The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?

T

The Leader Desk

September 10, 2023 • 8:17 PM

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක මණ්ඩලය ආදිය එවැනි ජාත්‍යන්තර විමර්ශන සිදුකරන ආයතන වේ.
  • සුඩානය, කොංගෝ, බුරුන්ඩි, මියන්මාරය හා ISIS සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර අපරාධ විමර්ශන සිදු කර ඇතැමුන්ට දඬුවම් හා සම්බාධක පනවා තිබේ.
  • ශ්‍රී ලංකාව 2000 වසරේදී රෝම ප්‍රඥප්තියට අත්සන් කළ නමුත්, මේ දක්වා එය අපරානුමත කර නැත.
  • රෝම ප්‍රඥප්තිය අනුමත කරන ලෙස රජයට බලපෑම් කිරීමට කාදිනල්, සරත් ෆොන්සේකා වැනි අයට පෙරමුණ ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක මණ්ඩලය ආදිය එවැනි ජාත්‍යන්තර විමර්ශන සිදුකරන ආයතන වේ. සුඩානය, කොංගෝ, බුරුන්ඩි, මියන්මාරය හා ISIS සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර අපරාධ විමර්ශන සිදු කර ඇතැමුන්ට දඬුවම් හා සම්බාධක පනවා තිබේ.

රෝම ප්‍රඥප්තිය යටතේ ජන සංහාරය තහනම් කිරීම, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ වැනි ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම උල්ලංඝනය වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට විමර්ශන සිදුකළ හැකිය.

 fge456

ශ්‍රී ලංකාව 2000 වසරේදී රෝම ප්‍රඥප්තියට අත්සන් කළ නමුත්, මේ දක්වා එය අපරානුමත කර නැත. එහෙයින්, ශ්‍රී ලංකාවේ නීතියට අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දු පිළිගන්නේ නැත. එහෙත්, එම තීන්දු වෙනත් රටවලදී වලංගුය.

 

රෝම ප්‍රඥප්තිය අනුමත කරන ලෙස රජයට බලපෑම් කිරීමට කාදිනල්, සරත් ෆොන්සේකා වැනි අයට පෙරමුණ ගත හැකිය.

නෙදර්ලන්තයේ හේග්හි පිහිටි අභිචෝදක කාර්යාලය හරහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිලි කළ හැකිය. මෙය අන්තර්ජාලය හරහා ද කළ හැකිය. ඕනෑම අයෙකුට පැමිණිල්ලක් අභිචෝදක කාර්යාලයට ඉදිරිපත් කළ හැකි නමුත්, පැමිණිල්ල සමග චෝදනාවලට අනුබල දෙන සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. ඕපාදූප කියා පලක් නැත.

 xdfgert

ලංකාවේ ෆේස්බුක්වලින් හෝ පුවත්පත් සාකච්ඡාවලින් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටි පළියට එය සිදුවන්නේ නැත.

 

එකී ජාත්‍යන්තර විමර්ශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ නීතිය සමග සම්බන්ධ කරන ආකාරය කුමක්ද යන කරුණු පිළිබඳ දන්නා අය ඒ ගැන කිව යුතුය. එවැනි අනුමැතියකින් තොරව ජාත්‍යන්තර අපරාධ විමර්ශනයක් සිදු කළ නොහැකිය.

එහෙම නැතුව ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය යයි මැතිරූ පළියට එහෙම සිදුවන්නේ නැත. එය කරන ආකාරය ගැන නොකියා ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය යයි කීමෙන් පමණක් කරන්නේ වෙනත් දේශපාලනයකි. එනම්, ලංකාවේ පවතින ආයතනික පද්ධති සම්බන්ධයෙන් මහජන විශ්වාසය නැති කර දැමීමකි.

xfcgdt45සරත් ෆොන්සේකා හමුදාපති කාලයේ බොහෝ අපරාධ සිදු විය

 

උදාහරණයක් ලෙස, සුරේෂ් සලේ චැනල් ෆෝ වීඩියෝව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ඔහු එකල ලංකාවේ නොසිටි බවයි. එයට ප්‍රතිචාර ලෙස සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඔහුට පාස්පෝට්වල සටහන් වෙනස් කරගත හැකි බවයි. එය ඉතා බරපතල තත්වයකි. සුරේෂ් සලේ වැනි අයෙකුට එතරම් බලයක් තිබේ නම්, හමුදාපති සරත් ෆොන්සේකාට කෙතරම් බලයක් තිබෙන්නට ඇද්ද? ඔහු හමුදාපති කාලයේ බොහෝ අපරාධ සිදු විය. ඒ හා සම්බන්ධ සාක්ෂි ද බලය පාවිච්චි කරමින් වසන් කළ බව එයින් අදහස් වේද? මෙවැනි ප්‍රකාශ ද ජාත්‍යන්තර විමර්ශනයකදී විමසා බැලිය යුතුය.

 

AJITH PARAKUMඅජිත් පැරකුම් ජයසිංහ
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද? | The Leader