The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

දළදා මාලිගාවත් සන්නසකින් පවරා දෙන අවදානමක් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

September 21, 2023 • 2:58 AM

දළදා මාලිගාවත් සන්නසකින් පවරා දෙන අවදානමක් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උල්පැන් ගෙය මෙන්ම ඓතිහාසික මගුල් මඩුවද දළදා මාලිගාවට පවරා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව දැක්වෙන අංක PS/M&E-04/09/0007 (2 වෙළුම) සහ 2023.06.13.
  • එකී ලේඛන අනුව එම ස්ථාන දෙකම දළදා මාලිගාවට පවරා දෙන්නේ එකී ස්ථාන නඩත්තු කිරිමට තරම් ආර්ථීක ශක්තියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැති බවට ජනාධිපති වික්‍රමසිංහට ලැබුණ උපදෙස් අනුව බවය.
  • මේ ස්ථාන දෙක නිසි ලෙස රජය විසින් නඩත්තු නො කරන බව උක්ත ලේඛන අනුව, ජනාධිපති ජනාධිපති වික්‍රමසිංහට පැමිණිලි කර ඇත්තේද දිය වඩන නිලමේ නිලංග දැල බණ්ඩාර විසිනි.
  • පාඩු ලබන ව්‍යාපාරික ආයතන විකිණීම ගැන බරපතල කතාබවක් පවත්නා අවදියක, රජයට නඩත්තු කළ නොහැකි යයි විශ්වාස කරන ඕනෑම පුරාවිද්‍යා දේපලක් මේ ආකාරයෙන් ඉල්ලා සිටින අයෙකුට භාර දෙනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

උල්පැන් ගෙය මෙන්ම ඓතිහාසික මගුල් මඩුවද දළදා මාලිගාවට පවරා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කළ බව දැක්වෙන අංක PS/M&E-04/09/0007 (2 වෙළුම) සහ 2023.06.13. දින දරණ ජනාධිපති අතිරේක ලේකම් පුෂ්පකුමාර මහතාගේ අත්සනින් යවන ලද එකී ලිපිය මාධ්‍යයට නිකුත් කළේය.

 dgskdf 

එකී ලේඛන අනුව එම ස්ථාන දෙකම දළදා මාලිගාවට පවරා දෙන්නේ එකී ස්ථාන නඩත්තු කිරිමට තරම් ආර්ථීක ශක්තියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නැති බවට ජනාධිපති වික්‍රමසිංහට ලැබුණ උපදෙස් අනුව බවය. මේ ස්ථාන දෙක නිසි ලෙස රජය විසින් නඩත්තු නො කරන බව උක්ත ලේඛන අනුව, ජනාධිපති ජනාධිපති වික්‍රමසිංහට පැමිණිලි කර ඇත්තේද දිය වඩන නිලමේ නිලංග දැල බණ්ඩාර විසිනි.

 

මෙය අලූත් ප්‍රවේශයකි. පාඩු ලබන ව්‍යාපාරික ආයතන විකිණීම ගැන බරපතල කතාබවක් පවත්නා අවදියක, රජයට නඩත්තු කළ නොහැකි යයි විශ්වාස කරන ඕනෑම පුරාවිද්‍යා දේපලක් මේ ආකාරයෙන් ඉල්ලා සිටින අයෙකුට භාර දෙනු ලැබේ. ඊට අනුගතව සිය ධුර කාලය අවසන් කරමින් සිටින නිලංග දැල බණ්ඩාරට දළදා මාලිගාව නඩත්තු කළ නොහැකි බවට කරුණු දක්වා එහි සන්තකය සන්නසකින් ශ්‍රී දළදා වහන්සේගේ භාරය පවරා දෙන ලෙස ඉල්ලා සිටිය හොත් ජනාධිපති වික්‍රමසිංහ දළදා මාලිගාවත් දැල බණ්ඩාරට පවරා දිය යුතුවේ.

 

මේ සිදු වෙමින් පවත්නේ ජාතික උරුමය කොල්ල කෑමකි. රටේ පොදු යහපත වෙනුවෙන් රාජපක්ෂලා සිදු කළ විනාසකාරි බොහෝ දේ දැඩි විරෝධය මධ්‍යයේ වුවද නතර කිරීමට තරම් ශක්තිමත් ජනාධිපති වික්‍රමසිංහ මේ අවුලට මැදි කොට ඇත්තේ පී.බී.ජයසුන්දර පන්නයේ රාජ්‍ය නිලධාරින් බවට කිසිදු සැකයක් නැත.

