The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

මිහිපිට නිරයක්වූ රුවන්ඩාව දකුණු අප්‍රිකාවේ සිංගප්පුරුව වූයේ කොහොමද?

T

The Leader Desk

September 19, 2023 • 11:41 AM

මිහිපිට නිරයක්වූ රුවන්ඩාව දකුණු අප්‍රිකාවේ සිංගප්පුරුව වූයේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිමොන් කැමරු - දරිද්‍රතාව පෝෂණය කරණ කිසිදු රාජ්‍ය පාලකයකු ජනතාව විසින් පෝෂණය කරණ බවක් ඔබ අසා තිබේද?
  • ආර්ථික සමෘද්ධිය ජනතාව වෙතින් ඈත් කරණු ලබන යම් පාලකයකු සිහසුනේ ර`දවා තබාගන්නට රිසි ජනතාවක් මේ දියකෙහි සිටින බවක් ඔබ අසා තිබේද?
  • සෑමවිටම ජනතාව සහ තම මව්බිම කෙරෙහි තෙතමනයක් නැති නායකයකු මහ පොළොව මතදෙපා තබා නොසිටින වග හ`දුනාගන්නා ජනයා සැබෑවින්ම තම දුක්පීඩාවන් කෙරෙහි සංවේදී හදවතෙහි තෙතමනයක් ඇති නායකයකු වටා ඒකරාශී වීම වැළැක්විය නොහැකි ප්‍රායෝගික යථාර්තයකි.
  • එතෙක් ඔහු වටා භ්‍රමණය වෙමින් සිටි බොහෝ දේශපාලනඥයන්ගේ ඇතැම් අදුරදර්ශී ක්‍රියාකාරකම් ඔහුටද පාලනය කළ නොහැකි වුයෙන් ඔහුගේ චරිතයට ද ඉන් සිදුවු හානියද සුළුපටු නොවීය.
අකුරු ප්‍රමාණය (Font Size):

- සිමොන් කැමරු -

 
දරිද්‍රතාව පෝෂණය කරණ කිසිදු රාජ්‍ය පාලකයකු ජනතාව විසින් පෝෂණය කරණ බවක් ඔබ අසා තිබේද? ආර්ථික සමෘද්ධිය ජනතාව වෙතින් ඈත් කරණු ලබන යම් පාලකයකු සිහසුනේ ර`දවා තබාගන්නට රිසි ජනතාවක් මේ දියකෙහි සිටින බවක් ඔබ අසා තිබේද?
 
”දරිද්‍රතාව විප්ලවයේත්, අපරාධයේත් මාපියන් ”යැයි මහා දාර්ශනික ”ඇරිස්ටෝටල් ” කියා තිබේ.
 
සෑමවිටම ජනතාව සහ තම මව්බිම කෙරෙහි තෙතමනයක් නැති නායකයකු මහ පොළොව මතදෙපා තබා නොසිටින වග හ`දුනාගන්නා ජනයා සැබෑවින්ම තම දුක්පීඩාවන් කෙරෙහි සංවේදී හදවතෙහි තෙතමනයක් ඇති නායකයකු වටා ඒකරාශී වීම වැළැක්විය නොහැකි ප්‍රායෝගික යථාර්තයකි.
රණසිංහ ප්‍රේමදාස අනභිභවනීය නායකයා
 
අපේ රටේ ජනතාවගේ දුක් වේදනාවන් කෙරෙහි සංවේදී වූ පාලකයකු සිටියේ නම් ඔහු රණසිංහ ප්‍රේමදාස මිස අන් කිසිවකු නොවේ. හෙතෙම පීඩිත ජනතාව අතරින් නැගී සිටි දේශපාලන චරිතයකි. මිනිසුන් ජීවත් කරවීම ස`දහා ඔහු බිහිකළ ආර්ථික සංකල්පයන් අදටත් ජීවමාන වේ. එතෙක් ඔහු වටා භ්‍රමණය වෙමින් සිටි බොහෝ දේශපාලනඥයන්ගේ ඇතැම් අදුරදර්ශී ක්‍රියාකාරකම් ඔහුටද පාලනය කළ නොහැකි වුයෙන් ඔහුගේ චරිතයට ද ඉන් සිදුවු හානියද සුළුපටු නොවීය. ඔහුට අනුව යමෙකුට ඉන්න හිටින්න නිවහනක්, ජීවිතය ජීවත් කර වීමට රැකියාවක් යන ප්‍රධාන ජීවන සාධක දෙක ජනතාව සතු ජීවන අරගලයේදී පිහිට වන්නාවූ ප්‍රධානතම සාධකයි.
 
රණසිංහ ප්‍රේමදාස උදාගම් ව්‍යාපාරය සක්‍රීය කරවමින් තරුණ තරුණියන්ට ඇගළුම් කාර්මාන්ත හල් සිය ගණනින් විවෘත කළ අතර එකල සුද්දන්ට ජංගි මහනවා යැයි අවලාද අපවාද නගන්නට පැරණි වාමාංශිකයින්ද පෙළඹුනාහ.
 
ප්‍රේමදාස චරිතයට සාපේක්‍ෂව අනෙකුත් ඉතිහාසගත චරිත සස`දා බලනු මැනවි. ඒ සියළුම නායකයින් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපාර කෙරෙහි ලොබ බ`දිමින් ”කොන්ක්‍රීට්” සංවර්ධනය ගැන වැඩිම අවධානය යොමුකළ අතර ඊට සාපේක්ෂව ප්‍රේමදාස නම්වූ දේශපාලනඥයා නිරතුරුවම සිය අවධානය යොමු කරණ ලද්දේ දුගී දුප්පත් ජනතාවගේ කුසගින්නට, ඉන්න හිටින්න අවැසි නිවහන යන කාරණාවලටය.
 
