The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

එච්.ඒ. සෙනෙවිරත්න සහෝදරයා පිලිබඳ මතකය - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

September 25, 2023 • 9:01 AM

එච්.ඒ. සෙනෙවිරත්න සහෝදරයා පිලිබඳ මතකය - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලින්ම එච් ඒ සෙනෙවිරත්න සහෝදරයා මට මුණගැසුණේ 1972 අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ (CJC) ප්‍රධාන නඩු විභාගය අතරතුරදී යි.
  • ඔහුගේ නීතීඥ කණ්ඩායම පෙනී සිටියේ එවකට පැවති රජයේ කුහකත්වය සහ 1971ට පෙර පැවති මර්දනය සහ භීෂණය ගැන හෙලිදරව් කරන්නට තවමත් කැපවී සිටි අප කිහිප දෙනෙකු වෙනුවෙනි.
  • එවකට රඳවා ගෙන සිටි ජවිපෙ ක්‍රියාකාරකයන්ගේ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට බාලා ඇතුළු ප්‍රගතිශීලී ක්‍රියාකාරක පිරිසක් පුරෝගාමී වූහ.
  • ඒ වෙනුවට, මූලිකවම පීඩිත ජන කොටස් කෙරෙහි දැක්වූ අධික සැලකිල්ල හේතුවෙන් ඔවුන් සියළු දෙනාම දේශපාලන ක්‍රියාකාරීන් බවට පත් වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

මුලින්ම එච් ඒ සෙනෙවිරත්න සහෝදරයා මට මුණගැසුණේ 1972 අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ (CJC) ප්‍රධාන නඩු විභාගය අතරතුරදී යි. එවකට ඔහු නීතිඥ බාලා තම්පෝ සහෝදරයා සමඟ කටයුතු කළ කනිෂ්ඨ නීතීඥවරයෙක් විය. 

තම්පෝ දිවි සැරිය නිමා කර වසර නවයක්

බාලා තම්පෝ

ප්‍රකට කෘතහස්ත වාමාංශිකයෙක් වූ තම්පෝ, ලංකා වෙළඳ, කාර්මික හා පොදු සේවක සංගමයේ (CMU) නිර්මාතෘවරයා මෙන්ම දක්ෂ අපරාධ නීතිඥයෙක් ද වූයේය. ඔහුගේ නීතීඥ කණ්ඩායම පෙනී සිටියේ එවකට පැවති රජයේ කුහකත්වය සහ 1971ට පෙර පැවති මර්දනය සහ භීෂණය ගැන හෙලිදරව් කරන්නට තවමත් කැපවී සිටි අප කිහිප දෙනෙකු වෙනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ගෙන ගිය මෙම මර්දනකාරී ක්‍රියාවලිය අවසානයේ කූටප්‍රාප්තියට පත් වූයේ 1971 අප්‍රේල් කැරැල්ලෙනි. 

තම්පෝ, සෙනෙවිරත්න සහ අනෙකුත් අය වැඩකරන ජනතාවගේ, විශේෂයෙන්ම වෘත්තීය සමිති සාමාජිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම වෙනුවෙන් තම ජීවිත කැප කළහ.

එවකට රඳවා ගෙන සිටි ජවිපෙ ක්‍රියාකාරකයන්ගේ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමට බාලා ඇතුළු ප්‍රගතිශීලී ක්‍රියාකාරක පිරිසක් පුරෝගාමී වූහ. බාලා සහ ඔහුගේ කණ්ඩායම ට්‍රොට්ස්කිවාදී දේශපාලන ස්ථාවර දැරූ හතරවන ජාත්‍යන්තරයේ සාමාජිකයින් ද වූහ. ඔවුන්ගේ ආරම්භය සිදු වූයේ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) තුලිනි. අවසානයේ විප්ලවීය මාක්ස්වාදී පක්ෂය (RMP) පිහිටුවීමට එකට එකතු වූ ඔවුහු CMU වෘත්තීය සමිතිය තුල ක්‍රියාත්මක වූහ. ඔවුන් සියළු දෙනා තුලම මා දුටුවේ මනුෂ්‍යත්වය පිළිබඳව තිබුණු පොදු සැලකිල්ල යි. දීප්තිමත් නීති වෘත්තිකයන් වශයෙන් ඔවුන්ට පාලක පැලැන්තිය සමඟ එකතු ව, ඒ සමඟ ලබා ගත හැකිව තිබුණු සියළු ඵලප්‍රයෝජන, පාරිතෝෂික සහ වරප්‍රසාද භුක්ති විඳිය හැකිව තිබුණි.

කෘතහස්ත වාමාංශික එච්. ඒ. සෙනෙවිරත්න අභාවප්‍රාප්තවේ

ඒ වෙනුවට, මූලිකවම පීඩිත ජන කොටස් කෙරෙහි දැක්වූ අධික සැලකිල්ල හේතුවෙන් ඔවුන් සියළු දෙනාම දේශපාලන ක්‍රියාකාරීන් බවට පත් වූහ. දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද ගෞරවයට පාත්‍ර වූ ඔවුන් වැනි වෘත්තීය සමිති නායකයන් සොයා ගැනීම අපහසු විය. පෞද්ගලික හෝ දේශපාලන වාසි වලින් තොරව ඔවුහු වැඩ කරන ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කළහ. එවැනි පරාර්ථකාමී ආකාරයෙන් කටයුතු කරන අය ලංකාවට වැඩි වැඩියෙන් අහිමි වී යාම කණගාටුදායක වේ. සෙනෙවිරත්න සහ ඔහුගේ සෙසු සගයන් විශ්වාස කළේ සාමූහික සමෘද්ධිය සහ මූලික නිදහස ගැනයි. විශේෂයෙන්ම මනුෂ්‍යත්වය අමතක කර තම පැවැත්මට ප්‍රමුඛතාවය දෙන්නට සමාජයට බලකරමින් ලෝකය ප්‍රතිවිරුද්ධ දිශාවට දුවවමින් තිබෙන මොහොතක, මානවවාදීන් වශයෙන් ඔවුන්ගේ ජීවිත අත්දැකීමි තුලින් අපට ඉගෙනීමට බොහෝ දේ ඇත.

