The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

අන්නාසි හා කෙලවල්ලෝ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

September 23, 2023 • 5:38 AM

 අන්නාසි හා කෙලවල්ලෝ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේවය කර තම විශ්‍රාම දිවියේදී පොත පත ලියන්නටත් සමාජ සේවයටත් යොමු විය.
  • 'සෑම්ස් ස්ටෝරි' (සෑම් ගේ කතාව) නමින් පළ වූ ඔහුගේ ප්‍රබන්ධයට 2002 වසරේ ග්‍රේෂන් සම්මානය ප්‍රදානය කෙරිණ.
  • ලාංකීය ඉංග්‍රීසි සාහිත්‍ය -- ප්‍රබන්ධ, කවි, නාට්‍ය ආදිය -- ගැන මේ උළෙලේ සාකච්චාවට හා ඇගැයුමට ලක් වූ අතර සිංහල සාහිත්‍යාංග ද ඊට යා කරන්නට යම් උත්සාහයක් දැරූ බව මට මතක ය.
  • මීට සතියකට දෙකකට පමණ පෙර විශ්‍රාමලත් රාජ්‍ය ආයතන ප්‍රධානී තනතුරක් හෙබවූ මහතෙක්, තමන්ගේ විෂයට අදාළ කටයුත්තකට මාල දිවයිනට ගොස් සිටියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සේවය කර තම විශ්‍රාම දිවියේදී පොත පත ලියන්නටත් සමාජ සේවයටත් යොමු විය. ඔහු ලියූ ඉංග්‍රීසි ප්‍රබන්ධ ලංකාවේ හා ඉන් පිටත් ජනප්‍රිය විය. 'සෑම්ස් ස්ටෝරි' (සෑම් ගේ කතාව) නමින් පළ වූ ඔහුගේ ප්‍රබන්ධයට 2002 වසරේ ග්‍රේෂන් සම්මානය ප්‍රදානය කෙරිණ.

පරිත්‍යාගශීලී හා සමාජශීලී අයෙකු වූ ජයවර්ධන මහතා 'අන්නාසි හා කඩලගොටු' නමින් තරමක් වෙනස් සාහිත්‍ය  උළෙලක් සංවිධානය කළ අය අතර කැපී පෙනෙන සාමාජිකයෙක් විය. ලාංකීය ඉංග්‍රීසි සාහිත්‍ය -- ප්‍රබන්ධ, කවි, නාට්‍ය ආදිය -- ගැන මේ උළෙලේ සාකච්චාවට හා ඇගැයුමට ලක් වූ අතර සිංහල සාහිත්‍යාංග ද ඊට යා කරන්නට යම් උත්සාහයක් දැරූ බව මට මතක ය. අන්නාසි හා කඩල ගොටු වැනි නමක් ඒ උළෙලට පටබැඳුණේ ඒ නිසා ද කියා මම නොදනිමි.  

මීට සතියකට දෙකකට පමණ පෙර විශ්‍රාමලත් රාජ්‍ය ආයතන ප්‍රධානී තනතුරක් හෙබවූ මහතෙක්, තමන්ගේ විෂයට අදාළ කටයුත්තකට මාල දිවයිනට ගොස් සිටියේ ය. ප්‍රසිද්ධියට ලොල් මේ මහතා මාලේ සිට පොටෝ කිහිපයක් තම සමාජ මාධ්‍ය ගිණුමකින් ප්‍රසිද්ධ කළ අතර, තවෙකෙන් එය 'සෙයාර්' කළේ කොමෙන්ටරියක් ද සමග ය. අදාළ මහතා පොටෝවේ සිටියේ ධීවර වරායක අභියස මාළු කූරියෙක් අතින් එල්ලාගෙන එය පෙන්නමිණි.

"අපිට ඉතින් මුහුදයි බෝට්ටුයි මාළුයි තමයි" යන්න විශ්‍රාමික මහතාගේ තේමා පාඨය යි. කොමෙන්ටරියේ තිබුණේ අදාළ මහතා අනන්‍යතා දේශපාලනය ඊළඟ තලයට හෙවත් නෙක්ස්ට් ලෙවලයට ගෙන යන බව ය. පොටෝවේ අදාළ මහතා මාළු කුරියා පෙන්වමින් හඟවන්න උත්සාහ කළේ කුමක් ද කියා මම නොදනිමි. එහෙත් කොමෙන්ටුකරු හඟවන්න උත්සහා කළේ අදාළ මහතා තම කුලය වන කරාවට අදාළ වෘත්තිය වන මසුන් ඇල්ලීම සංඛේතවත් කරන ආකාරයෙන් යම් සන්නිවේදනයක් තම කරාව කුල සගයන් සමග කරන බව ය.  