එකී ලිපිය අනුව, උල්පැන් ගෙය පමණක් නොව උඩරට ගිවිසුම අත්සන් කළ මගුල් මඩුවද දළදා මාලිගාවට පැවරෙනවාට අමතරව දළදා මාලිගාවේ පරිහරණය පිණිස ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන ඇති වාහන සංචිතයෙන් Toyota Van-(Model-KHD), Toyota Double Cab-(Model- Hilux RevoRacco) සහ Toyota Bus --(Model- Coaster) වාහන නිදහස් කිරීමටද පාලකයන් එකඟ වී ඇති බවය.

000001 000002

 000003

එකී වාහන සම්බන්ධව සටහන ඛෙහෙවින් සැක කටයුතු වේ. එනම් තෝරා ගත් වාහනවල තොරතුරු චැසි අංක ඉදිරිපත් නො කර වාහන වර්ගය පමණක් සඳහන් කර අමාත්‍ය මණ්ඩල පත්‍රීකා හරහා අනුමැතිය ලබාගත යුතුය යන නිර්දේශය අනුව එකී වර්ගයේ වාහන තිහ හතළිහක් වුවද ශ්‍රී ලංකා රේගුවෙන් පිට කිරීමට පාර කැපෙන බවය.

ඊට අමතරව එකී වාහන මාලිගාවට ලබාදීමේ දී මුදල් අය කරනවාද සන්නසකින් දළදා වහන්සේට පූජා කරනවාද යන්න උක්ත ලිපියට අත්සන් කළ ජනාධිපති අතිරේක ලේකම් පුෂ්පකුමාර මහතා කඩිනමින් රටට පැහැදිලි කළ යුතුවේ.

 

මෙතෙක් රටේ ජනතාව දැන සිටියේ රාජ්‍ය නිලධාරින් සිල්රෙදි ඛෙදීම් වැනි අනෛතික ගණුදෙනුවලට සම්බන්ධ වුණේ රාජපක්ෂ පාලනය යටකේ පමණක් කියාය. නමුත් මේ ලිපියට අත්සන් කළ පුෂ්පකුමාරලා ලලිත් වීරතුංගලාගේ පරම්පරාවේ අලිබබාගේ සාමාජිකයන් වෙමින් ජනාධිපති වික්‍රමසිංහ නොමග යවන්නේද යන්න විමසිය යුතුවේ.

 

ඒ 26 පාර මාලිගාවට ප්‍රවේශ වන ස්ථානයෙන් වසා දැමූ පසුබිමක මේ වාහන අවශ්‍ය කොහේ යාමට යොදා ගන්නේදැයි කෙනෙකුට විමසිය හැකිය. රට ආර්ථීක වශයෙන් වැටී ඇති තත්වයක කෝටි ගණන් පඩුරු කාසි වැටෙන මාලිගාවට විවෘත වෙළඳ පොලෙන් වාහන මිලදී ගැනීමේ අපහසුවක් ඇත්තේම නැත.

පෙරහැර සඳහා යොදා ගත් විදුලි බලය පවා නොමිලේ ලැඛෙන පසුබිමක නිලංග දැලලාට රට වටේ රවුම් ගැසීමට මේ ආකාරයෙන් ක්‍රියා කිරීම, ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ පන්නයේ විනාසයක් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරින් ජනාධිපති වික්‍රමසිංහට තේරුම් කර නො දීම රටේ අවාසනාවකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වූ සතියේ මහනුවර සිවිල් ක්‍රියාකාරින් කිහිප දෙනෙකු එකී තත්වය සමාලෝචනය කරමින් සිටියහ. එහිදී කාගේත් පොදු අදහස වුණේ රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලා මෙන් බලයට කෑදරව රටේ නීතිය අවභාවිත නොකරනු ඇත කියාය. එහිදී එක් සිවිල් ක්‍රියාකාරිකයෙක් කීවේ ඒ 26 පාර විවෘත කරවා ගැනීමට ඉල්ලීමක් කළ යුතු බවය. ඒ කතාවට එහි සිටි අනෙක් සගයන් සියලු දෙනාම විරුද්ධ විය, ඔවුන් කියා සිටියේ මෙවැනි අවස්ථාවක එවැනි ආරවුල් සහගත අභියෝගයන් නිර්මානය වන ආකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කර නව පාලකයා අපහසුවට ලක් නො කළ යුතු බවය. අවශ්‍යව ඇත්තේ රටේ බිඳ වැටුණ ආර්ථිකය යථාවත් කිරීමට නව ජනාධිපතිට ඉඩ සැලසීම පමණක් බවය. මෙහිදී එහි රැස්ව සිටි කිසිවෙකු එතෙක් රනිල් වික්‍රමසිංහ කෙරෙහි සහාය නො දැක්වූවෝ බව අවධාරණය කළ යුතුවේ.

