූෂණය පිළිබඳ ගැටලුව විසඳීමේ දුර්වලකම වන්නේ නීතියේ අඩුපාඩුව නොවන බවයි.
  • දුර්වල ලෙස බලාත්මක කර ක්‍රියාත්මක කළ නීති අපට සැමවිට ම තිබුණි” යන්නයි.
  • එසේ වුව ද, එවන් උත්සාහයන් සද්භාවයෙන් නොකළහොත් යහපාලනය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත.
  • ඔක්කම්ගේ දැලි පිහිය (Occam’s Razor) නමැති රීතිය (මෙමගින් කියන්නේ සරල සහ සංකීර්ණ හේතු අතරින් තෝරා ගත යුතු නම්, සරල හේතුව තෝරාගත යුතු බවයි) යොදා ගන්නේ නම් කිව හැක්කේ සමස්ත හෙළාදැකීම් ප්‍රමාණවත් ලෙස පැහැදිලි කරන්නේ කම්මැලිකම වශයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ දූෂණය පිළිබඳ ගැටලුව විසඳීමේ දුර්වලකම වන්නේ නීතියේ අඩුපාඩුව  නොවන බවයි. දුර්වල ලෙස බලාත්මක කර ක්‍රියාත්මක කළ නීති අපට සැමවිට ම තිබුණි” යන්නයි. ජවිපෙ නායකයා ප්‍රකාශ කළේ යැයි කැපී පෙනෙන ලෙස වාර්තා කර තිබු, පැවති නීතිය ප්‍රමාණවත් බව සහ එකම ප්‍රශ්නය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව නොතිබීම යන ප්‍රකාශය මෙමගින් ප්‍රතිරාවය වී තිබේ. 

එබඳු සමස්ත ප්‍රකාශ කරනු වෙනුවට, පැවති නීතිය විශ්ලේෂණය කිරීමට හෝ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ (CIABOC) දුර්වල කාර්ය සාධනයට හේතු විමසා බැලීමට හෝ, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙස සේවය කළ පළපුරුදු වෘත්තිකයන්ගේ විශ්ලේෂණ තක්සේරු කිරීම් තේරුම් ගැනීමට හෝ, සංකීර්ණ නීතියක් වූ අලුත් පනතේ වගන්ති පරීක්ෂා කිරීමට හෝ, උත්සාහයන් විරලය. එසේ වුව ද, එවන් උත්සාහයන් සද්භාවයෙන් නොකළහොත් යහපාලනය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත.

ඔක්කම්ගේ දැලි පිහිය (Occam’s Razor) නමැති රීතිය (මෙමගින් කියන්නේ සරල සහ සංකීර්ණ හේතු අතරින් තෝරා ගත යුතු නම්, සරල හේතුව තෝරාගත යුතු බවයි) යොදා ගන්නේ නම් කිව හැක්කේ සමස්ත හෙළාදැකීම් ප්‍රමාණවත් ලෙස පැහැදිලි කරන්නේ කම්මැලිකම වශයෙනි. මෙහි දී ඊට වැඩි දෙයක් සිදු වන්නේ ද? 

නීති සම්පාදනය අවශ්‍ය කොන්දේසියක් ලෙස 

image bf7a8b59b9
එහි නමින් පැහැදිලි වන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ (CIABOC) ප්‍රමුඛ කාර්යය වන්නේ විමර්ශනය යි.  පැවති පැරණි ක්‍රමය යටතේ, CIABOC වෙත පොලිසියෙන් අනුයුක්ත කරන ලද විමර්ශකයින් කොමිසමට වග කිව යුතු වුයේ නැත. CIABOC සේවකයින් නොවීම නිසා ඔවුන්ගේ පක්ෂපාතිත්වය වෙනත් තැනක රැඳී තිබිණි. ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් පිළිබඳ තීරණ ගන්නා ලද්දේ  පොලිසියේ ඔවුන්ගේ ඉහළ නිලධාරීන් විසිනි. 

# ආණ්ඩුවක් වෙනස් වූ විටෙක, ස්ථාන මාරු ලබාදීම සිදුවිය. නරක ම දෙය වුයේ විශේෂිත විමර්ශකයින් තෝරාගෙන පලිගැනීම් වශයෙන් දුර බැහැර ස්ථානවලට මාරු කිරීමට යැවීමයි. මේ හේතුවෙන් ස්වභාවිකව ම ඔවුන්ගේ විමර්ශන කැපවීම බාල වීමට ඉඩ තිබිණි. නව පනත මගින් මෙම මූලික දෝෂය නිවැරදි කිරීමට හැකි වෙයි. අවශ්‍ය පිරිස් බඳවා ගැනීමටත්, ඔවුන් සම්බන්ධයෙන් විනය පාලනයක් ක්‍රියාත්මක කිරීමටත් කොමිෂන් සභාවට දැන් බලය ලැබී ඇත. ඇත්ත වශයෙන්ම, මෙය ප්‍රමාණවත් අරමුදල් වෙන් කර තිබේද යන්න මත මෙන්ම, සේවක සංඛ්‍යාව සහ ගෙවීම් පිළිබඳ කොමිසමේ තීරණ අහිතකර ලෙස සීමා කර නොතිබීම මත ද රඳා පවතිනු ඇත.

