The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කාර්දිනල් සහ ගෝඨාභය : නොදන්න කතාවක් - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 7, 2023 • 7:47 PM

කාර්දිනල් සහ ගෝඨාභය : නොදන්න කතාවක් - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුෂ්ට උපහාසයෙන් කතා කිරීමට පටන් ගත්තේ මන්දැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතැම් විට කල්පනා කරයි.
  • ඔහුගේ පළමු ආරාධනය වතිකානුව විසින් ප්‍රතික්ෂේප කළේ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් වී වැඩි කල් පිරී නොතිබූ හෙයින් එවැනි සංචාරයක් සඳහා වේලාසන වැඩි බව පවසමිනි.
  • XVI වන බෙනඩික්ට් පාප් විසින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට විශාල මුදල් ප්‍රදානයක් කර තිබී ඇත.
  • පාප්ගේ සංචාරයට පෙර උසස්ම ප්‍රමිතියෙන් යුතුව මෙම ආයතනය ඉදි කළ හැක්කේ එක මිනිසෙකුට පමණක් බව මැල්කම් දැන සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දුෂ්ට උපහාසයෙන් කතා කිරීමට පටන් ගත්තේ මන්දැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතැම් විට කල්පනා කරයි. එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභයට මැල්කම්ව හඳුන්වා දුන්නේ මැල්කම්ගේ දීර්ඝකාලීන මිත්‍රයෙකු වන මහින්ද රාජපක්ෂ විසිනි.

2010 දී ඔහුගේ පත්වීමෙන් පසු කාර්දිනල් මැල්කම් විසින් ෆ්රැන්සිස් පාප්තුමාව ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහ කළේය. ඔහුගේ පළමු ආරාධනය වතිකානුව විසින් ප්‍රතික්ෂේප කළේ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය අවසන් වී වැඩි කල් පිරී නොතිබූ හෙයින් එවැනි සංචාරයක් සඳහා වේලාසන වැඩි බව පවසමිනි.

zdfsdfs

XVI වන බෙනඩික්ට් පාප් විසින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට විශාල මුදල් ප්‍රදානයක් කර තිබී ඇත. කෙසේ හෝ අලුත් පාප්ව ලංකාවට ගෙන්වා ගැනීමට මාන බැලූ මැල්කම් එම අධ්‍යාපන ආයතනය විවෘත කිරීමට පාප්තුමාට නැවතත් ආරාධනා පත්‍ර යැවීය. වතිකානුව මෙවර ආරාධනාව පිළිගත්තේය. එකම ප්‍රශ්නය වූයේ යෝජිත අධ්‍යාපන ආයතනය ඉදිකර ගැනීමට මැල්කම්ට නොහැකිව තිබීමයි.



පාප්ගේ සංචාරයට පෙර උසස්ම ප්‍රමිතියෙන් යුතුව මෙම ආයතනය ඉදි කළ හැක්කේ එක මිනිසෙකුට පමණක් බව මැල්කම් දැන සිටියේය. ඒ ගෝඨාභය රාජපක්ෂයි. මැල්කම් ගෝඨාභය හාමු වී උදව් ඉල්ලුවේය. බෝලවලාන ප්‍රදේශයේ එම ස්ථානයට ගෝඨාභය මහතා ගිය විට එය තිබුණේ ඉතාම කණගාටුදායක තත්ත්වයකය. නගර සැලසුම්කරණයේ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ දක්ෂයෙක් වූ ගෝඨාභය අභියෝගය බාර ගත්තේය. කාර්දිනල්ට උදව් කිරීමට ගෝඨාභය එකඟ විය.

