The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

මතකයේ තවමත් ජීවත් වෙන අපේ අනුල ද සිල්වා

T

The Leader Desk

September 3, 2023 • 5:47 AM

මතකයේ තවමත් ජීවත් වෙන අපේ අනුල ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුලට සමකාලීන අපට පමණක් නොව, පරම්පරා කිහිපයක වැඩිහිටියන් මෙන්ම තවමත් පාසල් යන පොඩිහිටියන් පවා අනුල ද සිල්වාගේ නම ඇසු සැනින් ඇයව ආදරයෙන් සිහිපත් කරති.
  • විශේෂ හේතුවක් ඇතත් නැතත් දෙ තුන් මසකට වරක් හෝ දිවයිනේ සිටියි නම් උනුන් සැපදුක විමසීමේ පුරුද්දක් අප අතර පැවතිණ.
  • ජනවාරි මස 27 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේදී උපන් ඇය උසස් අධ්‍යාපනය ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි.
  • ගුරුවරියක ලෙස ජීවිතය ආරම්භ කළ ඇයට කෙටි කලක් තුළ ලේක් හවුස් ආයතනයේ 'මිහිර' පුවත් පතේ උප කතුවරියක ලෙස තෝරා ගනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අනුලට සමකාලීන අපට පමණක් නොව, පරම්පරා කිහිපයක වැඩිහිටියන් මෙන්ම තවමත් පාසල් යන පොඩිහිටියන් පවා අනුල ද සිල්වාගේ නම ඇසු සැනින් ඇයව ආදරයෙන් සිහිපත් කරති. හේතුව අපේ සමහර සමකාලිනයන් මෙන් ලේඛකයන් මාධ්‍යවේදින් මෙන් අනුල සිල්වා විශ්‍රාම නො ගත් නිසාය. 

අනුලාත් මමත් හැට ගණන්වල අතීතයට අයත් පත්තර කාරයන් වෙති. අදට වඩා වෙනස් පරම්පරා වටිනාකම් අතර, ජීවත්වූ අප යම් දවසක උන් හිටි තැන් අතැර ගියද පැවති සහ සම්බන්ධකම් පවත්වා ගැනීමට කාලය හරස් වුණේ නැත. අපේ පරම්පරාවේ තවත් සහෘදයෙකු අපෙන් ඉකුත්ව ගියා ය. විශේෂ හේතුවක් ඇතත් නැතත් දෙ තුන් මසකට වරක් හෝ දිවයිනේ සිටියි නම් උනුන් සැපදුක විමසීමේ පුරුද්දක් අප අතර පැවතිණ.   

image d69aba5e2d

1941 ජනවාරි මස 27 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේදී උපන් ඇය උසස් අධ්‍යාපනය ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. ඇයගේ මුල්ම නව කතාව, උම්මත්තයෝ 'ඉරුදින' පුවත් පතේ  කොටස් වශයෙන් පළවන විට ඇය දෙ විසි හැවිදිරි වූවා ය. ගුරුවරියක ලෙස ජීවිතය ආරම්භ කළ ඇයට කෙටි කලක් තුළ ලේක් හවුස් ආයතනයේ 'මිහිර' පුවත් පතේ උප කතුවරියක ලෙස තෝරා ගනු ලැබීය.

මෑතක අනුල ද සිල්වා දිවයිනේ කීර්තිමත් කාන්තාවන් තිදෙනාගෙන් කෙනෙකු ලෙස තේරී ජාතියේ බුහුමනට පාත්‍ර වූවා ය. මහ පාන්දරක ලංකාදීපයෙන් එකී පුවත දුටු සැනින් මහත් සොම්නසින් වෙන දා මෙන් ගුඩ් මෝනින් නො කියාම අනුලට කතා කළෙමි.

