The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් රට හැරයාම සත්‍ය හා මිත්‍යාව !

T

The Leader Desk

September 8, 2023 • 8:47 AM

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් රට හැරයාම සත්‍ය හා මිත්‍යාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් 63 දෙනෙකු සේවය අතහැර (vacation of post - VOP) ගොස් ඇත.
  • මුල් මාස 8 තුල විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ කථිකාර්යවරුන් සංඛ්‍යාව 198 ක් පමණි.
  • විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති ශ්‍යාම් බන්නහැක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පවසා ඇත්තේ ‘මේ වසරේ මුල් මාස 6 යේ දී විශ්විවිද්‍යාල ආචාර්යවරු 600 දෙනෙකු පමණ රට හැර ගොස් තිබෙන බවය’.
  • මෙය පට්ටපල් බොරුවකි! ඉල්ලා අස්වීම හා සේවය අතහැර යාම නිසා විශ්විවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන බවට ලොකු මතයක් නිර්මාණය කරන්නට සංවිධානාත්මක උත්සහක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තවත් 63 දෙනෙකු සේවය අතහැර (vacation of post - VOP)  ගොස් ඇත. 2023 මුල් මාස 8 තුල විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ කථිකාර්යවරුන් සංඛ්‍යාව 198 ක් පමණි.  

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති ශ්‍යාම් බන්නහැක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පවසා ඇත්තේ ‘මේ වසරේ මුල් මාස 6 යේ දී  විශ්විවිද්‍යාල ආචාර්යවරු 600 දෙනෙකු පමණ රට හැර ගොස් තිබෙන බවය’. මෙය පට්ටපල් බොරුවකි! 

ඉල්ලා අස්වීම හා සේවය අතහැර යාම නිසා විශ්විවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන බවට ලොකු මතයක් නිර්මාණය කරන්නට සංවිධානාත්මක උත්සහක් ඇත. එය සත්‍යයම නොවේ.

2021, 2022 සහ 2023 වසර තුනේම මෙරට විශ්වවිද්‍යාල 22 න්ම සේවයෙන් ඉල්ලා අස්වූ ප්‍රමාණය 382 ක් පමණි. සේවය අතහැර ගිය ප්‍රමාණය 155 කි. එකතුව 537 කි.  වසර 2 යි මාස 8 ක් තුල ඉවත් වූ පිරිසට වැඩි සංඛ්‍යාවක්, පසුගිය මාස 6 තුල ඉවත්වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපතිවරයා පවසන කතාව පට්ටපල් කෙබරයකි!!

university data

අධ්‍යයන කාර්ය මණ්ඩල ඉල්ලා අස්වීයාම, විශ්‍රාම යාම හා තනතුර හැරයාම යන ආකාර තුනකින් විශ්වවිද්‍යාල පද්ධතිය හැර යයි. 2021 සිට මේ දක්වා කථිකාචාර්යවරුන් 172 ක් විශ්‍රාම ගොස් ඇත. 2021 සිට අද දක්වා මේ තුන් ආකාරයෙන් ම ඉවත් වූ පිරිසේ එකතුව ද, 709 කි. ඒ අනුව, ශ්‍යාම් බන්නහැක මහතා ගේ ප්‍රකාශය ගල් පැලෙන බොරුවකි!!

සත්‍ය වශයෙන්ම 2023 වසරේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇත්තේ 135 කි. සේවය හැර ගොස් ඇත්තේ 63 කි.  විශ්‍රම ගොස් ඇත්තේ 20 කි.  සියල්ලේම එකතුව 218 කි.  

වැඩිම පිරිසක් සේවයෙන් ඉල්ලා අස්වීම හා සේවය අතහැරයාම සිදුව ඇත්තේ පේරාදෙණිය, රුහුණ හා කැලණියේ ය. මේ වන විට ඒවායේ පවතින පරිපාලන ගැටළු ද මෙයට හේතුවකි.

මෙරට විශ්වවිද්‍යාල 22 හි අනුමත කථිකාචාර්යවරුන් සංඛ්‍යාව 8,393 කි. මේ වන විට එහි සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩලය 6,548කි. පුරප්පාඩු 2,063 කි. පසුගිය සතියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු 4,000 ක් පවතින බවයි. මෙය ද, සත්‍යයක් නොවේ. 

67201668 2361969177348076 6152320972532744192 n
පේරාදෙණිය සරසවියේ 2023 දී 25 දෙනෙක් සේවයෙන් ඉල්ලා අස්වී ඇත. 13 ක් සේවය අත හැර ගොස් ඇති අතර මෙයට අමතරව සප්ත වාර්ෂික නිවාඩු ලැබූ සංඛ්‍යාව 37 කි. එනම්, පේරාදෙණියෙන් කථිකාචාර්යවරුන් 38 ක් සේවයෙන් ඉවත්වද්දී ඊට සමාන පිරිසක් පිරිසක් ඔවුනට හිමි සප්ත වාර්ෂික නිවාඩුව බුක්ති විදිති.

1995 සිට 2020 දක්වා කාලය සැලකීමේ දී මෙරට විශ්වවිද්‍යාලයන්හි අනුමත අධ්‍යයන කාර්ය මණ්ඩල ප්‍රමාණයෙන් සෑම විටම 14% කට වැඩි ප්‍රමාණයක් පුරප්පාඩු වශයෙන් පැවතී ඇත. නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයන් අනුගමනය කරන ප්‍රතිපත්තිය මෙයට හේතුවයි. බොහෝ විට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 2 තනතුරෙන් ඉහළට නව බඳවා ගැනීම් සිදු නොවන තරම් වන අතර, දැනට සිටින කථිකාචාර්යවරුන් අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් සපුරා ගන්නා තුරු එම තනතුරු පුරප්පාඩු ලෙස තබා ගැනීම පුරුද්දකි.

සේවය අතහැර යාම හා සේවයෙන් ඉල්ලා අස්වීම මත 2021 දී 82 ක් ද, 2022 දී 257 ක් ද, 2023 මුල් මාස 8 ට 198 දෙනෙකු ද විශ්වවිද්‍යාල පද්ධතිය හැර ගොස් ඇත. විශේෂයෙන් වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක හා කළමනාකරණ කේෂ්ත්‍රයන් හි අලුතින් ආචාර්ය උපාධි සමත් වූ පිරිස මෙලෙස ඉවත්වීමේ ප්‍රවණතාවයක් තිබේ. අනෙක් අතට, පසුගිය වසර 3 තුළ නව බඳවා ගැනීම් සිදු නොකිරීම පුරප්පාඩු සංඛ්‍යාව ( හා ප්‍රතිශතය) ඉහළ යාමට හේතුවයි. 

මේ වන විට විශ්වවිද්‍යාල සඳහා කථිකාචාර්යවරුන් 1024 ක් අලුතෙන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එවිට මෙම ගැටළුව යම් සාධනීය ප්‍රමාණයකින් අවසන් වනු ඇත. සැබවින්ම, ප්‍රශ්නය ඇත්තේ කිසිදු විශ්වවිද්‍යාලයක් තම අනුමත කථිචාර්යවරුන් ප්‍රමාණය නිසි පරිදි බඳවා ගැනීමට 1995 සිට 2019 දක්වාම ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කටයුතු කර නොතිබීම යි. කථිචාර්යවරුන් විදේශගතවනවා යැයි කියන වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක, තොරුතරු තාක්ෂණ කේෂ්ත්‍රයන් හි පමණක් නොව කලා හා වානිජ්‍ය කේෂ්‍ත්‍රයන් හි තත්වය ද එයම වේ.

Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) 

rajith_tennakoon@yahoo.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...