The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

අක්කරවත්තයන්ගේ වායාම - මහාචාර්ය නිලන්ත පී. දිසානායක

T

The Leader Desk

September 6, 2023 • 10:03 AM

අක්කරවත්තයන්ගේ වායාම - මහාචාර්ය නිලන්ත පී. දිසානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිථ්‍යා මතවාද කරපින්නා ගත්තවුන්ට එමගින් සම්මා දිට්ඨිය උදා කළ හැකි ය.
  • එය කතුවරයාගේ 30 වන සාහිත්‍ය නිර්මාණය වීම ද විශේෂ ය.
  • එය ඔහුගේ ආල නුරා භාවයන් වල මනකල් ප්‍රතිරාවයද නොවේ නම් ජන සමාජය යුධ වාර්ගික භේද විභේදනයෙන් ගලවා ගැනීමට ඇති මාවත සේ......'' වර්ෂ කීපයක සිට සිදුකළ පර්යේෂණයක් ලෙස ජනගත වන 'වායාම' කියවීමට නොව බැලීමට අතට ගත් විට කියවීමට සිතෙන්නේ ය.
  • සැගව ඇති ඓතිහාසික විචල්‍යයන් විමර්ශනයට ලක් කර කර ඇත්තේ තාර්කිකව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රංශ සමාජය තුළ පැතිර පැවති අවිචාරවත් දේශපාලන හා සමාජීය පරිසරය වෙනස් කිරීමට සිය ප්‍රතිභාව මෙහෙය වූ ජීන් පෝල් ශාස්ත්‍රේ එයට කදිම නිදසුනකි. 

ඒකාධිපති ප්‍රංශ පාලකයන් පවා ශාස්ත්‍රේට අත නොතැබුවේ ඔහුගේ සාහිත්‍ය නිර්මාණ සමාජය වෙලා ගෙන තිබූ හෙයිනි. 

යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණය පුද්ගල මනස විචාරශීලී දිශානතියකට රැගෙන යයි. මිථ්‍යා මතවාද කරපින්නා ගත්තවුන්ට එමගින් සම්මා දිට්ඨිය උදා කළ හැකි ය. පසුගිය අගෝස්තු 24 වන දින කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ජනගත වූ සුජිත් අක්කරවත්තයන්ගේ 'වායාම' කෘතිය එබඳු දිශානතියකට පුද්ගලයා රැගෙන යෑමේ ලක්ෂණ ප්‍රකට කරයි. 

ඉතිහාසය, දේශපාලනය, බෞද්ධ සංස්කෘතිය, සාහිත්‍ය හා ආර්ථීකය ආදී විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ලිපි 73කින් පොහොසත් කෘතියෙහි වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඓතිහාසික දේශපාලන සංසිද්ධි විවරණය වෙනුවෙන් වෙන් කර තිබේ. එය කතුවරයාගේ 30 වන සාහිත්‍ය නිර්මාණය වීම ද විශේෂ ය.

එකුන්තිස් වන වියේදී සිද්ධාර්ථ කුමරු මිථ්‍යාවෙන් වසා තිබූ ජීවිතය දෙස විමර්ශනශීලීව බැලීමට ඉටා ගත්තා සේ කතුවරයා ද සිය එකුන්තිස් වන කෘතිය තුළින් සමාජය මුග්ධත්වයේ  ගිල්වා ඇති වික්ටෝරියානු සදාචාරාත්මක සීමාවන් ද ප්‍රශ්න කරයි. 

Bavari

'වායාම' සමස්තයක් ලෙස ගත් කල ප්‍රබුද්ධ සේම ගවේෂණාත්මක ඤාණ සම්භාරයකින් යුක්ත ය. ලේඛන ශෛලිය සංවර සේම පෙරළිකාර ය. බස් වහර සුලලිත හා නැවුම් ය. එමෙන් ම ප්‍රබෝධජනක ය. සෞන්දර්යාත්මක ය. ප්‍රාණවත් ය. විද්වත්ය. සිරිපැරකුම්ගේ ශෘංගාර සාහිත්‍යය නම් ලිපිය එයට කදිම උදාහරණයකි. 

Dammena pare Rakkathi raja

'' ජනයා යුද්ධ ජයග්‍රහණ හෝ ඒ ඔස්සේ මතුවන ස්වාභිමාණී දේශප්‍රේමයේ ගිල්වා තබා ගැනීමට රජු ක්‍රියා කර නැත. ඔහුගේ මුළු මහත් පාලනය හා පාලන විධික්‍රමය එය කදිමට පෙන්වා දේ. අනෙක් අතින් යුධ ජයෙන් මතුවූ දඹදෙණි යුගය සෞන්දර්යමය සාහිත්‍ය වේශය සහිත පුනරුදයකට රැගෙන ගිය අයුරු කතිකා කළ යුතු තරම් වැදගත්ය...... රජුගේ මනෝ චෛතසික තුළ මෙවන් නිර්මාණ වේෂයක් මතුවූ සැටිය. එය ඔහුගේ ආල නුරා භාවයන් වල මනකල් ප්‍රතිරාවයද නොවේ නම් ජන සමාජය යුධ වාර්ගික භේද විභේදනයෙන් ගලවා ගැනීමට ඇති මාවත සේ......''

වර්ෂ කීපයක සිට සිදුකළ පර්යේෂණයක් ලෙස ජනගත වන 'වායාම' කියවීමට නොව බැලීමට අතට ගත් විට කියවීමට සිතෙන්නේ ය. කියවන විට සතිමත් වීමටත් සතිමත් වන විට ක්‍රියාත්මක වීමටත් උත්ප්‍රේරක සපයයි. කයත් මනසත් එකිනෙක සුසංයෝගීව අවදි කරවන බස් වහරක ඓතිහාසික සිදුවීම් සතපා තිබේ. සැගව ඇති ඓතිහාසික විචල්‍යයන් විමර්ශනයට ලක් කර කර ඇත්තේ තාර්කිකව ය. (රාග දෙවොලේ රති කෙළි 18 පි.ල සමනාරාමයේ සමනයන් 36 පි.ල තනේගල කුමාරයා 41 පි.ල අඹයේ කතාව 47 පිල  ස්ත්‍රී ශාසනයේ ශෝකාලාපය 84 පි.ල ග්‍රාම වාසයෙන් වන වාසයට 179 පි.ල දකුණු ඉවුර 355 පි.ල  නා නා දේශී 329 පි.)  

Dammaya Nayaka  

අවිනිශ්චිත අනාගතයක් අභිමුව සුසුම් හෙළමින් පසුවන ජාතියට අවැසි සැබෑ දේශපාලන පරිඥානය පරිසඤ්ඞ්, අත්ථඤ්ඞ්, කාලඤ්ඞ්, ධම්මේන පරේ රඤ්ඤතීති රාජා ලිපි මගින් ප්‍රකට කරයි. සහනාධාර මානසිකත්වය තුළ  රාජ්‍යයේ පුරවැසියන් ගිල්වා තැබූ පාලකයන්ගේ දැක්මක් රහිත පාලන කලාව තුලාහාර ජන සවියෙන් ප්‍රශ්න කරයි. දේශපාලන පරිචයක් හා ශ+රත්වයක් නොමැතිව අහඹු ලෙස බලයට පත්වන්නන්ගේ බල දේශපාලනයේ උපක්‍රමල ව්‍යාජ ප්‍රචාරණයල බලලෝභීත්වය හා දෑහිතකාමී නොවූ පාලන රටාව ලක් විජය සිඟු හරහා එළිදක්වයි.  

370482970 6819596618064582 8420745662911484260 n

ලාංකේයයන්ගේ ඉදිරි ආර්ථීක සංවර්ධනය රඳා පවතිනුයේ සංවෘත ආර්ථීකයක් තුළ නොව ලෝකයට විවෘත වීම තුළ බව නා නා දේශී සනිදර්ශිත කරන්නේය. මානවම්භ රජු අනුරාධපුර යුගයේත් මහා පරාක්‍රමබාහු පොළොන්නරු යුගයේත් ඇතිකළ ආර්ථීක සුරක්ෂිතතාව ඔහු මෙහිලා පෙන්වා දෙන්නේ වර්තමාන වික්‍රමසිංහ පාලනයට ද සදූපදේශ ඉදිරිපත් කරමිනි. 

භික්ෂු සමාජය විනයවාදී වීමේ ආවශ්‍යකතාව කෘතියේ 474 පිටුවේදී පොළොන්නරු කතිකාවත ගෙන හැර දක්වමින් මතු කර තිබේ.

369048789 10160950332610185 1317945683309236608 nකතුවරයාගේ සෙසු කෘති හා සසඳ බලද්දී වායාමයේ බස් වහර ද දෘෂ්ටිය ද වඩාත් පරිණත බවක් ඔහුගේ රැසයුම් තුළම දිස්වේ. ඓතිහාසික හා ශාසනික සිදුවීම් ගෙනහැර දැක්වීමේ දී අක්කරවත්තයන් මහත් පුළුල් පරාසයක තම විදග්ධභාවය දිගහරී. ග්‍රාම වාසයෙන් වනවාසයට හා දූවේ ගල රැසයුම්එයට  සප්‍රමාණී වේ. ඓතිහාසික සංසිද්ධීන් විවරණයෙහි ලා ඔහු සතු විචාර පූර්වක තීක්ෂණාක්ෂිය කෙතරම් තර්කානුකූල දැයි කවරෙකුට වුවද 'වායාම' තුළින්  ගම්‍ය වනු ඇත. 

එසේම කතුවරයාගේ අව්‍යාජ භාව ප්‍රකාශනයන්හි සෘජු භාවය පාඨකයාට  සිය ප්‍රඥාපාටවය උදෙසා උපස්තම්භක සපයන්නේය. කෘතියෙහි ඇති යම් දුබලකමක් වෙනම් එය ඔහුගේ තේමාවෙහි කරුණු ගොනු කරන විට එහි ගලා යාමේ ව්‍යාකූලතා තැනින් තැන මතුවීම පමණි.

සිංහල සාහිත්‍ය වංශයට නවමු කියවීමක්ල ජාතියේ සැබෑ ඓතිහාසිකත්වය සොයා යෑමක් පතන්නන්ගේ මනදොළ පිරවීමට සමත් නූතන යුගයේ කෘතියක් සේ 'වායාම' නිර්ලෝභීව අගය කළ හැකි ය.


nilantha p dissanayaka(මහාචාර්ය නිලන්ත පී. දිසානායක)
අංශාධිපති - බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය   

 

 

 

 

වායම මිලදි ගන්න මෙතනි

WhatsApp Image 2023 09 05 at 11.01.51 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...