ගෝඨාභය තම දක්ෂ කණ්ඩායම් යොදවා මුළු ආයතන පරිශ්‍රයම ප්‍රතිනිර්මාණය කර අවශ්‍ය සියලු යටිතල පහසුකම්ද සහිතව විශිෂ්ට ලෙස එය ඉදි කර දුන්නේ නියමිත කාලයටත් පෙරය. එපමණක් නොව වසර 30 ක ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා උතුරු නැගෙනහිර පළාත්වල ගරා වැටී තිබුණු පැරණි කතෝලික දේවස්ථාන නැවත ඉදි කිරීමටත් ගෝඨාභය මහතා උදව් කළේය.

zfsdf

මැල්කම් සහ ගෝඨාභය හොඳ මිතුරන් බවට පත් විය. ගෝඨාභයගේ දූරදර්ශී නායකත්වය සහ ත්‍යාගවන්ත භාවය පිළිබඳව මැල්කම් මහත් සේ පැහැදී සිටියේය. ෆ්‍රැන්සිස් පාප් ශ්‍රී ලංකාවට පැමිණ ආයතනය විවෘත කළ අතර එය දැන් BCI කැම්පස් නමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුමත උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. BCI යනු "Benedict XVI Catholic Institute" යන්නයි. විශාල සිසුන් පිරිසක් අදටත් එහි ඉගෙනුම ලබයි.



යහපාලන ආණ්ඩුවේ වසර පහ තුළදී පවා මැල්කම් විසින් මාසයක් පාසා තම නිල නිවසට ආරාධනා කර ගෝඨාභය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් දීමට අමතක කළේ නැත. කාර්දිනල්  විසින් එවකට පැවති යහපාලන ආණ්ඩුවේ නොයෙකුත් අසාර්ථකත්වයන් ගැන විවේචනය කරන අයුරු ජනමාධ්‍යවල නිතර දක්නට ලැබුණා අපට මතකය.

2019 පාස්කු ඉරිදා දිනයේ කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයකට ඉස්ලාම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ආත්මඝාතක බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ මේ අතරතුරය.

කාර්දිනල් ගේ කාලය තුළ තම අනුගාමිකයින් හට ඒ සා මහත් විනාශයක් සිදුවීම මැල්කම්ට මහත් කම්පනයක් සහ ලැජ්ජාවක් විය යුතුය. කතෝලිකයන් සහ මුසල්මානුවන් අතර ආගමික යුද්ධයක් ඇති වෙන්නට ගිය ඒ අවස්ථාවේ ඔහු තම අනුගාමිකයන් සන්සුන් කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කළ බව අපට මතකය. එවක ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින් එම බිහිසුණු අපරාධය හෑල්ලුවට ලක් කරමින් ජනමාධ්‍ය ඉදිරියේ සිනාසීම කාර්දිනල්ගේ කෝපයට හේතු වන්නට ඇත.

එහෙයින් මේ රටට නායකත්වය දිය හැකි දක්ෂතම පුද්ගලයා ගෝඨාභය ලෙස මැල්කම් දකින්නට ඇත. ගෝඨාභයගේ දූරදර්ශී නායකත්වය සහ ත්‍යාගවන්ත භාවය ඔහු සමග එකට වැඩ කිරීමෙන් මැල්කම් අත්දැකීමෙන් දැන සිටියේය. අනෙක රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ගෝඨාභයට උගන්වන්නට අවශ්‍ය නැත. 2019 මැතිවරණයට පෙර කාර්දිනල් පැහැදිලිවම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියේය.


zdxfdsf
ස්වර්ණමාලි සෑය ඉදිරියේ දිවුරුම් දීම කාර්දිනල් ගේ සිත රිදවන්නට ඇතිදැයි ගෝඨාභය මුලින් කල්පනා කළේය. එසේත් නැතිනම් තමා බහුතර සිංහල බෞද්ධ ජනතාව විසින් තෝරාගත් බවට ඔහු කළ ප්‍රකාශය නිසා මැල්කම් අමනාප වුණාද කියාත් කල්පනා කළේය. ගෝඨාභය වෙනුවෙන් කාර්දිනල් සහාය පළ කළත් කතෝලිකයන් බහුල ආසනවලින් අති බහුතරය ඡන්දය දුන්නේ සජිත් ප්‍රේමදාසට මිස ගෝඨාභයට නොවන බව ජනපතිවරණ ප්‍රතිඵල සාක්ෂි දෙයි. ඉස්ලාම් ත්‍රස්තවාදී බෝම්බකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ ස්ථාන පවා සජිත් ප්‍රේමදාස විසින් ජයග්‍රහණය කළේය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “සිංහල බෞද්ධ” නායකයෙකි.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාර්දිනල් මැල්කම් හමුවූ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව ඔහු සතුටු වන්නේ දැයි ඇසීය. ජනාධිපතිවරයා ලෙස තම බලතල තුළ කළ හැකි වෙනත් යමක් තිබේ දැයි ගෝඨාභය කාර්දිනල්ගෙන් විමසා සිටියේය. විමර්ශන සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව තමන් සතුටු වන බවත්, ඊට සම්බන්ධ වී සිටින තම නීතීඥයන් තමන්ව හොඳින් දැනුවත් කරන බවත් කාර්දිනල් ගෝඨාභයට පැවසුවේය. ඒ නිසා ඒ වන විටත් මැල්කම්ට ගෝඨාභය සමග ප්‍රශ්නයක් තිබුණේ නැත. ගෝලීය කොරෝනා වසංගතය රට පුරා පැතිරෙන්නට ගත්තේ ඒ අතරතුරය.

කොළඹ අගරදගුරු යටතේ පාලනය වන පුත්තලමේ අක්කර 10 ක පමණ මිදි වත්තක් නැරඹීමට පැමිණෙන ලෙස මැල්කම් විසින් ජනාධිපති ගෝඨාභයට ආරාධනා කර තිබිණි. COVID-19 මුල් දිනවල පැවති අවුල් සහගත තත්ත්වය හේතුවෙන් ගෝඨාභයට එම සංචාරයට දිනයක් සොයාගැනීම උගහට විය. නමුත් ඔහු කාර්දිනල්ගේ ආරාධනය සිහිපත් කර කෙසේ හෝ 2020 සැප්තැම්බර් මාසයේදී එම සංචාරයට එකතු විය.

කාර්දිනල් විසින් ජනාධිපතිතුමා සතුටින් පිළිගත් අතර දේවස්ථානයේ පිළියෙළ කර තිබූ විශේෂ දිවා ආහාරයද දෙපල විසින් භුක්ති විඳිමින් පැය කිහිපයක් එකට ගත කළේය. නමුත් ඒ කිසිම අවස්ථාවක පාස්කු ප්‍රහාරයේ විමර්ශන හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ අතෘප්තිමත් බවක් කාර්දිනල් පෙන්නුම් කළේ නැත. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා මෙතෙක් කටයුතු කළ ආකාරය පිළිබඳව කාර්දිනල් සිටියේ සතුටිනි.

නමුත් ඉන් ටික කලකට පසුව කාර්දිනල් තමන්ගේ තාලය වෙනස් කරනවා අපි දුටිමු. පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මායාකාරී "මහමොළකරුවෙකු" ගැන කාර්දිනල් කතා කිරීමට පටන් ගත්තේය. කාර්දිනල්ට උදව් කළ පුද්ගලයාට එරෙහිව වහෙන් ඔරෝ චෝදනා කරන්නට විය. කාර්දිනල්ගේ මෙම හදිසි වෙනස ගැන ගෝඨාභය පුදුමයට සහ කණගාටුවට පත් විය. වසර ගණනාවක් තිස්සේ ඔහුව හඳුනන ඔහුගේ මිතුරා එම සාහසික අපරාධයට තමා වචනයකින් හෝ සම්බන්ධ යැයි සිතාවිය කියා ගෝඨාභය විශ්වාස කළේ නැත. රාජපක්ෂලා කෙතරම් දක්ෂ නායකයන් වුවත් පුද්ගලයන් හඳුනාගැනීමෙහි ලා ඔවුන් දුර්වලය. ඕනෑම අයෙකු පැමිණ හොඳින් කතා කළ විට රාජපක්ෂලා ඒ පුද්ගලයාව ඉහළින් විශ්වාස කරයි. අප සියලු දෙනාටම එවැනි මිනිස් දුර්වලතාවයන් තිබේ. ඇතැම්විට අපගේ ශක්තිය වන්නේත් එම දුර්වලතාවයන්මය.

වසංගතය පාලනය කර තම ජනතාවගේ ජීවිත බේරාගැනීම ගෝඨාභයගේ ප්‍රමුඛතාවය විය. ජනතාවට එන්නත් නොදී ආර්ථිකය හෝ රටේ කිසිම අංශයක් පණ ගැන්විය නොහැකි බව ඔහු සිතුවේය. ඒ නිසා ඔහු ඒ ගැන සිය අවධානය වැඩිපුර යොමු කළේය. එවිට අනෙක් කාරණා තරමක් මගහැරිණි. කාර්දිනල් වැනි ඔහුගේ හිටපු සමීප මිතුරන් ඔහුගෙන් ඈත් වෙනවා ඔහුට නොදැනිණි. සමහරවිට පෙර මෙන් හමු වී කතාබස් කිරීම අඩාල වීමත් එම දුරස්වීමට හේතු වන්නට ඇත. ගෝඨාභය සමග තරහා වූ බොහෝ අයට වුණේ එයයි. ගෝඨාභයගේ කාර්ය මණ්ඩලයටත් එම සම්බන්ධතා කාර්යක්ෂමව සහ බුද්ධිමත්ව කළමනාකරණ කරගැනීමට නොහැකි විය.
 
zxfvsdf

ක්‍රමක්‍රමයෙන් තම පැරණි මිතුරා වූ ගෝඨාභයට එරෙහිව කාර්දිනල් විසින් කතෝලිකයන් මෙහෙයවනු දක්නට ලැබිණි. මෙච්චර කල් තමන්ට උදව් කළ තමන් ලඟින්ම ඇසුරු කළ ගෝඨාභයව සාහසික ලෙස එළවා දැමීමට කළ අරගලය තුළ කාර්දිනල් අශිෂ්ට ලෙස සැකය භීතිය සහ වෛරය වැපිරුවේය. තම පැරණි මිතුරාගේ හැසිරීමේ මෙම අසාධාරණ අයුක්තිසහගත පෙරළිය තේරුම් ගැනීමට ගෝඨාභය උත්සාහ කළේය. ඔහු එතරම් ගරු කළ කාර්දිනල් මෙතරම් නිර්දය හා කුරිරු ලෙස තමාට ද්‍රෝහී දෙනු ඇතැයි ඔහු විශ්වාස කළේ නැත. සිදු වී ඇති දෙය දැන් ගෝඨාභයටත් අපටත් පැහැදිලිය. අර වංචනික බොරුකාර මෞලානා විසින් කාර්දිනල්ට විස පොවා ඇත.


එහෙත් ගෝඨාභය රාජපක්ෂ කිසිවිටෙක කාර්දිනල්ට විරුද්ධව හෝ ඔහුගේ සතුරන්ට විරුද්ධව හෝ එක වචනයක්වත් කතා කළේ නැත. ඇතැමුන් එය ඔහුගේ නිවටකම කියා බැන වදියි. නමුත් මා දකින්නේ එය ඔහුගේ උතුම් මහත්මා ගුණය ලෙසටයි. ඒ වෙනුවට, ඔහු තමාටත් ඔහුගේ පවුලේ අයටත්, ඔහුගේ ආණ්ඩුවේ අනෙක් අයටත් එරෙහිව කළ සියලු දුෂ්ට අපහාස හා අසත්‍ය චෝදනා නිහඬව තමන් වෙත දරාගනිමින් ඔහුගේ ධූරයෙන් නික්ම ගියේ මේ මහපොළොව ලෙයින් තෙත් කිරීමට ඔහුට කිසිදා නොහැකි බැවිනි. ගෝඨාභයගේ දූරදර්ශී නායකත්වය සහ ඉවසිලිවන්ත භාවය නිසා ලක් මෑණියන්ගේ සතුරන්ගේ මනදොළ එවරත් සපිරුණේ නැත. එම සත්‍යයේ බලයෙන් ගෝඨාභයට මේ මහපොළොවේ යුක්තිය ඉටු වෙනු ඉරහඳ මෙන් අපට විශ්වාසය. ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 සැප්තැම්බර් 7

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාර්දිනල් සහ ගෝඨාභය : නොදන්න කතාවක් - (එරන්ද ගිනිගේ) | The Leader