The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

මරණ තුනක් ඇති ජනයා - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

September 19, 2023 • 10:01 AM

මරණ තුනක් ඇති ජනයා - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වින්ස්ටන් චර්චිල් - ”ආණ්ඩුවකට ආයෝජනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ආයෝජන වලින් එකක් තමයි, සෞඛ්‍යය.
  • ඔබේ ජනතාව වෙත ලැබිය යුතු ප්‍රතිලාභ ලැබිය යුතු මොහොතේදීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව තිබෙන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කරන්න එපා.
  • අද රෝහලකට යන එක රෝහලකට ප්‍රතිකාර ස`දහා ඇතුලත් වෙන එක ජීවිතය පරදුවට තියලා කරන්නට වෙන දෙයක්.
  • රෝහල්වලට ප්‍රතිකාර ස`දහා ඇතුලත් වුණ කීදෙනෙක් මිනී පෙට්ටියෙන් ගෙදර ආවද.
අකුරු ප්‍රමාණය (Font Size):
- වින්ස්ටන් චර්චිල් -
 
Screenshot 2023 09 19 at 15.15.00”ආණ්ඩුවකට ආයෝජනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ආයෝජන වලින් එකක් තමයි, සෞඛ්‍යය. ඒ වගේම සෞඛ්‍යය කියන්නෙ මානව අයිතියක්. ඒ අයිතිය සහතික කිරීමේ වගකීම ආණ්ඩුවකට තියෙනවා. ඒ අයිතිය මග හැරලා මිනිස්සුන්ට මැරෙන්න ඉඩදීලා බලාගෙන ඉන්න බැහැ. හිතක් පපුවක් තියෙන ආණ්ඩුවකට, ඒ වගකීම අයිති සෞඛ්‍ය ඇමැතිවරයාට.”
මෙහෙම කියන්නෙ ”පෑන් ඇමරිකන් හෙල්ත් ඕගනයිසේෂන් ”එකේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ”කරිසා එෆ් එටිඑනි” ඇය වැඩිදුරටත් මෙහෙම කියනවා.
 
”සෞඛ්‍යය කියන්නෙ වරප්‍රසාදයක් නෙමෙයි, ඒ වගේම වෙළෙ`ද භාණ්ඩයක් නෙමෙයි. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් ” ඇය ඒ නිර්වචනයට තවත් දෙයක් එකතු කරනවා. 
 
”ජාතික ආණ්ඩු තමන්ගේම ක්‍රියාවලියක්, විශ්වීය සෞඛ්‍යයට එකතු කරන්නට  ඕන. 
 
මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !
 
රාජ්‍ය ක්‍රියාකාරිත්වයකින් තොරව සෞඛ්‍යය පිළිබ`ද අයිතියක් වෙන කාටවත් තියෙන්නට ඉඩක් නැහැ. ජනතාවට සෞඛ්‍යයේ රැකවරණය ලබාදෙන පළමු මට්ටමේදීම විප්ලවකාරී වෙන්න ඕන. ඔබේ ජනතාව වෙත ලැබිය යුතු ප්‍රතිලාභ ලැබිය යුතු මොහොතේදීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව තිබෙන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කරන්න එපා. ඔබේ ජනතාව වෙත සෞඛ්‍යයේ ප්‍රතිලාභ ආයෝජනය කරන්න. ඒ ආයෝජනය සෞඛ්‍යයට මිස යුද්ධයට ආයෝජනය කරන්නට එපා. ඔබ අපේ අනාගතයයි. වෙනසක් කළ හැකි මහා සම්පතයි. සෞඛ්‍ය අවශ්‍යතාවන් පාදක කරගෙන නූතනවාදී වෙන්න.”
මේ නිර්වචනය කරන්නෙ ”පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ” කරිසා එෆ්. එටිඑනි.”
 