# පෙර පැවති පනත යටතේ කොමිසමට පොලිසිය සමග හෝ මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය සමඟ හෝ  ඒකාබද්ධ විමර්ශනවලට  (හෝ තොරතුරු හුවමාරු කර ගැනීමට පවා)  හැකියාවක් නොතිබිණි. අපේ කාලයේ අල්ලස හා දූෂණය යනු ලියුම් කවරයක් මේසය යටින් ලබාදීමට වඩා සංකීර්ණ ක්‍රියාවන් බව අවිවාදිත කරුණකි. සූක්ෂම අපරාධ විමර්ශනය සඳහා සූක්ෂම පරීක්ෂණ ක්‍රමවේද සහ දක්ෂ විමර්ශකයින් ද අවශ්‍ය වෙයි. නව පනත යටතේ අවශ්‍ය විශේෂඥ දැනුම ඇති ආයතන සමඟ ඒකාබද්ධ විමර්ශනවලට පැහැදිලිව ම අවසර ලබා දී තිබේ.

# පැරණි පනත යටතේ බොහෝ නඩු පැවරීම් අසාර්ථක වූයේ සෑම අධිචෝදනා පත්‍රයක් ම  සියලුම කොමසාරිස්වරුන් විසින් අත්සන් කරනු ලැබිය යුතු බවට අධිකරණය තීරණය කළ බැවිනි. නව නීතිය  මඟින් කොමිසමේ මඟපෙන්වීම මත අපරාධ නඩු පැවරීමේ බලය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇත. එය සංවරණ සහ තුලන ඇතුළත් විධිවිධානයකි.

# පැරණි පනත අනුව සියලු නඩු පැවරීම් සිදු කිරීමට සිදු වුයේ කොමිසමට ය. එහි නීතීඥයින්ට නීතිපති දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේ සමානයන්ට තරම් ගෙවීම් නොලැබුණු අතර සංකීර්ණ නඩු පැවරීමේ අත්දැකීම් අඩු ව තිබිණි. නව පනත මගින් නඩු පැවරීමේ දී නීතිපතිවරයාගේ සහය ලබා ගැනීමට කොමිසමට අවස්ථාව සලසා දී ඇත.

රමකැ දෙ ක්අFe6QvO3UAAEUI8k

# පැරණි පනත යටතේ වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රියා පටිපාටිය අනුව සෑම වසරක ම කඩදාසි පිටපත් සම්පූර්ණ කර ඒවා ආරක්ෂිත තත්ත්‍වයේ තබා ගන්නවා හෝ නොගන්නවා හෝ විය හැකි, නම් කරන ලද නිලධරයන්ට ඉදිරිපත් කිරීම අවශ්‍ය වූ අතර එය බෙහෙවින් අසතුටුදායක ක්‍රමයක් වී ය. නව පනත මඟින් අතරමැදියන් කපා හරින මාර්ගගත වත්කම් ප්‍රකාශන ක්‍රමයක් හඳුන්වා දී තිබේ. සංවේදී පුද්ගලික තොරතුරු ඉවත් කර පොදු වත්කම් ප්‍රකාශ කිරීමේ විධිවිධාන හඳුන්වා දී ඇත. වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරීම පැරණි නීතිය යටතේ වරදක් විය.

හඳුන්වා දී ඇති වෙනස්කම් සහ ඉහත පැහැදිලි කිරීම් දෙස බලන ඕනෑම සාධාරණ මනසක් ඇති අයෙකුට පෙර පැවති නීතියේ බරපතළ අඩුපාඩු තිබු බව පෙනී යනු ඇත. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ හෝ කොමසාරිස්වරයෙකුගේ "කැමැත්ත" කෙතරම් තිබුණද, දඬුවම් මාරු ගැන බියෙන් සිටින පොලිස් නිලධාරීන් සමග සාර්ථක විමර්ශනයක් කළ නොහැකි බව පැහැදිලිය. අවශ්‍ය දක්ෂ පුද්ගලයින් සහ හවුල්කාරිත්වය නොමැතිව ද සුක්ෂම මූල්‍ය අපරාධ විමර්ශනය කළ නොහැකි ය. ඒවා සොයා බැලීමට කැමති අය සඳහා, ක්‍රියා පටිපාටි අසාර්ථකත්වය පිළිබඳ තවත් සාක්ෂි තිබේ.

Bribery Commission

මෙය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවෙහි දුර්වල ක්‍රියාකාරිත්වයට හේතු වූ, කලින් පැවති නීතියේ තිබු ප්‍රශ්න පිළිබඳ නියැදියක් පමණකි. සාර්ථක ලෙස නඩු පැවරීම සඳහා පැවති නීතිය හොඳට ම ප්‍රමාණවත් බව මතවාදී පෙළඹීමකින් යුතු ජවිපෙ නායකයා පැවසීම තේරුම් ගත හැකිය. ජනතා විමුක්ති පෙරමුණට අනුව එක ම අර්ථවත් ප්‍රතිසංස්කරණය වන්නේ ඔවුන් බලයට පත්කිරීම යි.

