The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

බණ්ඩාර වන්නියන්: ලාංකීය දෙමළ ජනයා මෙම රජු විරුවෙකු ලෙස සලකන්නේ ඇයි?

T

The Leader Desk

September 2, 2023 • 5:07 PM

බණ්ඩාර වන්නියන්: ලාංකීය දෙමළ ජනයා මෙම රජු විරුවෙකු ලෙස සලකන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් එකල මුලතිව්හි පිහිටා තිබූ බ්‍රිතාන්‍ය බලකොටුව අත්පත් කරගැනීමේ ජයග්‍රාහී දිනය පසුගිය අගෝස්තු මස 25 වනදා සමරනු ලැබුණි.
  • මුලතිව් - ඔඩ්ඩුසූඩාන් ප්‍රදේශයේ බණ්ඩාර වන්නියන්ගේ පිළිරුව ස්ථාපනය කර ඇත.
  • මෙම ස්ථානයේ බ්‍රිතාන්‍යයන් විසින් බණ්ඩාර වන්නියන් උදෙසා ස්මාකරයක් ද ඉදිකර ඇති අයුරු දැකගත හැකි ය.
  • අවසන් වන්නි පාලකයා සහ අවසන් දෙමළ රජුන් වන බණ්ඩාර වන්නියන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව දෙමළ රජුන් සිදුකළ සපථය 1796 වසරේ දී ලංකාව තුළ බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් එකල මුලතිව්හි පිහිටා තිබූ බ්‍රිතාන්‍ය බලකොටුව අත්පත් කරගැනීමේ ජයග්‍රාහී දිනය පසුගිය අගෝස්තු මස 25 වනදා සමරනු ලැබුණි.

මෙම සැමරුම වාර්ෂිකව මුලතිව් ප්‍රදේශයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

මුලතිව් - ඔඩ්ඩුසූඩාන් ප්‍රදේශයේ බණ්ඩාර වන්නියන්ගේ පිළිරුව ස්ථාපනය කර ඇත. මෙම ස්ථානයේ බ්‍රිතාන්‍යයන් විසින් බණ්ඩාර වන්නියන් උදෙසා ස්මාකරයක් ද ඉදිකර ඇති අයුරු දැකගත හැකි ය.

මෙරට පැවැති සිවිල් යුද සමයේ දී මෙම ස්මාරක විනාශ වී ගිය ද, ඉන් පසු ප්‍රදේශවාසීන් විසින් එය නැවතත් පිළිසකර කර තිබේ.

cvxedrfeඅවසන් වන්නි පාලකයා සහ අවසන් දෙමළ රජුන් වන බණ්ඩාර වන්නියන්



බ්‍රිතාන්‍යයන්ට එරෙහිව දෙමළ රජුන් සිදුකළ සපථය

1796 වසරේ දී ලංකාව තුළ බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ විය.

ලන්දේසි යුගයේ දී ඔවුන්ට එරෙහිව සටන් කිරීම හේතුවෙන් ඕලන්ද පාලකයෝ බණ්ඩාර වන්නියන් ඔහුගේ තනතුරෙන් නෙරපා දැමීමට කටයුතු කළහ. අනතුරුව බ්‍රිතාන්‍යයන් ඔහුට නැවතත් ඔහුගේ රාජ්‍යය ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, රජු බ්‍රිතාන්‍යයන් රටින් පළවා හැරීම සඳහා වන අරගලය ආරම්භ කරන බවට සපථ කළේයැ යි ඉතිහාස සටහන්වල දැක්වෙයි.

cfghtyබ්‍රිතාන්‍යයන්ට එරෙහිව විශාල සේනාවක් රැස්කරගත් බණ්ඩාර වන්නියන්, වන්නි බල ප්‍රදේශය ඔහුගේ පාලනයට නතුකර ගත්තේ ය.


බ්‍රිතාන්‍යයන්ට එරෙහිව විශාල සේනාවක් රැස්කිරීම ආරම්භ කළ බණ්ඩාර වන්නියන්, වන්නි බල ප්‍රදේශය ඔහුගේ පාලනයට නතුකර ගත්තේ ය.

විශේෂයෙන් ම ඔහු 1803 වසරේ දී අගෝස්තු මස 25 වනදා සේනාවක් සමග පැමිණ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කර මුලතිව් බලකොටුව අත්පත් කරගනිමින් විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය.

මෙලෙස ඔහුගෙන් ගිලිහුණු බල ප්‍රදේශය ඉතා කෙටි කාලයක දී ඔහු බ්‍රිතාන්‍යයන්ගෙන් ඔහු වෙත නතු කරගත්තේ ය.

xgsrtgබ්‍රිතාන්‍ය සේන්පතියෙකුගේ නායකත්වයෙන් යුත් හමුදාවක් 1803 වසරේ ඔක්තෝබර් මස 25 වනදා බණ්ඩාර වන්නියන්ට එරෙහිව යුද වැදුණහ.