මගේ සුබ පැතුම්.....  මගේ සතුට එසේ පළ කළ මට ඇය දැක්වූ ප්‍රතිචාරය මෙහි ලා සටහන් කළ යුතු වන්නේ අනුල ද සිල්වා තේරුම් ගැනීමට ඇයගේ ඒ වචන කිහිපයද ප්‍රමාණවත් වන නිසා ය.

උඹ උදේම පත්තර බලලා වගේ...... ඇය ගත් කටටම පාවිච්චි කළේ ඒ වචන කිහිපය පමණකි.

සම්මාන පසුපස දිවයන ලෝකය අතර බර අඩි කබා ඇවිද ගිය මේ විශිෂ්ඨ ලේඛිකාව, මෝදර කාක දූපතේ සිය නිවහනේ සිට සම්මාන මානසිකත්වයද දුටුවේ ඒ ආකාරයටය. ඇයට තමන් පිළිබඳ උක්ත ජාතික තක්සේරුව ද තවත් පත්තර වාර්තාවකට වඩා යමක් නො වීය යන්න සරල කියවීමක් නම් නොවේ,  අනුල ද සිල්වා ඛෙහෙවින් සරල ය. සන්සුන් ය. ළබැඳී ය. එමෙන්ම කොහොමටත් වෙනස් ය. තමන් තුළ පවත්නා වටිනාකම් චරිත ස්වභාවය කිසිවෙකුට බරක් අපහාසයක් හිරිහැරයක් නොවන පරිද්දෙන් කළමනාකරණය කරමින්  සමානයන් අතර, අලපත දිය සේ හැසිරීමට පරිස්සම් වුණා ය. 

anula de silva 1 860x484

ප්‍රශ්න හමුවේ බොහෝ අය සමහර විට, සංවේදී වී හැකිළි යන්නාහ. තවත් අය අපෙක්ෂා කළ නොහැකි තරම් මහා ශක්තියකින් නැගී සිටින්නාහ. අනුල අයත් වන්නේ ඉන් දෙවන කොටසට ය. ලේක් හවුසියට පැමිණ අලූතක වැඩ කරන තැන පිළිබඳ ඇය යම් පසුතැවිල්ලකින් පීඩාවකින් පසුවන බව ඉඳහිට අපට සිහිපත් කළා ය.

'' ප්‍රේම කතා ලියන එකයි ළමා පත්තර කලාවයි දෙකක්. සිය ප්‍රධාන කර්තෘ නවකතා කාරියක ලෙස රටේ ඒ වනවිටත් නමක් දිනාගෙන සිටි ඇයව අවතක්සේරු කළේ කිසිදු අනුකම්පාවකින් තොරවය. එ දවස ලේක් හවුසියේ කා තුළත් ඒ චරිතය ගැන පැවතියේ පිළිකුලකි. පත්තර කන්තෝරුවට ආධුනික වුවද ඒ වනවිටත් නවකතා කාරියක ලෙස නමක් දිනා ගෙන සිටි අනුල ද සිල්වා ගැන ඇයගේ ප්‍රධානියාට තිබුණේ නො කැමැත්තකි. හෝ ඉරිසියාවකි. කෙටි කලකින් මේ කෙනහිල්ල නො තකා අනුල ද සිල්වා, තම ශෛලියෙන් වැඩ කරගෙන යාම ඇයගේ හිතවතුන්ට සහනයක් විය. ගත වූයේ කෙටි කලකි. අනුල සිල්වා සිය අතැ ති පෑන, තම ප්‍රධානනියාට කෙවිටක් සේ ඔසවා දැක්වා සාර්ථක ළමා කතා රැසක කතුවරියක ලෙස  යළි නැගී සිටින්නී ය.

