The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

හරි ලස්සන අශ්වයා

T

The Leader Desk

September 1, 2023 • 3:59 PM

හරි ලස්සන අශ්වයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වුණත් අශ්වයෙක් කියන්නෙ මිනිහගෙම නිර්මාණයක් මිස නිකම්ම සතෙක් නෙවෙයි.
  • පරිවර්තිකාව, මීට ඉහතදීද සෝවියට් යෞවන සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කර ඇති තරුණ ලේඛිකාවක වන අරුන්දි ජයසේකර ය.
  • දී ලෙනින්ග්‍රාඩ් කලායතනයෙන් නාට්‍ය විචාරය පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත් ඔහු කලා ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු ලෙස වසර වසර 20ක් සේවය කළේය.
  • කෘති 42ක කතුවරයා වන ඔහුගේ පළමු යෞවන සාහිත්‍ය කෘතිය වූ මෙය, ඔහුගේ වඩාත් ජනප්‍රියත්වයට පත් කෘති අතරින් එකකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ වුණත් අශ්වයෙක් කියන්නෙ මිනිහගෙම නිර්මාණයක් මිස නිකම්ම සතෙක් නෙවෙයි. මිනිහයි අශ්වයාව මැව්වෙ! ඔව්, මිනිහෙකුට අසනීප වුණාම අශ්වයෙක් ජීවිතේ වුණත් පරදුවට තියාවි, මිනිහව රැකගන්න. අශ්වයෙකුට අනතුරක් වුණාම ඌ වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කැප වෙන එක මිනිහගේ යුතුකම! නැත්නම් ඒකාට මිනිහා කියන්න වටින්නෙ නෑ...”

යෞවනය මත ගැඹුරු කුර සටහන් තබන ‘හරි ලස්සන අශ්වයා’

යෞවන සාහිත්‍ය කෘතියකින් අපේක්ෂිත අරමුණු බොහෝ ගණනක් ඉටු වෙතැයි ඉඳුරාම කිව හැකි විශිෂ්ට කෘතියක් සිංහල භාෂාවෙන් පළ වී තිබේ. ‘හරි ලස්සන අශ්වයා’ නමින් එළිදුටු එය, ජීවමාන සෝවියට් සාහිත්‍යකරුවකු වන බොරිස් අල්මසෝව් විසින් රචිත The Most Beautiful Horse කෘතියෙහි සිංහල පරිවර්තනයයි. පරිවර්තිකාව, මීට ඉහතදීද සෝවියට් යෞවන සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කර ඇති තරුණ ලේඛිකාවක වන අරුන්දි ජයසේකර ය.


Boris Almazov
1960 දශකයේදී සාහිත්‍යකරණයට පිවිසි සෝවියට් ලේඛකයකු වන අල්මසෝව්, ක්ෂේත්‍ර කිහිපයකින්ම සාර්ථකත්වයට පත් පර්යේෂණාත්මක නිර්මාණකරුවෙකි. 1968දී ලෙනින්ග්‍රාඩ් කලායතනයෙන් නාට්‍ය විචාරය පිළිබඳ විශේෂ උපාධියක් ලබාගත් ඔහු කලා ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු ලෙස වසර වසර 20ක් සේවය කළේය. කෘති 42ක කතුවරයා වන ඔහුගේ පළමු යෞවන සාහිත්‍ය කෘතිය වූ මෙය, ඔහුගේ වඩාත් ජනප්‍රියත්වයට පත් කෘති අතරින් එකකි. මෙය භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති අතර අල්මසෝව්ගේම තිර පිටපත් රචනයෙන් සිනමා පටයක්ද නිර්මාණය වී තිබේ.



රුසියානු විප්ලවයෙන් දසක හයකට පසුව පළ වූ මෙම කෘතියට පසුබ්ම් වන්නේ නූතන තාක්ෂණයෙන්ද දියුණු පහසුකම්වලින්ද පොහොසත්, බාහිර ලෝකය වෙත වඩාත් විවෘත වූ පූර්ව- පෙරස්ත්‍රොයිකා යුගයේ සෝවියට් යෞවනයයි. එහි අභිලාෂද, පුරුෂාර්ථද අපට වඩාත් හුරු පුරුදු පූර්ව හෝ පශ්චාත් විප්ලවීය සාහිත්‍යයේදී හමු වන ඒවාට වඩා වෙනස්ය. දියුණු ප්‍රවාහන පහසුකම්ද, දුරකථන සබඳතාද, රූපවාහිනිය වැනි පෙරළිකාරී සන්නිවේදන මාධ්‍ය හා සිනමාවද, නව තාක්ෂණයද ඔවුන්ට නව ලෝකයක් විවර කර දුනි. පැරණි සමාජයේ හරයන් හා නූතන සමාජ අභිලාෂයන් අතර සීතල යුද්ධයක් මැදින් ඔවුන්ගේ යෞවනය ගලා යයි.

සමකාලීන යෞවන දිවියේ රිද්මය හා නොපෑහෙනසුලු බවකින් හා ස්වකීය අනන්‍යතාව පිළිබඳ අවිනිශ්චිතබවකින් පසුවන ‘පොනොමරියෙව්’ මෙහි ප්‍රධාන කතා නායකයාය. සෙස්සන් විසින් පටබැඳි ‘පැනමා’ යන විකට නමට සුවච ලෙස අනුගතව සිටින ඔහු, අහම්බෙන් හඳුනාගන්නා සහජාශාවකින් හා අපූරු ගුරුවරයකු කෙරෙහි ඇති වන ආකර්ෂණයකින් පිබිද සිය අනන්‍යතාව සොයා ගනී. හාස්‍ය රසයෙන්ද නාටකීය අවස්ථාවන්ගෙන්ද ගහන රසවත් කතාන්දරයක් ලෙස ගොඩනැඟෙන එය මියුරු රස කැවූ අනගි ඔසුවක් මෙන් ගැඹුරු යටිපෙළ අරුත්ද දරා සිටී.

zfsfdf

අධ්‍යාපනඥයකු ලෙස අල්මසොව් සතු ගැඹුරු පරිචය, කෘතිය කෙරෙහි විහිදුවා ඇති ආලෝකය අතිමහත්ය. පැරණි සම්ප්‍රදායෙහි වටිනාකම් උකහාගත්, එමෙන්ම නූතන පරපුරේ ආකර්ෂණය දිනාගැනීමට අවශ්‍ය නිර්මාණශීලී ගුණයෙන්ද පොහොසත් බොරිස් ස්ටෙපනොවිච් නම් තරුණ ගුරුවරයාගේ චරිතය අල්මසොව් සිය අධ්‍යාපන දර්ශනය පිළිබඳ ආදර්ශ රූපය ලෙස ගොඩනැගූ බව සිතිය හැකිය. ඔහු සිය ප්‍රියතම ගෝලයා වන පොනොමරියෙව් කැටිව යන්නේ තම අශ්වාරෝහක පුහුණුකරු වන ඩෙනිස් ප්ලැටනොවිච් වෙතය. ඔහු දැඩි විනය හා දණ්ඩනය පාදක කරගත් රළුපරළු පැරණි අධ්‍යාපන ක්‍රමයේ සංකේතයකි. ඔහුගේ බස කඨෝරය, පැවතුම් අධිකාරීවාදීය, නිර්දයය. ඇසුර ප්‍රියමනාප නොවේ. ඔහුම කියන පරිදි, ඔහු සරත් සෘතුවේදී පුහුණුවට බඳවාගන්නා සිය දෙනාගෙන්, වසන්ත කාලය එළැඹෙන විට ඉතිරි වන්නේ පස් දෙනෙකු පමණි



එහෙත් ඔහු ඇසුරෙහි අසුන් හැසිරවීමේ දුෂ්කර ශිල්පය හදාරන පොනමරියෙව්, ඒ නිර්දය පුහුණුකරුවා තුළ සිටින කාරුණික හදවතකින් හා අප්‍රමාණ පෞරුෂයකින් යුතු මිනිසා ක්‍රමයෙන් හඳුනාගැනීමට සමත් වෙයි. අවසන් මහා තරගයේදී නීරෝ නම් දඩබ්බර අසු, අන්තිම කඩුල්ල ජයගැනීම කරා මෙහෙයවන පොනමරියෙව් දෙස දෑස් දල්වා බලා සිටින ප්ලැටනොවිච්, නළලත නැඟුණු දහඩිය අත්ලේන්සුවෙන් පිසදා ගනී. එය දුෂ්කරම කඩුල්ල පැන ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුත් සිසුවකු ලොවට දායාද කිරීමේ වෙහෙස හා සංතෘප්තිය පිළිබඳ සංකේතයකි.

cvnfhgපැරණි අධ්‍යාපන ක්‍රමයද, සමාජ ක්‍රමයද නූතන යුගය දක්වා පරිණාමය වෙද්දී ක්‍රමයෙන් මඟහැරී ගිය යමක් පිළිබඳ තියුණු සිහි කැඳවීමක් විදුලි සැරයක් සේ මෙම කෘතිය පුරා වරින් වර ඉස්මතු වනු දැකිය හැකිය. ඒ අන් කිසිවක් නොව ‘හෘදයසාක්ෂිය’යි. අශ්වයින් හා මිනිසුන් අතර සබැඳියාවෙහිද, මිතුරන් අතර සබැඳියාවෙහිද, ගුරුවරයා හා සිසුන් අතර සබැඳියාවෙහිද, දෙමාපියන් හා දරුවන් අතර සබැඳියාවෙහිද වරින්වර ගටා හෘදසාක්ෂියෙහි ගිනි පුළිඟු නැංවීමට අල්මසොව් සමත් වෙයි.

කෘතියෙහි චරිත නිරූපණය ප්‍රබලය, විචිත්‍රය, නාටකීයය. සෑම චරිතයකටම‍; පුහුණු පාසලේ සිටින අශ්වයින්ට පවා තමන්ගේම සුවිශේෂ අනන්‍යතාවන් ඇත. එක් දර්ශනයකදී පමණක් මුණගැසෙන ගැල් පදවන මහල්ලාට පමණක් නොව, වෙරිකාරයා යැයි නම් ලද කේන්තිකාර අසුට පවා තමන්ගේම කතාවක් තිබේ.

පොනොමරියෙව්ගේ පන්ති සගයින්, අනාගත සමාජයෙහි පිළිබිඹුවකි. විවිධාකාර ගතිගුණ හා ආකල්පවලින් යුතු ඔවුන්, සුදුසු අවස්ථාවන් හා උත්තේජනයන් ලදහොත් වඩාත් යහපත් මිනිසුන් වීමේ විභවයද දරා සිටින බව අල්මසෝව් අපට සියුම් ලෙස සිහිපත් කර දෙයි.



අශ්වයන් පිළිබඳ අපමණ ආදරයක් හා සංවේගයක් දනවන අපූරු තොරතුරු රැසක් මේ කතන්දරයට ඇතුළත්ය. පොනොමරියෙව් සහ පශු වෛද්‍යවරයා අතර ඇතිවන විවාදය, විනිශ්චය කිරීමට අපහසු බරපතළ ගැටලුවක් පාඨකයාට භාර කරයි. පොනමරියෙව් හා උල්කා නම් අශ්වයා අතර ගොඩනැඟෙන ආදරණීය මිත්‍රත්වය, සෙසු සියලු සබඳතා යහපත් කිරීම කෙරෙහි ඇති කරන බලපෑම විස්මිතය.



තරගකාරීබවද, දඟකාරකම්ද, නිදහස දිනාගැනීමේ අනවරත අරගලයද, වීරත්වය හා ප්‍රේමයද ඇතුළු යෞවනයේ සියලු දිශානති කරා ආලෝකය විහිදුවන මෙම කෘතිය ලාංකීය යෞවන ජීවිත කෙරෙහිද ආලෝකයක් වනු නිසැකය.

(නිලංක විල්ගමුව)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...