The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

චාතුරාර්ය සත්‍යය -(ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

September 16, 2023 • 5:46 AM

 චාතුරාර්ය සත්‍යය -(ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හවස්වරු හමු වීම වඩා විචිත්‍ර වූවත් ඊට අපට ඉඩ හසර ලබා දෙන්නට අවහිර වුණේ අපගේ අදාළ වෘත්තීය කාර්ය බහුලතාවය ය.
  • මේ ආදී දහසක් හේතු නිසා ය අප තිදෙනා ඉරිදා හයට පමණ ගල්කිස්ස වෙරළ අසල ම පිහිටා ඇති මගේ නිවසේ මිතුරන්ගේ වාහන නවතා අප වෙරළට ඇවිද යන්නේ.
  • ගමන නිමා කෙරන්නේ ගල්කිස්ස වෙරළට ම යාබ ද ව සැන් තෝමස් කොලීජියට නුදුරින්, කොලේජ් ඇවනිව් හි පිහිටා ඇති කුඩා සංචාරක හෝටලයක උදෑසන කෑම බුෆේ මේසයෙනි.
  • එහි ඇති ප්‍රණීත ඉඳිආප්ප, ආප්ප, පොල් රොටී පැය දෙකක පමණ ව්‍යායාමයෙන් දහනය වූ කැලරි තිබූ ප්‍රමාණයටත් වඩා නැවත යාවත්කාලීන කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වාගෙන යාම ය.

 හවස්වරු හමු වීම වඩා විචිත්‍ර වූවත් ඊට අපට ඉඩ හසර ලබා දෙන්නට අවහිර වුණේ අපගේ අදාළ වෘත්තීය කාර්ය බහුලතාවය ය. ඊට අමතර ව සති අන්තයක වුව ද පවුල් පන්සල්වල කටයුතු ද දවසේ දහවල් හා සවස් කාලයේ කිරීමට සිදුවේ. මේ ආදී දහසක් හේතු නිසා ය අප තිදෙනා ඉරිදා හයට පමණ ගල්කිස්ස වෙරළ අසල ම පිහිටා ඇති මගේ නිවසේ මිතුරන්ගේ වාහන නවතා අප වෙරළට ඇවිද යන්නේ. කතා බහ කරමින් අප තිදෙනා ගල්කිස්ස මහා හෝටල සීමාවේ සිට වැල්ලවත්ත ගල්පර බාධකය දක්වා ඇවිද නැවත මහා හෝටලය දෙසට ම  පැමිණීම අපෙගේ පුරුද්දක් ව තිබිණ.

Mount Lavinia Beach

ගමන නිමා කෙරන්නේ ගල්කිස්ස වෙරළට ම යාබ ද ව සැන් තෝමස් කොලීජියට නුදුරින්, කොලේජ් ඇවනිව් හි පිහිටා ඇති කුඩා සංචාරක හෝටලයක උදෑසන කෑම බුෆේ මේසයෙනි. එහි ඇති ප්‍රණීත ඉඳිආප්ප, ආප්ප, පොල් රොටී පැය දෙකක පමණ ව්‍යායාමයෙන් දහනය වූ කැලරි  තිබූ ප්‍රමාණයටත් වඩා නැවත යාවත්කාලීන කරයි. අපගේ ඉරිදා උදෑසන ඇවිදීමේ ව්‍යාපෘතියේ ව්‍යායාම පරමාර්ථය ද්වීතීක බව මා කීවේ එබැවිණි.      

මේ සංචාරක හෝටලය කුඩා එකක් නිසා එහි ඇති අමුත්තන් සංඛ්‍යාව සීමිත ය. කුමන හෝ හේතුවකට ඔවුන් බොහෝ දෙනා උදෑසන ආහාරයට එන්නේ ද නැත. මේ හේතුව නිසා අප තිදෙනා පමණි ඩයිනින් ප්‍රදේශයේ සිටින්නේ. වෙරළින් ඇරැඹුණු අපගේ කතා බහ තව දුරටත් කෙරෙන්නේ මේ අවස්ථාවේ ය. අප බොහෝ වෙලාවට වාඩිවෙන්නේ බිත්තියේ එල්ලා ඇති රුපවාහිනි තිරයකට  යාබද ව ය. අපගේ කැමැත්ත පරිදි රුපවාහිනියේ නාලිකාව මාරු කර ගැනුමට හෝටලයෙන අපට බාදාවක් නැත්තේ අප එහි නිත්‍ය ගනුදෙනුකරුවන් වීම නිසා ය.

