The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

හමන පාලකයෝ සහ අතිශෝක්ත කතා කාරය- (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

September 10, 2023 • 11:52 AM

හමන පාලකයෝ සහ අතිශෝක්ත කතා කාරය- (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ රටේ ඉතිරිවෙලා තියෙන දේවල් අතරෙ ඉතිරිවෙලා තියෙන්නෙ ගැටළුම විතරයි.
  • ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතර අංක 01 ට තියෙන්නෙ පින්ලන්තය එහෙම රටවල් තව ඕනෑ තරම් තියෙනවා.
  • ඒත් අපි තවමත් පිස්සු නටන්නෙ අපි ගිනි කන්දක් උඩ ඉන්න බව නොදැන ද?
  • අපේ රටේ ජනාධිපතිතුමා 2048 අවුරුද්දේ අපේ රට සුරපුරයක් වෙන අවුරුද්ද කියලා කියනකොට අපේ අසල්වැසි මිත්‍ර රටේ අගමැති මෝදි තුමා කියනවා 2047 අවුරුද්දේ ඉන්දියාව සුරපුරයක් කරනවලූ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ රටේ ඉතිරිවෙලා තියෙන දේවල් අතරෙ ඉතිරිවෙලා තියෙන්නෙ ගැටළුම විතරයි. ඒ ගැටළුවලට විසඳුම් පේනතෙක් මානෙකවත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒවා විසඳන පාටක්වත් පේන්නෙම නැහැ. 

මේ රටේ ආණ්ඩුවත් ජනතාවත්, විපක‍ෂයත් ගැටළු හපහපා ඉන්නවා මිසක් ඒවට විසඳුම් හොයන්නෙ නැත්තේ ඒ ගැටළු එක්කඉඳලම ඒවට ඇබ්බැහිවෙලා වගේ තමයි පේන්න තියෙන්නෙ. ගැටළු ගැනම කතා කර කර ඉඳලම අපිත් ඒ ගැටළු ගැනම කතා කරන්න ඇබ්බැහි වෙලා.

එලි වෙනවා දවස ගෙවෙනවා රෑ වෙනවා ආයෙමත් එලිවෙනවා කනවා බොනවා, වැඩ කරනවා, නිදාගන්නවා ආයෙමත් නැගිටිනවා කනවා බොනවා නිදාගන්නවා. මිනිස්සු මේ ක්‍රියාවලියට හුරුවෙලා. ගැටළුත් එක්කම නිදාගන්න මිනිස්සු ගැටළුවත් එක්ක ආයෙමත් නැගිටිනවා. මිනිස්සු හිනා නොවී ඉන්නෙ අඬන්න බැරිකමට. සතුට අහිමි සමාජයක ජීවත්වෙලා පුරුදු වුනාම මිනිස්සු ඒකට හොඳම විසදුම හැටියට තෝරාගන්නෙ නොසිතා ජීවත්වීම විතරයි.

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !

මිනිස්සු ජීවත් වෙන්නෙ සෙක්කුවේ බැන්ද හරක් වගේ. තමන්ගේ හිස පාගාගෙන ඉන්න මිනිහගෙ පාදය සම්භාහනය කරමින් ඉන්න එක තරම් සැපතක් මිනිස්සුන්ට නැහැ වගේ. ගැටළු ගැන දේශපාලනඥයෝ වොයිස් කට් දෙනවා. ජනතාවත් ගැටළු ගැන වොයිස් කට් දෙනවා. ඒත් ඒ ගැටළුවලට විසදුම් ඉදිරිපත් කරන්න විසඳුම් හොයන්න මහන්සි වෙන පාටක් නැහැ.

Ralph Waldo Emerson by Josiah Johnson Hawes 1857ආර්. ඩබ්ලිව්. එමර්සන්ආර්. ඩබ්ලිව්. එමර්සන් කියන දාර්ශනිකයා මෙහෙම කියනවා.

'' ඔබ වහලෙකුගේ ඛෙල්ලට දම්වැලක් දාලා තද කරනවා නම් ඒ දම්වැලේ කෙළවරින් ඔබේම ඛෙල්ලත් හිරවෙනවා.''

ඒක මේ රටේ පාලකයින්ට හොඳට ගැලපෙන්නේ පාලකයො හැසිරෙන්නේ එහෙම නිසා.

ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතර අංක 01 ට තියෙන්නෙ පින්ලන්තය එහෙම රටවල් තව ඕනෑ තරම් තියෙනවා. අපේ රටේ බුද්ධිමතුන් විද්වතුන් රට දාලා යන්නෙ එහෙම රටවල් හොයාගෙන. අන්තිමට මේ රටේ ඉතුරු වෙන්නෙ මෙහෙම රටක් හදපු දේශපාලනඥයෝ සහ දුක් උහුලමින් සුසුම්ලන ජනතාව විතරයි.

රටේ මිනිස්සු විඳින දුක් කන්දරාව ගැන නැවත නැවත කතා කරලා වැඩක් නැහැ. ඒක හරියට හෝදහෝද මඩේ දානවා වගේ වැඩක්.

මේ රටේ හැම පක්ෂයකම යහපත් දේශපාලනඥයෝ ඉන්නවා මනුස්සකම තියෙන, ජනතාවට රටට ආදරය කරන දේශපාලනඥයෝ ඉන්නවා. ඒත් ඔවුන් වටේම ඉන්නෙ එහෙම නොවන දේශපාලනඥයො නම්, ඒ අයටත් කරන්න දෙයක් නැහැ.

අපේ රට තියෙන්නෙ ගිනි කන්දක් උඩ. ඒත් අපි තවමත් පිස්සු නටන්නෙ අපි ගිනි කන්දක් උඩ ඉන්න බව නොදැන ද?

විශේෂාංග - Page #6

අපේ රටේ ජනාධිපතිතුමා 2048 අවුරුද්දේ අපේ රට සුරපුරයක් වෙන අවුරුද්ද කියලා කියනකොට අපේ අසල්වැසි මිත්‍ර රටේ අගමැති මෝදි තුමා කියනවා 2047 අවුරුද්දේ ඉන්දියාව සුරපුරයක් කරනවලූ. අපිට වඩා කලින් එක අවුරුද්දක් කලින් ඒ ඉලක්කයට ලඟාවෙනවලූ. කැරට් අල පෙන්නීම අතින් ඉන්දියාව අපට වඩා අවුරුද්දක් වැඩිමල් .

ඉන්න හිතෙන රටක් හදන්න ආපු අපේ රටේ පාලක ඇත්තො දැනටමත් ඒ ඉලක්කය ආපහු හරවලා. ඒ කියන්නෙ ඉන්න නොහිතෙන රටක් නිර්මාණය වෙමින් යන එකයි.

නියඟය නිසා අසුතුන්දාහකට පීඩා
අපේ රටේ පාලකයො හිතන්නෙ ඒ ගොල්ලො අජරාමරයි කියලා. රටේ වතුර නැහැ. නියඟය හින්දා වැව් හිඳිලා මෙහෙම ගියොත් බොන්න වතුරවත් තියේද දන්නෙ නැහැ.

ලයිට් බිල් ගෙවන්නෙ නැති නිසා ගෙවන්න පුළුවන්කමක් නැති නිසා හිටු කියලා විදුලිය විසන්ධි කරනවා. ජීවත්වෙන්න විදියක් නැති හින්දා පවුල් පිටින් වසබිලා ගඟේ මුහුදේ පනිනවා. බදුබර උහුලගන්න බැරුව වෘත්තිකයො පාරට බහිනවා.

ගොවියො, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො, කම්කරුවො හැමදාම පාරවල්වල ඉඳන් උද්ඝෝෂණවල. ඉස්සර නම් ගෝඨාභය ජනපති උද්ඝෝෂණ කරන්න පිට්ටනිත් වෙන් කෙරුවා දැන් උද්ඝෝෂණය කරන්න පාරට බැස්ස හැටියෙම ගහනවා.

උද්ඝෝෂණය කරන්න, අරගල කරන්න පාරට බහින්නෙ, හිතන කල්පනා කරන මිනිස්සු. ඒ ගොල්ලො තමයි කදුළුගෑස්, වතුර පාරවල් කන්නෙ, බැටන්පොලූ පහර වල් කන්නෙ. නොහිතා දුක් උහුලගෙන පාඩුවේ ජීවත් වෙන මිනිස්සු හූල්ල හූල්ල ජීවත් වෙනවා.

සතුට පිරි සමාජයක ඵලය භුක්ති වි`දින්න 2048 වෙනකල් ඉන්න වෙන නිසා තව අවුරුදු 25 ක් ඔන්න ඔය ගානට හරි ජීවත්වෙනවා කියලා හිතාගෙන ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඒ කාලේ වෙද්දි ඉන්න වෙන්නෙ කොහේද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

දැන් හැම තැනම තියෙන්නෙ කතා සාප්පු විතරයි. කතා සාප්පු සේරම සිහින සාප්පු බවට පත්වෙලා අඩුමිලට සිහින විකිණෙනවා. පාලකයො සිහින වෙළෙන්දො බවට පත්වෙලා. ජනතාව ඒ සිහින මිලදී ගන්න සාමාන්‍ය පාරිභෝගිකයො වෙලා.

විකල්පය සෘජු පුරවැසි සහභාගිත්ව ආණ්ඩුවක් - ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ

හැම තැනම දකින්න තියෙන්නෙ රැවටීම, බොරුබේගල් ඇදබාමින් මිනිස්සු රවට්ටන සිරිතෙන් කවදාවත් මේ රටේ පාලකයො මිදෙන්නේ නැහැ. ජනතාව ඒ රැවටීමේ කලාවෙන් මිදෙන්න උත්සාහ ගන්නෙත් නැහැ.

මිනිස්සු විද්‍යාව අතහැරලා මිත්‍යාව පිටිපස්සෙ දුවනවා දැන් මිත්‍යාව විද්‍යාව වෙලා. විද්‍යාව මිත්‍යාව වෙලා. මිනිස්සු ගුප්ත ගාස්ත්‍ර පිටිපස්සෙ දුවන්න පෙළඹිලා තියෙන්නේ අසරණකමේම කියලා කිවුවත් ඒ අසරණකමින් මිදෙන්න උත්සාහ ගන්නෙත් නැතිනම් සිද්ධ වෙන්නේ ඒ අසරණකමට ගිලිලා මියැදෙන එක විතරමයි. 

දැන් රටට ආදරය කරන ජනතාවට ආදරය කරන සෑම පක්ෂයක ඉන්න යහපත් මිනිස්සු එක පොකුරට එකතුවෙලා ගැටළු වලට විසඳුම් සොයන්න ඕන. 

දාර්ශනික 'ප්ලීන්'ගේ වැකියකින් මේ සටහන අවසන් කරන්නම්. 

'' කෙනෙකුට ලෝකයම රවටන්නවත්, මුළු ලෝකයම එකතු වෙලා බුද්ධිමත් මිනිසෙක් රවටන්නවත් බැහැ.''

එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හමන පාලකයෝ සහ අතිශෝක්ත කතා කාරය- (මහිම සුජීව ගමගේ) | The Leader