පත්තර කාරියක වූ අනුලට තම ප්‍රධානියාගෙන් ලැබුණ අසෝබන සැලකිල්ලත් එක් හිමිදිරියක මගේ සුබ පැතුමත් එක සේ සැලකීමට පැවති පන්නරය ඇය ගැන  නො දන්නා වර්තමාන පරම්පරාවට දුෂ්කර වුවද, අත්හදා බැලිය හැකි යහපත් අභ්‍යාසයකි. කොහොමටත් අනුල අනෙක් අයට වඩා වෙනස් වූවාය. ඇය අනුලා නම් සරල සුගම කාන්තා නාමය අනුල ඉවසීමත් අනුල පිළිබඳ තවත් කියවීමක් සේ මට දැනෙයි. (අනු යනු අනුගම්‍ය අරුත් ද ල යනු හෘදය සිත හා ලබැඳී ආදි අරුත් ද ගැන්වුණ අනුලියක් වූවා ය.

ඇය ඈතින් දැන සිටි අයට වඩා ලඟින් ඇසුරු කළ අපට වෙනස් චරිතයක් වූවා ය. ගමක උපන් (අම්බලන්ගොඩ පොල්වත්තේ උපන් නිවෙස අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නා හිමියන්ගේ මහ ගෙදර විය.) යුවතියක තුළ පැවතිය යුතු සන්සුන් පැවැත්ම අඩ සිය වසක් පත්‍ර කලා වේදිනියක ලෙස ලේඛිකාවක පරිවර්තිකාවක ලෙස ලැබූ ගරු බුහුමනින් කිසි විටෙක නිශේධ නො වී හැමදාමත් ඒ ආකාරයෙන්ම  දැකිය හැකි විය. 

Anula 2මේ කියන නවසිය හැට ගණන්වල මහා පත්‍ර කලාවේදී පියසේන නිශ්ශංක සුබසෙත බුදුසරණ පුවත් පත් භාරව සිටියේය. අප උපදින විටත් ලේක් හවුසියේ සිළුමිණ කර්තෘව සිටි නිශ්ශංක සර් තුළ අප වැනි තරුණ වෘත්තිකයන් කෙරෙහි පැවති පිතෘ ස්නේහය පුදුම සහගත ය. මේ වයෝර්ධ මහා පුරුෂයා ඉඳහිට අප වැනි නව යොවුන් වියේ ආධුනික පත්‍ර කලාවේදීන් සමහර සති අන්තවල තම නිවෙසට කැඳවා බතින් බුලතින් සංග්‍රහ කරමින් මහත් සතුටක් ලැබී ය. සත්තකින්ම ඒ සංග්‍රහ අපට නම් පාඨමාලා තරමට වැදගත් විය. එ තුමන් කී කතා ඛෙහෙවින් අනුගම්‍ය පාඩම්  විය. එ තුමා මහත් ආශ්වාදයෙන් විස්තර කළ පරණ කතා මට වඩා අනුලට මතක තිබිණ. ඇය ගනේමුල්ලේ සුයාම නිවෙසේ ආරාධිතයන් ලෙස හැසුරුණ විලාසය දෙස සර් බලා සිටියේ සිය දියණීයක දෙස බලා සිටින්නා සේ මහත් තෘප්තියකින් යයි මට සිතේ. ඇයගේ මේ හැසිරීම නිශ්ශංක සර්ට සමකාලීන ඉහතින් කී වදකාර ප්‍රධාන කර්තෘට මුහුණ දුන් අනුලට වඩා ඛෙහෙවින් වෙනස් කතාවකි.

හතළිස් එක් හැවිරිදි අනුල ද සිල්වා ලේක් හවුසින් නික්ම විජය නිවෙසට ගියේ 1982 දීය. ඇය විජය නිවෙසින් නිකුත් වන සිරිකත නම් පුවත්පතෙහි ආරම්භක කතුවරිය වූවා ය. එහි වසර කිහිපයක් ගත කළ ඇය ජාතික තරණ සභාවට සිය සේවය ලබා දුන්නා ය. පත්තර කාරයෙක් මෙසේ ආණ්ඩුවට යාම ඒ කාලයේ හැටියට තරමක මවිතයකි. මේ ගැන මා ඇසූ විට ඇය සිනාසෙමින් මෙසේ කීවා ය.

මට අරුත් එක්ක සණ්ඩු වෙන්ඩ බෑ බං... බාධා කරදර කෙනහිලි මඟ හැර ජීවත් වූ  මේ කියන ශක්තිමත් අනුල ද සිල්වා කිසිදාක අප හැර නො යනු ඇත.  එදා එසේ වග හැර ගිය ඇය අවස්ථාවක් එන තෙක් ආණ්ඩුවේ කන්තෝරුවක කල් මැරුවේ අවස්ථාවක් ලැඛෙන තෙක් ය,  ඇය සෝමවීර සේනානායකගේ ආරාධනාවෙන්  1986 ලිට්ල් රෝස් ආයතනයට සම්බන්ධ වී හඳමාමා නම් ළමා පුවත් පත ආරම්භ කිරීමෙන් තහවුරු වේ. ඇය අප දන්නා පරිදි කිසි තැනක තමන් වෙනුවෙන් අරගල කර නැත. නැවත විජය නිවෙසට පැමිණි 'වනිතා' විත්ති නම් සඟරාව ආරම්භ කීරීමට කැප වී ක්‍රියා කළා ය, මේ කාලයේ ඇය කාන්තාවන් පිළිබඳ වැඩ සටහන් පවා මෙහෙය වූවා ය. 

d8dda270 3a5c 11ee bde6 7ffba94c56ae

4 8 41සිය පත්‍ර කලා ජිවිතයට අමතරව ඇය රටට දායාද කළ නිර්මාන ළමා කෘති සහ පරිවර්තන සියල්ල එකට පෙළ ගස්වයි නම් යටත් පිරිසෙයින් පොත් එකසිය තිස් ගණනකට වැඩි වුණත් අඩු නැත. මේ අතර, අහස් මාලිගා, උම්ම්ත්තකයෝ, මහා මුහුද මමයි වැනි නවකතා මෙන්ම දෙවියන්ගේ අඩවිය, තුන්වෙනි බිරිඳ,  පිලිකා වාට්ටුව, මෙන්ම තිත්ත කෝපි ආදි පරිවර්තන කෘතින් ලබා දුන් නව හැඩය අනාගත ලේඛකයන්ට නව මං පෙත් පාදා දෙන කෘතින් සංඛ්‍යාවත් කියවන්නාට දායාද කළ අනුල ද සිල්වා කිසි විටෙක ග්‍රන්ථ කරණයෙහි යෙදුණේ කලබලයෙන් හදිසියෙන් නොවේ. තමන්ට ආවේනික විවේක බුද්ධිය ඒ හැම කෘතියකම ආලේප වී ඇත.

අනුලගේ වියෝව අසා සංවේදී වූ පත්‍ර කලාවේදීන් දෙකෙනෙකු තැබූ සටහන් කියවූ මට ඇය තමන් වෙත පැමිණි ආධුනිකයන් රෑක බලා උස් මහත් කළ ආකාරය ගැන ඇති වුණේ මහත් තෘප්තියකි. අනුල යනු සත්තකින්ම මිතුරන්ට පත්තර කන්තේරුවකට පමණක් නොව ජීවත්වන හෙටත් අනුගම්‍ය පුරාවෘත්තයක් බව කියන්නේ ඇය කෙරෙහි උපන් අප්‍රමාණ සෙනෙහසිනි. විශේෂයෙන් තවත් සිහිපත් කළ යුතු යමක් වේ. ඇය මිනිස් දුවක මිස ස්ත්‍රි පුරුෂ අනන්‍යතව ඉස්මතු නො කළා ය.

කිසි විටෙකත් කාගේවත් හිතක් රිද්දන පුරුද්දක් අනුලට තිබුණේ නැත. තැන නො තැන නො බලා සහෘදයෙකු හමු වූ සැනින් උඹ බං බොළන් ආමන්ත්‍රණයෙන් ඇසුණ ඇයගේ සත්කාරය, ලෙන්ගතකම කිසි දා මිනිස් සංහතියෙන් මැකී නො යනු ඇත.


කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...