The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : තණකොළ නොබුදිති සිංහ පැටව්

T

The Leader Desk

September 24, 2023 • 7:18 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : තණකොළ නොබුදිති සිංහ පැටව්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං ගෙයක් දොරක් නැති අසරණයෙක්.
  • ''ඔබවහන්සේ, උරහිසෙන් බාගයක් විතරක් වසාගෙන ඉන්නේ ඇයි?'' එවිට දෙවියෝ මුවගින් සිනාසී මෙසේ පැවසූහ.
  • ''දුප්පත්කම නැති කළ හැක්කේ, ඔවුන් ධනවතුන් බවට පත් කිරීමෙනි.
  • එසේ කළ හැක්කේ ඔවුන් සැමදෙනාම දේශපාලනඥයන් බවට පත් කිරීමෙනි.'' බැලූ බැල්මට බොළඳ කතාවක් මෙන් පෙනුණත් දේශපාලනඥයන් අතර දිළින්දන් නැති බව නම් සැබෑවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

''අනේ මහත්තයෝ.... මං ගෙයක් දොරක් නැති අසරණයෙක්. රූ වෙනකොට මට සීතල උහුලන්න අමාරු වෙනවා. ඔබතුමාගේ ඔය උණුසුම් සළුව මට දීල යන්න. පින් සිද්ද වෙයි.''

ධනවතාට අනුකම්පා සිතුණද, සිය ගෙළ වටා දමා සිටි උණුසුම් සළුව දිළින්දාට දීමටද ලෝබකමක් දැනුණි. එහෙයින්, එය දෙකට කඩා, බාගයක් දිළින්දාට දී ඉතිරි කොටස ගෙළ වටා දමාගෙන ගියේය.

Begging Mumbai Streets
එදින රාත්‍රියේ ධනවතා වන්දනා මාන කරන දෙවි කෙනෙක් සිහිනෙන් ඔහු හමුවට ආවේය. දෙවියන්ගේ එක් උරහිසක සළුවකින් අඩකි. ඒ දුටු ධනවතා මෙසේ ඇසීය.

''ඔබවහන්සේ, උරහිසෙන් බාගයක් විතරක් වසාගෙන ඉන්නේ ඇයි?'' 

එවිට දෙවියෝ මුවගින් සිනාසී මෙසේ පැවසූහ.

''ඔබ අද සවස මට දුන් සළුව තමයි මේ...''

දෙවියන් ඔහුට කියාදුන් පාඩම කුමක්ද?

දෙවියන් නැති තැනක් නැත. දුගී මගී යාචකයන්ගේ වෙසින්ද දෙවියෝ සිටිති.

මට මේ කතාව සිහිපත් වූයේ, පසුගිය දිනවල මෙරට බැංකු ඉදිරිපස පෙළ ගැසී සිටි, සමෘද්ධි අයැදුම්කරුවන් දුටු විටය.

9ab8fa7a6c7a3e1b502ee5721926ea31 XL

සමෘද්ධි ලබන්නේ අඩු ආදායම්ලාභීන්ය. සමෘද්ධිය හොඳ වැඩකි. එහෙත්, එම දීමනාව ලද පමණින් ඔවුහු සමෘද්ධිමත් නොවෙති. ඔවුන්ද සමාන වන්නේ අඩ සළුවක් ලැබූ දිළින්දාටමය.

දුප්පත්කමට හේතුව සෙවීම සඳහා පැවති ලෝක සමුළුවකට සිරි ලංකාවේ දේශපාලනඥයෙක්ද සහභාගී විය. එතුමා තම දේශනයේදී මෙසේ පැවසීය.

''දුප්පත්කම නැති කළ හැක්කේ, ඔවුන් ධනවතුන් බවට පත් කිරීමෙනි. එසේ කළ හැක්කේ ඔවුන් සැමදෙනාම දේශපාලනඥයන් බවට පත් කිරීමෙනි.'' බැලූ බැල්මට බොළඳ කතාවක් මෙන් පෙනුණත් දේශපාලනඥයන් අතර දිළින්දන් නැති බව නම් සැබෑවකි.

දිළිඳුකම නැති කරන බව කියමින් දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනා අවසානයේ තම දිළිඳුකම නම් නැති කර ගනිති. හත්මුතු පරම්පරාවටම හරි හම්බ කර ගනිති.

