The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

September 17, 2023 • 11:19 AM

සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වන විට ඔවුන් අත්විඳිමින් සිටියේ ඔවුන්ගේ සැබෑ අපේක්ෂාවේ මුළුමනින්ම විරුද්ධ පැතිකඩයි.
  • ඉන්ධන, ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් හිඟය ඇතිවීමට හේතු වූයේ, රටේ ඩොලර් සොරකම් කර, එම ඩොලර් දූෂිත නායකයන් විසින් වෙනත් රටවලට යැවීම නිසා යැයි විශ්වාස කෙරිණි.
  • නායකයන් ජනතාව වෙනුවෙන් කිසිවක් ඉතිරි නොකළ නමුත්, සියලු ඩොලර් තමන් සන්තකයට ගෙන ඇතැයි යන හැඟීම ජනයාගේ කෝපයට හේතු විය.
  • සෑම තරාතිරමකම මිනිසුන්ගේ, විශේෂයෙන් දිළිඳු හා ආන්තිකවූවන්ගේ දියුණුව අපේක්ෂා කළ මේ ගමනට ඔහු සමඟ එක්ව ගියේ, අධ්‍යාපන ඇමැතිවරයා ලෙස දුප්පත් පොහොසත්, නාගරික හෝ ග්‍රාමීය සියලු දරුවන්ට සෙත සැලසෙන විශ්වීය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙළඹවූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
WhatsApp Image 2022 05 09 at 6.24.59 PM
 
දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ, ට්‍රැක්ටර් ට්‍රේලර්, කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලොරි ඇතුළු සාමාන්‍යයෙන් භාවිත නොවන ප්‍රවාහන මාධ්‍යයන් භාවිත කරමින් පැමිණි ජනයා අපේක්ෂා කරන ලද්දේ, රාජ්‍යය ජනතාවගේ යහපත සලසන සම්ප්‍රදායක් නිර්මාණය කරනු ඇතැයි කියාය. ඒ වන විට ඔවුන් අත්විඳිමින් සිටියේ ඔවුන්ගේ සැබෑ අපේක්ෂාවේ මුළුමනින්ම විරුද්ධ පැතිකඩයි. ඉන්ධන, ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් හිඟය ඇතිවීමට හේතු වූයේ, රටේ ඩොලර් සොරකම් කර, එම ඩොලර් දූෂිත නායකයන් විසින් වෙනත් රටවලට යැවීම නිසා යැයි විශ්වාස කෙරිණි. නායකයන් ජනතාව වෙනුවෙන් කිසිවක් ඉතිරි නොකළ නමුත්, සියලු ඩොලර් තමන් සන්තකයට ගෙන ඇතැයි යන හැඟීම ජනයාගේ කෝපයට හේතු විය.
DSS in review
 
ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා නායකත්වය ලබාදුන්, නිදහස් ශ්‍රී ලංකාවේ ජනහිතකාමී රාජ්‍යයකට පසුබිම සැකසූ නිර්මාතෘවරුන්ට, ලොකු කුඩා වාරි ව්‍යාපෘති තුළින් තිරසර වීමට අවශ්‍ය වූ ස්වයංපෝෂිත රටේ ගොවි ජනතාවක් පිළිබඳ දැක්මක් පැවැතිණි. සෑම තරාතිරමකම මිනිසුන්ගේ, විශේෂයෙන් දිළිඳු හා ආන්තිකවූවන්ගේ දියුණුව අපේක්ෂා කළ මේ ගමනට ඔහු සමඟ එක්ව ගියේ, අධ්‍යාපන ඇමැතිවරයා ලෙස දුප්පත් පොහොසත්, නාගරික හෝ ග්‍රාමීය සියලු දරුවන්ට සෙත සැලසෙන විශ්වීය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙළඹවූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාය. එකල බිහිවූ සහ සිය පූර්වගාමීන් අනුගමනය කළ අනෙකුත් නායකයන් විසින් පවත්වාගෙන ගිය එකී අත්තිවාරම හේතුවෙන්, 1970 දශකය වන විට ශ්‍රී ලාංකිකයන්ට ජාතික ආදායම බෙහෙවින් වැඩි, වෙනත් රටවල ජනයාගේ ජීවන තත්ත්වය අභිබවා ගිය ජීවන තත්ත්වයක් තිබිණි.
 
