The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

උල්පැන් ගේ අවශ්‍ය නානු මුර මංගල්‍ය සඳහා ද? (තුන්වෙනි කියවීම)

T

The Leader Desk

September 17, 2023 • 6:09 PM

උල්පැන් ගේ අවශ්‍ය නානු මුර මංගල්‍ය සඳහා ද? (තුන්වෙනි කියවීම)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියවඩන නිලමේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමේ ආගමික හෝ ජාතික අවශ්‍යතාව කුමක්දැයි ප‍්‍රශ්න කළ යුතුව තිබේ.
  • කුරුන්දිවේලි පුරාවිද්‍යා ඉඩම් ගැට`ථව සම්බන්ධ මගේ කරුණු දැක්වීමකදී, දළදා මාලිගාව හා සතර මහා දේවල අතර ඉදි කළ ශාන්ත පෝල් දේවස්ථානයත් නිරුපද්‍රිතව පවතී නම් මුලතිව් ජනතාව දෙ කන්න ගොවිතැන් කරන කෙත් බිම් පුරාවිද්‍යාවේ නාමයෙන් කොටු කිරීම කිසිසේත් සාධාරණ නොවන බවට කරුණු දක්වා ඇත.
  • එය තවත් ජාතික උරුමයක් මිස කි‍්‍රස්තියානි පල්ලියක් ලෙස නො සැලකිය යුතුය යන්න මගේ ඍජු පිළිතුර විය.
  • ජාතික උරුමයක් ලෙස ගැසට් කළ, ආගමික ස්ථානයක් නොවන බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රය හෝටල් ව්‍යාපාරයකට විකිණීමට යහ පාලන යුගයේ අමාත්‍ය කිරිඇල්ලට තිබුණේ පුදුමාකාර උවමනාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දියවඩන නිලමේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමේ ආගමික හෝ ජාතික අවශ්‍යතාව කුමක්දැයි ප‍්‍රශ්න කළ යුතුව තිබේ. හේතුව විහාර දේවාලගම් නීතිය අනුව දැල බණ්ඩාරගේ රාජකාරියට මහා මාර්ග ජාතික වස්තුූන් අත්පත් කර ගැනීම අයත් නොවන නිසාය.

djfksd

මේ උත්සාහය ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ නානුමුර මංගල්ලය සඳහා පුරාණයේ රජු අන්ත:පුර කාන්තාවන් සමග දිය කෙළිය උල්පැන් ගේ යොදා ගැනීමට ඊට අස්ගිරිය කැමති වුණත් මල්වතු පාර්ශවය එක`ග නොවන නිසාය. වසර දෙදහස් පන්සියයක ඉතිහාසයෙන් ශේෂවූ උල්පැන් ගෙවල් දෙකක් වර්තමානයේ අල ෂතුව නැත. එවැනි පසුබිමක එකී ජාතික උරුමය දියවඩන නිලමේ ඉල්ලා සිටීමේ තාර්කික පදනමක් තිබේද?

කුරුන්දිවේලි පුරාවිද්‍යා ඉඩම් ගැට`ථව සම්බන්ධ මගේ කරුණු දැක්වීමකදී, දළදා මාලිගාව හා සතර මහා දේවල අතර ඉදි කළ ශාන්ත පෝල් දේවස්ථානයත් නිරුපද්‍රිතව පවතී නම් මුලතිව් ජනතාව දෙ කන්න ගොවිතැන් කරන කෙත් බිම් පුරාවිද්‍යාවේ නාමයෙන් කොටු කිරීම කිසිසේත් සාධාරණ නොවන බවට කරුණු දක්වා ඇත. කුරුන්දිවේලි ගැටලූව පිළිබඳ විංසති සගරාවේ පළවූ මගේ විග‍්‍රහය කියැවූ නීතිඥයෙක්, ශාන්ත පෝල් දේවස්ථානය අදටත් එහි පැවතීම ගැන මගේ අදහස විමසා සිටියේය. එය තවත් ජාතික උරුමයක් මිස කි‍්‍රස්තියානි පල්ලියක් ලෙස නො සැලකිය යුතුය යන්න මගේ ඍජු පිළිතුර විය. ජාතික උරුමයක් ලෙස ගැසට් කළ, ආගමික ස්ථානයක් නොවන බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රය හෝටල් ව්‍යාපාරයකට විකිණීමට යහ පාලන යුගයේ අමාත්‍ය කිරිඇල්ලට තිබුණේ පුදුමාකාර උවමනාවකි. ඒ සම්බන්ධව මහනුවර සිවිල් සමාජය තුළින් ඉස්මතු වූ පිළිකුළ සහ විරෝධය එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහට කඩිනමින් වාර්තා විය. එහි ප‍්‍රතිපලය ලෙස බෝගම්බර උරුමය වෙනුවෙන් හෝටල් ව්‍යාපෘතියට එරෙහිවූ කණඩායම කැඳවූ කැබිනට් අමාත්‍ය මලික් සමරවික‍්‍රම, කිරිඇල්ලගේ හෝටල් ව්‍යාපෘතිය අගමැතිවරයා නතර කළ බව දැන්වීය. ආගමික නොවන උල්පැන් ගේ නම් සංස්කෘතික උරුමය තිංලග දැල බණ්ඩාරගෙන් බේරා ගැනීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පියවර ගත යුතුව තිබේ.