0x0.jpg

දිළිඳුකම නැති කළ හැකි දෙයක් නොවේ යැයි කියන වියත්තුද වෙති. සමහරු එය කර්මයට පවරා නිහඬ වෙති. ලෝකයේ දියුණුම රටවලද දිළින්දෝ වෙති. අමෙරිකාවේ, එංගලන්තයේ පවා මහමග වෙසෙන ''හෝම්ලස් පීපල්'' නමින් හඳුන්වන අසරණයෝ වෙති. අසල්වැසි ඉන්දියාවේද ඉහළම ධනවතුන් හා අන්ත දුගියන් දක්නට ලැබේ. සිරිලංකාවද දැන් දැන් ළඟා වන්නේ එතැනටය. මැද පංතිය හැඳි ගෑවී ගොස් අන්ත දෙක පමණක් ඉතිරිවනු ඇත.

දිළිඳු ජනයා සනසාලන කියුම් බොහෝය. ''මුදලට සතුට ලබාගත නොහැක'' යනු එබඳු කියමනකි. එහෙත් එහි අනෙක් පැත්ත වන්නේ, මුදල් නැතිව කිසිවක් ලබාගත නොහැකි බවය.

දුප්පතුන්ට උදව් කිරීමට කැමති, පොහොසතුන්ද නැතුවා නොවේ.

කැඩිලැක් රථයක නැගුණු ධනවත් පුද්ගලයෙක් ගම්බද - දුෂ්කර ගම්මානයක් හරහා ගමන් කරමින් සිටියේය. සිඳී ගිය වැව් ඉවුරක වියලි තණකොළ කඩා කමින් සිටි කෙසඟ පුද්ගලයෙක් දුටු ධනවතා රථය වහා නවතා ඔහුගෙන් මෙසේ ඇසීය.

''මොකද තමුසෙ තණකොළ කන්නෙ?''

''මම දවස් තුනකින් කිසි දෙයක් කාලා නෑ සර්... බඩගින්න උහුලන්න බැරිතැන තමයි තණකොළවත් කන්න හිතුවෙ...''

''නවත්තනවා ඔය වැඩේ. නගිනවා මගෙ කාර් එකට...''

දුගී ගැමියා රථයට නංවාගත් ධනවතා ඉදිරියට ගමන් කළේය. තවත් තැනක තණකොළ කමින් සිටි දෙදෙනකු දුටු ධනවතා රථය නැවතීය.

''ඒයි, මොකද තමුසෙලා තණකොළ කන්නෙ?''

''සර්... පොහොර ප්‍රශ්නෙන් පස්සේ අපේ වගා පාළු වුණා. දැන් ඉතින් අපිට කන්න තියෙන්නෙ මේවා තමා...''

''නගිනවා, නගිනවා කාර් එකට.''

grass
ධනවතා, ඔවුන්ද නංවාගෙන පිටත් විය. තවත් මොහොතකදී, වෙනත් ගමක මග අසල තණ බුදිමින් සිටි ගැහැනියක දුටු ධනවතා රථය නැවතීය.

''මොකද ගෑනියේ, තණකොළ කන්නෙ?''

''වෙන මොනවා කන්නද මහත්තයෝ... දැන් අපි කන්නෙ මෙව්වා තමයි.''

''නගිනවා වාහනේට.''

රථය පිටත් විය. මඳ දුරක් යද්දී, එතෙක් නිහඬව සිටි, ගැමියෙක්, ධනවතා ඇමතීය.

''සර්.... ඔබතුමා වගේ කරුණාවන්ත උදවිය දැන් හරි අඩුයි. ඔබතුමා අපිව කොහෙද මේ ගෙනියන්නෙ... හෝටලේකටද?''

''නෑ... නෑ... මං පහුගිය ටිකේම හිටියේ පිටරට. මගෙ ගාඩ්න් එකේ තණකොළ කපල නෑ මාස තුනකින්.''

තණකොළ කන මිනිසුන්ට තණකොළම දිය යුතුය යන මතය දරන ධනවතුන් ගැන පුදුමයට පත් විය යුතුද නැත. 

අපේ රටේ බොහෝ දේශපාලනඥයන් කල්පනා කරන්නේද ජනගහණයෙන් වැඩි කොටස තණකොළ කන බවකි. ජනතාවද සෑම මැතිවරණයකදීම ඒ බව ඔප්පු කර සිටිති.


හොඳට නරකට දෙකට කටමය - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : තණකොළ නොබුදිති සිංහ පැටව් | The Leader