බණ්ඩාර වන්නියන්ගේ මරණය

මෙවැනි පසුබිමක බණ්ඩාර වන්නියන් 1803 වසරේ දී කට්සිලෛමඩු නමැති ස්ථානයක නවාතැන් ගෙන සිටි බව සඳහන් ය.

බ්‍රිතාන්‍ය සේන්පතියෙකුගේ නායකත්වයෙන් යුත් හමුදාවක් 1803 වසරේ ඔක්තෝබර් මස 25 වනදා බණ්ඩාර වන්නියන්ට එරෙහිව යුද වැදුණහ. මෙම ප්‍රහාරයෙන් බණ්ඩාර වන්නියන් ඇතුළු ඔහුගේ සෙබළුන් විශ්මයට පත් වූ පැවසෙයි.

මෙම යුද්ධයේ දී බණ්ඩාර වන්නියන් දැඩි ලෙස සටන් කළ ද ඔහු බ්‍රිතාන්‍යයන් හමුවේ පරාජයට පත් විය.

මෙම සටනේ දී බණ්ඩාර වන්නියන් වීර මරණයකට පත් වූ බව ද ඉතිහාසය සඳහන් කරයි.


මහවිරුවෙකු ලෙස සැමරෙන බණ්ඩාර වන්නියන්

දෙමළ රජෙකු බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කර මියගිය ද මෙරට දෙමළ ජනයා ඔහු ව මහවිරුවෙකු ලෙස සලකයි.

බණ්ඩාර වන්නියන් පරාජයට පත් කළ බවට සඳහන් කර ස්ථාපනය කර ඇති ස්මාරයක් අදටත් ඔඩ්ඩුසූඩාන් හි දැකිය හැක.

නමුත් බණ්ඩාර වන්නියන් පරාජයට පත්වූවායැ යි සිතා කණගාටු විම සිදු නො කළ යුතු බව ඔඩ්ඩුසූඩාන් දෙමළ මහා විද්‍යාලයයේ විදුහල්පති චින්නප්පා නාගේන්දිරරාජා පවසයි.

cxfget4බණ්ඩාර වන්නියන් විසින් බ්‍රිතාන්‍යයන් යටතේ පැවැති රාජ්‍යය මුදාගැනීම අගෝස්තු 25 දා සමරනු ලැබුණි.


බණ්ඩාර වන්නියන් ලාංකීය දෙමළ ජනයාගේ අභිමානයක්

"බණ්ඩාර වන්නියන් පරාජයට පත් කළා, එහෙමත් නැත්නම් පරාජයට පත් වුණා කියලා අපි වේදනාවට පත්වෙන්නත්, දුක්වෙන්නත් අවශ්‍ය නැහැ. මොකද කිව්වොත් බණ්ඩාර වන්නියන්ව පරාජයට පත් කළ සේනාධිපති කැප්ටර් වෝන්ඩ්රිවර්ක් මෙම ස්ථානයේ දී දැඩි සටනකින් පසුව පරාජයට පත් කළා කියලා ඉතිහාස සටහනක් විදිහට ස්මාරකයක් නිර්මාණය කරලා තිබෙනවා."

"1803 වසරේ දී එම ඓතිහාසික සිද්ධිය සිදුවුණා කියන සාක්ෂියක් මෙතැන තිබෙනවා. ඒ නිසා අපිට ආඩම්බරයෙන් හිස ඔසවා මෙය අපගේ වීර දෙමළ ඉතිහාසය, එතුළින් ප්‍රකාශයට පත් වන බණ්ඩාර වන්නියන්ගේ පරපුරෙන් පවතින අය යි කියලා කියන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අප බෙහෙවින් සතුටු වනවා," චින්නප්පා නාගේන්දිරරාජා බීබීසිය සමග පැවසීය.

බණ්ඩාර වන්නියන් විසින් බ්‍රිතාන්‍යයන්ගෙන් රාජ්‍ය බලය ලබාගත් අගෝස්තු 25 වන දින ජයග්‍රාහී දිනය ලෙස සැමරීම සෑම වසරක ම සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

(රංජන් අරුන් ප්‍රසාද්)
බීබීසී දෙමළ සේවය

(උපුටා ගැනීම - BBC සිංහල සේවය )

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බණ්ඩාර වන්නියන්: ලාංකීය දෙමළ ජනයා මෙම රජු විරුවෙකු ලෙස සලකන්නේ ඇයි? | The Leader