image 958df05e9b
 
දුප්පත් පොහොසත්, නාගරික හා ග්‍රාමීය යන දෙඅංශයෙන්ම අරගලයේ උද්ඝෝෂණවලට සහභාගි වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුළ පැවැතියේ, සිය විදේශ රටවල බැංකු ගිණුම් තරකර ගත් දූෂිත නායකයන් කණ්ඩායමක් විසින් රැවටීමට ලක් නොකරන, සංවර්ධනයේ ඵලය උදාවන, අතීත පරමාදර්ශවලින් උපන්, සමස්ත සමාජයටම සෙත සැලසෙන ක්‍රම වෙනසක් පිළිබඳ දැක්මයි. කෙසේ වෙතත්, වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රම වෙනස, එක් භූගෝලීය හා දේශපාලන අවකාශයක් තුළ ක්‍රියාත්මක වන්නක් වුවද, එය විවිධ ජන මට්ටම් අතර විශාල පරතරයක් ඇතිකරවන්නක් වේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලීමට ආණ්ඩුව දරන ප්‍රයත්නයේදී, එහිදී කැපකිරීමේ බරින් වැඩි කොටසක්, සාකච්ඡා මේසයේ නියෝජනය නොවන සහ ප්‍රතිරෝධය දැක්වීමට බලයක් නැති ජනයා මත පැටවී තිබේ. මහාචාර්ය සුමනසිරි ලියනගේ ඇස්තමේන්තු කර ඇති ආකාරයට, ඉදිරි වසර 12 තුළ විශ්‍රාම වැටුප් අරමුදල්වල සිදුවන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් හේතුවෙන්, එහි ප්‍රාග්ධනයෙන් තුනෙන් එකක් අහිමි වනු ඇත. 
අසාධාරණ බරක්
 
ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව - (මහාචාර්ය රොහාන්  සමරජීව)

විදේශ ඇමැති අලි සබ්රි මහ බැංකු තක්සේරු වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියේ, පසුගිය සතියේ සම්මත කරන ලද නව ආදායම් බදු නීතියේ බලපෑමෙන්, වාර්ෂික සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභය සියයට 14 ක ආයතනික බද්දක් සමඟ, ලබා දී ඇති ප්‍රතිලාභය සියයට 10.99 සිට සියයට 9.72 දක්වා අඩු විය හැකි බවයි. ප්‍රශ්නය වන්නේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු යන දෙඅංශයෙන්ම ඉතා අඩු පොළී අනුපාත අයකරන විට, විශ්‍රාම වැටුප් අරමුදල් ආයතනික මට්ටමින් බදු ගෙවිය යුත්තේ මන්ද යන්නයි. විශ්‍රාම වැටුප් අරමුදල් ක්‍රියාත්මක වියයුත්තේ පවතින වාරික පොළී අනුපාත මත මිස, පහත හෙළන ලද පොළියක් අනුව නොවේ. සමාජ අරමුදල් ලෙස ඒවායින්, ලාභ ලබන සමාගම් මට්ටමින් බදු අය නොකළ යුතුය. එහෙත් විශ්‍රාම වැටුප් අරමුදල් රජය විසින් පාලනය කරනු ලබන බැවින්, ඔවුන්ගේ නඩුව වෙනුවෙන් තර්ක කිරීමට රාජ්‍ය පද්ධතිය තුළ කිසිවකු නොමැති බව පෙනේ. වැටුප් ස්වයංක්‍රීයව අඩුකර, මෙම විශ්‍රාම වැටුප් අරමුදල් වෙත මාරු කරන ක්‍රමවේදය සකස් කරන අවස්ථාවේ, වැඩකරන ජනතාව වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා සාකච්ඡා මේසයේ ඔවුන්ගේ නියෝජිතයෝ නොසිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙනත් රටවල් තම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී නොකරන යමක් මෙහි රජය විසින් සිදුකිරීම නැවැත්වීමට ක්‍රමයක් නොතිබිණි.
 
