The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කුණු ගඳ නෑරේ ආතල් බේරේ

T

The Leader Desk

September 17, 2023 • 5:16 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කුණු ගඳ නෑරේ ආතල් බේරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ වහරේ සුද්ද කිරීම යන්නට නොයෙක් තේරුම් ඇත.
  • වංචාව, සොරකම යන තේරුම්ද ඒ අතර ඇත.
  • ඒ කෙසේ වෙතත්, මෙවර සිදුවීමට යන්නේ බේරේ වැවේ අපවිත්‍ර ජලය ශුද්ධ පවිත්‍ර කර, එය සුනිල දියෙන් පිරි සුන්දර ජලාශයක් බවට පත් කිරීමය.
  • කොමිස් කේස් හරස් නොවුණොත්, ජපනා නියමෙට වැඩේ කර දෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේ වහරේ සුද්ද කිරීම යන්නට නොයෙක් තේරුම් ඇත. වංචාව, සොරකම යන තේරුම්ද ඒ අතර ඇත. වංචාව, සොරකම යන තේරුම්ද ඒ අතර ඇත. එහෙත් මෙතනදි අදහස් වන්නේ ඒ ''සුද්ද''ය නොව, පිරිසුදු කිරීමය.

මට මෙය මුලින්ම පැහැදිලි කිරීමට සිදුවූයේ, බේරේ වැව වුණත් සුද්ද කළ හැකි ටොප් ක්ලාස් සුද්දවන්තයන් මේ රටේ සිටින බැවිනි.

ඒ කෙසේ වෙතත්, මෙවර සිදුවීමට යන්නේ බේරේ වැවේ අපවිත්‍ර ජලය ශුද්ධ පවිත්‍ර කර, එය සුනිල දියෙන් පිරි සුන්දර ජලාශයක් බවට පත් කිරීමය. එය බාර දී තිබෙන්නේ ජපන් ආයතනයකටය. කොමිස් කේස් හරස් නොවුණොත්, ජපනා නියමෙට වැඩේ කර දෙනු ඇත.

main qimg 3336dcf1b2dc50bee2e588083c61f346 lq 24

පිරිසුදුකම කෙසේ වෙතත්, කොළොම්පුරයට බේරේ වැව අලංකාරයකි. දැනට අක්කර 160 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරෙන එය, පෘතුගීසින් විසින් නිර්මාණය කරන ලද 16 වැනි සියවසේදී දැනට වඩා දෙගුණයක් විශාලව තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය ඉදිකිරීමේ අරමුණ වූයේ සිංහල සේනාවන්ගේ ආක්‍රමණයන්ගෙන් ගැලවී සිටීමය. ඒ අතින් බැලූ විට, මෙය ''ආරක්ෂක ප්‍රාකාරයකි''. ඊට අරක් ගත් කිඹුලෝද, සතුරන් බියපත් කළෝය.

හොඳ වෙලාවට, අපේ රටේ අරගල කාලයේ බේරේ වැවේ කිඹුලන් සිටියේ නැත. සිටියේ නම්, එහි බැස්සවූ පිරිමින්ගෙන් හරි අඩක් අද වන විට නපුංසකයෝය. එසේත් නැත්නම් මළවුන් අතරය.

1652870443 bere M
බේරේට පයක්වත් නොතැබූ බොහෝ දෙනකුට එදා, කරවටක් එහි ගිලෙන්නට සිදුවූ අයුරු ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රෑපවාහිනී තිරයෙන් බලා සිටියහ. එදා සමහරු පැවසුවේ, බේරේ බැසගත් හෝ බැස්සවූ උදවියට හත් අවුරුද්දක් නෑවත්, ගත - සිත පිරිසුදු කරගත නොහැකි වනු ඇති බවය. තවත් විදිහකින් කියනවා නම්, ගලේ ගසා සේදුවත් බේරේ ගඳ නෑරේමය.

ඉදිරියේදීද අරගල, ජනතා උද්ඝෝෂණ සිදුවනු ඇත. තව තවත් අයට බේරේ දඬුවමට මුහුණ පෑමට සිදුවනු ඇත. එහෙයින් කල් තියාම බේරේ පිරිසුදු කර තැබීම, කාගේ හෝ සිතට නැඟුණු වටිනා සංකල්පයකි. ඉන්පසු, කාට කාටත් ''බැස සීතල බේරේ, පීන පීන නාමුකෝ අපි'' යනුවෙන් ජල ක්‍රීඩා කරමින් සතුටු විය හැකිවනු ඇත. 

මා දන්නා තරමින් පව් සමාකර ගැනීමේ ක්‍රම ඇතත්, දේශපාලන සාපයන්ට නම් එය අදාළ නැත. බේරේ නොව, අනෝතත්ත විලේ බැස සිටියත්, ඒ පව් සෝදාගත නොහැක. 

පව් සමාව ගැන උපහාස කතා ද බොහෝය. (කරුණාකර එය උපහාසය හෝ හාස්‍ය මිස, ආගමික අර්ථයෙන් නොසලකන්න.)

එක් කාන්තාවක් දේවස්ථානයට ගොස්, පූජකතුමකු හමුවී තමාට පව් සමාකර ගැනීමට අවශ්‍ය බව කීවාය. එවිට පූජකතුමා මෙසේ කීය.

2D274905755239 facebook horizontal 636
''හොඳයි. ඔබ මෙහි එන බව මට කලින්ම තේරුම් ගොස් තිබුණා.''
''ඒ කොහොමද පියතුමනි? මම තාම පාපොච්චාරණයක් කළෙත් නෑනෙ.''
''ඒ වුණාට මං ඔබේ ෆේස්බුක් එක බලල තියෙනවනෙ.''

කාන්තාව නිරුත්තර වූවාය.

තවත් අවස්ථාවක ධනවත් ව්‍යාපාරිකයෙක් පූජකතුමකු හමුවට ගියේ, පව් සමාකර ගැනීමේ අදහසිනි.

''පියතුමනි... මං පහුගිය මාස තුනේ, ප්‍රසිද්ධ නිළියන් තුන් දෙනෙක් එක්ක යහන්ගත වුණා.''

ව්‍යාපාරිකයා කීවේ ලජ්ජාවෙනි.

11.jpg
''කවුද ඒ තුන්දෙනා?''

පියතුමා ඇසුවේ සැලෙන හඬිනි.

ව්‍යාපාරිකයා රෑමත් හින්දි නිළියකගේද, මලයාලම් නිළියකගේද, ශ්‍රී ලාංකික නිළියකගේද නම් කීවේය.

පියතුමාගේ ඇස් උඩ ගියේය.

''ඉතින් ඕකේ මොනවද සමාකර ගන්ඩ තියෙන්නෙ. ඔහේ හරි ලක්කාරයෙක්නෙ.''

තවත් දේවස්ථානයක් ඉදිරියේ සවිකර තිබූ පුවරුවක මෙසේ සඳහන් කර තිබුණි.

''දේශපාලනඥයන්ගේ පව් සමා කිරීමේ කුටිය තාවකාලිකව වසා දමා ඇත. හදිසි අවශ්‍යතා සඳහා අපායේ කුටියක් විවෘත කර ඇති බව කරුණාවෙන් සලකන්න. RIP


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...