MAHINDA 2023.09.23

 සර්වජන ජන්ද බලය එක්දහස් නවසිය තිස් ගණන් තිස්සේ සිට ලංකාවේ පැවැත එන බව සැබැවි. එහෙත් ලාංකීය ජන්ද චර්යාව තවමත් බොහෝ දුරට වැඩවසම් ගතිකයන් විසින් හසුරුවන බව පෙණේ. ඒ අතර කුලය කේන්ද්‍රීය සාධකයක වේ. එවැනි තත්ත්වයක පක්ෂ පාට මතවාද නොතකා ජන්දය දෙන්නේ 'අපේ එකා' ලෙස සැළකෙන සම කුල ජන්ද අපේක්ෂ්කයාට ය. පක්ෂ භේදයකින් තොර ව තවමත් නාමයෝජනා දීමේ දී, අදාළ අපේක්ෂයකයාට කුල-ජන්ද කොපමණ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත හැකි ද යී ගණන් හිලව් පෙන් වීම නාම යෝජනා සම්මුඛ පරීක්ෂණයේ කෙරෙන තීරණාත්මක දෙයකි. මාළු කුරියා රැගත් යට කී මහතා ද පොදු අපේක්ෂක සිහිනය දකින ලාංකීය පොදු පුරුෂයින් බර ගණනකින් එක අයෙකු බව සැළකේ. එහෙත් ජනාධිපතිවරණයක් වැනි විශාල ජන්ද ප්‍රමානයක් බෙදෙන අවස්තාවක අනු කුලයක සංඛේතයක් වන මාළු කුරියෙකු උස්සන් සිටිම කෙතරම් බුද්ධි ගෝචර ද කියා මම නොදනිමි.  

දේශපාලනයේ මෙවැනි ඇඟට පත නොදැනනෙන ලෙස සුක්ෂ්ම ලෙස කරන (subtle) සංකේත සන්නිවේදනයක් මා අත්දැක්කේ සිංගප්පුරුවේ ය. ඒ මීට මාසයකට දෙකකට පෙර සිට පැවැති ජනාධිපති මැතිවරණයේ ය. සිංගප්පුරු ආණ්ඩුකරන ක්‍රමය අනුව සංඛේතාත්මක ව රාජ්‍යය නායකයා (head of state) ජනාධිපති වූවත් අගමැති ප්‍රමුඛ කැබිනෙට්ටුව හා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය හා විධායකය හොබව යි. ජනාධිපති ප්‍රායෝගික ව හොබවන්නේ 'උත්සවානුකූල' හෙවත් සෙරමොනියල් තනතුරක් හා වගකීමකි. මුල් කාලයේ එනම් 1959 සිට, සිංගප්පුරුවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම කළේ පාර්ලිමේන්තුව විසිනි.

එහෙත් 1993 සිට ජනාධිපති තෝරා ගැනීම සමස්ත ජනතාවගේ ජන්දයෙන් සිදු කෙරේ. වසර හයකට වරක් මෙලෙස ජනපති කෙනෙකු ජන්දයෙන් තෝරා ගැනේ. සමහර අවස්තාවල අපේක්ෂකයින් නාම යෝජනා අධියරේ එක් අයෙකුට වඩා නොමැත්තේ නම් ජන්දයක් පවත්වන්නේ නැත. වෝක්-ඕවරකින් හෙවත් නිතරඟයෙන් දිනුමක් ලෙස එය සලකන නිසා ය. උදාහරනයක ලෙස ගිය සතියේ 13 වැනිදා වෙනතුරු ජනපති ධුරය හෙබ වූ හලීමා යාකුබ් මැතිණිය පත් වුණේ නිතරඟයෙණි. සුළුතර ජනවර්ගයක වන මැලේ අනන්‍යතාව සහිත යාකුබ් මැතිණිය සිංගප්පුරුවේ ප්‍රථම කාන්තා නායිකාව වුවා පමණක් නොව මැලේ ජාතිකයෙකු ජනපති තනතුර හෙබ වූ ප්‍රථම අවස්ථාව ද විය.          

singapore 2023.09.23

සැප්තැම්බර් 1 දින පැවැති ජනපති තරඟයට තිදෙනක් ඉදිරිපත් වූ හ : ධර්මන් ෂන්මුගරත්නම්, නං කොක් සෝන් හා ටන් කින් ලියන් ඒ අපේක්ෂකයින් ය. ධර්මන් සුළුතර ඉන්දියන් ජනවර්ගයට අයත් වූ අතර සෝන් හා ලියන් බහුතර ජනවර්ගය වන චීන පසුබිමේ අය වූ හ. සිංගප්පූරුවේ චීන, මැලේ හා ඉන්දියන් ජනවර්ග සංයුතිය පිළිවෙලින් 74.2 %, 13.2 %හා 9.2 %  වශයෙන්  සමන්තවිත වේ.