එසේ වුවත්, ඉහත සඳහන් කළ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරයා වැනි අනෙකුත් අය ගැන කුමක් කිව හැකිද? ඔවුන් ද මතවාදීමය වශයෙන් මෙහෙයවනු ලබනවාද? නැතහොත් හුදෙක් කම්මැලි ද?  සමස්ත හෙළාදැකීමේ ක්‍රියා මාර්ගයනට වැඩි බරක් දෙමින්, ඉහතින් ඉදිරිපත් කළ සාක්ෂිවලට අඩු බරක් දෙන මාධ්‍යවේදීන් ගැන කිව හැක්කේ කුමක් ද ?

ප්‍රමාණවත් කොන්දේසි 

ඉහත ලිපිය සඳහා විද්‍යුත් තැපෑලෙන් යැවූ  ප්‍රතිචාරයේ මා සඳහන් කළේ  “ඇත්ත වශයෙන් ම, ක්‍රියාත්මක කිරීම ප්‍රධාන ය. ඒ සඳහා කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය සහ කැපවීම (ඔවුන්ගේ වැටුප් පැකේජ සහ සේවා කොන්දේසි මත රඳා පවතී) සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කොමිෂන් සභාව විසින් සපයනු ලබන නායකත්වය ප්‍රමාණවත් කොන්දේසි වේ. පනත මගින් අවශ්‍ය කොන්දේසි නිර්මාණය කර තිබේ” යනුවෙනි.

ප්‍රමාණවත් කොන්දේසි සපුරා තිබේද යන්න විනිශ්චය කිරීමට තවමත් කල් මදිය. අඩුම තරමින් 2020 දී මෙන්, රාජපක්ෂ පවුලට ඇති භක්තිය ප්‍රධානතම සුදුසුකම වූ පුද්ගලයන් මෙම වැදගත් හා සංවේදී සංවිධානයට පත්කිරීම් ජනාධිපති ධුරය දරන පුද්ගලයාගේ තනි අභිමතය පරිදි දැන් සිදු නොවේ. දැන්, 21 වැනි සංශෝධනය සහ දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ කොමසාරිස්වරුන් තිදෙනාම සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය. අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහි ආරක්ෂණ දැන් පවතී.

ප්‍රධාන නිගමන

දූෂණ විරෝධී පනතේ කෙටුම්පත 2018 දී අවසන් කරන ලද්දේ, එවකට බලාත්මක වූ දෝෂ සහිත නීතිය ක්‍රියාවට නැංවීමේ දුෂ්කර කාර්යය කළ අයගේ අත්දැකීම් මත පදනම්ව සහ අල්ලස් හා දූෂණ ක්‍රියාවන් මැඩපැවැත්වීමේ දී සහ නඩු පැවරීමේ දී අසාමාන්‍ය ප්‍රගතියක් හිමි කරගෙන ඇති හොංකොං වැනි අධිකරණ බල ප්‍රදේශවල පාඩම් උකහා ගනුමින් ය.

පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු සැලකිය යුතු සංශෝධන සංඛ්‍යාවක් ඇතුළත් කිරීමෙන් ඔප්පු වූ පරිදි කිසිදු කෙටුම්පතක් පරිපූර්ණ නොවේ. දනුම් තේරුම් ඇති පුරවැසියන් සහ සංවිධාන කළ යුතු වන්නේ,  එකඟතා ඇතිකර ගත යුතු ඉල්ලීම් ගණනාවක් ඇති නිසා, ඔවුන් ඉල්ලා සිටින  සියලු වෙනස්කම්වලට ඉඩ දිය නොහැකි බව අවබෝධ කර ගනිමින්, කෙටුම්පත වැඩිදියුණු කිරීම සහතික කිරීම සඳහා තීරණ ගන්නන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම යි. නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භයේ දී ම ධවල පත්‍රිකා නිකුත් කිරීමේ සහ දැනුමැති පුද්ගලයන්ගෙන් සහ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබා ගැනීමේ පුරුද්දට අපට ආපසු යා හැකි නම්, එය වඩාත් යහපත් වනු ඇත.

මේ සියල්ල සඳහා නීති කෙටුම්පත් ක්‍රියාවලිය කළමනාකරණය කරන්නන්ගේ සහ පුරවැසියන්ගේ සහ සංවිධානවල කැපවීම සහ උත්සාහය අවශ්‍ය වේ. නීති සම්පාදනය කෙරෙහි දැනට පවතින කම්මැලි සහ/හෝ මතවාදී ප්‍රවේශය ඉවත් කළ නොහැකි නම් අවම කළ යුතුය.

ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net
 




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දුෂණ විරෝධී පනත ගැන විවේචනවලට හේතුව මතවාදීමය ද? කම්මැලිකම නිසා ද ? -(මහාචාර්ය රොහාන් සමරජීව) | The Leader