 

රාජකිය උල්පැන් ගේ යනු රජුන් සහ අන්ත:පුර කාන්තාවන් නා කියා ගත් ස්ථානය බව කියති. ශ්‍රී දළදා මාලිගාව පිටුපස පැරණි උසාවි සංකීර්ණයේ දකුණු කෙළවරක පවත්නා තවත් ගොඩනැගිල්ලක් රජුගේ අන්ත:පුරය ලෙස හඳුනා ගෙන ඇත. රූපත් කාන්තාවන් පරිහරණය කළ එකී ස්ථානයන් නවසිය හැට හැත්තෑ ගණන්වලදීත් ඊට ආවේනික පෞරාණික අනන්‍යතාව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් විය.

cxfhery

 

එහෙත් මෑතක රටේ ආරක්ෂාව බිඳ වැටීම හේතුවෙන් රාජකීය උල්පැන් ගේ ලෙස හඳුනා ගත් එකී ගොඩනැගිල්ල තාවකාලික පොලිස් මුර පොල පිහිටුවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නො විමසා තෝරා ගැනීමත් පසුව දළදා මාලිගාවේ ස්ථාවර පොලිස් ස්ථානය බවට එකී ස්ථානය පත් කිරීම නිලංග දැලගේ මිස පොලිස්පතිගේ තේරීමක් නොවේ. ඊට සමගාමීව ඒ 26 මහා මාර්ගයද ආරක්ෂක හේතුන් මත වරින් වර තාවකාලිකව වසා තැබිණ. තිස් අවුරුදු යුද්ධය අවසන් වූ වහාම, ශ්‍රී දළදා මාලිගා ප‍්‍රදේශයේ ආරක්ෂාව සමාලෝචනය කළ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ අනුව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ 26 මාර්ගය මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගත්තේය. අංකය අපැහැදිලි 2009 දෙසැම්බර් 23 දින දරණ (අංක 357/16 මූලික අයිතිවාසිකම් පෙත්සමට ගොනු කළ* මහනුවර නගරාධිපති එල්.බී. අලුවිහාරේ වෙත යොමු කොට, දියවඩන නිලමේට සහ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිටද පිටපත් සහිතව නිකුත් කළ ලිපියට අනුව, තවදුරටත් දළදා මාලිගාව අනාරක්ෂිත යයි එහි භාරකාරයන් කල්පනා කරන්නේ නම් ප‍්‍රදේශයේ සංස්කෘතික අනන්‍යතාවට ගැලපෙන ආකාරයට ශක්තිමත් බැම්මක් යොදා ගන්නා ලෙුස උපදෙස් දී ඇත. එකී ලිපිය නිකුත් කළ පසුව ක්වින්ස් හෝටලය අසලින් ආරම්භ වන එකී මාර්ගය ජනතාවගේ ගමන් බිමන් සඳහා විවෘත විය. උක්ත ලිපියේ අවසන් ඡේදය මෙසේ දක්වනු කැමැත්තෙමි.

 

‘‘3. මෙම කි‍්‍රයා මාර්ගයන් අනුගමනය කිරීම තුළින් ශ‍්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බැවින් මෙසේ කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම කටයුතු කිරීම මෙම අමාත්‍යාංශය විසින්ද නිර්දේශ කරනු ලබන බව කාරුණිකව දන්වනු කැමැත්තෙමි.’’