1494916608329 ONS90PK9GC4UD024EYSCආචාර්ය නිශාන් ඩි මෙල්වෙරිටේ රිසර්ච් ආයතනයේ ඔක්ස්ෆර්ඩ් සහ හාවර්ඩ් හි පුහුණු ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ඩි මෙල්ට අනුව, දේශීය මුදල් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සම්පූර්ණ බර කම්කරුවන්ගේ සමාජ ආරක්ෂණ අරමුදල් මත පමණක් පටවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි (ප්‍රකාශිත දත්ත මත පදනම්ව). පසුගිය වසර 25 තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් සිදුකළ රටවල් 14ක් අතුරින්, බැංකු සහ පෞද්ගලික ණය දෙන්නන් හැර සමාජ ආරක්ෂණ අරමුදල් ඉලක්ක කළ එකම රට ලෙස ශ්‍රී ලංකාව තනිව සිටී. IMF දත්ත පෙන්නුම් කරන්නේ, අනෙකුත් රටවල් 14ම ඔවුන්ගේ බැංකු අංශය ප්‍රතිව්‍යුහගතකරණය කළ බවයි. ඉන් රටවල් නවයක් පෞද්ගලික මූල්‍ය ආයතන ද ප්‍රතිව්‍යුහගතකරණය කර ඇත. ඉන්  රටවල් දෙකක් පමණක් සමාජ ආරක්ෂණ අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණය කරන ලදී. එහෙත් ඔවුන් කිසිවෙක් විශ්‍රාම වැටුප් (සමාජ ආරක්‍ෂක) අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණය කර අනෙකුත් අංශවලට නිදහස ලබාදුන්නේ නැත.
pension
 
රජය විසින් EPF/ETF විශ්‍රාම වැටුප් අරමුදල් ඉලක්ක කර ගෙන ඇති අතර, එමඟින් විශ්‍රාම ගැනීමෙන් පසු සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ කෙරෙහි සෘජුවම බලපෑමක් එක්ක කෙරෙනු ඇත. එහෙත් එහිදී, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ බරින් බැංකු සහ විශාල සමාගම් නිදහස් කර තිබේ. ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය වැනි ආර්ථික දැවැන්තයන් අනුකරණය කළ නොහැකි අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාපේක්ෂ වශයෙන් කුඩා සහ ඒක පුද්ගල වශයෙන් බෙහෙවින් දුප්පත් එකකි.
 
Saturday, Sept. 15, 2012, in New York, NY (John Makely / NBC News)Occupy Wall Street protesters leave Washington Square Park at the start of their Saturday march to Zuccotti Park, the first planned march as part of three days of events to mark the one year anniversary of the movement.Occupy Wall Street took center stage last fall, galvanizing thousands of people across the country to heed the call, "We are the 99 percent," set up camps in parks and squares, and join the fight against income inequality, corporate greed and government corruption.Now the movement gathers again in New York to mark the one year anniversary of what was started in Zuccitti Park.
 
2008 දී ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ අන්ත දක්ෂිණාංශික ආණ්ඩුව යටතේ එක්සත් ජනපදයේ මූල්‍ය අර්බුදයක් ඇති වූ අතර, එහිදී රජය විශාල බැංකුවලට ඇප ලබාදුන්නේය. එහෙත් එහි දී පවා එය විශාල ගැටළු වලට තුඩුදුන්නේය. අමෙරිකානුවන්ට ඔවුන්ගේ රැකියා, නිවාස සහ ඔවුන්ගේ ඉතුරුම් අහිමි වූ විට පවා, 'තඩි බළල් බැංකුකරුවන්' ලෙස වරක් බැරක් ඔබාමා විසින් හඳුන්වන ලද එරට බැංකු පද්ධතිය ආණ්ඩුව විසින් ගලවාගත යුතුය යන මතය තහවුරු කෙරුණු අතර, එහිදී වෝල් වීදියේ වාඩිලාගැනීමේ ව්‍යාපාරය විසුරුවා හැරීමට මාස ගණනාවක් ගතවිය. 

තිරසර බව සහතික කිරීම
 
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී EPF/ETF සඳහා දායක වන සේවකයන්ගේ නියෝජිතයන් පමණක් නොව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා නොසළකා හැර ඇත. EPF/ETF විශ්‍රාම වැටුප් අරමුදල් කෙරෙහි පමණක් අවධානය යොමුකරන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අසාධාරණය නිවැරදි කරන බව විපක්ෂ ප්‍රකාශකයෝ ප්‍රකාශ කර තිබේ. රජයේ ප්‍රවේශයේ ගැටලුව වනුයේ තිරසර බව සහතික කිරීමට ඇති නොහැකියාවයි. තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොවන සහ එය අසාධාරණ යැයි හැඟෙන අය රජයේ වැඩසටහනට සහාය නොදක්වනු ඇත. ඒ වෙනුවට තමන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි විශ්වාස කිරීමටත්, ගත් තීරණය හෑල්ලූ කිරීමටත් ඔවුන් නැඹුරුවනු ඇත. අනෙක් අතට, ඔවුන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී කරගන්නේ නම්, දිගු කාලීන තිරසාර බව සහතික කරන විසඳුමක් සාක්ෂාත් කරගත හැකි පරිදි අවසන් තීරණවල අඩුපාඩු පෙන්වාදීමට ඔවුන්ට හැකියාව පවතී. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තිරසාර බව සහතික කිරීම සඳහා රජය විපක්ෂයේ හඬට අවනත විය යුතුය. මෙමගින් ආණ්ඩු පෙරළියකදී අනාගතයේ දී නිර්මාණය වියහැකි විශාල ආර්ථික අර්බුදයක් මගහරවාගත හැකි, ආපසු හැරවිය නොහැකි රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරගත හැකිය.
පුංචි ඡන්දයේ දින නියමය දෙසැම්බරයේ !
 
හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආයෝජන බැංකු කණ්ඩායමක් විසින් සංවිධානය කරන ලද සංසදයක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, මැතිවරණ පැවැත්වීමේදී ස්ථාවරත්වයේ සහ වර්ධනයේ මාවතෙන් අවධානය වෙනතකට යොමු කිරීමට ඉඩ දුන්නොත්, රට වඩා දරුණු නව අර්බුදයකට ගොදුරු වනු ඇති බවයි. අතීතයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ, ලබාගත් ප්‍රගතිය ආපසු හැරවීමට ශ්‍රී ලංකාවේ මැතිවරණ දින දර්ශනය ඓතිහාසිකව හේතු වී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.පුළුල් පරාසයක් ආවරණය කරමින් කළ මෙම කතාවේදී හිටපු ආණ්ඩුකාරවරයා පැවසුවේ “මැතිවරණයක් පැවැති සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විරෝධී වී ඇත.
 
දැනට ක්‍රියාත්මක වැඩසටහනට පෙර අපට IMF වැඩසටහන් 16ක් තිබිණි. ඒවායින් බොහොමයකදී අපි ස්ථායීකරණයේ ප්‍රගතියක් ලබාගත්තෙමු. එහෙත් මැතිවරණයක් ළං වූ සැණින් ලබා තිබූ ප්‍රගතිය ආපසු හැරීමට ලක්විය". ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පිළිතුර වන්නේ, වත්මන් ආර්ථික වැඩපිළිවෙලේ ආණ්ඩුවේ ආධාරකරුවන් තර්ක කරන පරිදි මැතිවරණ අත්හිටුවීම නොවේ. මෙය, කාගේ හොඳ හිත මත යැපෙන රටේ ජනතාවට මෙන්ම, අන්තර්ජාතික ප්‍රජාවටද පිළිගත නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය නිෂේධනය කිරීමක් වනු ඇත. විශේෂයෙන්ම, වර්තමානයේ දිළිඳු හා පසෙකට දමා ඇති සියලුදෙනාගේ යහපැවැත්ම පිළිබඳව, අතීත නායකයන්ගේද දැක්මද වූ ආකාරයට, වගවීම සහතික කිරීම, දූෂණයෙන් රට බංකොලොත් කළ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම සහ ජනතාවගේ හැඟීම්වලට ගරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීම වේ. 
 
 jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සියලුදෙනාගේම යහපැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා - ජෙහාන් පෙරේරා | The Leader