විශාල සංවර්ධන ව්‍යාපාර බිහිකිරීමේදී ඊට අදාළ දේශපාලනඥයන්ගේ කල්ලමරේය.
ඇතැම් නායකලා හම්බ නොකරන්න ඇත. ඔවුන් අවසන් ගමන් යද්දි බැංකු ගිණුම්වල ශේෂ වුයේ ඉලක්කම් තුනක මූල්‍ය ශේෂයකි.
 
එහෙත් ඇතැම් සංවර්ධන කළේම ”කොන්ක්‍රීට්” සංකල්ප ලක්පොළොව මත ක්‍රියාවට නෑගීමය.
 
 108975084 29e9488f 60a7 46ea b660 d02ca15be0acරණසිංහ ප්‍රේමදාසගෙන් පසුව දුගී දුප්පත් ජනතාවගේ හ`ඩක් නැති හ`ඩට සිය හ`ඩින් පණ පොවන්නේ එතුමන්ගේ පුතු සජීත් ප්‍රේමදාස.
 
ඔහු නිරන්තරයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කරණු ලබන්නේ ජනතාවාදී ආස්ථානයක සිටය. දුෂණ, අක්‍රමිකතා නැතහොත් අනෙකුත් වංචනික ක්‍රියා පිළිබ`දව ප්‍රශ්ණ කරනු ලබන වත්මන් විපක්ෂ නායකවරයා කතා සාප්පුවේ හුදු සාමාජිකත්වයට ප්‍රති පක්‍ෂව ජනතා ගැටළු වලට ප්‍රායෝගිකවම විස`දුම් ලබා දෙනු ලබන්නේ තමාට දේශපාලන බලයද රහිතවය. එබැවින් දුෂිත දේශපාලනඥයන්ගේ කට ගැස්මට ලක්ව ඇත්තේ ද ඔහුමය.
 
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සංවේදී දේශපාලන චරිතයකි. ඔහු ප්‍රශ්න ඇති තැනටම ගොස් පිළියම් යොදනු ලබන විශිෂ්ට දේශපාලන චරිතයකි.
 
”ගමේ පාසල හො`දම පාසල” නම් වූ සුන්දර ස්ලෝගන් එකට මුවා වූ දේශපාලනය ඔහුගේ දේශපාලනය නොවේ. ගමට පරිගණක විද්‍යාගාරයක්, පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට බස් රථයක් ලබාදෙන ඔහු ගමේ පාසල හො`දම පාසල බවට පත් කරණු ලබන්නේ ක්‍රියාවෙනි.
 
වත්මන් විපක්ෂ නායකවරයා කියන දෙයම කරන කරන දෙය කියන ජනතාවාදී නායකයෙකි. ඔහුට රට ගැන ජනතාව ගැන හදෙහි තෙතමනයක් ඇත.
 
E1bkQmjVoAMCawj.jpg large
 
රෝහල්වල මිනිසුන්, දරුවන් සොබා දහමේ ඵලයකින් තොරව අහේතුකව මිය යන අතරේ කිනම් නායකයකු හට ද මුනිවත රකිමින් සිටිය හැක්කේ? අඩුම තරමින් කිරිසප්පයින්ගේ හුස්ම හිරවන විටදී නායකයන් යැයි කියාගන්නා සිටින්නන් දැක නොදැක, අසා නොඇසු කන්ව සිටියදී සිය ”හුස්ම” ”සත්වල” ප්‍රායෝගික වැඩ සටහන් මගින් විස`දුම් දෙන්නාවූ ප්‍රායෝගික මිනිසෙකුට මහ පොළොවේ පය ගසාගෙන සිටින හෘද සංවේදී දේශපාලනඥයකු බවට පත්ව විස`දුම් ඇති නායකයකු බවට සිය ක්‍රියාකාරකම් තුළින්ම වත්මන් විපක්ෂ නායකයා සිය භාවිතාව ඔප්පු කර තිබේ.
 
”මාගේ දරිද්‍රතාවයේ නාමයෙන් මම සත්‍යය කථා කරමි. එබැවින් මා සතුව ප්‍රමාණවත් සාක්‍ෂිකරුවෙකු ඇතැයි මා සිතමි” යනුවෙන් ”සොක්‍රටීස්” පවසා තිබේ.
 
දරිද්‍රතාවයෙන් කුසගින්නෙන් ලෙඩ දුකින් මියැදෙන මිනිසුන් ජීවත්වන රටක් බවට තම මව්බිම පත් වන්නේ නම් කළ යුත්තේ ඒවාට නිසි යුක්ති සහගත පිළියම් යෙදීම පමණකි. ඒ වෙනුවට යුක්තිය ඉල්ලා කෑමොර ගසන ජනයාට ගුටිබැටදී මර්දනයට ලක් කිරීම නොවේ. එවැනි ක්‍රියා අනුගමනය කරන්නන් ඉතිහාසයේ කුණු බක්කියට යන්නේය.
වර්තමානයේදී ඉතිහාසගත ඒකාධිපතියන්ට වන්දනාමාන කරන්නට තරම් ලෝකවාසීන් මුග්ධ නැත. ලංකාවේද එසේමය. යන යකා කොරහත් බි`දගෙන යන්නාසේ යන උපහරණය සිහිපත් වන මොහොතක් ගැන සිතන්නට මාගේ සිත මා පොළඹවන්නේය.
 
මිහිපිට අපායක්ව තිබූ රුවන්ඩාව දකුණුව අප්‍රිකාවේ සිංගප්පුරුව බවට පත්කළ පාලකයාගෙන් ඉගෙන ගන්නේ නම් මේ රටද සුඛිත මුදිත කළ හැක්කේය.
 
එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...