”තිරසාර සංවර්ධනයක් ස`දහා සෞඛ්‍යය පිළිබ`ද වගකීමක් ආණ්ඩුවකට තියෙනවා. ආණ්ඩුවක භූමිකාවකට අයිති ප්‍රධානතම දෙය වන්නේ හො`ද සෞඛ්‍ය සේවාවක් සැපයීම. ප්‍රචණ්ඩත්වයෙන් ජනතාව මුදා ගැනීමට ජනතාව ආරක්‍ෂා කරන්න නීති පනවන්නට කටයුතු කිරීම තවත් පියවරක් ”
 
පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්
 
දැන් බලමු ඒ නිර්වචනයට සමපාත වන විදියට අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා වෙනවද කියලා. එකපැත්තකින් සෞඛ්‍ය සේවය. අනිත් පැත්තෙන් මහජන ආරක්‍ෂාව. මේ අංශ දෙකෙන්ම අපේ රටේ ජනතාව අනාරක්‍ෂිතයි. අද රෝහලකට යන එක රෝහලකට ප්‍රතිකාර ස`දහා ඇතුලත් වෙන එක ජීවිතය පරදුවට තියලා කරන්නට වෙන දෙයක්. පසුගිය කාලෙදි කන්ද උඩරට පැත්තෙ රෝගීන් හත්අට දෙනෙකුගේ ඇස් අන්ධවුනාම සෞඛ්‍ය බලධාරින් ඒකට වගකියන්න ඉදිරිපත් වුනේ නැහැ. පුංචි දරු පැටවුන්ගේ අතපය අහිමි වුනා. රෝහල්වලට ප්‍රතිකාර ස`දහා ඇතුලත් වුණ කීදෙනෙක් මිනී පෙට්ටියෙන් ගෙදර ආවද. බාල බෙහෙත්, බාල ප්‍රතිකාර හින්දා රෝගීන්ගේ ජීවිත අනාරක්‍ෂිත වුණා. වෛද්‍යවරු බුරුතු පිටින් රට හැර යන්නට වුණා. ඒ තත්ත්වය මත තමයි සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විපක්ෂයෙන් විශ්වාස භංගයක් ගෙන ආවේ. ඒත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු සෞඛ්‍ය ඇමැතිවරයා ආරක්ෂා කරමින් විශ්වාස භංගය පරාජය කළා. ඒකෙ තේරුම අසරණ රෝගීන් මිය පරළොව ගියත් අපට අපේ එකා රැක ගන්නටයි අවශ්‍ය වෙන්නේ කියන එක නේද?
 
රෝගීන් මියයන අතරේ සුව ඇමැති ජය ලබා උද්දාමයට පත් වෙනවා. සුව ඇමතිගේ ජයග්‍රහණයෙන් පසුවත් සෞඛ්‍ය සේවාව නිවැරදි වෙලා නැහැ. ප්‍රජාතන්ත‍්‍රවාදී යුරෝපීය රටවල මෙහෙම දෙයක් වුනානම් ඒ රටවල සුව ඇමැතිවරු ඉල්ලා අස්වෙනවා. ඒත් අපේ රටේ ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ලැජ්ජා නහරය කපලා දාලා තියෙන්නෙ. ඒ නිසාම තමයි රෝගීන් කොතරම් මැරුනත් ඊට වගකිව යුතු නැති බවට සුව  ඇමැතිවරයාට සහතික ලබාදෙන්නෙ. මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරු අතර අසාර්ථකම සෞඛ්‍ය ඇමැතිවරයා කෙහෙළිය රඹුක්වැල්ල බව සුව සේවාවේ වෛද්‍යවරුම කියනවා. ඔහුට විරුද්ධව සත්‍ය ග්‍රහයක් කිරීමට පවා වෛද්‍යවරු ඉදිරිපත් වුනා. අනික සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරු විශේෂ වෛද්‍යවරු රට හැර ගියාම ඒකට විස`දුම හැටියට මුන්ධ බලධාරින් දෙන විස`දුම පිටරටවල්වලින් වෛද්‍යවරු ආනයනය කරන එක.
 
සුව ඇමති විශ්වාස භංගය දිනුවට මොකද සුවසේවාවේ ගැටළු වලට තවමත් විස`දුම් ලැබී නැහැ. ඒවා තවමත් එහෙමමයි. ජාතික රෝහල් පද්ධතිය පෞද්ගලිකරණ කරන්න හදන්න ........ දන්නෙ නැහැ.
මහජනයාගෙ ජීවිත සුරක්‍ෂිත කිරීමේ වගකීම ඇති අමාත්‍යාංශ දෙකින් එකක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ අමාත්‍යාංශය දැනටමත් ”ෆේල් ” ඒත් විශ්වාස භංගය පරද්දවලා ඇමැතිව ”පාස්” කෙරෙවුවෙ පොහොට්ටු ආණ්ඩුවේ මැති ඇමැතිවරු.
 
ඒ නිසා ජනතාව අනාරක්‍ෂිතයි. සුව සේවය වගේම තමයි, මහජන ආරක්ෂාව. දැන් ජනතාවට පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මේ තත්ත්වයට දැන් අහිංසක දරු පැටවුන්ටත් මුහුණ දෙන්න වෙලා. පසුගිය දවසක පාරෙ ගිය දරුවෙකුටත් වෙඩි වැදිලා මැරුණා. පාතාලය හිස ඔසවලාම උන් එක එකා වෙඩි තියාගන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නටත් වෙඩි තියලා කියන්නෙ සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? මහජන මහජන ආරක්ෂාව ස්ථාපිත කරන්න මහජන ආරක්ෂක ඇමැති උත්සාහ ගන්න බව ඔහුගේම වචනවලින් කියැවුනත් ඔහුගේ වචන වලට එරෙහිව මහජනතාවගේ අනාරක්‍ෂිත බව දවසින් දවස වර්ධනය වෙනවා.
 
සුව සේවාවට නොදෙවෙනි මහජන ආරක්ෂාව රටේ ජනතාවගේ ජිවිතවලට බලපාන්නෙ කොහොමද කියන එකට හො`දම උදාහරණ දවස ගානේම පත්තරවලින් වාර්තා වෙනවා. රෝහල් ඇතුලේ ලෙඞ්ඩු මැරෙනකොට මහපාරෙ කොයි මොහොතක හරි පත්තු වෙන වෙඩිල්ලකින් කාගෙ ජීවිත අහිමි වෙනවද කියන එක ගැන අනාවැකි කියන්න බැහැ. ඒ දෙකටම හරියන්න මහමග අනතුරු බහුලවෙලා මේ දැන් ගොඩනැගෙමින් එන්නෙ අනාරක්ෂිත සමාජයක් දැන් අප ඉස්සරහ තියෙන ප්‍රශ්නය මොකක්ද? ආරක්‍ෂිත සමාජයක් ගොඩනගන්නෙ කොහොමද?
 
දැන් ලාංකීය සමාජය තුළ ජනයා හමුවේ මරණ තුනක අභියෝගය ජනිත වෙලා තියෙනවා. ඒ මරණ තුනේ අභියෝගයෙන් පළමු අභියෝගය තමයි සුව සේවාවේදී රෝගි ජනයා මුහුණපාන ජීවිතය පිළිබ`ද අනාරක්ෂිත බව. දෙවැන්න මුළුමහත් සමාජයම බියවද්දා නා`දුනන තුවක්කුකරුගේ ගිනි බි`දීම හරහා උද්ගතවන අනාරක්ෂිත බව. තෙවැන්න තමයි කිනම් මොහොතක හෝ මහමගදී රිය අනතුරකට ගොදුරුවේ දැයි කියන්නට බැරි ”මගමරු ත‍්‍රස්තවාදය.         
 
සුව සේවාවේ අනාරක්ෂිත බව, නා`දුනන තුවක්කුකරුවාගේ තුවක්කුවෙන් බිහි වු අනාරක්ෂිත බව, මගමරු රිය අනතුරු පිළිබ`ද අනාරක්ෂිත බව.
 
”මරණ තුනක් ඇති මිනිසෙක් පැනි කෑය ” කියන වැකිය සිහිපත් කරන මේ අනාරක්ෂිත බවේ අභියෝග තුන හමුවේ අපේ රටේ ජනතාවගේ ජීවිත අනාරක්ෂිතයි. ඒකට විස`දුම මොකක්ද?
 
 

එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...