අප සියළු දෙනාම ජීවිතය දුටුවේ මානවවාදීන් ලෙස වුවද, අපේ දේශපාලන අදහස් සහ ක්‍රියාකාරකම්වල දී කල්ලිවාදයේ සෙවණැලි ද රජකම් කලේය. මෙය රඳා පැවතුනේ අප යෙදුනු දේශපාලන කටයුතුවල ප්‍රතිඵල වශයෙන් අප අත් කර ගත් ප්‍රතිඵල කුමක් වුවත්, අප අයත් වූයේ කුමන දේශපාලන ප්‍රවණතාවයන්ට ද යන්න මතයි. නඩු විභාගය අතරතුරදී අපි ‘පුංචි ලෙනින්’ ලා යයි කියමින් බාලා සහ එච් ඒ අපට විහිළු කළ අයුරු තවම මගේ මතකයේ ඇත. රෝහණ විජේවීර සහෝදරයා සහ මම කොළඹ කොල්ලුපිටියේ පිහිටි CMU ප්‍රධාන කාර්යාලයට ගිය විට අපට හමුවූයේ බාලාත්, CMU කාර්ය මණ්ඩලයත් පමණි. සිරගතව සිටියදී අපට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන අපි බාලාට ත්, ඔහුගේ නීතිඥ කණ්ඩායමටත්, CMU ව වෙතත් අපේ ස්තූතිය පළ කර සිටියෙමු.

සෙනෙවිරත්න සහෝදරයා උගතෙක් වූවද, ඔහු මහත්මා ගති පැවතුම් ඇති සන්සුන් අයෙකු විය. අවාසනාවකට මෙන්, ලංකාවේ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව යුද්ධ කිරීම සම්බන්ධයෙන් අපට දඬුවම් කළ පසුව, බාලා සහ එච් ඒ සහෝදරවරු එකිනෙකාගෙන් දුරස්තර බවට පත් වූහ. බාලාගෙන් අපට දැන ගන්නට ලැබුණු තොරතුරු අනුව වෘත්තීය සමිති වැඩකටයුතුවලට ප්‍රමුඛතාවය දීම සම්බන්ධයෙන් ඔවුන් අතර වෙනස්කම් පැවත තිබුණි. 2017 වසරේ ඔහු මට අවසන් වරට මුණගැසුන අවස්ථාවේ දී අපි ඔහුගේ සාහිත්‍ය සහ ස්ත්‍රීවාදී දේශපාලන වැඩ කටයුතු ගැන සාකච්ඡා කළෙමු.

dfer3
දශක ගණනාවක් පසු වෙද්දී, එච් ඒ සහෝදරයා ඔහුගේ ජීවිත කාලය තුළ දායක වූ සහ ඉටු කළ සියළු කටයුතු මෙනෙහි කරන්නට මට අපහසු ය. එහෙත්, ඔහු සරල ජීවිතයක් ගෙවූ ඇදහිය නොහැකි තරම් ආකර්ශනීය පුද්ගලයෙක් වූ බව මට කිව හැකියි. ඔහුගේ දක්ෂතා සහ ඕනෑ එපාකම් දේශපාලනයෙන් සහ මානව හිමිකම්වලින් ඔබ්බට විහිදුණු බව මම අසා ඇත්තෙමි. ඔහු දකින්නට මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටි නිවසට යාමට උත්සාහ කළ නමුත් එසේ කළ නොහැකි වූ බව මට මතක යි. සෙනෙවිරත්න සහෝදරයා මතකය අහිමිව යෑමේ තත්වයකින් පෙළුන බවත් කිසිවකු දකින්නට අකමැති වූ බවත් පැවසුණි. එතැන් සිට ඔහු හා සම්බන්ධ වන්නට මට නොහැකි විය.

එච් ඒ සෙනෙවිරත්න සහෝදරයාගේ වියෝව අන් අයට පුරවා ලන්නට අපහසු තරමේ හිදැස්සක් ඉතිරි කර ගොස් ඇත. මාගේ සහෝදරාත්මක ගෞරවය ඔහුට පුද කිරීමටත් දේශපාලන වශයෙන් ගෞරව කිරීමටත් මෙය අවස්ථාව කර ගනිමි. ඔහුගේ පවුලේ අය, ඥාතීන්, හිත මිතුරන් සහ සහෘදයන් වෙත මගේ බලවත් සංවේගය පළ කර සිටිමි.

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2023 සැප්තැම්බර් 23


සබැඳි පුවත :
කෘතහස්ත වාමාංශික එච්. ඒ. සෙනෙවිරත්න අභාවප්‍රාප්තවේ


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...