 

තත්වය එසේ වුවද අරක්ෂක අමාත්‍යංශ නිර්දේශය නො තකා ආගමට මුවා වී කිසිදු රාජ්‍ය ආයතන නිර්දේශයක් හෝ අනුමැතිය රහිතව එක් රාති‍්‍රයක ඒ 26 මාර්ගය මු`ථමනින්ම ස්ථීර වශයෙන් වසා දමනු ලැබීය. ඒ සම්බන්ධව මල්වතු මහ නා හිමියන්ගේ දැඩි විරෝධය මෙන්ම, අස්ගිරි පාර්ශවික සමහර භික්ෂුන්ගේ කැමැත්තද ප‍්‍රකාශිත මාධ්‍ය වාර්තා අනුව, ඒ 26 පාර වැසීම ආගමික හෝ ජාතික උවමනාවක් නොවන බව තහවුරු වේ. මෙහිදී ඒ ශ්‍රේණියේ මාර්ග පද්ධතිය අදාල ආඥා පනතට අනුව මෙකී මාර්ගය ස්ථීරව වසා දැමිය නොහැකි බව අවධාරණය කළ යුතුවේ.

zdsfwet

මේවා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ අනුහස් හෝ බල පරාක‍්‍රමය නොව ලජ්ජා සහගත අනෛතික කි‍්‍රයාවන් බව කිව යුතුවේ. ජන පීඩක මානසික මෙකී හැසිරීම් තනතුරට අනුගත ප‍්‍රභූ උන්මාදය වේ. උල්පැන් ගේ අයිතිය, ඒ 26 පාර මෙන් ඩැහැ ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා ඉඩදිය යුතු නැත. එපමණක් නොවේ. වරක් මුදල් විශුද්ධිකරණ චෝදනාවයක් ගැන නිලංග දැලට එරෙහි පොලිස් විමර්ශන අපවත් වී වදාළ අස්ගිරි මහ නා හිමියන්ගේ බලපෑමට ජනාධිපති සිරිසේන විසින් යටපත් කළ බව ඒ කාලයේ ජාතික පුවත්පත් වාර්තා කරනු ලැබීය. වන්දනීය දළදා වහන්සේගේ පූජනීයත්වයට හානිකර ආකාරයෙන් කිසිදු නෛතික පදනමකින් තොරව ඒ 26 මාර්ගය වසා දැමුවා මෙන් ඓතිහාසික උල්පැන් ගේ පවරා ගැනීමට දළදා මාලිගා භාර කරුවන් දරන උත්සාහය මාධ්‍ය හාරහා හෙළිදරව් වීම සාධාරණ මිනිසුන්ගේ ජයග‍්‍රහණයකි. ඒ 26 පාර වැසීමට සමගාමීව ඓතිහාසික උඩවත්ත වන රක්ෂිතයට සිදු කළ අපරාධය රටේ බොහෝ දෙනා නො දනිති. වසර සිය ගණනක් පැරණි රූස්ස ගස් කපා දමා හිතවතුන්ට පමණක් මෝටර් රථවල නැගී දළදා වන්දනාවට මාලිගා දොරකඩටම සැපත් වීමට අවසර ලැබෙන මහා මාර්ගයක් ඉදි කර ගැනීමට දළදා මාලිගාවේ වර්තමාන භාර කරුවන් මුල් විය. එකී තත්වය මහනුවර අවට බැතිමතුන් කිරිහර පූජාව සඳහා අවු වැසි මැද කිලෝ මීටර් ගණන් දෙ පයින් ඇවිද පැමිණිම සමග සැසඳිය යුතුවේ.

 

මෙයින් පැහැදිලි වන්නේ දළදා භාර කරුවන් ස්වාර්ථය වෙනුවෙන් නීති විරෝධීව ඒ 26 පාර වැසීමට මුල් වූ විකෘති ප‍්‍රභූ මානසිකත්වය නිසා හානිකර වී ඇත්තේ මාලිගාව වැඳීමට පැමිණෙන සැදැහැවතන්ට පමණක් නොවේ. ඒ 26 මාර්ගය වසා දැමීම හේතුවෙන් කඩිනම් ගිලන් රථ ධාවනයට සිදුවන බාධාව ඍජුව මහනුවර මහ රෝහල වෙත දිවා රාති‍්‍ර ගෙන එන ජ්ීවිතයත් මරණයත් අතර ගැහෙන අසාධ්‍ය රෝගින් කෙරෙහි ඇතිවන අනියත මරණ බිය රටේ බලධාරින් තේරුම් ගත යුතුවේ. ඖෂධ මාෆියාව හරහා රෝගින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව ගැන ඇති උනන්දුව මෙහිදී ඉස්මතු නොවේ. ඒ 26 මාර්ගය වසා දැමීමට එරෙහිව 2016දී නගරවාසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව නිලංග දැල කරුණු දැක්වීම නිසා දෝ හත් වසරක් ගෙවුණ අදටත් නඩුව විභාගයට ගන්නවාද යන්න හෝ සලකා බලා නැති බවට එහි පෙත්සම්කාර පාර්ශ්වයන් මැසිවිලි නගති.

 

ජාතික උරුමය කිසිවෙකුගේ පුද්ගලික බූදලය නො වන්නා සේම යම් භූමියකින් පුරා වස්තු හමුවූ සැනින් එකී ස්ථාන ජාතික වස්තුන් මිස යම් යම් කණ්ඩායම්වල වාසිය පිණිස අත්පත් කර ගැනීමට ඉඩ නො දිය යුතුවේ. එසේම වසර සිය ගණනක් මහනුවර ප‍්‍රදේශ වාසින්ට පැවති කෙටි මාර්ග පහසුකම කිසිදු තාර්කික හෝ සාධාරණ හේතුවක් නැතිව වසා දැමීම ගැන මහනුවර ජනතාව අදටත් ඊට සම්බන්ධවූ අය වැදූ උපන් අම්මලාටත් සාප කරන බව අමතක නො කළ යුතුවේ.

 

පූජනීය අටමස්ථාන ප‍්‍රදේශයේ අටමස්ථානාධිපතින් වහන්සේලාගේ දැඩි විරෝධය මැද ඉදි කළ සඳහිරු සෑය නම් යුධ ස්මාර්කය රටේ සම්මත පුරාවිද්‍යා නීතිය උල්ලංඝණය කිරීමත් ඒ 26 පාර වැසීම මෙන්ම උඩවත්ත කැලේ හරහා ඉදි කළ මාර්ගය පුද්ගලික කැමැත්ත අනුව පරිහරණය කිරීම රටේ සකි‍්‍රය නීතියට අභියෝග කිරීමකි. කාලයේ ප‍්‍රවාහයෙන් යටපත් වූ ඓතිහාසික කුරුන්දි විහාරය පිහිටි ප‍්‍රදේශය යළි ජනාවාස වීම යනු ලෝකයේ කොතනත් සිදු වන මිනිස් කි‍්‍රයාකාරකමකි. යාපනේ පිහිටි කන්දරෝඩෙයි හෙවත් කදුරුගොඩ විහාරය පිහිටා ඇත්තේ ගම්මානයක් මැදය. හින්දු කෝවිලක් ඉදි කිරීමට කැපූ ගෙපල භූමියෙන් හමුවූ හඳුනා ගත නොහැකි යම් වස්තුවක් කෝවිල ඉදි කළ හින්දු භක්තිකයන් විසින් බලධාරින්ට අතට පත් කිරීමේ ප‍්‍රතිපලය සුප‍්‍රකට වල්ලිපුරම් රන් සන්නස හඳුනා ගැනීමය එකී ඓතිහාසික වස්තුව හමුවීම යෝජිත හින්දු කෝවිල තැනීමට බාධාවත් නොවීය. පනාකඩුව තඹ සන්නස හමු වූ දකුණේ වෙල් යාය හෝ අර හින්දු කෝවිල් භූමිය පුරාවිද්‍යා පනත යටතේ අත්පත් කර නො ගත් පූර්වාදර්ශයන් අනුව ඒ 26 පාර අල්ලා ගැනීම මෙන්ම උල්පැන්ගේ අත්පත් කර ගැනීමත් වැරදි ආදර්ශයන් බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ තේරුම් ගත යුතුව තිබේ. මේ දක්වාත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයෙන් හමුවන පුරාවස්තු බලධාරින් අතට පත්වන්නේ ඒවා ජාතික උරුමයන් ලෙස ආරක්ෂා කරතී යන් විශ්වාසයෙනි. ජාතින් භේද කරවන කල්ලි කණ්ඩායම් මේ ආකාරයෙන් ජාතික උරුම ස්ථාන බෞද්ධ සිංහල ආදි වශයෙන් අත්පත් කර ගැනීමට ඉඩ දී බලා සිටියොත් අනාගතයේ හමුවන කිසිදු ඓතිහාසික මහ පොළොවට පසු වීමට ඉඩ හරිනු මිස වල්ලිපුරම් රන් සන්නස මෙන් බලධෘරින් අතට පත් නොවනු නොවනු ඇත.

Ulpan

උල්පැන් ගේ ඉල්ලා සිටීම යනු, ශ්‍රී දළදා වහන්සේගේ භාරයට මුවා වී ආගමික හෝ සදාචාරාත්මක නොවන උත්සාහයකි. උතුරු දකුණු විරසකය ඉවත් වෙමින් පවත්නා මේ මොහොතේ ජාතික උරුමයන් මේ ආකාරයෙන් කොල්ලකෑම තවදුරටත් සිදු නොවීමට බලධාරින් සිය අවධානය යො මු කළ යුතුව තිබේ.

 


chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උල්පැන් ගේ අවශ්‍ය නානු මුර මංගල්‍ය සඳහා ද? (තුන්වෙනි කියවීම) | The Leader