මා මේ සිහි කැඳවන ඉරිදා දින උදෑසන ද අපගේ නොනවතින උදෑසන කෑම සැසිය දහය පමණ වෙනතුරු කරගෙන යමින් සිටියෙමු. අතරින් පතර අප රුපවාහිනියේ ඒ වේලාවට විකාශනය වන වැඩසටහන් ද අරමුණකින් තොර ව වරින් වර බලමින් සිටියෙමු. එවැනි විටෙක ය 'බ්‍රේකින් නිව්ස්' කීපයක් විකාශනය වූයේ. බ්‍රේකින් නිව්ස්වලින් කියැවුනේ පාස්කු මෙහෙය පැවැත්වෙන කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බයක් පිපිරී විශාල සංඛ්‍යාවක් මරණයට පත් ව ඇති බව ය.

 106548256 57d155aa 385c 4d91 af1f ba9c4d190b20

 වැඩි වෙලාවක් ගත නොවී බ්‍රේකින් නිව්ස් සියලු දේශීය නාලිකාවල විකාශනය වූ වැඩසටහන් පරයා මූලික වැඩසටහනක් සේ මතු වුණේ, කොළඹ මුල් පෙළේ තරු හෝටල් කිහිපයක ද තවත් දේවස්ථානයක ද මෙවැනි බෝම්බ පිපිරීම් සිදු වූ අයුරුත් සිය ගණනින් ඇම්බියුලන්ස් රථ නොනවත්වා  කොළඹ ගෙනෙන දසුන් නොනවත්වා විකාශනය වෙම නිසා ය. යුද්ධය පවතී කාලයේ මේවි දසුන් අපට හුරුපුරුදු වූවත්, යුද්ධය නිමා වී අවුරුදු දහයකට පමණ පසු ව පැවැති සාපේක්ෂ සාමකාමී පරිසරයක නැවත මෙවන් දෙයක් සිදුවීම අප තිදෙනා තුෂ්නිම්භූත කළේ ය.    


ඒ වෙලාවේ මා සිටියේ හාතාවාරිය කොළ කැඳ වීදුරුවක් බී පමණි. එහෙත් මා ගත් කටට ම මිතුරන් දෙදෙනාට කීවේ "මේක සෙටප් එකක් වෙන්ඩ බැරි ද?" කියා ය. මගේ මිතුරන් දෙදෙනා ම ගිගුළේ කවුරු කරා ද කියා ය. මගේ පිළිතුර වුයේ වෙන කවුරු ද කියා ය. එය ඔවුනට වටහා ගන්නට අපහසු නොවුණ හෙයින් ඊට දැඩි විරෝධයක් රෙජිස්තර කළේ ඒ මිනිස්සු එහෙම රටට වින කරන අය නොවේ කියා ය. මා මගේ ප්‍රති තර්ක ඉදිරිපත්  කරන විට අපගේ සංවාදය උණුසුම් වී මගේ එක මිතුරෙකු අදාළ පවුල ගැන කතා කළේ වෙවුලමින් ය. ඒ ඔහුගේ ඔවුන් කෙරේ ඇති විශ්වාසය නිසා ය. මා එකල බලයේ සිටි යහපාලන ආණ්ඩුව සමග යම් තරමක සම්බන්ධතාවයක් පවත්වමින් තිබු බව මිතුරන් දැන සිටි නිසා මට ද දෙස් දෙවොල් දෙන්නට් පටන් ගති.

මට හැඟුණේ එන පොට හොඳ නැති බව ය. දේශපාලන මත වෙනස් වුවත් අපගේ දීර්ඝ කාලීන මිත්‍රත්වය රකිනු වස් මා කළේ මීටර පන්සීයක පමණ නුදුරින් පිහිටි මගේ නිවෙසට දිව ගොස් තුන්කාලක් පමන ඉතිරි ව තිබු Screenshot 2023 09 16 at 10.47.39 AM removebg previewබකාඩි බෝතලයක් ගෙන අවුත් තුන් දෙනා සමග සප්පායම් වීම ය. මෙය මට උපදේශයක් ලෙස දුන්නේ වෛද්‍යවරයෙකි. යම් අතිශය කම්පිත (shocked) අවස්තාවක් තණුක කර ගන්නා සරල ක්‍රමයකි. ආවේගශීලී වූ මිතුරා වැඩියෙන් බිවු අතර, අපගේ සංවාදයේ උණුසුම ක්‍රමයෙන් ක්ෂය විය. ඉන් පසු ව මතු වුණේ  ප්‍රායෝගික ප්‍රශ්නයකි. එනම් මිතුරාට තම වාහනය මේ තත්ත්වයෙන් පදවා ගෙන යන්නට හැක්කේ කෙසේ ද කියා ය.  ඊට ප්‍රයෝගික විසඳුමක් ලෙස, මෙවැනි අවස්ථා කලමනාකරණය කර ගනුමට වෘත්තීය සේවාවක් සපයන සමාගමක් මාර්ගයෙන් මොටර් සයිකලයක කළු හැඳ ගත රතු ටයි පටි බැඳ ගත් තරුණයින් දෙදෙනෙකු අවුත් මගේ මිතුරාගේ වාහනය  ඔවුන්ගෙන් එක් අයෙකු පදවා ගෙන ගියේ නිදිබර ව සිටි මිතුරා ද කැටුව ය.  

බකාඩි ඖෂධයට හා යට කී වෘත්තීය සේවාවට පින් සිදුවන්නට 2019 අප්‍රේල් 19 දින සිට මේ දක්වා අපගේ මිත්‍රත්වය එසේ ම පවතී. වසර හතරක් හා මාස හතරක් පමණ පරණ මේ මතකය මගේ නැවත ඇවිස්සුණේ බුදුන් වදාළ චාතුරාර්ය සත්‍යය මෙන් ම වැදගත් ආලෝලනයක් ලක් වැසියනට පමණක් නොවන ලොවේ සැමාට ද සැප්තැම්බර පහ දින සිට ලබා දුන් රුපවාහිනී වැඩසටහනක් නිසා ය. 

 

 පවුලේ පැටිකිරිය දන්න අපට වැඩේ වූ දින ම ඉවෙන් මෙන් තේරුම් ගිය සත්‍යය, වසර හතරකට හා මාස හතරකට පසු ව හතරේ නාලිකාව දැඩි වෙහෙස මහසියක් වී සාක්කි කරුවන් හා දෙහි කපන්නන් දුසිමක් පමණ එක්කාසු  කරගෙන ලොව පුරා ඉස්ට්‍රීම් කරන සත්‍යය පිටුපස ඇති චේතනා හා අරමුණු  අප චතුරාර්ය සත්‍යයේ ආකෘතියෙන් ම විමසා බැලිය යුතු යි සිතෙන්නේ මීට වසර හතරකට හා මාස හතරකට පෙර මට දැනුණු ඉව ම නිසා ය. "මේක(ත්)  සෙටප් එකක් වෙන්න බැරි ද ?" කියා වසර හතරකට හා මාස හතරකට පසු මා කියනා විට මගේ ඇඟට කඩ පනින්න මිතුරන් දෙදෙනෙක් නොවන දෙසීයක් පමණ සිටිය හැක. එහෙත් ඔවුන්ගේ ආවේගය තණුක කරන්නට මට බකාඩි පීප්ප ගණනක් අවැසි වෙනු ඇත.

 

Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චාතුරාර්ය සත්‍යය -(ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader