The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

මුන් ඔක්කොම යාලුවෝ නේ මල්ලි - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

September 29, 2023 • 12:34 PM

මුන් ඔක්කොම යාලුවෝ නේ මල්ලි - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාවගේ ආණ්ඩුව නිර්මාණය කළ යුත්තේ ජනතාව විසිනි, ජනතාවගේ ආණ්ඩුව ජනතාවට පිළිතුරු බැඳීමට බැඳී සිටියි.” “ඩැනියෙල් වෙබ්ස්ටර්” කියන විදියට අද අපේ රටේ ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාව සඳහා ද?
  • ඇත්තටම මේ ආණ්ඩුව නිර්මාණය කරලා තියෙන්නේ ජනතාව විසින්ද?
  • මේ ප්‍රශ්න 03 ටම උත්තරය “නැහැ” කියන එකයි.
  • පළමුවැනි ප්‍රශ්නය ගත්තොත් ඇත්තටම අද අපේ රටේ ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාව වෙනුවෙන් නොවෙයි. ඇයි මම එහෙම කියන්නේ මම එහෙම කියන්නේ ආණ්ඩුව ඉතාම සුළුතරයක් වෙච්ච ධනපති සුළුතරය වෙනුවෙන් කරන තරමක් සෙත සලසන හින්දා.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනතාවගේ ආණ්ඩුව නිර්මාණය කළ යුත්තේ ජනතාව විසිනි,
ජනතාවගේ ආණ්ඩුව ජනතාවට පිළිතුරු බැඳීමට බැඳී සිටියි.” 

“ඩැනියෙල් වෙබ්ස්ටර්” කියන විදියට අද අපේ රටේ ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාව සඳහා ද? ඇත්තටම මේ ආණ්ඩුව නිර්මාණය කරලා තියෙන්නේ ජනතාව විසින්ද? අපේ රටේ වත්මන් ආණ්ඩුව ජනතාවට පිළිතුරු බැඳීමට දැන් බැඳී සිටිනවාද?

මේ ප්‍රශ්න 03 ටම උත්තරය “නැහැ” කියන එකයි. පළමුවැනි ප්‍රශ්නය ගත්තොත් ඇත්තටම අද අපේ රටේ ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාව වෙනුවෙන් නොවෙයි. 

ඇයි මම එහෙම කියන්නේ මම එහෙම කියන්නේ ආණ්ඩුව ඉතාම සුළුතරයක් වෙච්ච ධනපති සුළුතරය වෙනුවෙන් කරන තරමක් සෙත සලසන හින්දා.
 
මරණ තුනක් ඇති ජනයා - (මහිම සුජීව ගමගේ)
 
දෙවැනි ප්‍රශ්නයට උත්තරය විදියට කියන්න තියෙන්නේ ආණ්ඩුව බලයට පත් කෙරුවෙ ජනතාව වුනත් දැන් ඒ ආණ්ඩුව කල් ඉකුත් වී ගිය ආණ්ඩුවක් නිසා ජනතාවගේ සිතැඟි ඉටුකරන ආණ්ඩුවක් නොවන නිසා මේ වෙනකොට ආණ්ඩුවේ අරමුණු ජනතාවාදී නොවන නිසා මේ ආණ්ඩුව පිහිටුවීමේ කාර්ය ජනතාවගේ අයිතියෙන් ගිලිහිලා තියෙනවා.
තුන්වැනි ප්‍රශ්නයට උත්තරය ජනතාවට උත්තර බැඳීමට ආණ්ඩුව කිසිසේත්ම බැඳී සිටින වගක් පෙන්නුම් කරන්නේ නැහැ. 

ආණ්ඩුව ජනතාවාදී වෙන්නේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කැපවී සිටිනවා නම් පමණයි.
 
රජයේ රෝහල්වල බෙහෙත් නෑ ! - රෝගීන් අන්ත අසරණයි !! : 'රාවය'
 
සෞඛ්‍ය අංශය මුළුමනින්ම කඩා වැටිලා මුළු රෝහල් පද්ධතියම බිඳ වැටිලා බාල බෙහෙත් වැරදි ප්‍රතිකාර හින්දා ජනතාවගේ දූ දරුවන් මියයනවා ඒකට ආණ්ඩුව වගකියන්නේ නැහැ.
අනිත් පැත්තෙන් කෘෂිකර්මය ගත්තොත් ගොවියා මුළුමනින්ම හාන්සියි. වැස්සට, නියඟයට, වන අලින්ට අහුවෙලා, ගෙවී යන්ගේ වගාවන් විනාශයි. 
 
ජලය නොමැතිව ගොවින් හඬද්දී වලවේ අක්කර 2000ක් ජලයෙන් යට වෙයි
ආණ්ඩුව ඒකටත් වග කියන්නේ නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අහස උසට නැගලා. රටේ දරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ නැගලා. සමහර පළාත්වල බොන්න වතුර ටිකක් නැහැ. හිඳිච්ච වැව් වලින් අපිරිසිදු වතුර කල වලට ගෙනියන දුප්පත් අසරණ ජනතාව ඒවා පානය කිරීමෙන් වකුගඩු රෝග වලට ගොදුරු වෙලා.
 
දවසින් දවස රට ඇදගෙන යන්නේ පතුලක් පේන්නේ නැති අඳුරු අගාධයකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මොන විශ්වාස භංගය ගෙනාවත් ආණ්ඩුව දිනනවා. ඒත් ආණ්ඩුව මේ රටේ මහ පොළොවෙ යථාර්තය ඇතුලෙ ජනතාවගේ විශ්වාස භංගයට අහුවෙලා පැරදිලා හමාරයි.
ආණ්ඩුව මේ රටේ සියළුම ජාතික සම්පත් පිටරැටියන්ට කුණු කොල්ලයට විකුණ විකුණා ප්‍රශ්න වලින් ගොඩඑන්න දඟලනවා. 
 
සසිරිබර මෙසිරිලක 10න් හයක්ම දුප්පතුන් බව UN කියයි
ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට මේ රටේ ජනතාවට බර පටවනවා. විදුලිබිල නහුතයට නග්ගලා, වතුර බිල නහුතයට නග්ගලා ඒ බිල් ගෙවාගන්න බැරුව ජනතාව හූල්ලා හූල්ලා තියෙන බඩු මුට්ටුවක් විකුණලා දාලා හරි ගෙවලා දරුවන්ට බඩෙන් බාගයක් කන්න දෙනවා. 

ජනතාවට මොන පැත්තකින්ද ආණ්ඩුව සහන සලසලා තියෙන්නේ.
 
ජනතාවගේ කප්පරක් දුක්කන්දරාවට විසඳුමක් දෙන්න සල්ලි නැති ආණ්ඩුව මැතිඇමතිවරුන්ගේ ගිනිගත් ගෙවල් හදාගන්න බිලියන ගණනින් සහන සලසනවා ගිනි තිබ්බ අයව නීතියේ රැහැනට හසු කරගෙන දඬුවම් දෙනවා වෙනුවට මැති ඇමතිවරුන්ට ගෙවල් ගන්න ගෙවල් හදාගන්න බිලියන ගණන් වන්දි ගෙවනවා.
 
පළාත් පාලන ඡන්දය තියන්න සල්ලි නැහැයි කිවුව ආණ්ඩුව කෝටි ගණන් වන්දි මැති ඇමැතිවරුන්ට ගෙවනවා. 

දොස්තරලා, සෞඛ්‍ය සේවකයෝ දහස් ගණන් රට අතෑරලා යනවා. කර්මාන්ත ශාලා වැහීගෙන යනවා. බදු පිට බදු ගහලත් විදුලි බිල වතුර බිල නහුතයට උස්සලාත් තවමත් ආයතන පාඩුයිලු. 

මේ ආණ්ඩුවවත් ආණ්ඩුව රකින රටේ නායකයාත් ජනතාවගේ රටේ ප්‍රශ්න ගැන ඇබින්දක්වත් සංවේදී නැහැ. 

අවුරුදු 75 ක් තිස්සේ මාරුවෙන් මාරුවට රට ණය බරින් හෙම්බත් කරවපු ආණ්ඩු අතරේ මේක ජනතාවාදී ආණ්ඩුවක්ද? මැති ඇමතිවරුන්ට ගමට යන්න බැරි හින්දා “හදවතට එක යි” කියලා පෝස්ටර් අලවලා ටී. වී ඇඩ් දානවා ආයෙමත් මෝඩයින්ගේ ඔලුගෙඩිවලට විෂබීජ දාලා ළඟ එන ඡන්දයකදී කැමැත්ත ගන්න. 
 
372759618 1597404954119203 591421418176301564 n
ගෑස් සිලින්ඩර පිපිරිලා මැරුණ ජනතාවට, ගෑස් පෝලිම් වල ඉඳලා මැරුණ ජනතාවට, වගා පාළුව හින්දා ගොවින්ට සිද්ධ වෙච්ච පාඩු විඳින ගොවිජනතාවට, වන අලි සංහාර නිසා ගෙවල්  අහිමි වෙච්ච ජනතාවට වන්දි ගෙවන්න සල්ලි නැති මේ තුප්පහි ආණ්ඩුව අමනයෝ ගිනි තැබුව ගෙවල් වලට (ගෙවල් නෙමෙයි ඒවා මහා මන්දිර) කෝටි ගණනින් වන්දි ගෙවන්නේ දැන් අපේ රටේ සෞඛ්‍ය ඉහළ මටට්මක තියෙන හින්දද දැන් ගොවියො සුඛිත මුදිත වෙලා ඉන්න හින්දද? 

අවුරුදු 75 ක් තිස්සේ ආණ්ඩු හැම එකක්ම කළේ මුළුරටම ණය බරින් මිරිකවලා රට නස්පැත්තියකට ගොදුරු කරපු එක.
 
මේ රටේ ජනතාව විඳින දහදුක මැද්දට තම තමන්ට බෙදා ගන්න මේ ආණ්ඩුවට බයක් සැකක් නැතුව කරගෙන ආපු මජර වැඩ ටික සේරම දිගටම කරගෙන යනවා. ඉතිහාසය පුරාවටම හැම ආණ්ඩුවක්ම කළ සන්තෑසික රඟ තමයි ඒ.
මාරුවෙන් මාරුවට රට පාලනය කරපු සේරම පක්‍ෂ අපේ රටේ ආර්ථිකයේ බංකොලොත් භාවයට වගකියන්න ඕන.

රන්ජන් රාමනායක කියු ප්‍රකාශයකින් මේ ලිපිය ඉවර කරන්නම්.

“මුන් ඔක්කොම යාලුවො නේ මල්ලි”

මරණ තුනක් ඇති ජනයා - (මහිම සුජීව ගමගේ)(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී
mahimasgamage@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...