අලිඛිත රීතිය වන්නේ රටේ පාලනය බහුතර චීන ජනවර්ගය අත තවමත් ඇති බව ය. සිංගප්පූරුවට තවම සුළුතර නායකත්වයක් පත් කර ගැනීමට තරම් පරිණතභාවයක් වර්ධනය වී නැති බව ආණ්ඩුවේ මතය යි. ආණ්ඩුව යනු බහුතර චීන නායකත්වයෙන් පවත්වාගෙන යන්නකි. එහෙත් උපාය මාර්ගික කැබිනට් තනතුරුවලට සුළුතර, විශේෂයෙන් ඉන්දියානු ජනවර්ග සම්භවයක් ඇති අය නැත්තේ නොවේ.

ධර්මන් ෂන්මුගරත්නම් සෙසු අපේක්ෂකයින්ට දෙදෙනාට වඩා ගවූ ගණනක් ඉදිරියෙන් සිටියේ අධ්‍යාපනය, වෘත්තීය පරිචය හා හා ජාත්‍යන්තර අත්දැකීම යන සියළු ඉසව්වලින් බව සැබැවි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වසර ගණනාවක් තෝරා පත් වුණු ජුරෝන් ආසනය ඔහු ජයග්‍රහණය කළේ සියයට හැත්තෑ නවයක පමණ ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමිණි.

එහෙත් රට ම ජන්දය භාවිතා කරන අවස්තාවක හා සමස්ත රටේ නායකත්වය ලෙස තෝරා පත් කෙරෙන අවස්තාවක සුළුතරයෙකුට ජය ගත හැකි ද යන්න තරමක විචිකිච්චාවක් මතු විණ. එය තවත් තීව්ර කළේ සුළුතර පසුබිමැති ජනාධිපතිවරුන් පත් වූ අවස්ථා දෙකේ ම (දමිල ජාතික, එස්.ආර් නාදන්, 1999, මැලේ ජාතික හලීමා යාකුබ්,  2017), ඔවුනට එරෙහි ව වෙනත් අපේක්ෂක තරඟකරුවන් නොසිටි නිතරඟ අවස්තාවක හා ඒ නිසා ජන්දයක් නොතිබුණ නිසා ය.  

380732191 10160390638549473 2069734725100451235 n

  මේ විචිකිච්චාව තුල ශන්මුගරත්නම් කළේ අපේ මහතා මෙන් තම කුලේ නියෝජනය වන මාළු කුරියෙකු කර ගහ ගැනීම නොව, බහුතර චීන ප්‍රජාවේ සුභ ලකුණක් හා වාසනාවේ හා සමෘද්ධියේ සංඛේතයක් වන අන්නාසි ගෙඩියක් තම ජන්ද ලකුණ ලෙස තෝරා ගැනීම ය. මා මින් අදහස් කරන්නේ සිංගප්පුරු වැසියන් චීන සංඛේතයක් කර උඩට ගත් ඕනෑම ජෝකරයෙකුට ඡන්දය දෙන බව නොවේ. බහුතර ඡන්ද පදනමට ගෝචර වන ගැඹුරු සංස්කෘතික, ආගමික හා අනන්‍යතා ආකර්ශනයක් ඇති සංඛේතයක් ලෙස තෝරා ගැනීම අහඹු කාරණයක් ලෙස සැලකිය නොහැකි බවයි. ඡන්ද රැස්වීම්වලදී චීන ජනවාර්ගික සිංගප්පුරුවැසියන් 'ඔන්-ලායි' (හොකියන් බසින් අන්නාසි, සමෘද්ධිය යන අරුත) කියමින් කෑගසිමින් ජය ඝෝෂා කළ බව ද අන්නාසි ගෙඩි ධර්මන්ට ප්‍රධානය කළ බව ද දක්නට ලැබිණ. ෂන්මුගරත්නම් ඡන්ද සියයට හැත්තෑවක් ලබා ප්‍රථම වරට තරඟයකින් සුළුතර සිංගප්පුරු වැසියෙකු ජනතා ජන්දයෙන් ජනාධිපති විය.  

ජයග්‍රහණය සැමරෙණ විට සිංගප්පුරුවේ අන්නාසි අලෙවිය කිහිප ගුණයකින් වැඩි වූ බවත්, අවන්හල්, බේකරි හා බාර් අන්නාසි-මිශ්‍රිත විවිධ කෑම හා බීම වර්ග ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කළ අතර ඒවායේ අලෙවිය ද ඉතා ඉහල මට්ටමක තිබු බව වෙළෙඳ සංගම් මාධ්‍ය වෙත කරුණු දැක්වූ විට මට සිහි වුණේ අම්බලංගොඩ අපේ වාහේ බැරිවෙලාවත් ජනාධිපති වුවහොත් ජයග්‍රහණය සමරන්නට රට වටේ පීනන කෙලවල්ලනුත් මදි වෙයි දෝ කියා ය.


Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අන්නාසි හා කෙලවල්ලෝ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader