The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : රොකට් සහ පිරමීඩ්

T

The Leader Desk

September 2, 2023 • 3:54 PM

කපිල කුමාර කාලිංගගේ හීසරය : රොකට් සහ පිරමීඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරි ලංකාවේ එකෙක්ද රොකට් එකක් හැදුවේය.
  • ඒවා දකින විට නම් හිතෙන්නේ කවදා හෝ රොකට්ටුව අපේ කර පිටටම වැටෙන්නට ඉඩ ඇති බවකි.
  • ජීවන බරින් තුන්කුදු වී සිටින මෙරට ජනතාවගේ හිස මතට අඩු වී ඇත්තේ රොකට්ටුවක් පමණි.
  • වාස්තු විද්‍යාත්මකවත්, පුරාවිද්‍යාත්මකවත් ඒවායේ ඇති අපූර්වත්වය නිසා පිරමීඩ ලෝකයේ පුදුම හතටද ඇතුළු කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



සිරි ලංකාවේ එකෙක්ද රොකට් එකක් හැදුවේය. එය ආ ගිය අතක් නැත...''

මේ, මෑතකදී සමාජ මාධ්‍යයක දුටු සටහනකි. සිරි ලන්කන් රොකට්ටුවට ගිය මහා මුදල් කන්දරාව ගැනද නිල නොවන කතා අසන්නට දකින්නට ලැබේ. ඒවා දකින විට නම් හිතෙන්නේ කවදා හෝ රොකට්ටුව අපේ කර පිටටම වැටෙන්නට ඉඩ ඇති බවකි. ජීවන බරින් තුන්කුදු වී සිටින මෙරට ජනතාවගේ හිස මතට අඩු වී ඇත්තේ රොකට්ටුවක් පමණි.

රොකට් කතා කෙමෙන් ඇකී මැකී යද්දී පිරමීඩ් කතාවක් මතුව එයි.

පිරමීඩ් තිබෙන්නේ ඊජිප්තුවේය. වාස්තු විද්‍යාත්මකවත්, පුරාවිද්‍යාත්මකවත් ඒවායේ ඇති අපූර්වත්වය නිසා පිරමීඩ ලෝකයේ පුදුම හතටද ඇතුළු කෙරුණි.

සිරි ලංකාවේ දැන් දක්නට ඇත්තේ මුදලින් ඉදිවන නැත්නම් මුදල් ගොඩගසන පිරමීඩ්ය. මහ බැංකුවට අනුව නම් මේ පිරමීඩ ජනතාව රවටන මුළා කරන ගේම් එකකි. ඇසට දැක නැති අපේ රොකට් එක වගේම අමුතු ජාතියේ රුකට් එකකි.



මෙය මුදල් හඹා යන සමාජයකි. දැන දැනම අමාරුවේ වැටෙන්නේ ඒ නිසාය. වැඩිපුර මුදල් රුස් කිරීමට පිරමීඩ තුළට රිංගීමට ගොස් අතේ තිබෙන ගාණටත් තට්ටු වූ පසු පොලීසි යති. මහ බැංකුවට පැමිණිලි කරති. මහ බැංකුවද පරීක්ෂණ පවත්වා ඇතැම් පිරමීඩ් තහනම් කරයි. එහෙත් එකක් වැසෙන විට තව තවත් පිරමීඩ් මතුවෙයි. ඒ අනුව බලන කල ඊජිප්තුවටත් වඩා පිරමීඩ් තිබෙන්නේ සිරි ලංකාවේය. එය වැඩිකල් නොගොස් අටවැනි පුදුමයට පත්වීමටද ඉඩ ඇත. එහෙත් කනගාටුවට කාරණය වන්නේ රට තුළ පිරමීඩ් වැඩි වන තරමට මෙහි මෝඩයෝද වැඩි වැඩියෙන් බිහිවන බව ලොවට හෙළිවීමය.



මේ සියල්ලටම හේතුව තණ්හාව යැයි කියමින් ඇඟ බේරා ගැනීමට අප සූදානම් නැත.

මීට දෙතුන් වසරකට පෙර මම ''බැංකු වීරයා'' නමින් නාට්‍යයක් කළෙමි. එය ලිවීමට මා පෙළඹුණේ ඒ දිනවල නිතර නිතර මෙරට සිදුවූ බැංකු කොල්ලයන්ය.

බැංකුවක් කොල්ලකෑමට සිතීමම ෆැන්ටසියකි. එහෙත් එය ජීවිතයත් මරණයත් අතර කෙරෙන අවදානම් වැඩකි.

මගේ නාට්‍යයේ එන ප්‍රධාන චරිතය බැංකුවක් කොල්ලකෑමට එන තරුණයෙකි. ඔහු බැංකු හොරකු වුවත් බැංකු සේවක පිරිසගේ සහයෝගය (අනුකම්පාවද) ලබාගන්නට සමත් වෙයි. අවසානයේදී ප්‍රේක්ෂකයාද බැංකු වීරයාගේ පැත්තේය. ඒ අනුව බැංකු හොරා, බැංකු වීරයෙක් බවට පත්වෙයි.

නාට්‍යයේ එක් අවස්ථාවක ''බැංකු වීරයා''ගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙයි.

''තමුසෙට මොකටද බැංකුවකම සල්ලි ඕන වෙන්නෙ?''

එවිට ''වීරයා'' දෙන පිළිතුරින් පැහැදිලි වන්නේ ඔහුගේ ප්‍රශ්න විසඳීමට ඒ සා විශාල මුදලක් අවශ්‍ය වන බවය. පිරමීඩ පස්සේ දුවන පිරිසත් බැංකුවක් කඩා තම ප්‍රශ්න විසඳා ගැනීමට සොරුනුත් අතර වැඩි වෙනසක් නැත. හොඳින් හෝ නරකින් අවශ්‍යව තිබෙන්නේ මුදල්ය. පිරමීඩයක් තරම් උසට මුදල්ය.



මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහද පවසන්නේ පිරමීඩ ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නම් ජනතාවගේ සහයෝගයද අවශ්‍ය බවය. කතාව ඇත්තකි. එහෙත්, ජනතාවත් සහාය දෙන්නේ පිරමීඩ් හදන ''පාරාවෝලා''ට නම් අන්තිමේට සිදුවන්නේ, වැටත් නියරත් දෙකම ගොයම් කෑමය.



ලෝක ප්‍රකට නාට්‍යකරු බර්ටෝල් බ්‍රෙෂ්ට් බැංකු සම්බන්ධයෙන් බරපතළ - උපහාස කියුමක් පවසා ඇත. ඒ මෙසේය.

''බැංකුවක් ආරම්භ කිරීම ම යනු කොල්ලයකද ආරම්භයකි.''

බීමත් සොරුන් දෙදෙනෙක් රාත්‍රී කාලයේ කිසියම් බැංකු ගොඩනැගිල්ලක් තුළට පැන ගත්හ. අන්ධකාරය නිසා කිසිවක් සොයාගත නොහැක.

''සේප්පුවක'' දොරක් හැරගත් සොරෙක් අනෙකාට මෙසේ කීය.

''ඒයි, සල්ලි නං නෑ.... වයින් බෝතල් ටිකක් නං තියෙනවා වගේ.''

''එහෙනං ඕකවත් අරං යමු.''

පසුදින පුවත්පත් සිරස්තලයක මෙසේ කියැවුණි.

''ලේ බැංකුවටත් සොරු කඩා පනිති.''




Kapila Kumara Kalinga 1(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...