 

රටේ පාලකයා වී කෙටි කලක් තුළ බොහෝ අභියෝග අතර රාජපක්ෂලාට හිතා ගත නොහැකි ආකාරයේ කළමනාකරණ ක්‍රමවේද හරහා කඩා වැටුණ රට ගො ගැනීමට ක්‍රියා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් මෙවැනි ආකාරයේ තීරණ රටේ බහුතරය අපෙක්ෂා කරන්නේ නැත.

 

 xfghdert6 

ජනාධිපති කාර්යාලය නිකුත් කළ එකී සටහන් අනුව දැනටමත් මගුල් මඩුව දළදා මාලිගාවට පවරා දී ඇති බව දැක්වේ. එය කිසිසේත් නොවිය යුත්තකි. මේ ආකාරයෙන් ජාතික සම්පත් ආගමික ස්ථාන නාමයෙන් පවරා දීම නිවැරදි යයි කිසිවෙකු තර්ක කරයි නම් කුරුන්දිවෙලි විහාරය ගැටලුවේ දී ජනාධිපති වික්‍රමසිංහ දැක්වූ විශිෂ්ඨ ස්ථාවරය නිලංග දැල හමුවේ හකුලා ගැනීමක් බව කිව යුතුවේ.

කුරුන්දිවෙලි නටඹුන් ප්‍රදේශයේ භික්ෂුවකට ස්ථීර නවාතැන් ගැනීමට අවසර දීම යනු පුරාවිද්‍යා නීතිය කඩකිරීමක් වන හෙයින් ඊට අවසර දුන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මනතුංගගේ වැඩ තහනම් කළ යුතුව තිබිණ.

උක්ත ලිපියේ දැක්වෙන ආකාරයට, ඉදිරියේදී මගුල් මඩුව සහ උල්පැන් ගේ දළදා මාලිගාව මගින් පරිහරණය කිරීම යනු කුමක්ද? එකී ස්ථාන යම් යම් ක්‍රියාකාරකම් සඳහා කුලියට හෝ බදු දීමක් හැර වෙන යමක් නොවේ. එසේ නම් ඒ කාර්ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ නො හැක්කේ ඇයි? දැනටමත් සීගිරිය වැනි ස්ථානවල ඇතුල්වීම සඳහා මුදල් අය කිරීමක් සිදු කිරිම අනුව ඓතිහාසික මගුල් මඩුව සහ උල්පැන් ගේ මගින් මාලිගා භාර කරුවන්ට හම්බ කිරිමට දෙන අවසරය යනු අන්ත දූෂිත තත්වයකි.

වසර ගණනාවත් මාලිගා පරිපාලනයට අදාල රෙගුලාසි අනුව ගිණුම් වාර්තා ඉදිරිපත් නො කිරීම ගැන මාලිගා භාරකාරයන්ට එරෙහිව නඩු පවා පැවරි තිබුණ බව සහ එකී නඩු තීන්දු වූ ආකාරය මෙන්ම එවැනි සිද්ධින්ට සම්බන්ධ අධිකරණ නිලධාරින්ට උසස්වීම් පවා අහිමි වූ ආකාරය මහනුවර ජනතාවට රහසක් නොවේ.

 

එකී ලිපියට අනුව දැනට පුරාවිද්‍යා දෙපාර්තාමේන්තුව විසින් උල්පැන් ගේ පවත්වා ගෙන යන තොරතුරු මධ්‍යස්ථානය රන් අයුද මණ්ඩපයට ගෙන යන බව දැක්වේ. එය හතර විහිළුවකි. නගරයට ආසන්න වැව අයිනේ පිහිටි එකී තොරතුරු ලබා ගැනීමේ පහසුකම මාලිගා පරිශ්‍රය මධ්‍යයේ පිහිටි රන් ආයුද මණ්ඩපයට ගෙන යාම යනු තොරතුරු අපේක්ෂා කරන සංචාරකයන් සහ බැතිමතුන් අනවශ්‍ය කරදරයක දැමීමකි.

 

මෙම ක්‍රියාවට අනුමැතිය දුන් පුරාවිද්‍යා නිලධාරින් මෙවැනි ප්‍රශ්න වලදී රුපියල් සත වලට යටවී හැසිරුණ අවස්ථා බොහෝය. ජනාධිපති වික්‍රමසිංහගේ තරවට්ටුව සමග මහාචාර්ය මනතුංගාගේ කැරුට්ටුව හෙළි විය. මහනුවර ඓතිහාසික බෝගම්බර හිරගෙදර පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට එරෙහිවූ මහනුවර සිවිල් ක්‍රියාකාරින් බෝගම්බර හිරගෙදර පුරාවිද්‍යා සිහිවටනයක් බව කී විට එහි පැමිණි පුරාවිද්‍යා නිලධාරියා අදාල ගැසට් පත්‍රය පෙන්වන තෙක් ඒ බව දැන නො සිටි බව කීය.

 

ඒ 2019 ජූලි 31 දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවේදී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මණ්ඩාවල නම් මහාචාර්ය වරයා මහනුවර ලෝක උරුම නගරයක් නොවන බවට ප්‍රකාශ කළේ සාකච්ඡාවට සහභාගි වූ පුරාවිද්‍යා මහාචාර්ය වරුන්ගේ සිනාව මධ්‍යයේය. පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්ලා පෙනී සිටියේ වාසියට මිස, රටේ නීතිය වෙනුවෙන් නොවේ. මණ්ඩාවලලා මනතුංග කළේ පරණවිතානගේ නමක් කෙළෙසීමකි.

 

වැඩි ඡන්ද අපේක්ෂාවෙන් රටේ නීතිය ජනතාවගේ ආත්ම ගෞරවය හෑල්ලූ කළ රාජපක්ෂ පාලනය රට තුළ ඇති කළ ප්‍රශ්න නිරාකරණය කිරීමට බලයට පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ පාලකයා වි එක් වසරක් තුළ රටේ ඇති කළ වෙනස, ප්‍රකාශ නිකුත් නො කරන, පෙළපාලි නොයන, අරගල නො කරන රටේ බහුතර සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය සන්සුන් කිරීමට හේතු වී ඇත.

සැදැහැති ජනතාව නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මාලිගාවේ පින් කැට පුරවති. ඒ මුදල් රටේ නීතිය සාධාරණත්වය යටපත් කිරීමට වැය කරන බවට ඉහතින් දක්වා ඇති ලිපියෙන් තහවුරු වේ. ශ්‍රී දළදා වහන්සේ ලබ්බක් කියා අපහාස කළ පුද්ගලයා පැය විසි හතරක් තුළ අත් අඩංගුවට ගෙන මාසයකටත් අඩු කාලයකදී නඩු අසා අවසන් කළ අපේ අධිකරණ පද්ධතියට ඒ 26 පාර වසා දැමීමෙන් ඇතිවන වායු දූණ්‍ය නිසා පාසල් දරුවන්ට සිදුවන හිරිහැරය පැමිණිලි කරමින් 2016දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව හත් අවුරුද්දක් ගතවී ඇත. ඒ නඩුව අදටත් විභාග කරනවාද නැද්ද යන්න හෝ තීරණය නො කිරිම ගැන මහනුවර ජීවත්වන ජනතාවට ඇත්තේ ගෞරවාන්විත පසුතැවිල්ලකි.

 

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.

 

සබැඳි ලිපිය :
උල්පැන් ගේ අවශ්‍ය නානු මුර මංගල්‍ය සඳහා ද? (තුන්වෙනි කියවීම)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දළදා මාලිගාවත් සන්නසකින් පවරා දෙන අවදානමක් -(චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader