The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

රවාෂ (01) : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

September 16, 2023 • 2:24 PM

රවාෂ (01) : එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තව විටෙක වේදනාවක්ද, කෝපයක්ද අවුලාලනවා විය හැකිය.ඒත් තේරුම් ගත යුත්තේ එල්බ ගත් දෑ දෙසම නිදහසේ බලන විට ලැබෙන ප්‍රඥාවේ දීප්තියයි.
  • එවන් දීප්තිය මනාව හිස කොටු කර දමන ඒකමානය පුපුරවා දමනු ඇත.
  • ඒ පෙනිම අපට සතුට ප්‍රභර්ෂය දැනුම වගේම ජීවිතයද මුණගස්වනු ඇත.
  • අජීවි ගල් කණු වලට හා ව්‍යාජ උවමනාවලට සින්න කළ අතීත මීමුතුන්ගේ සජීවී ජීවිත අපේ ජිවිත සමඟ බැඳෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තව විටෙක වේදනාවක්ද, කෝපයක්ද අවුලාලනවා විය හැකිය.ඒත් තේරුම් ගත යුත්තේ එල්බ ගත් දෑ දෙසම නිදහසේ බලන විට ලැබෙන ප්‍රඥාවේ දීප්තියයි. එවන් දීප්තිය මනාව හිස කොටු කර දමන ඒකමානය පුපුරවා දමනු ඇත. එසේ එල්බ ගත් දෑ දෙසම ඒකමානයන් හා දැකීම් වලින් මිදී බලා යන ඉතිහාස ගමන දැන් ඇරඹිය යුතුය. මේ විදියට බලන කොට සෙවිය යුතු දේ මොනතරම් දැයි පෙනේ.

ඒ පෙනිම අපට සතුට ප්‍රභර්ෂය දැනුම වගේම ජීවිතයද මුණගස්වනු ඇත. අජීවි ගල් කණු වලට හා ව්‍යාජ උවමනාවලට  සින්න කළ අතීත මීමුතුන්ගේ සජීවී ජීවිත අපේ ජිවිත සමඟ බැඳෙනු ඇත.  ඉතින් ඒ ගැන සිතමින් යන විට හමුවන වැදගත් තැන "එක් කෙනෙක් විතරක් ඇයි" යන්නය.

 
අපට සිටින ජනකාන්ත රාජ්‍ය පාලකයා දුටුගැමුණු රජතුමාය. ඔහු හැම අතින්ම අපි දනී. ඔහුට තරම් ඉඩක් අපි අපේ ජිවිත ඇතුලේ වෙන කාටවත් විවර කර දී නැත. ඒ මහා ඉඩ ඇතුලේ ඔහු ගැන නොබලන බැල්ම බැලිය යුතුය. එනම් මෙතරම් ජනකාන්ත දුටුගැමුණු නමින් තවත් රජෙක් ඔටුනු නොපැලැන්දේ ඇයිද යන්නය. ඒ කියන්නේ සාර්ථක නවීකාරක ජනප්‍රිය රජුන් බිහිවු විට ඔහුගේ නමින් රජවරු ගණනාවක් බිහිවේ.  උදාහරණ විදියට කාශ්‍යප රජතුමා සීගිරියෙන් නවීකාරක ලොවක් තැනූවිට කාශ්‍යප නමින් ලක් ඉතිහාසයේ රජුන් අටක් බිහිවේ. ඒ කියන්නේ පළමු කාශ්‍යප දෙවන කාශ්‍යප තුන්වන කාශ්‍යප විදියට ඒ නම් ආරෝපණ කර ගත් අය වෙයි. මේ කාගෙවත් උපන් නම එය නොවේ. එය පරාක්‍රමබාහු කතාවෙත් ඒ සමානය.මහා පරාක්‍රමබාහු රජ වූ විට පළමු දෙවන තුන්වන සේ පරාක්‍රමබාහු නමින් නවදෙනෙක් බිහි විය. අග්බෝලා, මුගලන්ලා, බුවනෙකබාහුලා, විජයබාහුලා, සේනලා, ගජබාහුලා සේ මේක දිග කතාවකි.

0p0FAVnzBTHQCHAhC
එසේ නම් ලංකාවේ ජනකාන්තම රජුවූ දුටුගැමුණු නිරිඳුන් නමින් රාජකීය නාම පෙළපතක් සකස් නොවූයේ මන්ද, මේ ගැන එබී බැල්ම ලංකා අන්දරයේ අරුම තැනක් හමු කරන තැනකි.

ඒතැන සොයා යා යුතු දුරට සොයා යා යුතුය. දුටුගැමුණු රජතුමා කෙරෙහි බැඳුණු අයත් ඔහු ගැන විරෝධී අයත් එබී නොබලන තැන් මේවාය. නිරිඳු ගැමුණු තැනූ දේශමාමකත්වයේ තාලය රාජ්‍ය දේශපාලන තාලය කර ගත්තෝ බොහෝය.

ඒත් ඒ කවුරුවත් දු‍ටුගැමුණු නම ගෙන දෙවන දුටුගැමුණු කෙනෙක් නොවුනේය. තම දේශපාලන ප්‍රතිරූපය සඳහා දුටුගැමුණු තාලය උපරිමයට භාවිතා කළ අවභාවිතා කළ කිසිවෙක් ගැමුණු නම ආරෝපණය නොකරගෙන දුටුගැමුණු රජුගේ රාජ්‍ය තාලය මත දේශපාලන විජිතය තනා ගෙන ඇත. එසේ නම් ඒ ඇයි.

 

GRlnJrewLrSkA8p4 coverතම දේශපාලන තාලයේ මහා ප්‍රතාපයාගේ නම ඔහුගේ අනුකාරකයන් වත් නොගන්නේ මන්ද? මෙවැනි එකම එක්කෙනාලා බොහෝ ලංකාවේ රජවරු අතර ඇත. ඔවුන් එසේ එකම එක්කෙනෙක් වන්නට හේතු වූ කරුණු දෙකකි. එකක් වන්නේ අසාර්ථක වූ ජනප්‍රිය නොවූ නම් අනුකාරක නොවීය. දෙවැන්න නම් සාර්ථක නවීකාරක ජනකාන්ත වුවද යලි දේශපාලන තාලයේ එම ක්‍රමය භාවිතා කිරීමට ඇති අපහසුව බලපායි. "පණ්ඩුකාභය" නමින් එක් අයෙක් විතරක් ඇත්තේ කිසිම රජෙකු ඔහු තරම් දුරකට රාජ්‍යය බහුත්ව කරන කාරණාවට නොයාම නිසාය.

ඒත් තරඟකාරීව අනුකාරකව දුටුගැමුණු වීමට ලංකාවේ පාලකයන් දේශපාලකයන් අතර ඇති වූ රුචිය තරඟය ඉතා තියුණුය. ඒ තරමට එවැනි පාලකයන් දේශපාලකයන් හා දේශපාලන ව්‍යාපාරයන් දේශපාලනයෙන් බිහිවිය. ඒත් කවුරුත් තම පූර්වගාමියා වූ දුටුගැමුණු නම භාවිතාවට ගෙන නැත්තේය. මේ තැන තමයි ලංකාවේ උභතෝකෝටිකයේ තැන.  එසේ නැත්නන් පුරවා ගත  නොහැකි හිස්තැන හා නිහඩකම.

 

 පරාක්‍රමබාහු රජතුමාව අනුකරණය කළ අය ඔවුනට ගත් සේ හෝ කාශ්‍යප අනුකරණය කළ අය ඔවුන්ගේ නම භාවිතා කළ සේ දුටුගැමුණු රජුගේ අනුගාමික අනුකාරකය කළ අය ඔවුනගේ නම භාවිතයට බියවි ඇත්තේ මන්ද.  නොවේ නම් මනාප නොවී ඇත්තේ කිමද. නැතිනම් ඒ නම භාවිතයෙන් ඉවත්ව සිටියේ මොන හේතුවක් නිසාද මේ කරුණ පාදමක් සේ ලංකාව දේශපාලන දේහය මැදින් විද බලා ගත හැකි කැණීමකි.  එය කැණීමක් වන්නේ මේ හේතුව නිසාය. ඒ හේතුවෙන් වන්නේ සිංහල රාජ නාමාවලිය භාෂා ස්වරය අනුව ගණ සුභ පිහිටීම සහිත විද්‍යාවක් වන නිසාය.  

වාග් විද්‍යාවේ ගණ රිද්මය හා ඡන්දය සමඟ සබැඳි වෙනම භාෂා විෂය දහරාවක් වේ. ඒ අනුව රජුන්ගේ නම් කෙරෙහි මේ වාග් විද්‍යාත්මක ක්‍රමය සිරිතක් ලෙස භාවිතා වේ. ඒ නියමයන් රජුගේ පමණක් නොව සාමාන්‍ය ජනයා අතරද නමක් භාවිතයට ගැනීමේදී තහවුරුව ඇති නියමයන් මෙන්ම සිරිතක්ද වේ.

dutugemunu king

ඒ අනුව දුටුගැමුණු මහා නිරිඳු නම නාම රැල්ලක් නොවන්නේ මන්ද‍. "දුටු" අතහැර "ගැමුණු" සේ ගෙන හෝ තම නම සරසා ගත්න පසු රාජ්‍ය අනුකාරක රජුන් නොගියේ මන්ද. එය මන්ද  යන්න වටහා ගත යුත්තේ සුභ ගණ විද්‍යා ශාස්ත්‍රයද සැලකිල්ලට ගෙනය. මේ ගැන පසුබිම ඉතිහාසයෙන් කදිම දත්තයකින් හමුවේ. ඒ දුටුගැමුණු කුමරුට නම් තැබූ  දෑ සිදු වූ කතාවක් නිසාය. ඇත්තට දුටුගැමුණු යන නම උප පදයක්ද.

ඔහුගේ පියා කාකවර්ණ තිස්ස දුන් අපහාස නමක්ද. නොවේ නම් ජනතාකරණයේ පටබැඳි නමක්ද. "ගමක" නමින් ප්‍රභවය  ලබා ගමික, ගාමිණි, ගැමුණු වූ වග වාග් නිතර කියා දේ. එය සැබෑය. ගමේ නායකයා යන්න එහි භාෂාවේ දීසි අරුතය.

ගැමුණු කුමරු උපත ලබන දා නම් තබන්නට රජගෙදරට වඩින භාෂා ශාස්ත්‍රඥයන් විසින් පවත්වා ගත් ලේඛණ ගත නොකල  කතාව පවත්වා ගන්නා රහසකි. මේ රහස ලක් රජුන් රහසක් සේම පවත්වා ගත් කතාවකි. ඓතිහාසික විෂය පථය අතගානා කවුරුත් මේ කතාව එලි පිට කතා නොකරන්නේය. මේ කතාව හොඳින්ම එලියට එන්නේ දුටුගැමුණු රජුගේ ඝාතන කුමන්ත්‍රණය සමඟය. එවිට ඒ රහස කුමන රහසක්ද. සොයා යා යුතුය‍. ලියා තැබිය යුතුය.

Sujith 2021

 

වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
sa4408@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...